Friday, June 15, 2012

බුදුසසුන වසර පන්දහසක් පවතී ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය යැ යි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එ සේ නම් සසුනට ද, එ ම අනිත්‍ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද, යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූව ත් නො වූව ත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් ධර්මයට හෝ එ සේ පැවතිය නො හැකි ය. සම්බුදු දහම පිළිබඳව කිසිදු අවබෝධයක්, එහි ගැඹුරක් නො දත් අයෙක් පවා, සද්ධර්මයේ ආයු කාලය කෙතෙක් දැ යි කීමට හොඳින් දනිති. බොහෝවිට ධර්ම දේශනාවන් හි දී බහුතරයක් දේශකයන් වහන්සේලා ද, පවසන්නේ බුද්ධ ශාසනය වසර පන්දහසක් කල් පවතින බව යි. බහුතර බෞද්ධයන් ද, එය විනිශ්චයකින් තොර ව ම පිළිගනිති.

කවරදාකවත් ඔබ සිතුවාද බුදුදහම වසර පන්දහසක් කල් පවතින බව කීවේ කවුද? කොතැනදී ද? කියා. බහුතරයක් බෞද්ධයන් සිතන්නේ මෙය බුද්ධ දේශනාවේ ම සඳහන් ව ඇති බව යි.


තුන්කල් දැකිමේ නුවණ ඇති බුදුන් වහන්සේ ට හැර මේ දියත තුළ වෙනත් කිසි ජගතකුටවත් ධර්මය පිළිබඳ මෙ වැනි ප්‍රබල අනාවැකියක් පැවැසීම ට ද, නො හැකි ය. ඉතින් අපි කවුරුත් සිතන්නේ මේ සම්බුදු දහම වසර 5000 ක් කල් නො නැසී පවතින බව බුදුන් වහන්සේ වදාළ බවකි.

බුද්ධියට ගෝචර වූ බෞද්ධාගම, යමක් ගැන විමසීමේ දී එය විශ්වාස මත පදනම් නො වී සැක හැර නිරවුල් ව අවබෝධකර ගත යුතු බව පවසන අන්ධ භක්තියෙන් ගතානු ගතිකත්වයෙන් තොර වූ පිවිතුරු දහමකි.

එ බැවින් ශාසන අන්තර්ධානය පිළිබඳ කරුණු නිවැරදි ව අවබෝධ කිරීම වැදගත් වේ. ගෞතම සම්බුද්ධ ශාසනය විනාශ වී යන ආකාරය පිළිබඳ කතාකිරීම ට පෙර, අතීතයේ පහල වූ බුදුවරුන් ගේ ශාසන අන්තර්ධාන වීම පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීම ට සිතුනි. බුදුසසුනේ ආයුෂය විනය යි. බුද්ධත්වයෙන් වසර විස්සක් ගතවන තෙක්ම විනය නීති පැනවීමක් නොතිබුණේය. එම නිසා වරක් සැරියුත් රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ශාසනය දිගු කලක් පවතිනු පිණිස ශික්ෂා පද පනවන ලෙස ඉල්ලා සිටිති. එ හි දී බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂූන් කෙරෙහි යම් කලෙක ආසවට්ඨානීය ධර්ම එ නම් රත්තඤ්ඤුමහන්තතා (සාසනයේ බොහෝ කල් ගත වූ භික්ෂූන් සංඛ්‍යාව වැඩි වීම), වෙපුල්ලමහන්තතා (ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බහුල වීම), බාහුසච්චමහන්තතා (විවිධ විෂයන් පිළිබඳ දැනීම වැඩි වීම) යන කරුණු ඇති වූ කල් හි ශික්ෂා පණවන බව යි.

සැරියුත් මහරහතන් වහන්සේ වරක් බුදුරදුන් ඉදිරිය ට පැමිණ මෙ සේ විමසන ලදී. "ස්වාමීනි කිනම් භාග්‍යවත් බුදු කෙනෙකු ගේ  ශාසනය බොහෝ කල් නො පැවැත් වේ දැ" යි ආදී වශයෙන් විමසූ කල බුදුරජාණන් වහන්සේ මෙ සේ වදාළ සේක.

"ශාරිපුත්‍රය, විපස්සී  භාග්‍යවතුන්  වහන්සේ ද, සිඛී භාග්‍යවතුන්  වහන්සේ ද, වෙස්සභු භාග්‍යවතුන්  වහන්සේ ද, ශ්‍රාවකයන් ට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්න ට වෙහෙසුනා හු ය. ශ්‍රාවකයන් ට ශික්ෂා පද නො පනවන ලදී. ප්‍රාතිමෝක්ෂය නො දෙසන ලදී. ඒ භාග්‍යවත් බුදුවරුන් ගේ පිරිනිවීමෙන්, බුදුන්ගෙන් අසා අවබෝධ කරගත්  ශ්‍රාවකයන් ගේ පිරිනිවීමෙන් අනතුරු ව යම් ඒ පසු ව සිටි ශ්‍රාවක කෙනෙක් ඇත් ද, නොයෙක් නම් ඇත්තා හු, නොයෙක් ගෝත්‍ර ඇත්තා හු,  නොයෙක් ජාති ඇත්තා හු, නොයෙක් වංශවලින් පැවිදි වූවා හු, ඒ ධර්මය වහා අතුරුදහන් කළා හු ය.  ශාරිපුත්‍රය, යම් සේ නොයෙක් මල් තැටියක් හි දමන ලද්දා හු නූලකින් නො අමුණන ලද්දා හු වාතය ට විසුරුවා හරින සේ විසුරුවයි ද, පිඹහරීයි ද, වනසයි ද, එ සේ ම ඒ භාග්‍යවත් බුදුවරුන් ගේ නැති වීමෙන් නොයෙක් නම් ඇත්තා හු, නොයෙක් ගෝත්‍ර ඇත්තා හු, නොයෙක් ජාති ඇත්තා හු, නොයෙක් වංශවලින් පැවිදි වූවා හු ඒ ශ්‍රාවකයෝ, ධර්මය වහා අතුරුදහන් කළා හු ය."

එ මෙන් ම ප්‍රතිමොක්ෂය දේශනා කළ නිසා කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරුන් ගේ ශාසනය බොහෝ කල් පැවති බව ද, දේශනා කරන ලදී. බුදුවරුන් ගේ ශාසනයේ පැවැත්ම තීරණය වන්නේ විනය ප්‍රාතිමොක්ෂයෙන් බව බුදුරදුන් මෙ සේ විනය පිටකයේ භික්ෂු විභංගයෙන් දේශනා කර ඇත. එයින් ගම්‍ය වන්නේ බුදුවරුන් ගේ ශාසනය කෙරෙහි, ශාසනයේ ආයුෂය කෙරෙහි විනය තරමට බලපානා අනෙකක් නො වන බව යි. 

මේ ආකාරයෙන් ම අනාගතයේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය ද, පරිහාණි වී මුළුමනින් ම අන්තර්ධාන වන බව තේරුම් ගත යුතු ය. ශාසන අන්තර්ධාන කතාවෙ හි එය ඉතා සවිස්තර ව විස්තර වේ. පිළිවෙලින් මෙ සේ ශාසනය අන්තර්ධාන වන්නේ ය. ප්‍රතිවේධ අන්තර්ධානය, ප්‍රතිපත්ති අන්තර්ධානය, පර්‍යප්ති අන්තර්ධානය, ලිංග අන්තර්ධානය, ධාතු අන්තර්ධානය යනුවෙනි. මේ කරුණ තේරුම් ගැනීම පහසුව පිණිස මෙය නරඹන ලෙස ආරාධනා කරමි.


ප්‍රතිවේධ අන්තර්ධානය (අධිගම අන්තර්ධානය)

මාර්ගඵල, ප්‍රතිසම්භිධා, ත්‍රිවිද්‍යා, අභීඥාය යන මේවා අධිගම යි. බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු දාහක් මුළුල්ලේ භික්ෂුන් වහන්සේ සිව්පිළිසිඹියා (පටිසම්භිධා) සහිත ව රහත් වෙති. කල්යත් ම එ සේ නො හැකි වී ෂඩ් අභිඥා ත්‍රිවිද්‍යා සහිත ව රහත් වෙති.  අනතුරුව එ සේ විශේෂතා ලබා ගැනීම ට නො හැකි ව සුක්ඛ විපස්සක ව රහත් වෙති. ඊට පසු කාලවල දී ක්‍රමයෙන් පිරිහී අනාගාමී, සකෘදාගාමී, සොතාපන්න වර්ගයෙන් පමණක් මාර්ගඵල ලබති. එ සේ අවසන් සොතාපන්නයා ගේ අභාවයෙන් අධිගම අන්තර්ධානය වේ.

බුද්ධ දේශනාවේ එය තවදුරටත් විස්තර වේ.

