Saturday, October 22, 2011

කුමට ද කුසල ට කම්මැලි වන්නේ.

මෙ ම මාතෘකාව මා තෝරාගනු ලැබුවේ වෙනත් හේතුවක් නිසා නො ව සසර ගමනේ දී අප අතින් කොතරම් අකුසල් සිදු න්නේ ද? ඒවා කුමන අයුරින් අප පසුපස පැමිණ  විපාක දෙන්නේ ද? යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීම ට ය. 

"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං"

සියලු පව්වලින් වැළකීම ත්, කුසල් උපදවා ගැනීම ත්, සිත දියුණු කර ගැනීම ත්, සියලු බුදුවරුන් ගේ අනුශාසනාව වේ.

Thursday, October 20, 2011

කඨින චීවර පූජාව -(04) කොටස.

කඨින චීවර පූජාව -(04) කොටස මගින් වස් සමයේ භික්ෂූන් ට සිව්පසින් සංග්‍රහ කරන්නේ කුමක් නිසා ද? යන ගැටළුව හා කඨින චීවර පූජාව සිදුකෙරෙන අයුරු හා කඨින චීවරය ලබන භික්ෂුව ට ලැබෙණ වරප්‍රසාද හා එ හි සීමාවන් පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වේ.

වස් සමයේ භික්ෂූන් ට සිව්පසින් සංග්‍රහ කරන්නේ ඇයි?

භික්ෂු සංඝයා බොහෝ විට බුදුරදුන්ගෙන් කමටහන් ලබාගෙන එක්තැන් ව භාවනා කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මෙ ම වස් කාලය යි. තව ද, උන් වහන්සේලා ට සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් බණ අසමින් සිල් රකිමින් පෙහෙවස් සමාදන් වෙමින් දසපින් කිරියවත් කරමින් ලොවුතුරා සැප සාදාගැනීම ට ගිහි දායක පක්‍ෂයට ද, හැකියාව ලැබී ඇත.

 

කඨින චීවර පූජාව - (03)කොටස.

කඨින චීවර පූජාව (01)කොටස හා කඨින චීවර පූජාව (02)කොටස තුළින් පිළිවෙළින් කඨින  චීවර පූජාවේ ආරම්භය හා කඨින චීවර පූජාවේ අනුසස්  පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙ ම (03) කොටස මගින් වස් කාල සීමාව තුළ දී භික්ෂූන් වහන්සේලා ට වෙන් වූ විනය නීති මාලාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වෙමි.

වස් කාලයේ දී භික්ෂූන් ට වෙන් වූ විනය නීති මාලාවන්. 

වස් කාලයේ දී භික්ෂූන් ට වෙන් වූ විනය නීති මාලාවක් බුදුරදුන් අනුදැන වදාරා ඇත. "අනුජානාම් භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං" යනුවෙන් ‘මහණෙනි, වස්සාන කාළයෙහි වස් එළඹීම ට අවසර දෙමියි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයා ට වස්සූපනායික ශික්‍ෂාපදය පැනවු හ. 

Tuesday, October 18, 2011

කඨින චීවර පූජාව - (02) කොටස.

කඨින චීවර පූජාව (01)  කොටසේ දී වස් සමාදන් වීම සඳහා බලපෑ සමාජීය හේතු සහ කඨින චීවර පූජාවේ ආරම්භය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර මෙ ම (02) කොටස මගින් බලාපොරොත්තු වන්නේ කඨින චීවර පූජාවේ අනුසස් පැහැදිලි කිරීම ය.


කඨින චීවර පූජාවේ අනුසස්.

 
"කඨින" යන්නෙ හි අදහස ස්‌ථිර සාර ය යන්න ය. තද ගතිය, නො සෙල්වෙන ගතිය, නො කැඩෙන, නො බිඳෙන ගතිය යන විවිධ අර්ථ ගෙන දෙයි. කඨින චීවර පුජාව අටමහා පින්කම් අතරින් එකකි. මෙ හි අනුසස් මහ පොළොව මෙන් කිසි කලෙක ත් කම්පා නො වෙයි. මහ මෙර මෙන් අධික සුළඟ ට නො සැලෙයි. ඒකඝන වජ්‍ර පර්වතය මෙන් නො

කඨින චීවර පූජාව - (01)කොටස.

