Sunday, March 25, 2012

ඇස නො දුටු ලොවක තතු බොදු ඇසින් (02 - කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 
පෙර ලිපියෙන් ප්‍රේත වස්තුව ට අයත් උරග වග්ගයේ හමුවන ප්‍රේතයන්  දොළහ පිළිබඳ ව කරුණු දැක්වීමි. මේ එ හි දෙ වන ලිපිය යි. මෙ හි දී ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රේත වස්තුව ට අයත් උබ්බරී වර්ගය ට ඇතුලත් වන ප්‍රේත ප්‍රේතියන් දහතුන්දෙනා පිළිබඳ ව ය. මෙ සේ ප්‍රේත වස්තුව කොටස් සතරකින් ඉදිරිපත් කරන්නේ අන් කරුණක් නිසා නො ව පාපයෙ හි විපාක කොතරම් බලවත් ද, යන්න පසක් කර දීම ට ය. මේ සියලු කතාවන් හුදෙක් ගොතන ලද හෝ ප්‍රබන්දනය කළ කතාවන් නො වේ. මෙවැනි සත්වයින් සත්‍ය වශයෙන් ම සිටිති. මේ සෑම කතාවක ම දක්නට ලැබෙන

Thursday, March 1, 2012

ඇස නො දුටු ලොවක තතු බොදු ඇසින් (01 - කොටස)

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 

අද ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනා අතර ජනප්‍රිය, ඇතැම් දෙනා බිය වන මාතෘකාවක් පිළිබඳ ව යි. අපේ ඇස, කන ආදී ඉන්ද්‍රියන් ට ගෝචර නො වන වෙනම ම ජීවී කොටස් පිළිබඳ බුදුදහමේ විස්තර වේ. මේ ලිපි පෙළ ලියවෙන්නේ එ වැනි ම වූ එක් සත්ව කාණ්ඩයක් පිළිබඳ ව යි. එ නම් ප්‍රේතයන් පිළිබඳ ව යි. ලිපි පෙළ සකස් වන්නේ ඛුද්දක නිකායේ පේත වත්ථුව ට අයත් උරග වග්ගය, උබ්බරි වග්ගය, චූලවග්ගය සහ මහාවග්ගය යන සතර වරගය ට අනුව ය. මේ සතර වර්ගය තුළ ප්‍රේත ප්‍රේතියන් පනස් එකක් පිළිබඳ සඳහන් වෙයි. ඒ අතරින් උරග වග්ගය තුළ ඇති කතාවස්තු දොළහ පිළිබඳ ව මෙ ම ලිපියෙන් විස්තර කෙරේ.
Related Posts Plugin for WordPress, Blogger...