"මහණෙනි, පෙරැ දසාරහ නම් රජ හට මහ හඬ ඇති අණ බෙරයක් විය. ඒ අණ බෙරය පැළුණු කල් හි එ තැන ට අනෙක් රන්මුවා ඇණයක් යෙදූ හ. මෙ සේ පැළෙන තැන ට රන්මුවා, රිදීමුවා ඇණ දැමීමෙන් කලකට පසු එ හි පැරණි (මුල්) බෙර කඳ අතුරුදහන් විය. ඇණ සැකිල්ල පමණක් මැ ඉතිරි විය."

"එ සේ මැ මහණෙනි, අනාගතයෙ හි මෙ බඳු භික්‍ෂූහු වෙති. කෙබඳු ද යත්, යම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු කැමැති නො වෙති,  කන් යොමු නො කෙරෙති, වටහා ලනු සඳහා සිත ද නො දෙති, ඒ ධර්මයන් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද නො සිතති."

"එහෙත් කන් කලු වන පරිදි විසිතුරු අකුරින් හා ව්‍යඤ්ජනයෙන් ද යුක්ත කොට කාව්‍ය ස්වරූපයෙන් කළ බාහිරක වූ ශ්‍රාවකකාලික වූ සුත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු ද කැමැති වෙති, කනුදු යොමු කෙරෙති; වටහාගැනීමට සිත ද එළවති, එ දහම් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද හඟති. මෙ සේ ඒ තථාගත භාෂිත වූ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ, ලොකොත්තරාර්ථය ප්‍රකාශ කරන්නා වූ, ශුන්‍යප්‍රතිසංයුක්ත වූ මගේ ධර්මය අතුරුදහන් වේ."
(සංයුක්ත නිකාය - ඕපම්ම සංයුක්තය)

බෙරයේ ප්‍රධාන ප්‍රයෝජනය හඬ යි. ඒ හඬ එන්නට බෙර කඳ තනන්නේ ලීයෙනි. දසාරහ රජතුමාට තුබුණේ එ බඳු බෙරයෙකි. එ හි තැනක් පැළුණු අවස්ථාවෙ හි වැඩි හොඳට වැඩි ලස්සණට රත්රන් අණ්ඩයක් දැමී ය. මෙ සේ පැළෙන පැළෙන තැනට රන්මුවා අණ්ඩ දැමූයෙන් කලක් ගිය පසු මුල් බෙර කඳ අතුරුදහන් විය. දිළිසෙන රන් කඳ ඉතිරි විය. බෙරය පෙනුමෙන් ලස්සන වී ය. එහෙත් හඬ නැති වී ය. එ මෙන් ම බුද්ධ ධර්මයෙ හි ප්‍රධාන ප්‍රයෝජනය ප්‍රතිවෙධය යි. එය ලැබෙන්නේ නියම බුද්ධ වචනය තුබුණොත් ය. මුලින් උපමාව දැක්වූ බුදුරජාණන් වහන්සේ නියම බුද්ධ වචනය අතුරුදන් වන සැටි ද ප්‍රකාශ කළ හ. "කලක් ගිය පසු මා ගේ ධර්මය ගැඹුරු ය යි කියා ලෙහෙසි ක්‍රම යොදා ගනීවි, එකින් එකට ලෙහෙසි ක්‍රම යෙදීමෙන් හා එයට වඩා ප්‍රිය කිරීමෙන් හා නියම ධර්මය අතුරුදන් වේ" ය යි ද, ප්‍රකාශ කළ හ. මෙ සේ බුදුදහමේ මුලික අරමුණ වන ප්‍රතිවේධය අන්තර්ධාන වන බව බුද්ධ දේශනාව යි.

ප්‍රතිපත්ති අන්තර්ධානය

මාර්ගඵල උපදවා ගත නො හැකි වු කල් හි භික්ෂූහූ චතුපාරිශුද්ධ ශීලය ම රකිති. කල් ගතවෙත් ම කුඩා අනුකුඩා ශික්ෂා පද උල්ලංඝණය කරති. කුදුමහත් ශික්ෂාපද මර්ධනය කොට කල් යත් ම ථුල්ලච්චාපත්තිය ට අවදිති. ඉක්බිති ගරුකාපත්තිය ට අවදිති. සතර පාරාජිකා පමණක් රකිති. සතර පාරාජිකා පමණක් රකිනා භික්ෂූන් සිටින කළ ද, ප්‍රතිපත්ති ශාසනය පවතියි. ඒ අවසන් භික්ෂූව ගේ ශීල භේදයෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය ද අතුරුදහන් වේ. මේ ප්‍රතිපත්ති අන්තර්ධානය යි.




පර්යාප්ති අන්තර්ධානය

පරියන්ති නොහොත් පර්‍යප්ති අන්තර්ධානය නම් සකල ලොකාවබෝධය පිණිස කරුණා නිධාන වූ බුදුරජුන් විසින්  දේශනා කළා වූ අටිඨකථා පාලි සහිත ත්‍රිපිටකය ට අයත් බුද්ධ වචනයේ  නො පැවැත්ම යි. ත්‍රිපිටකය පවත්නා කල් හි ප්‍රතිවෙධ ශාසනය, ප්‍රතිපත්තිශාසනය, පරියන්ති ශාසනය යන ත්‍රිවිධශාසනය ම පවතිනු ලැබෙතැ යි සැලකේ.කල්ගතවන කල කලියුගයේ රජවරු අධාර්මික වෙති. මොවුන් ගේ නො දැහිමි බවින් වැසි මනාකොට නො වසියි. එයින් භෝග ආදිය මනා ලෙස නො පැසෙයි. ඒවා මනා ලෙස නො පැසෙන කල් හි භික්ෂු සංඝයා වෙනුවෙන් දායකයන් ට මනා ලෙස දානය දිම ට නො හැකි වෙයි. එ සේ විමෙන් අතවැසියන් භික්ෂුන් ගත නො හැකි ව භික්ෂුන් ගේ ගණන අඩු විමෙන්, කල්යත්ම පරියන්තිය පිරිහෙයි. ධර්මය අර්ථ වශයෙන් දැරිම ට නො හැකි වෙයි. ඒ අනුව පිළිවෙලින් අභිධර්ම පිටකය,සුත්‍ර පිටකය හා විනය පිටකය වශයෙන් පිරිහීම ට පටන් ගනී.  

  • අභිධර්ම පිටකය පිරිහීම
මුලින් ම අභිධර්ම පිටකය පිරිහෙයි. අභිධර්ම පිටකය පිරිහෙනුයේ මත්තෙහි පටන් ය. මුලින් ම මහා ප්‍රකරණය පිරිහෙයි. පිළිවෙලින් යමකය, ධාතුකතා, පුද්ගලපඤ්ඤත්ති, කථාවත්තු, විභංග, ධම්මසංගණී ලෙසින් අනුපිළිවෙලින් පිරිහෙයි. 

  • සුත්‍ර පිටකය පිරිහීම 
මෙ සේ අභිධමිම පිටකය පිරිහුන කල, මත්තෙහි සිට සුත්‍ර පිටකය පිරිහෙයි. පළමුව අංගුත්තර නිකාය පිරිහෙයි. එයින් ද, පළමුව ඒකාදස නිපාතය පිරිහෙයි එ හි සිට ක්‍රමයෙන් ඒකක නිපාතය දක්වා පිරිහෙයි මෙ සේ අංගුත්තර නිකාය පිරිහුන කල් හි මත්තෙහි සිට සංයුක්ත නිකාය පිරිහෙයි. මෙයින් පළමුව මහාවග්ගය පිරිහෙයි. ඉක්බිති සලායතන වග්ගය පිරිහෙයි. ඉන්පසු ඛන්ධක වග්ගය ද, නිධාන වග්ගය, සගාථවග්ගය, වශයෙන් සංයුක්ත නිකාය පිරිහුන කල් හි මත්තෙහි පටන් මජ්ජිමනිකාය පිරිහෙයි. මජ්ජිම නිකායේ මුලින්ම පිරිහෙනුයේ උපරි පන්නාසකය යි. ඉන් අනතුරැව මජ්ජිමපන්නාසකය ද, මුලපන්නාසකය ද, පිරිහෙයි. අනතුරුව මත්තෙහි පටන් දිඝ නිකාය පිරිහිමට පටන් ගනියි. පළමු ව පාටිය වග්ගය පිරිහෙයි. එයින් පසු මගාවගගය ද, සිලක්ඛන්ධවග්ගය ද, පිරිහෙයි. මෙ සේ දිඝ නිකාය පිරිහුන කල සුත්‍ර පිටකය පිරිහුනේ නමි වෙයි.

