Monday, December 26, 2011

මට ආදරෙයි නම්......(03 කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මට ආදරේ නම්... 01 කොටස හා මට ආදරේ නම්... 02 කොටස කියවූ අය නම් මේ වන විට "මම" ගැන හොඳ ට දන්නවා ඇති. මං ගැන කියවපු බොහෝ දෙනෙක් මට ආස නැහැ. එත් තවම ත්, මට ආදරය කරන අය ඉඳීවි. ඒ අය වෙනුවෙනුයි මේ ලිපිය ලියන්නේ. මට ආදරය කරන අය ත්, මට ආදරය නැති අය ත්, මේ ලිපිය කියවලා මට ආදරය කළ යුතු ද? නැති ද? කියන එක හිතලා බලන්න.


Thursday, December 22, 2011

මට ආදරෙයි නම්.....(02 කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

"මට ආදරෙයි නම්......" 01 කොටස ඔබ කියවන්න ට ඇති සිතමි. එය කියවූ පසු ව බොහෝ දෙනෙක් "මට" ආදරය නො කරන්න තීරණය කරන්න ට ඇත. නමුත් සමහර දෙනා මට තවම ත්, ආදරේ බව මම දනිමි. මට ආදරේ වුණ ත්, මට ආදරේ නැත ත්, මෙ ම ලිපියත් කියවා තවදුර ට ත්, කරුණු තේරුම ගන්න ට කියා මා ආරාධනා කර සිටිනවා.  ඒ නිසා ම පසුගිය ලිපිය අවසාන කරන්න ට යෙදුනු තැනින් ම මේ ලිපිය අරඹන්න ට මා සිත විය. මෙ ම ලිපියේ දී බොහෝදුර ට සාකච්ජා කෙරෙන්නේ

Wednesday, December 21, 2011

මට ආදරෙයි නම්...... (01 කොටස)

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අද කතාකරන්න ට යන්නේ මං ගැන යි. මේ ලිපිය ලියන්නේ මට ආදරය කරන්න ට කලින් මං ගැන විස්තර ටිකක් කියන්න ට යි. ටිකක් දිග විස්තරයක් නිසා ලිපි කිහිපයකින් ඉදිරිපත් කරන්න ට යි බලාපොරොත්තු වන්නේ. මෙ හි දී මම කියන්නේ මට ආදරය කරන්න ට හෝ මට ආදරය නො කරන්න ට කියා හෝ නො වේ. එ ම තීරණය ලිපිය කියවූ පසු ගන්න.  මගේ නම, ගම, වයස, කොහොම වුණ ත්, මම සිතනවා හැම දෙනාම වගේ "මට" ආදරය කරනවා ඇති කියලා. කවුද මේ "මම".

Tuesday, December 20, 2011

බුදුදහමේ අවසානය ට පෙර.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

අද කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් කතා කළ ඉතා වැදගත් මාතෘකාවක් පිළිබඳ වෙනස් ම ආකාරය ට යි. බුදුදහමේ අවසානය සිදුවන්නේ කෙ සේ දැ යි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරු බෞද්ධයකු වශයෙන් දැන සිටීම යම් ආකාරයකින් වැදගත් වේවි. මෙය ට සූත්‍ර දේශනා ගණනාවක ම කරුණු ඉදිරිපත් කර ඇති නිසා තරමක් දීර්ඝ ලිපියක් විය. බුදුදහමේ අවසානය සිදු වීම ආරම්භ වන්නේ අද ඊයේ නො වේ. හේතුඵල වාදය ට අනුව එ හි අවසානය ආරම්භය සමග ම සිදු වේ. එය ට බලපාන හේතු පිළිබඳ ව මෙ හි දී විස්තර කෙරේ.  බුදුදහම එ දා භාරතය තුළ ව්‍යාප්ත වන්නේ බ්‍රාහ්මණ ඇදහීම් සහ තීර්ථකයන්ගෙන් ගහන වූ සමාජයක් තුළ ය. එ වැනි සමයක බුදුදහම සමකාලින ආගමික මතවාදයන්ගෙන් ඔබ්බට මිනිසා රැගෙන යාම ට සමත් විය. කිසිඳු ආගමක හෝ දර්ශනයක නැති සාරත්වය නිසා ම භාරතය තුළින් පැනනැගුණු බුදුදහම සමස්ත ලෝකය පුරා ම වසර දෙදහස් හයසියයක්‌ ඉක්මෙන මේ මොහොතේ දී පවා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. නමුත් බුදුදහම ව්‍යාප්ත වන්නේ යටත් කරගැනීම්, ගම්බිම් විනාශ කිරීම්වලින් නො වේ.