බුදුදහම ට අනුව චේතනාව කර්මය ට මුල් වේ. එ සේ හෙයින් ශාසනික කුසල කර්මයන් සිදුකිරීමේ දී මනා දැනුමකින් හා අවබෝධයකින් සිදුකිරීම තුළින් එ හි ආනිශංස මහත්ඵල කරගැනීමේ හැකියාව පවතී. කඨින චීවර පූජාව පිළිබඳ ව ද, තත්වය මෙ සේ ම ය.

ආමිස පූජාවන් අතර කඨින චීවර පූජාව ප්‍රමුඛ ය. ඒ පිළිබඳ කරුණු කොටස් 4ක් මගින් මෙ හි දී ඉදිරිපත් කෙරෙයි.


Saturday, October 15, 2011

ඔබෙ පා යුග වඳිමි ආදර පියාණෙනි

"වුද්දිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
පිතු පාදං නමා මහං"

නැති බැරි කම ත් මට නො දැනෙන නියායෙනි 
දුක් කරදර මැදින් මා හැදු දයාවෙනි
හොඳ දරුවකු වෙන්න මට දුන් ඔවාමිණි 
ඔබෙ පා යුග වඳිමි ආදර පියාණෙනි


මව ට වඳින වාරයක් පාසා ම පියා ට වැඳීම ට බෞද්ධයන් වශයෙන් අපි පුරුදු ව සිටිමු. ඒ මාතෘත්වය ට සම කළ හැකි එක ම පදවිය පීතෘත්වය වන බැවිනි.

පියා ගේ සිත තුළ දරුවන් කෙරෙහි ඇති අසීමිත ආදරය ඍජු ව ම නො පෙන්වුව ද, එ ම ආදරය නිසා ම අප්‍රමාණ ශක්තියක් හා අධිෂ්ඨානයක් ඇති කරගනිමින් ස්වකීය දරුවන්

Friday, October 14, 2011

"නිවසේ බුදුන්" ය යි බුදු හිමි දෙසු අම්මා

"දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයුදීඝං වස්ස සතං
මාතු පාදං නමා මහං"
දසමාසයක් දුක් විඳ මා හැදු අම්මේ
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
නිවසේ බුදුන් ය යි බුදු හිමි දෙසු අම්මේ
ඔබෙ පා යුග වඳිමි මම ආදර අම්මේ
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහත් ගෞරවය ට පාත්‍ර වූ උතුම් මව් පදවිය බුදු පදවිය ට පමණක් දෙවැනි වේ. එ ම උතුම් පදවිය ලබාගත හැක්කේ ගැහැණියක ට ම පමණි. 
අප බෝසතුන් බුදුවන බව ට පළමු ව විවරණය ලබා දුන්නේ ද, ස්වකීය දයාබර මෑණියන් ම ය. ඒ තම ජීවිතය පරදුවට තබා මෑණියන් ගේ ජීවිතය රක්ෂා කිරීම ට ධෛර්යයෙන් හා උත්සාහයෙන් යුතු ව කටයුතු කළ නිසා ය. බෝසතුන් ගේ සිත ට, හදවත ට මුලින් ම බුදු වේ වා!  යන ප්‍රාර්ථනය සිදුකළේ ආදරණීය අම්මා ය. 
එ මෙන් ම බුද්ධත්වයෙන් සත්වැනි වසරේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ගැඹුරු ම කොටස වන අභිධර්මය දේශනා කිරීම ට බුදුරදුන් තව්තිසා දෙව්ලොව ට වැඩම කළේ ද, තම මව ට කරන ගෞරවයක් ලෙසිනි.
තම දරුවන් වෙනුවෙන් අන් කවර සිතකවත් ඇති නො වන්නා වූ ආදරණීය හැඟීම් ජනනය වනුයේ මවක ගේ හදගැබ තුළ පමණි. ඒ අනුව මව් සිත තුළ දරුවන් වෙනුවෙන් කැකෑරෙන්නා වූ චිත්ත සන්තතිය කිව හැක්කේ තව ත් මවක ට පමණි.
 

සියලු ම මිනිසුන් ගේ ජීවිතවල පවතින අන්ධකාරය දුරුකර ජීවිතය ආලෝකමත් කරමින් පහන් ටැඹක් වන්නේ උතුම් වූ මව් පදවිය යි. ජීවිතයේ සියලු දුක් කම්කටොලු ඉවසා දරාගෙන ඉන්ද්‍රකීලයක් මෙන් නො සැලී හිඳ දාරක ප්‍රේමය පෙරටු කොට හිඳින මව්වරු සමස්ත ලෝකයා ට ම ආශිර්වාදයකි.


Related Posts Plugin for WordPress, Blogger...