  • විනය පිටකය පිරිහීම
ඉන් මත්තේ විනය පිටකය හා ජාතක කතා පමණක් දරයි. විනය පිටකය යහපත් ලජ්ජි භික්ෂුන් පමණක් දරයි. ලාභ කැමැති භික්ෂුන් සුත්‍ර පිටකය කියු කල එය අසන්නෙක් නැතැ යි කියා ජාතක කථා පමනක් ම කියති. කල් යත් යත්ම ජාතකය ද, දැරිම ට නො හැකි වෙයි. ජාතකයන්ගෙන් මුලින් ම වෙස්සන්තර ජාතකයේ සිට අපණ්නක ජාතකය දක්වා ප්‍රතිලොමයෙන් පිරිහෙයි.  එ කල් හි විනය පිටකය පමණක් ම පවතියි. මෙය ද, කල්යත්ම මත්තේ පටන් පිරිහී  පළමු ව පරිවාර පාළිය ද, අනතුරු ව ඛන්ධකය ද, භික්ඛු විභංගය ද, මහා විභංගය ද, පිරිහෙයි අනුපිලිවලින් උපොසථ කර්ම ඛණ්ඩය පමණක් දරයි. එ කල් හි ද, පරියන්තිය අතුරුදහන් නො වු සේ සලකනු ලබයි.

යම් සේ මනුෂ්‍යයන් අතරෙහි සතර පදයෙන් යුක්ත ගාථාවකින් හෝ බුදුගුණයෙක් පවතී නම් ඒ තැන් දක්වා ශාසනය පවත්නේ නම් වෙයි. යම් දවසෙක සදැහැති රජෙක්  බුදුගුණ අසන්ට වුව මැනැවැ යි සිතා ධර්ම දේශකයන් සොයා, නො ලැබ දහසින් බැදි පියැල්ලක් ඇතුපිට තබා “බුදු බණින් ගාථාවක් පමණ හෝ දත් කෙනෙක් මේ දහසින් බඳ පියැල්ල ගෙන බණ කියනු ලබත් වා යැ යි” යි කියා නුවර බෙර ලවාත්, එ සේ ධර්ම කථිකයෙක් නො ලැබ  තුන්විටෙක බෙර ලැවූ කල ඒ දහසින් බඳ පියැල්ල  ගෙන බණ කියන්නක්හු නො ලැබත් ද (එනමි එක් බුදු බණ පදයක් හෝ දන්නා එක් අයෙක් හෝ මිහිපිට නැතිවු කල) පරියන්ති ශාසනය අන්තර්ධාන වූයේ නම් වේ. 

ලිංග අන්තර්ධානය

එ සේ පර්යාප්ති පිරිහුණු කල් හි භික්ෂූන් ගේ පාත්‍ර සිවුරු ගැනීම්, ඉරියව් පැවැත්වීමේ ආදී චර්යා ප්‍රසාද ජනක නො වේ. බමුණන් නිගණ්ඨයෝ මෙන් ඇවිදිති. පසුව ඒවා ද හැර දමා කහ පටියක් අතෙහි හෝ කරෙහි බැඳ අඹුදරුවන් රකිමින් ගොවිතැන්, වෙළ හෙළඳාම් ආදී විවිධ රැකී රක්ෂා ආදිය කරමින් ජීවත් වෙති. මෙ සේ හැසිරෙන භික්ෂූන් කාසාවකණ්ඨක යනුවෙන් මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසක දක්ඛිණා විභංග සුත්‍රයේ දි හඳුන්වා ඇත. කල්යත්ම කහකඩ (පටි) ද ඉවත ලා සිටිති. එකල් හි ලිංග අන්තර්ධානය ලෙස හැඳින් වේ.





ධාතු අන්තර්ධානය 

අධිගම, ප්‍රතිපත්ති, පර්යාප්ති, ලිංග අතුරුදහන් වූ කල් හි එ කල මිනිසුන් ගේ ශ්‍රද්ධා බුද්ධිය මදවීම නිසා පූජා සත්කාර නො ලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුන් ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනකට වඩිති. කල්යත්ම හැම තැන් හි ම සත්කාර සම්මාන නො වේ. එ කල ලක්දිව සෑම සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි දාගැබට වඩිති. එ තැනින් නා දිවයින රාජායතන චෛත්‍යයට වඩිති. ඉන්පසු මහබෝමැඩට වඩිති. නා ලොව, දෙව් ලොව ධාතුහු ද, වඩිති. සියලු ධාතුන් වහන්සේලා මහාබෝධි පර්යංකයෙහි රැස් වී බුදුරජාණන් වහන්සේ ගේ වෙස් ගෙන දෙතිස් මහා පුරිස් ලකුණෙන්, අසු අනුව්‍යඤ්ජනයෙන්, ව්‍යාම ප්‍රභාවෙන් සම්පූර්ණ ව බෝ මැඩ පලක් බැඳ වැඩ සිටිති. සවණක් ඝන බුදුරැස් බඹලොව දක්වා විහිද අනන්ත අපරිමාණ සක්වලට ද දිවන්නේ ය. එයින් සියලු දෙව් මිනිස්සු රැස්වෙති. අද බුදුහු පිරිණිවෙති. මේ අප ගේ අන්තිම දර්ශනය යි හඬා වැලපෙති. එ කල් හි ජීවමාන බුදුන් සෙයින් ප්‍රාතිහාර්යය පා පිරිනිවන් පාති. මේ ධාතු අන්තර්ධානයෙන් පසු සම්පුර්ණ බුද්ධ ශාසනය ම අන්තර්ධාන වූයේ ය යි කියති.

ශාසන අන්තර්ධානය පිණිස හේතුවන කරුණු රාශියක් "බුදුදහමේ අවසානය ට පෙර" ලිපියෙන් විස්තර කරන්නට යෙදුනි. සංයුත්ත නිකායේ ඔපම්ම සංයුත්තයේ අන්තර්ගත ආණී සූත්‍රයේ ශාසන විනාශය ට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගත කාලයේ ගැඹුරු අරුත් ඇති සූත්‍ර පැහැදිලි කරන ධර්ම, ගිහියන් පමණක් නො ව පැවිද්දන් ද ශ්‍රවණය නො කරන බව ත් ඒවා අවබෝධ කිරීමට උත්සාහ නො ගන්නා බව ත් ය. එහෙත් ජන කවියන් සේ විසිතුරු ලෙස කියන වැරදි දහම් ශ්‍රවණය කිරීම ට රුචි කරන බව ත් එ මගින් සතුටු වන බව යි. තව ද අනාගත කාලයේ බොහෝ ගිහිපැවිද්දෝ ගැඹුරැ ධර්මවිනය ගැන දැනුමක් නැතිවම දන්නෝ යැ යි සිතමින් බොහෝ වැරදි අර්ථ කථන දෙති. ධර්මය ගැන ත් ඔවුහු එකිනෙකා ගැන ත් කිසි ගරුසරුවක් නොදක්වති. විනය බණදහම් කනපිට පෙරළෙමින් කෙලෙසන්නෝ වෙති. ධර්මවිනය ගැන දැන උගත්කම් නැත ත්, ලාභ සත්කාර ආදී ප්‍රබලකම් හා පක්ෂ බල නිසා එඩිතර ව සඟ මැද ධර්මය අධර්මය ලෙස ත්, විනය අවිනය ලෙස ත්, අධර්මය ධර්මය ලෙස ත්, අවිනය විනය ලෙස ත්, ප්‍රකාශ කරති. ලජ්ජා භය නිසා වාද බිමට නො බසින සිල්වත්, ගුණවත්, ධර්මධර භික්ෂූහූ ධර්ම විනය යථා තත්වයෙන් ඉදිරිපත් කරතත්, දුර්වල වී යන්නාහුය ආදී වශයෙන් ථෙරගාථා පාලි තිංසති නිපාතයේ සඳහන් ය. 

"මහණෙනි, මේ ධර්‍ම පසක් සද්ධර්මයා ගේ මුවහවීම පිණස අතුරුදන්වීම පිණිස පවතිත්. කවර පසක් ද යත්? මහණෙනි, මේ ශාසනයෙ හි භික්‍ෂූහු නො මනා කොට ගන්නා ලද සූත්‍රාන්තය නපුරුකොට බහණ ලද පද ව්‍යඤ්ජනවලින් යුක්ත ව පිරවහද් ද, මහණෙනි, අයහපත්කොට බහණ ලද පද ව්‍යඤ්ජන ඇත්තහු ගේ අර්ථය ද දුරවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි."

"මහණෙනි, නැවත අනිකක් ද කියමි. භික්‍ෂූහු නපුරු වචන ඇත්තාහු, අකීකරුභාවය කරන්නා වූ ධර්මයන්ගෙන් යුක්ත වූවාහු නො ඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් නො ගන්නාහු වෙත් ද, මහණෙනි, මේ දෙවන ධර්ම තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි."

"මහණෙනි, නැවත අනිකක් ද කියමි. බහුශෘත වූ, පැමිණි ආගම ඇත්තා වූ, ධර්මය දරන්නා වූ, විනය දරන්නා වූ, මාතෘකා දරන්නා වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු සකස්කොට සූත්‍රාන්තය අනෙකා ට නො කියවත් ද, ඔවුන් ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන් වූ මුල් ඇත්තේ පිළිසරණ රහිත වේ. මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි."
 