Wednesday, December 14, 2011

නිවැරදි පිරිතක ආනිශංස.

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

"පරිත්ත" යන පාලි පදය සිංහලය ට "පිරිත්" ලෙස නගා ඇත. පිරිතක පදනම වන්නේ තෙරුවන් කෙරෙහි සත්‍යක්‍රියා ක්‍රියා කිරීම යි. පරි + අත්ථ = පිරිත් කිසියම් පර්යායක ට අනුව අර්ථවත් දෙයක් නගා ඇත්නම් එය මෙ සේ හඳුන්වයි. අක්ෂර ගණ, මාත්‍රර  හා ස්වර පිහිටුවමින් මනා ව අර්ථය දැන අපරිමිත ආශිර්වාද ලැබෙණ සේ පිරිත් සජ්ඣායනා කරයි. බුද්ධ භාෂාව පාලි බස ය. එ බැවින් පිරිත් දේශනා සිදුකෙරෙන්නේ ද, පාලි භාෂාවෙනි. මෙ හි අප සිංහල බසින් තේරුම සකස් කර ඇත්තේ පිරිත හා අන්තර්ගතය පිළිබඳ විශ්වාසය ඇතිකරවීම ට ය. මෙය ඕනෑ ම අයුරකින් උපුටා ගැනීම, මුද්‍රණය කර පල කිරීම සඳහා අයිතිය ලබා දෙන අතර මුදල් ඉපයීමේ ක්‍රමයක් ලෙස යොදා නො ගන්නා ලෙස කාරුණික ව සිහිපත් කෙරේ.

අන්තර්ජාලය තුළ පිරිත් දේශනා ඕනෑ තරම් ඇති නමුත් බොහෝ ජනයා එ ම පිරිත්වල නම්, ඒවා දේශනා කිරීම ට හේතු වූ කරුණු, එ ම පිරිත්වල අන්තර්ගතය, ආදී දේ මෙන් ම ඉතා නිවැරදි ව උච්චාරණයන් නො දැනීම විශාල අභාග්‍යයකි.

Tuesday, December 13, 2011

පහන් පූජාවෙන් නිවන් දකින්න ට...

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

බොදුනුවන් මල් පූජාවෙන් නිවන් දුටු අයුරු මා පෙර ලිපියෙන් ඉදිරිපත් කරන්න ට යෙදුනි. එ ම ලිපියෙන් පොරොන්දු වූ පරිදි මෙ ම ලිපියෙන් ඉදිරිපත් කරන්න ට බලාපොරොත්තු වන්නේ පහන් පූජාවේ නියම අරුත පිළිබඳ ව ය. අද වන විට පහන් පූජාවේ නියම අර්ථය නො දැන අසූහාරදහසේ පහන් පූජා, දොළොස්මහේ පහන් පූජා, ආදිය සිදුකර බුදුන් වැඳ නිවන් පතා ගෙදර එයි. නමුත් නිවන එ සේ ප්‍රාර්ථනය කිරීමෙන්, යැදීමෙන්  ලබාගත හැක්කක් නො වන බව ඔවුන් ට අවබෝධ වී නැති සෙයකි. පහන් පූජාව හුදෙක් ආමිස පූජාවක් නො වන බව ත්, මෙ හි ඉතා වටිනා ගැඹුරු අර්ථයක් ඇති බව ත්,

Friday, December 9, 2011

මල් පූජාකර නිවන් දකින්න ට....

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මේ ලිපියෙන් කරුණු ඉදිරිපත් කරන්නේ අප හැමෝම දන්නා මල් පුජාව පිළිබඳ ව යි.  මෙහි මාතෘකාව දුටු විට මල් පූජාකර මොන නිවන් දැ, යි කෙනෙක් සිතන්න ට පුළුවන. ලිපිය කියවා අවසාන වූ විට එ ම සිතුවිල්ල සිතින් ඉවත් වනු ඇත.  

පළමුවෙන්  ම අපි "මල්" හා "පූජාව" යන පදවල අරුත විමසා බලමු. "මල්" යනු මමත්වය ට බැඳුනු ළය යන්න ය. "පූ" යනු ආහාරය යි. "ජා" යනු ජනිත කරවීම ය.  මෙ හි දී "ආහාර" කියා හැඳින්වෙන්නේ කන බොන ආහාරක් නො වන බව සිහිකට යුතු ම ය. ආර්ය ආර්යෂ්ඨාංගික මාර්ගය නිවන ජනිත කිරීම ට ආහාරක් වන්නා සේ "ආහාර" යන වචනයෙහි අරුත වටහා ගත යුතු ය.