"මහණෙනි, නැවත අනිකක් ද කියමි. ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍ය බහුල කොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙ හි පෙරදැරි වූවාහු, උතුම් විවේකයෙ හි බහා තබන ලද ධුර ඇත්තාහු වෙත් ද, නො පැමිණියහු ගේ පැමිණීම පිණිස, නො ලබන ලද්දහු ගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දහු ගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණස, වීර්යය පටන් නො ගණිත් ද, ඔවුන් ගේ පශ්චම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට, සස්න ලිහිල් කොට ගැනීම ඇත්තේ ය. නීවරණයන්ට බැස ගැන්මෙ හි පෙරදැරිවූවා, උතුම් විවේකයෙ හි බහා තබන ලද ධුර ඇත්තේ වේ. නො පැමිණියහු ගේ පැමිණීම පිණිස. නො ලබන ලද්දහු ගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දහු ගේ ප්‍රතයක්‍ෂ කිරීම පිණිස වීර්යය පටන් නො ගනියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්".
 
"මහණෙනි, නැවත අනිකක් ද කියමි. සංඝතෙම බිඳුනේ වේද, මහණෙනි, භික්‍ෂු සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට නින්‍දා කරන්නාහු ද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහු ද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්. එ හි අප්‍රසන්න වූවාහු ද නො පහදිත්. ප්‍රසන්නවූ ද ඇතැම් කෙනෙකු ගේ අන් පරිදි බව වේ. මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්."
(අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වග්ගය)
 

කෙ සේ වුව ත් ධර්ම තිබුණ ත් විනය තිබුණ ත් ප්‍රතිපත්ති පුරන්නවුන් පිරිහී ගිය විට සද්ධර්මය, ශාසනය පිරිහී යන වග බුද්ධ දේශනාව අනුව ඉතා ප්‍රකට කරුණකි. එ ම නිසා බුද්ධ ශාසනයේ සංස්තිථිය අවුරුදු සියයකින් හෝ දහසකින් හෝ පන්දහසකින් හෝ දසදයසකින් හෝ ලක්ෂයකින් හෝ තීරණය කරණු ලබන්නේ ප්‍රතිපත්ති පුරන පැවිද්දන් හෝ ගිහියන් විසිනි. එ ම නිසා බුද්ධානුශාසනා යම්තාක් දුරට පිළිපදී ද ඒතාක් දුරට ශාසනයා ගේ ආයුෂ තීරණය වන්නේ ය. එ බැවින් කළ යුතු හා කළ හැකි එක ම දෙයඅප්‍රමාදී ව පිළිවෙත් පිරීම යි.
තෙරුවන් සරණ යි!

20 comments:

  1. මා දන්නා විදියට භික්ෂුණී ශාසනය පිහිටුවීමෙන් ද, ශාසනයේ ආයුෂ අඩකින් අඩු ව තිබෙනවා. එය නිවැරදි ද?

    ReplyDelete
    Replies
    1. ඔබ නිවරදයි. අංගුත්තර නිකායේ ගෝතමී සුත්‍රයේ "මාගමුන්(කාන්තාවන්) පැවිද්ද නො ලැබුවේ නම් සද්ධර්මය දීර්ඝ කාලයක් වර්ෂ දාහක් පවතින්නේ ය. එහෙත් දැන් මාගමුන් පැවිද්ද ලබා ඇති නිසා මේ සද්ධර්මය දිගුකලක් නො පවතින්නේ ය. වර්ෂ පන්සීයක් පමණ පවතින්නේ ය" යනුවෙන් විස්තර වේ. මෙ හි වසර දහස සහ පන්සියය වශයෙන් දැක්වුයේ උපමාවක්‌ බව අවබෝධ කොටගන්න. සද්ධර්මය පවතින්නේ යම් කාලයක් ද, ඒ කාලයෙන් අඩක් බව මේ කරුණ අනුව තේරුම් ගන්න.
      තෙරුවන් සරණ යි!

      Delete
  2. ඒ කථාව නම් මාත් අහල තියනවා.එතකොට මේ කාලෙ රහතන් වහන්සේලා වැඩ හිඳින්න විදියක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ කාලයේ රහතන් වහන්සේලා නැහැ කියා කියන්න බැහැ. නමුත් උන්වහන්සේලා අප්‍රකට ව තමයි ජීවත් වන්නේ. අද රටේ, සමාජයේ රහතන් වහන්සේ නමකට වැඩහිඳින්න තියන හැකියාව බොහෝදුරට අඩුයි.

      http://www.buddhistculture.net/mun-buridhatta-thera-3515352435013530-3508351735143495-350835013530-351235243535-35013545351534993540352035053530.html
      තෙරුවන් සරණ යි!

      Delete
  3. Bohoma watina lipiyak.. obata bohoma pin..

    ReplyDelete
  4. මේ ඡායාරූපයට අදාළ සිද්ධිය මෙසේය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් කැබිතිගොල්ලෑවේ එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඔවුනට එරෙහිව යුධ ප්‍රකාශ කොට ත්‍රස්තවාදය පරාජය කළ යුතු යැයිද, රටේ සාමය හා නිදහස ආරක්ෂා කළ යුතු යැයිද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තීරණය කරන ලදී. ඒ අවස්ථාවේදී කුමාර් රූපසිංහම් ප්‍රමුඛ කොටි හිතවාදීන් විසින් ජාත්‍යන්තර ප්‍රජාවගේ හා රට අභ්‍යන්තරයේ කොටි හිතවාදීන්ගේ සහාය ලබා කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී ශ්‍රී ලංකා රජය යුධ ප්‍රකාශ කිරීමට එරෙහිව "යුධ විරෝධී රැළියක්" සංවිධාන කරන ලදී. එම කොටි හිතවාදීන්ට හා ත්‍රස්තවාදයට විරෝධය පළ කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විහාරමහා දේවී උද්‍යානය දක්වා සාමකාමී පා ගමනක නියැලිණි. මහා සංඝරත්නයේ ඉල්ලීම වූයේ ත්‍රස්තවාදයට හා ජාතිවාදයට උඩගෙඩි නොදෙන ලෙසත්, ශ්‍රී ලංකා රජයට නොව ප්‍රභාකරණ් ප්‍රමුඛ කොටි සංවිධානයට උතුරට ගොස් විරෝධය පළ කරන ලෙසත්ය. ඒ අවස්ථාවේදී කොටි හිතවාදී යුධ විරෝධී පෙරමුණ විසින් මහා සංඝරත්නයට දරුණු ලෙස පහර දෙන ලදී. ඒ අවස්ථාවේදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් පහර කෑමට ලක්වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ චීවරයෙන් අදින ආකාරය මෙම ඡායාරූපයෙන් දැක්වේ.
    http://www.facebook.com/photo.php?fbid=329499460474108&set=a.112949425462447.22753.100002421714071&type=3&theater

    ReplyDelete
    Replies
    1. This picture at a glance depicts an image of two monks attacking, but the media does not portray the true story behind the same. And continues to create an image that the monks in Sri Lanka are at war against each other and referrers to as thuggery rather than emphasizing the true story behind the scene. The media used this photograph to further the causes of the NGO mafia and condemn and tarnish
      the pristine Buddhist culture.

      So we disclose to the world the true and exact incident behind the relevant scene.

      The story behind this controversial photograph can be described as follows;

      At the time when the LTTE bombed and brutally killed many at the ‘Kebithigollwa’ and breached the cease fire agreement, the government of His Excellency President Mahinda Rajapakse determined and forged ahead to wage war to defeat terrorism of the LTTE rebels. In order to regain and maintain the peace and integrity of the the island nation. Due to this crucial decision the LTTE supporters headed by Kumar Rupasingham and others decided to perform a rally against this decision of the Government and gain and attract the international media attention and were also an attempt to tarnish the image of the government of Sri Lanka at an international level. This particular ‘anti-war’ rally was held at the ‘Viharamaha Devi Park’ in Colombo.

      In opposition to this event Buddhist monks headed by the Ven. Galagodaaththegedera Gnanasara Thero organized and coordinated a peaceful walk to the said ‘Viharamaha Devi Park’ to display the interest of the Sinhalese Buddhists by requesting relevant parties not to promote the terrorism and requesting the ‘ANTI-WAR’ rally to head to the den of the LTTE and protest to the rebels of Prabhakaran in the North and not to target the Government of His excellency President Mahinda Rajapakse.

      Due to this protest the ‘Anti-war’ rally brutally battered and attacked the peaceful monks. The picture depicts the Ven. Galagodaaththegedera Gnanasara Thero being attacked by the LTTE supporters and another monks is attempting to save and pull said Thero from the attacker. The media portrays this image as thugery , whereas this is truly a brave act of the peaceful monks of Sri Lanka which was morphed by the media to please NGO and international LTTE supporters.

      Delete
    2. ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව්
      සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව්
      එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
      දිය දද දියත නංවනු බැරි මොකද බොලව්....

      සහන ලැබෙන තුරු ලංකා දීපයට
      ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
      නහන රුපුන් නහමින් යමි ඉදිරියට
      මහණ කමත් බණ දහමත් එයයි මට....

      Delete
    3. “භවිස්සනති භික්ඛවෙ භික්ඛු අනාගතමද්ධානං අභාවිත කායා අභාවිත සීලා අභාවිත චිත්තා අභාවිත පඤ්ඤා. තෙ අභාවිත කායා... අඤ්ඤේ උපසම්පාදෙස්සන්ති. තේ න සක්ඛිස්සන්ති විනේතුං අධිසීලේ අධිචිත්තේ අධිපඤ්ඤාය. තෙපි...”
      මහණෙනි; අනාගත කාලයේදී කය නොවැඩූ, ශීලය නොවැඩූ, සිත හා ප්රඥාව නොවැඩූ භික්ෂූහු වෙති... ඔවුහු අන්යනයන් උපසපන් කෙරෙති. ඔවුහු අධිශීලයෙහි... අධිප්ර්ඥාවෙහි හික්මවිය නොහැකි වෙති.
      “...ඉති ඛො භික්ඛවෙ ධම්ම සංදේසා විනය සන්දේසා ධම්ම සංදේසෝ විනය සංදේසා ධම්ම සංදේසෝ ඉදං භික්ඛවේ පඨමං අනාගත භයං...”
      මහණෙනි; මෙසේ ධර්ම පරිහානියෙන් විනය පරිහානියත්, විනය පරිහානියෙන් ධර්ම පරිහානියත් වෙයි. මෙය ප්රෙථම අනාගත භයයි. (අංගුත්තර නිකාය:පංචක නිපාත-5.2.3.9.තතිය අනාගත භය සුත්ත)
      තථාගතයන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ විමුක්තිය උදෙසා පන්සාලිස් වසක් පුරා දෙසූ ධර්ම - විනය දෙක අනාගතයේදී තමාගේම ශ්රා වක - ශ්රාඋවිකා පිරිස විසින් ලිහිල්ව ගෙන විනාශ කරන අයුරු ඉහත කී පරිදි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අනාගත භය වග්ගයේ සූත්ර හතරකින්ම අනාගත භය සූත්ර නමින් දේශනා කළ සේක. එහෙයින් එය ඔබ විසින් දත යුතුය. දැනද එය ප්රහාණ කරනු පිණිස ව්යායාම කටයුතුය. (තං වො පටිබුජඣිතබබං පටිබුජඣිත්වා ච තසස පහානාය වායමිතබබං) මෙම පාඨයද බුද්ධ භාෂිතයකි.

      ලොව කොතැන්හි හෝ වසන සිත නමැති ඉන්ද්රිය ඇති ඕනෑම මනුෂ්යයෙකුට ඔබින මනුෂ්ය දහමක් වන මෙය බුදු දහම බුද්ධ භාෂිතයෙන්ම ආරක්ෂා කර ගැනීමේ පතළ කීර්තියක් හිමිවන්නේ ථෙරවාදී බෞද්ධ රටවල් අතරින් මේ කුඩා රටටය. මේ කුඩා අභීතවත් සිංහල ජාතියටය. එසේ රැකගත් මෙම ධර්ම - විනය දෙක තථාගතයන් වහන්සේ දුටු පරිදිම විකෘති කරලීමේ මහා පාපයට වත්මනෙහි අපි කොටස්කරුවෝ වෙමුද...? පස්වෙනි අග්බෝ (බු.ව.1248-54), පළමුවැනි මිහිඳු(බු.ව.1262-65) දෙවැනි සේන වැනි රජවරුන් තථාගත ශාසනයට විලෝපනයන් සිදුවන අවස්ථාවන්හිදී ක්රියාකර ඇති ආකාරය මහාවංශය, දීපවංශය සාක්ෂි දරනු ඇත. දෙවැනි සේන රජු ථෙරවාදී බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමෙහිලා දැඩි ඕනෑකමකින් කටයුතු කළේ නැව් තොටක් පාසා දර්ශනවාදීන්ගේ මත පරීක්ෂා ධර්මධරයන් - විනයධරයන් යොදවමිනි. එපමණක් ඈත නොව, 20 වැනි ශතකයේ අග දසකයේ මුල් භාගයේදී (1992) අප රටට ජපානයෙන් ප්රසිද්ධියේම සිංහල භික්ෂුවක් මහායාන භික්ෂුවක් ලෙස මෙරටට ගොඩබැසීමට ගත් වෑයමක් රාජ්ය නායකයා මැදිහත්ව ගුවන් තොටුපළෙන්ම ආපසු හරවා යැවූ බව ප්රසිද්ධ සත්යයකි. තවද එම ශතකයේම අග දසකයේ අග භාගයේදී(1997) ථෙරවාදී භික්ෂුණී උපසම්පදාව ලොවෙන් අතුරුදන්ව තිබියදී තවත් බුදුවරයන් වහන්සේ නමක් පහළ වීමෙන්ම පමණක් ආරම්භ කළ හැකි භික්ෂුණී ශාසනය අවිශාරද, අවියත් පිරිසක් මූලිකව ආරම්භ කරන ලදී. ඒ අවස්ථාවේදී ශාසන භාරධාරී මහසඟරුවන ධර්ම - විනය පෙන්වාලමින් කළ අනුශාසනා රජය භාරගත් අතර ඒ අනුව මේ තාක් විනය විරෝධීව පිහිටුවා ඇති භික්ෂුණී ශාසනයට නීත්යකනුකූල රාජ්ය අනුග්රිහයක් ලැබී නැත. එහෙත්, එම මෙහෙණින් වහන්සේලා තමන් වහන්සේලා ධර්මධරව, විනයධරව වත්මන් ලාංකික කාන්තාවන්ගේ විමුක්ති දායිකාවන් ලෙස කටයුතු කරනුයේ සඟමිත් තෙරණිය, අනුලා තෙරණිය පෙර දවස ක්රියා කළාක් මෙනි. ජාතික ශාසනික උන්නතිය හා එහි ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේලා කරනු ලබන කැපකිරීමට කිසිවෙකුගේ අකුල් හෙලීමක් නැත්තේමය. ගෞතම බුදු සස්න තුළ නිර්වාණාවබෝධයට කාන්තා පක්ෂයට උපරිම අවකාශ ඇත්තේය.

      Delete
    4. කරුණු කාරණා මෙසේ පවතිද්දී මෙම කාල පරිච්ඡේදයේදී තථාගතයන් වහන්සේගේ ධර්මය අධර්මය ලෙසත්, විනය අවිනය ලෙසත් හුවා දක්වමින් අව්යරක්ත, අවිශාරද භික්ෂූන් වහන්සේලා පිරිසකුත්, මාර්ග ඵල ලාභී යැයි කියාගන්නා අමනෝඥ පිරිසකුත්, විද්යුත් හා මුද්රිත මාධ්යයන් භාවිත කරමින් විශාල ශාසන විනාශයක් කරගෙන යති. සර්වඥතා ඥානයෙන් වදාළ ස්වාක්ඛාත ධර්මය (මුල - මැද - අග යහපත්ව දෙසූ - එකකුදු එකතු කළ නොහැකි - වැඩි යැයි කියා එකකුදු අඩුකළ නොහැකි - අර්ථ/ධර්ම/නිරුක්ති/පටිභාන වෙනස් කළ නොහැකි) ඒ ඒ අයට තේරෙන ආකාරයෙන් කියා හෝ ලියවා ත්රිදපිටක පරිවර්තන ලෙසින් කරන හානිය අතිශයින් භයානනකය. මේ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කළ අනාගත භය ඉදිරිපත් වීමකි. ශාසනික වාතාවරණය මෙසේ වෙද්දී ජාතික හා සමාජයීය වශයෙන්ද අනාගතයේදී ඇතිවන පරිහානිය සම්බන්ධයෙන් කොසොල් රජු දුටු සිහින දහසය තුළින් බුදු රජාණන් වහන්සේ අවධාරණය කොට ඇත්තේය.

      Delete
    5. • 1 11111පළමු වැනි සිහිනය:

      කොසොල් රජු -
      "කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා කොට යුධ නොකර ඉවත්ව ගියහ. ඔල්වරසන් දුන් නරඹන්නෝ වෘෂභ යුද්ධය බලන්නට බැරිව හොදටම දුක්වුණා"

      බුදුන් වහන්සේ -
      අනාගතයේ අධාර්මික පාලනය නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කළට සිදුවන සිදුවීමක් පිලිබදව මෙයින් කියවේ. අනාගතයේ මිනිසුන් අදැහිමි වී මුදලට මුල් තැනක් දෙයි. වනාන්තර කපා පරිසරය ද විනාශ කරයි. මේ හේතුව නිසා නිසි කලට වැසි නොලැබේ. මහා ශබ්දයෙන් අහස ගෙරෙව්වත් වැස්ස නොලැබෙයි.

      • 2 දෙවැනි සිහිනය:

      කොසොල් රජු -
      "රජමාලිගාවේ මිදුලේ වියතක් දෙකක් පමණ උස පුංචි ගස්වල මල් පීදිලා. ලොකු ලොකු ගෙඩි හටගෙන"

      බුදුන් වහන්සේ -
      අනාගතයේ පංච දුශ්චරිතයේ නිරත වෙමින් මිනිසුන් කටයුතු කරයි. පුංචි දරුවන් වැඩිහිටියන් සේ වැඩ කටයුතු කරයි. කුඩා වයසේදීම ගැහැනුන් රාගයෙන් පිනා ගොස් ආවාහ විවාහ වෙති.