Thursday, December 8, 2011

නූතන විද්‍යාව හමුවේ බුදු දහම.

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
වර්තමානයේ විද්‍යාව හා බුදු දහම පිළිබඳ ව විවිධ මාධ්‍යවලින් විවිධාකාර ව සාකච්ඡා කර ඇත. ඒ මෙය ඉතා වැදගත් හා ආකර්ෂණීය මාතෘකාවක් වන බැවිනි. මෙ ම ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ බුදු දහමේ හි සඳහන් ඇතැම් කරුණු විද්‍යාව මගින් පැහැදිලි වන අවස්ථා පිළිබඳ ව ඔබ ගේ අවධානය යොමු කරවීම ය.

වර්තමානයේ නූතන විද්‍යාව සමග අවම වශයෙන් ගැටුම් ඇති කර ගනිමින් බැබළෙමින් බුදුදහම විරාජමාන ව සිටියි. ලොව බොහෝ ආගම් විද්‍යාත්මක සොයා ගැනීම් හමුවේ බිඳවැටෙමින් පවතින බව නො රහසකි. නමුත් විද්‍යාව සමග බුදුදහම වඩා ත්, බැබළීම ට පත් වී ඇති බව කිව යුතු ම ය.

Monday, December 5, 2011

රාහු,කේතු,රවි,සඳු,කුජ~බුධ,ගුරු,කිවි සහ සෙනසුරු, බුදු දහම ට අදාළ ද? නැද්ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මේ වැනි ලිපියක් ඉදිරිපත් කරන්න ට මම කාලයක් බලාසිටිය ද, දැන් ඒ සඳහා නියම කාලය උදා වී ඇතැ යි සිතමි. පසුගිය කාලයේ ඇති වූ "සෙනසුරු මාරුව" බොහෝ මාධ්‍යයන් හි ඉතා ජනප්‍රිය මාතෘකාවක් වූ බව ට සැකයක් නැත.

අතීතයේ සිට ම මිනිසුන් ඉර,හඳ,තාරකාදිය පිළිබඳ විවිධාකාරයෙන් සෙවීම් සිදුකළේ ය. ඒ අනුව විවිධ මතයන් ගොඩනැගුනි. හිරු,සඳු ලෝකය පාලනය කරන බව සිතූ ඇතැම් අය සූර්යග්‍රහණයන්, චන්ද්‍රග්‍රහණයන් වැනි තරමක් විශේෂිත අවස්ථාවල දී ඊට යාගහෝම,බිලි පූජා ආදිය පැවැත්වූ බව ඔබ දන්නා කරුණකි. 

Saturday, November 12, 2011

කර්මය කරුමය ම නො වේ.


පෙර ලිපියක මා බුදුරජාණන් වහන්සේ ගේ අකුසල් කර්මවල විපාක ඵල දීම පිළිබඳ ව විස්තර කරන ලදී.

මෙ හි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අකුසල කර්මයන් පිළිබඳ ය.

Saturday, November 5, 2011

සිරිපා සටහනක අසිරිය

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද ලාංඡන පිළිබඳ ව මෙ හි දී මා ඔබ ට කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වේ. 

සිරිපා කරුණා කරන්නේ ඇයි?

බුදුරජාණන් වහන්සේ ගේ සර්වඥ ධාතූන් වහන්සේලා ට සේ ම ශ්‍රී පාද සටහන්වල ට වන්දනමාන කිරීම තුළින් අප්‍රමාණ කුසල් රැස්කරගත හැකි බව පළමුවෙන් ම කිව යුතු ය. මෙ සේ බුදුරජාණන් වහන්සේ උතුම් සිරිපා සටහන් බුද්ධ අධිෂ්ඨානය මගින් පිහිටුවා ඇත්තේ සියලු දෙව් මිනිසුන් ට උන්වහන්සේ ගේ ගුණ සිහිකරමින් වන්දනමාන සිදුකිරීම ට බව මෙ ම ලිපිය කියවීමෙන් අවබෝධ වනු ඇත.

Saturday, October 22, 2011

කුමට ද කුසල ට කම්මැලි වන්නේ.