      • 3 තෙවැනි සිහිනය:


      .කොසොල් රජු -
      "එදින ඉපදුණු වහුපැටියාගෙන් මව් එළදෙන කිරි බොනවා දුටුවා"

      බුදුන් වහන්සේ -
      අනාගතයේ පහළ වන දූ දරුවෝ මව් පියන්ට අකීකරු වෙති. ලැජ්ජා බිය නොමැතිව කටයුතු කරයි. වැඩිහිටියන්ට ගරු නොකරන නොසලකන සමාජයක් අනාගතයේ බිහිවෙයි. ඒ වාගේම දෙමාපියන්ට තම දරුවන් ළග දාසයන් මෙන් සේවය කොට ඔවුන්ගෙන් යැපෙන්නට සිදුවෙනවා. තමන්ට එහෙම උදව් කරන්නේ නැත්නම් දරුවන් තම දෙමාපියන්ට සලකන්නේ වත් නැහැ

      • . 4සිව්වැනි සිහිනය

      කොසොල් රජු -
      "මහ ගැල්වල පළපුරුදු නැති ළපටි ගොනුන් බැද තිබුණා. එම ළපටි ගොනුන්ට ගැල් ඇද ගන්න බැරිව ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා"

      බුදුන් වහන්සේ -
      අනාගතයේ දැන උගත්කම් නැති මැති ඇමති වරු පාලන තන්ත්රමයට පත්වෙයි. දස්කම් ඇති බුද්ධිමත් අයට තැන නොලැබෙයි. දැන උගත්කම් නැති නූගත් අය පාලන තන්ත්රයයට එක්වීම නිසා රටේ පාලන තන්ත්රධය අවුල් වෙයි.

      • 5පස්වැනි සිහිනය

      කොසොල් රජු -
      "පසු පසින් දිග බෙල්ලක් ඇති, ඔළු දෙකක් ඇති අශ්වයෙකු දුටුවෙමි. එම අශ්වයා දෙපසින්ම ආහාර අනුභව කරයි"

      බුදුන් වහන්සේ -
      අනාගතයේ ලෝකය පාපයටම බරවෙයි. අනාගතයේ මිනිසුන් ලැජ්ජා බියකින් තොරව අල්ලස් හා දූෂණයට පෙළබෙති. මෙය පාලන තන්ත්රිය තුලද ඉහල සිට පහලටද, පහල සිට ඉහලටද සිදුවෙයි.

      Delete
    6. • 6 සවැනි සිහිනය

      කොසොල් රජු -
      "මහලු ජරාපත් හිවලෙකු ඉතා වටිනා රන් තලියකට මූත්රා කරයි. මිනිසුන් ඒ දෙස කිසිවක් නොකර බලා සිටියි"

      බුදුන් වහන්සේ -
      සම්භාවනීය වශයෙන් සැලකෙන මිනිසුන් අනාගතයේ දී සම්පත් වලින් පිරිහී යනවා. මෙසේ පරම්පරාවෙන් උරුම වූ වස්තුව අහිමි මිනිසුන් තමන්ගේ දූ දරුවන් සුරා සූදුවට ලොල් වූ අයතා ලෙස ධනවත් වූවන්ට සරණ පාවා දෙනවා.

      • 7 හත්වැනි සිහිනය

      කොසොල් රජු -
      "දුප්පත් මිනිසෙකු අසුනකට වී සම් පටක වලින් ලණුවක් අඹරමින් එම ලණුව පහත හෙලයි. එම අසුන යට සිටින හිවල් ධේනුවක් ඒ මිනිසා විසින් අඹරන ලණුව කා දමයි. නමුත් ඒ මිනිසා ඒ බව නොදනි"

      බුදුන් වහන්සේ -
      අනාගතයේ මිනිසුන් අතර කාම මිථ්යාිචාරය බහුල ‍වෙනවා. අනාගතයේ ස්ත්රී න් තම සැමියා දහඩිය මහන්සියෙන් උපයන ධනය සොර සැමියන්ට දෙනවා. එම ස්ත්රීමන් සාර ධර්ම හා සදාචාරය නොතකා තම සිරුර පිනවීමට ම පමනක් සිතයි. තවද බොහෝ කාන්තාවෝ තම සැමියා උපයන ධනය අර පිරිමැස්මෙන් තොරව විනාශ කරයි.

      • 8 අටවැනි සිහිනය

      කොසොල් රජු -
      "මාළිගාවේ මිදුල පුරා කළ ගෙඩි අතුරා තිබුණා. සතර දිගින් එන ස්ත්රීම, පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කළයකට වතුර පුරවනවා. හිස් කළ එසේම තිබෙනවා"

      බුදුන් වහන්සේ -
      අනාගතයේ පාලකයන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ‍නොකිරීම නිසා ජනතාව අතිශයින් දිළින්දන් බවට පත්වෙයි. එවිට රජය ජනතාව වෙත තව තවත් බදු බර පටවනවා. ධනවතුන් තව තවත් ධනවත් ‍වෙනවා. දුප්පතුන් තව තවත් පීඩනයට පත්කෙරෙනවා.

      • 9 නවවැනි සිහිනය

      කොසොල් රජු -
      "පස් පියුමෙන් පිරි පොකුණක වටේ හිද වන සතුන් ජලය පානය කරති. ස්නානය කරති. එහෙත් පොකුණ මැද ජලය පමණක් අපිරිසිදු වෙයි"

      බුදුන් වහන්සේ -
      අනාගත රාජ්යස පාලකයෝ අධර්මිෂ්ට වීම නිසා බදු බරින් ජනතාව පීඩාවට පත්කරති.

      • 10 දසවැනි සිහිනය

      කොසොල් රජු -
      "ලිපක් මත මහ බත් සැළියක් දුටුවා. ඒ සැළියේ පැත්තක නො පිසුන සහල් ද, තවත් පැත්තක බෙරි වූ බත් ද, තවත් කොටසක නිසි සේ ඉදුණු සහල් ද තිබෙන අයුරු මම දුටුවා"

      බුදුන් වහන්සේ -
      අනාගත පාලකයින් අධාර්මික වීම නිසා රට තුල නිසි කලට වැසි නොලැබේ. වැස්ස ලැබුනත් එම වැස්ස වහින්නේ සෘතුවලට අනුව නො වෙයි. කඩින් කඩ තැනින් තැන වහිනවා. තවත් පැත්තක හොදටම පායනවා. තවත් පැත්තක වහ වැසි ඇද හැලෙනවා. එහෙම වුණහම ඔවුන්ගේ අස්වැන්න සමහර තැනක බොල් වෙනවා. සමහර තැනක නියගයට හසුවෙනවා. සමහර පෙදෙසක හොද අස්වැන්නක් ලැබෙනවා.

      Delete
    7. බොහොමත්ම ස්තුත්යි අයියා. ඒ පින්තුරය මම මෙයින් ඉවත් කළා. සත්‍ය පෙන්වාදීම සම්බන්ධයෙන් ඔබ ට අනේකවාරයක් පින්.
      තෙරුවන් සරණ යි!

      Delete
  5. මේ වාතාවරණය අද ඉස්මතු වී ඇතිවා නොවේද...? එහෙයින් අභ්යන්තරික හා බාහිර බලවේග හමුවේ ජාතික ශාසනික පරිහානිය බුදු මුවින් වදාළ පරිදිම ඇස් පනා පිට සිද්ධ වෙමින් පවතිද්දී ඒ පිළිබඳව මනා අවදියෙන් සිට එයින් වැළකිය හැකි මඟ කුමක්දැයි තෝරා බේරා ගත යුතුය. ජාතියක් වශයෙන් අද අපි එකී ව්යිසනයන්ට මුහුණ දී සිටිමු. ඉන් වඩාත් භයංකර ප්රතිඵල භුක්ති විඳීමට සිදු වී ඇත්තේ බෞද්ධ ප්රජාවටය. ඊට ඍජු ලෙසම අපි සියල්ලෝම වගකිව යුත්තෝ වෙමු. සම්මා සම්බුද්ධ ශාසනයටත්, රටටත්, ජාතියටත් විවිධ ව්යනසනයන් පැමිණ රටත්, දැයත්, සමයත් ගරා වැටී පිරිහුණු අවස්ථාවලදී එම දුෂ්කර තත්ත්වයන්ගෙන් ගලවා යළිත් බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් බැබළවීමට ශ්රේෂ්ඨ පුද්ගලයෝ පහළ වූහ. අනාගත භය පළමුව ඔබ හමුවේ තබමින් අපගේ අභිප්රාය වූයේ එකී අතීතය කරා ඔබවත් රැගෙන යාමටය. අතීතයත්, වර්තමානයත්, අනාගතයත් අතර අනුත්සාහිකව සැරිසැරීමය. අතීතාවර්ජනය ඊට කදිම උපත්ථම්භකයක් වනු ඇත.

    ධීරවීර දුටුගැමුණු රජතුමන්ගේ ජාතික ආගමික සේවය රන් අකුරින් ලියැවුණේ මහා සංඝරත්නයට පිං සිදු වන්නට ය. "මාගේ මේ ව්යායාමය කිසි විටෙකත් රජ සැප පිණිස නොව ශාසනයේ චිරස්ථිතිය සඳහා ය." යන ශ්රේෂ්ඨ අරමුණේ පිහිටා කටයුතු කළ එතුමන් ශ්රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය ඇති කළහ. එතුමන් සමඟ යුධ පෙරමු‍ණෙහි වැඩම කරන ලද්දේද අර්හත් ධජය දරන ගෞරවනීය මහා සංඝරත්නයයි. අර්හත් ධජය නම් කසාවන් බුද්ධ චීවරයයි. මෙසේ ලක්දිව සෑම සියලු නර ශ්රේෂ්ඨයෙක්ම තම රාජ්යකරණයෙහිලා මුර දේවතාවුන් වහන්සේ සේ සලකා භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාවන්හි පිහිටා සඟ සසුන රැක ගැනීමට කටයුතු කළහ.

    භික්ෂූන් වහන්සේ ස්වාර්ථය පමණක් සලකන්නෝ නොවෙති. ගිහි පැවිදි දෙපක්ෂයේම විමුක්තිය හා උන්නතිය සඳහාත්, ජාතියේ - සංස්කෘතියේ හා සමාජයේ විමුක්තිය සඳහාත් කටයුතු කරන පරාර්ථ චර්යාවෙන් පූර්ණ වූවෝ වෙති. පැවිදි ජීවිතයෙහි වටිනාකම මෙන්ම ගෞරවයටත්, ථෙරවාදී බුදු දහමේ චිර පැවැත්මටත් එල්ල වූ විවිධ තර්ජන - ගර්ජන හමුවේ නොසැලී තිරසර අදිටනින් ඒවා රැක ගැනීමට මුල් වූයේ මහා සංඝරත්නයයි. ජාතියක් වශයෙන් සිංහලයා විනාශ කිරීමට යත්න දැරූ සෑම අවස්ථාවකම බෞද්ධ සමාජයට පුරෝගාමීත්වය දෙමින් ක්රියා කළේ ඒ ඒ වකවානුවලදී වැඩවාසය කළ සුපටිපන්න - උජුපටිපන්නාදී සංඝශෝභන ගුණයන්ගෙන් ශෝභිත වූ මහා සංඝරත්නයමැයි. බාහිර විදේශ සතුරු බලවේග හා අභ්යින්තර බලලෝභී සතරු බලවේග හමුවේ රටත් - ජාතියත් -සම්බුදු සසුනත් රැක ගැනීමට උන්වහන්සේලා පෙරමුණට වැඩි අයුරු ඉතිහාසය තුළින් දැකිය හැකිය. සිය රටට ආදරය කරමින් දේශවාත්සල්යයෙන් හෙබි උජුපටිපන්න භික්ෂුවක් වන හැටි බුදු රජාණන් වහන්සේ මැනැවින් උගන්වා තිබේ. එහෙයින් උන්වහන්සේලා අවශ්යය අවස්ථාවන්හිදී සේනා සංවිධානය කළහ. සිංහල බෞද්ධ පාලන තන්ත්රය හා පාලක පක්ෂය රැකගත්හ. එහෙයින් ඕනෑම විජාතිකයෙකු පාලන තන්ත්රයට පිවිසෙන්නේ නම් සිංහල ජාතියත් බෞද්ධකමත් වැළඳගත යුතු වූ ආකාරය මහනුවර යුගයේ අවසාන කාලපරිච්ඡේදය තුළින් පෙනී යයි. පාලන තන්ත්රය හිමි වීමට නම් දළදාවේ භාරකාරත්වය හිමිවිය යුතු අතර රජුගේ කාර්යභාර්යය වූයේ ලෝක ශාසන දෙක ආරක්ෂා කිරීමයි... ලෝක නම් මහජනයාය. ශෘසන නම් සම්බුද්ධ ශෘසනයයි. බටහිර ජාතීන්ගේ ආක්රමණයට ලක්දිව නතු වීමත් සමඟ එම උදාර තත්ත්වය ගිලිහී ශාසනික මෙන්ම ජාතික,ආගමික,සමාජයීය, සංස්කෘතික වශයෙන් බලවත් පරිහානියක් සිදු විය. එපමණක් නොව, ගිහි පැවිදි සම්බන්ධතාවය බොහෝ දුරස් කෙරිණි. සිංහලයන්ගේ පොදු ආයතනය වූයේත්, ආගමික හා අධ්යාපනික මූලස්ථානය වූයේත් බෞද්ධ සිද්ධස්ථානයි. ගමයි පන්සලයි අතර සබැඳියාව දැඩිව පැවතිණි.

    ReplyDelete
    Replies
    1. රට අත්පත් කරගැනීමේ චේතනාවෙන් පමණක් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට එකඟ වූ ඉංග්රීසීහු පසුව එය නොසලකා හැර සම්බුද්ධ ශාසනයේ පරිහානියට කටයුතු කළහ. ඔවුහු සිංහලයන් තුළ ලාමකාකල්ප ඇති කොට විදේශිකයන්ට ගැතිව ආත්මාර්ථකාමීව ක්රියා කරන පිරිසක් ඇති කර ගත්හ. එවන් අවස්ථාවන්හිදී වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ, හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමියන්, කුඩහපොළ හිමි, ධර්මාරාම හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, වාරියපොළ ශ්රී සුමංගල හිමියන් අනගාරික ධර්මපාල (පසුව පැවිදි වී සිරිදේවමිත්ත ධර්මපාල නම් විය) වැනි මහා යතිවරයන් වහන්සේලාගේ නායකත්වයෙන් මහා ජාතික ශාසනික පුනර්ජීවන ව්යාපාරයක් ඇතිකර ගත්හ. රට වැටී තිබූ අරාජිත තත්ත්වයෙන් ගොඩගත්හ. උන්වහන්සේලා නොපැකිලව කටයුතු කළ ආකාරය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ කාර්ය භාර්යය තුළින් පෙනේ. උන්වහන්සේ චීවරය උනා තබා සරමක් ඇඳගෙන තබා බයිසිකලයේ නැඟී ගාල්ල බලා යමින් පානදුරාවාදය සඳහා මිනිසුන් එකතු කළ අන්දම ඉතිහාසය දන්නවුන්ට අමතක නැත. එසේම, මුළුතැන්ගෙයි මුල්ලක තිබුණු මෝල්ගස්වල බෞද්ධකොඩි ගැටගසා පෙරහැරේ පැමිණ අවශය්ය අවස්ථාවේදී එම මෝල්ගස්වලින්ම මූලධර්මවාදීන්ට එළව එළවා පහර දී රටත් ජාතියත් බේරා ගත් අන්දම ඉතිහාසය තුළින් පෙනේ. මහා චතුර කථිකත්වයෙන් මිච්ඡා දිට්ඨිකයින්ගේ ඔද බිඳලූ උන්වහන්සේගේ පිටුපසින් සෙවණැල්ලක් මෙන් සිට සියලු ජවය ශක්තිය සපයනු ලැබුවේ හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමියන් වහන්සේය. වාරියපොළ ශ්රී සුමංගල හිමියන් ඉංග්රීසි කොඩිය බිම දමා පාගා සිංහ කොඩිය ඔසොවා අධිරාජ්යවාදීන්ගේ ඔද බින්ඳේ නියම සිංහල බෞද්ධ භික්ෂුවගේ උජුපටිපන්න ගුණය උධෘත කරලමිනි. මේ අපට ඓතිහාසිකත්වය තුළින් උරුම අභීත භික්ෂු උරුමයයි. ජාතික - ශාසනික උරුමයයි. උත්තරීතර මහා සංඝ බලයයි.

      Delete
    2. එහෙත්, අධිරාජ්යවාදී සමයේ ජාතියේ සියලු අංශයන්හි පැතිර ගිය පරිහානිය නිදහස ලැබූ පසු හෝ නිවැරදි කරතැයි අපේක්ෂා කළ නමුත්, අද වනවිට ඉංග්රීසීන් විසින් කළ දේටත් වඩා දේශපාලන අවශ්යතා පිරිමසා ගනු වස් ගිහි පැවිදි සම්බන්ධය වඩාත් දුරස් කොට හරි වැරදි හෝ හේතු සාධක පරීක්ෂා කිරීමකින් තොරව සෑම තැන්හිදීම භික්ෂූන් වහන්සේට නින්දා අපහාස බෞද්ධයන්ගේ කොඳු නාරටිය වන් භික්ෂූන් වහන්සේ අඩපණ කිරීමට හා බේදභින්න කිරීමට කුමන්ත්රණකාරීව ක්රියා කරන ආකාරය දක්නට ලැබේ. එමඟින් සිදු වී ඇත්තේ සසුනේ චිර පැවැත්මට බලවත් හානියකි. භික්ෂූන් වහන්සේගේ ගරුත්වය විනාශ කිරීම වනාහී ජාතිය විනාශ කිරීමකි. ඒ ජාතිය හා සම්බුදු සසුන රැකුණේ උන්වහන්සේලා නිසාවෙන් වන බැවිනි..