මෙ ම මාතෘකාව මා තෝරාගනු ලැබුවේ වෙනත් හේතුවක් නිසා නො ව සසර ගමනේ දී අප අතින් කොතරම් අකුසල් සිදු න්නේ ද? ඒවා කුමන අයුරින් අප පසුපස පැමිණ  විපාක දෙන්නේ ද? යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීම ට ය. 

"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං"

සියලු පව්වලින් වැළකීම ත්, කුසල් උපදවා ගැනීම ත්, සිත දියුණු කර ගැනීම ත්, සියලු බුදුවරුන් ගේ අනුශාසනාව වේ.

Thursday, October 20, 2011

කඨින චීවර පූජාව -(04) කොටස.

කඨින චීවර පූජාව -(04) කොටස මගින් වස් සමයේ භික්ෂූන් ට සිව්පසින් සංග්‍රහ කරන්නේ කුමක් නිසා ද? යන ගැටළුව හා කඨින චීවර පූජාව සිදුකෙරෙන අයුරු හා කඨින චීවරය ලබන භික්ෂුව ට ලැබෙණ වරප්‍රසාද හා එ හි සීමාවන් පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වේ.

වස් සමයේ භික්ෂූන් ට සිව්පසින් සංග්‍රහ කරන්නේ ඇයි?

භික්ෂු සංඝයා බොහෝ විට බුදුරදුන්ගෙන් කමටහන් ලබාගෙන එක්තැන් ව භාවනා කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මෙ ම වස් කාලය යි. තව ද, උන් වහන්සේලා ට සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් බණ අසමින් සිල් රකිමින් පෙහෙවස් සමාදන් වෙමින් දසපින් කිරියවත් කරමින් ලොවුතුරා සැප සාදාගැනීම ට ගිහි දායක පක්‍ෂයට ද, හැකියාව ලැබී ඇත.

 

කඨින චීවර පූජාව - (03)කොටස.

කඨින චීවර පූජාව (01)කොටස හා කඨින චීවර පූජාව (02)කොටස තුළින් පිළිවෙළින් කඨින  චීවර පූජාවේ ආරම්භය හා කඨින චීවර පූජාවේ අනුසස්  පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙ ම (03) කොටස මගින් වස් කාල සීමාව තුළ දී භික්ෂූන් වහන්සේලා ට වෙන් වූ විනය නීති මාලාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වෙමි.

වස් කාලයේ දී භික්ෂූන් ට වෙන් වූ විනය නීති මාලාවන්. 

වස් කාලයේ දී භික්ෂූන් ට වෙන් වූ විනය නීති මාලාවක් බුදුරදුන් අනුදැන වදාරා ඇත. "අනුජානාම් භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං" යනුවෙන් ‘මහණෙනි, වස්සාන කාළයෙහි වස් එළඹීම ට අවසර දෙමියි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයා ට වස්සූපනායික ශික්‍ෂාපදය පැනවු හ. 

Tuesday, October 18, 2011

කඨින චීවර පූජාව - (02) කොටස.

කඨින චීවර පූජාව (01)  කොටසේ දී වස් සමාදන් වීම සඳහා බලපෑ සමාජීය හේතු සහ කඨින චීවර පූජාවේ ආරම්භය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර මෙ ම (02) කොටස මගින් බලාපොරොත්තු වන්නේ කඨින චීවර පූජාවේ අනුසස් පැහැදිලි කිරීම ය.


කඨින චීවර පූජාවේ අනුසස්.

 
"කඨින" යන්නෙ හි අදහස ස්‌ථිර සාර ය යන්න ය. තද ගතිය, නො සෙල්වෙන ගතිය, නො කැඩෙන, නො බිඳෙන ගතිය යන විවිධ අර්ථ ගෙන දෙයි. කඨින චීවර පුජාව අටමහා පින්කම් අතරින් එකකි. මෙ හි අනුසස් මහ පොළොව මෙන් කිසි කලෙක ත් කම්පා නො වෙයි. මහ මෙර මෙන් අධික සුළඟ ට නො සැලෙයි. ඒකඝන වජ්‍ර පර්වතය මෙන් නො

කඨින චීවර පූජාව - (01)කොටස.

බුදුදහම ට අනුව චේතනාව කර්මය ට මුල් වේ. එ සේ හෙයින් ශාසනික කුසල කර්මයන් සිදුකිරීමේ දී මනා දැනුමකින් හා අවබෝධයකින් සිදුකිරීම තුළින් එ හි ආනිශංස මහත්ඵල කරගැනීමේ හැකියාව පවතී. කඨින චීවර පූජාව පිළිබඳ ව ද, තත්වය මෙ සේ ම ය.