      Delete
    3. වර්තමාන ආණ්ඩුක්රමම ව්ය වස්ථාව තුළින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රජය බැඳී සිටී. නමුත් රජය විසින් භික්ෂූන් වහන්සේ හා පන්සල් සම්බන්ධයෙන්ද, බුදු දහම සම්බන්ධයෙන්ද කටයුතු කරන ආකාරයත්, අන්යාගමික හා ආයතනයන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයත් අතර වෙනස සලකා බැලූ විට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙහි අන්තර්ගත වන පරිදි එය ක්රියාත්මක වේදැයි විමසීමට කාලය එළැඹ ඇත. ජන සංඛ්යා ලේඛන දත්තවලට අනුව බෞද්ධයින් 9%කින් පමණ අඩුවී තිබීමත්, පන්සල් ප්රමාණය අඩු වී තිබීමත්, සිංහල බෞද්ධ දරුවන්ගේ සංඛ්යාවව අඩු වී තිබීමත් යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට, සිදු වෙමින් පවතින අනාගත අනතුර මැනැවින් වටහා ගත හැකිය. වර්තමාන සිංහලයාට පල්ලි දෙකක තර්ජනයකට මුහුණ දීමට සිදු වී ඇත. ඒ කතෝලික පල්ලිය හා මුස්ලිම් පල්ලිය යි... මේ දෙකම සිංහලයාගේ කරමත බලහත්කාරයෙන් පැටවූ ඒවාය සිංහල බෞද්ධ පදනම මත ගහට පොත්ත මෙන් පැවැති ගමයි පන්සලයි අතර සබැඳියාව බිඳී ගොස් රටේ ඒකීය භාවය හා ජාතිය දෙකඩ වූයේ මේ නිසාය. ප්රහභාකරන්ගේ පිටුපස දිවුණු එකම අදෘෂ්යමාන සෙවණැල්ල වූයේද කතෝලික පල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැත. යථාර්ථය දැන කටයුතු කරන්නේ නම් මැනැවි. අපේ කම අපේ දේ නිවැරදිව හඳුනා ගැනීමට සබුද්ධික මනසක් තිබිය යුතුය.

      සිංහල බෞද්ධයෝ ඕතඩොක්ස් බෞද්ධයෝ ලෙස හංවඩු ගැසෙයි. සිංහල කතෝලිකයෝ කළු සිංහලයෝ ලෙස හංවඩු ගැසෙයි. දෙපාර්ශවයම එකතු වී යුද්ධ කොට මුසල්මානුවා පරාජය කළා යැයි කියමු. එහෙත්, ඉදිරියටත් පලිලියෙන් හා සිංහල කතෝලිකයාගෙන් සිංහල බෞද්ධයාට විඳින්නට සිදු වන දෑ බොහෝය. සිංහල බෞද්ධයෝ ස්වකීය දේශීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කරන්නට තතනද්දී සිංහල කතෝලිකයෝ ඊට එරෙහි වෙති. මේ දෙපාර්ශවය අතර ඝට්ඨනය සුදු අධිරාජ්ය්වාදය හා පාප් සංස්ථාව විසින් මැනැවින් බලාපොරොත්තු වූවකි. අනගාරික ධර්මපාලතුමා සිංහල කතෝලිකයන්ට මරු පහරක් වූයේ ඇයි ? දොන් ඩේවිඩ් හේවාවිතාරණලා වෙනුවට අනගාරික ධර්මපාලලා බිහි වූයේ ඇයි? අත්ය ආතතිය හා මන්ද මානසිකත්වය නිසාද....? නැතහොත් රටේ නියම උරුමය ගරු කල නිසාද....? මේ වන විට යුරෝපය මුස්ලිම්කරණය වෙද්දී ලංකාව වැනි සිංහල බෞද්ධ රටක හෝ ක්රිස්තියානිය පවත්වා ගැනීම ඔවුනගේ අභිලාශය වෙයි. එහෙයින් මුසල්මානුවාට විරුද්ධව සිංහල කතෝලික පදනම ආරක්ෂා කිරීම වූ කලී ඇස්සට දත නියවීමකි. මේ රටේ තමන්ගේ අදීන ඓතිහාසික උරුමය කුමක්දැයි තෝරා බේරා ගෙන සිංහල බෞද්ධකම වැළඳ ගැනීමට සැබෑ ස්වදේශිකයෝ ක්රියා කරති. කලකදි වහ කලකදි රස වෙනවා ලු. එහෙත් රස වුවත් වහ වහමය. එහි සැකයක් නැත්තේමය. ආරක්ෂා කළ යුත්තේ සිංහල බෞද්ධ පදනමය. උඩිනුත් ගින්දර - යටිනුත් ගින්දර - මැද්දේ සවුන්දර කිව්වාලු. සිංහල බෞද්ධයාට පල්ලි දෙකක අන්තරාය විඳින්නට සිදු වී ඇත්තේ මෙසේය. කෙසේ වෙතත් මේ උගුල්වලින් මිදිය යුතු කාලය එළැඹ ඇත. නියම සහජීවනය ආරක්ෂා වන්නේ සිංහල බෞද්ධ පදනම යටතේය. අපගේ හිසට ඉහළින් ඕනෑම කපුටෙකුට නිදහසේ පියාසර කළ හැකිය. එහෙත්, අපගේ හිස මත කූඩු තැනිය නොහැකිය. කූඩු තනන්නට ඉඩ දුන් කළ ජාතික සමඟිය බිඳ වැටී, පාලන තන්ත්රය අස්ථාවර වී, අභ්යන්තර කුමන්ත්රණ හා කැරලි ඇති වී, විදේශ බලවේගයට නතු වෙමින් සහජීවනය නැති වී යනු ඇත. ලෝකයේ එකම සිංහල බෞද්ධ නිජ භූමිය මේ ලංකා දීපයයි. සිංහල දේශයයි. මේ සිංහල අපගෙ රටයි. බෞද්ධකම ආරක්ෂා කරනුයේ සිංහලයා මිස විජාතික ආක්රමණිකයා හෝ සංක්රකමණිකයා නොවේ. උත්තරීතර මහා සංඝ බලය යළිත් පෙරමුණට පැමිණ ඇත. ඒ ශාසනය නම් වූ අපේ වත්ත සුද්ද කරමින් ශාසනික කඳ පණුවන්ගෙන් ශාසනය මුදවා ගැනීමටය. එසේම, ශාසනයට කුණු හෝදා ගෙන බාහිර කාණු ටික සුද්ද කර යළි විවෘත කළ නොහැකි සේ වසා දැමීමටය. මුළු රටම ආගාධයට ඇද වැටෙන මොහොතක යළිත් රටත් ජාතියත් ගොඩ නැඟීමටය. එවන් මොහොතක මූලධර්මවාදීහු, නපුංසක විජාතික සංක්රමණික හා ආක්රමණික කණ්ඩායම් ඇතුළු උන්ගේ පරම්පරාවල් බෞද්ධ බලවේගය විකෘති කොට පාවා දෙති. විවිධ මාධ්ය ඔස්සේ බෞද්ධ භික්ෂූන් වහන්සේ අන්තවාදීන් සිවුරු ත්රස්තවාදීන් ලෙස හුවා දක්වති. මේ අන්තවාදී හිපියන් සිංහල බෞද්ධ භික්ෂුවගේ උජුපටිපන්න ගුණය, උත්තරීතර මහා සංඝ බලය අංශුමාත්රයකින් හෝ හඳුනන්නේ නැත. රටත් ජාතියත් පළමුව රැකිය යුතුය. එවිටයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා වන්නේ. සිංහල බෞද්ධයා හැර මෙකී වගකීම මැනැවින් බාරගෙන දිවිහිමියෙන් ඉටු කිරීමට කිසිවෙකුත් නැත. එහෙයින් සෙකියුලර් ජානවලින් උපන් මූලධර්මවාදී අන්තවාදීන්ට අපි පිළිතුරු දෙමු. අතීතය අදර්ශයට ගෙන වර්තමානය තුළින් අනාගතය ගොඩ නගමු. අතීතාවර්ජනය ඒ වෙනුවෙනි.

      Delete
  6. මජ්ඣිමනිකාය පපඤ්චසූදනී අට්ඨකථාවෙ විභඞ්ගවග්ගයේ දක්ඛිණාවිභඞ්ගසූත්‍ර අටුවාවෙ මේ වසර පන්දහසක් කල් සාසනය පවතින කතාව සඳහන් වෙනවා.

    ReplyDelete
  7. ඒ වගේ ම සමන්තපාසාදිකා විනයට්ඨකථාවේත් ඒ වසර පන්දහසක කථාව සඳහන් වෙනව.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...