ආමිස පූජාවන් අතර කඨින චීවර පූජාව ප්‍රමුඛ ය. ඒ පිළිබඳ කරුණු කොටස් 4ක් මගින් මෙ හි දී ඉදිරිපත් කෙරෙයි.


Saturday, October 15, 2011

ඔබෙ පා යුග වඳිමි ආදර පියාණෙනි

"වුද්දිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
පිතු පාදං නමා මහං"

නැති බැරි කම ත් මට නො දැනෙන නියායෙනි 
දුක් කරදර මැදින් මා හැදු දයාවෙනි
හොඳ දරුවකු වෙන්න මට දුන් ඔවාමිණි 
ඔබෙ පා යුග වඳිමි ආදර පියාණෙනි


මව ට වඳින වාරයක් පාසා ම පියා ට වැඳීම ට බෞද්ධයන් වශයෙන් අපි පුරුදු ව සිටිමු. ඒ මාතෘත්වය ට සම කළ හැකි එක ම පදවිය පීතෘත්වය වන බැවිනි.

පියා ගේ සිත තුළ දරුවන් කෙරෙහි ඇති අසීමිත ආදරය ඍජු ව ම නො පෙන්වුව ද, එ ම ආදරය නිසා ම අප්‍රමාණ ශක්තියක් හා අධිෂ්ඨානයක් ඇති කරගනිමින් ස්වකීය දරුවන්

Friday, October 14, 2011

"නිවසේ බුදුන්" ය යි බුදු හිමි දෙසු අම්මා

"දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයුදීඝං වස්ස සතං
මාතු පාදං නමා මහං"
දසමාසයක් දුක් විඳ මා හැදු අම්මේ
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
නිවසේ බුදුන් ය යි බුදු හිමි දෙසු අම්මේ
ඔබෙ පා යුග වඳිමි මම ආදර අම්මේ
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහත් ගෞරවය ට පාත්‍ර වූ උතුම් මව් පදවිය බුදු පදවිය ට පමණක් දෙවැනි වේ. එ ම උතුම් පදවිය ලබාගත හැක්කේ ගැහැණියක ට ම පමණි. 
අප බෝසතුන් බුදුවන බව ට පළමු ව විවරණය ලබා දුන්නේ ද, ස්වකීය දයාබර මෑණියන් ම ය. ඒ තම ජීවිතය පරදුවට තබා මෑණියන් ගේ ජීවිතය රක්ෂා කිරීම ට ධෛර්යයෙන් හා උත්සාහයෙන් යුතු ව කටයුතු කළ නිසා ය. බෝසතුන් ගේ සිත ට, හදවත ට මුලින් ම බුදු වේ වා!  යන ප්‍රාර්ථනය සිදුකළේ ආදරණීය අම්මා ය. 
එ මෙන් ම බුද්ධත්වයෙන් සත්වැනි වසරේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ගැඹුරු ම කොටස වන අභිධර්මය දේශනා කිරීම ට බුදුරදුන් තව්තිසා දෙව්ලොව ට වැඩම කළේ ද, තම මව ට කරන ගෞරවයක් ලෙසිනි.
තම දරුවන් වෙනුවෙන් අන් කවර සිතකවත් ඇති නො වන්නා වූ ආදරණීය හැඟීම් ජනනය වනුයේ මවක ගේ හදගැබ තුළ පමණි. ඒ අනුව මව් සිත තුළ දරුවන් වෙනුවෙන් කැකෑරෙන්නා වූ චිත්ත සන්තතිය කිව හැක්කේ තව ත් මවක ට පමණි.
 

සියලු ම මිනිසුන් ගේ ජීවිතවල පවතින අන්ධකාරය දුරුකර ජීවිතය ආලෝකමත් කරමින් පහන් ටැඹක් වන්නේ උතුම් වූ මව් පදවිය යි. ජීවිතයේ සියලු දුක් කම්කටොලු ඉවසා දරාගෙන ඉන්ද්‍රකීලයක් මෙන් නො සැලී හිඳ දාරක ප්‍රේමය පෙරටු කොට හිඳින මව්වරු සමස්ත ලෝකයා ට ම ආශිර්වාදයකි.


Related Posts Plugin for WordPress, Blogger...