නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
රාත්‍රී නින්දේ දී සිහින නො දකින ලද අයෙක් ලොව නැතැ යි සිතමි. ඒ සෑම දෙනා ම දවල් ට ත් හීන දකිනවා ය යි කිවහොත් ඔබ විශ්වාස කරන්නේ ද? උදෑසන අවදි වූ මොහොතේ පටන් නැවත නින්දට යනතෙක් මේ පංචස්කන්ධයෙන් අප කොතරම් දේ සිදුකරන්නේ ද? කොතරම් රූප දකින්නේ ද? කොතරම් නම් ශබ්ද ඇසෙන්නේ ද? ආඝ්‍රාණය, රසය, ස්පර්ශය කොතරම් විඳින්නේ ද? මේ එකක්වත් මෙ පමණකැ යි අප ට ගණනින් ගත නො හේ. මා එ සේ කියන්නේ ඇයි?
මේ කරුණ සරල වුව ත් මෙතෙක් කලක් ඔබ මේ ගැන සිතුවා ද? දැන් ඔබ ට පෙනෙන රූපය ගැන සිතන්න. ඔබේ පරිගණක තුළින් පෙනෙන මේ බ්ලොග් අඩවිය යි. දැන් එයින් ඉවත වෙනත් පැත්තක් දෙස බලන්න. කලින් ඔබ ට පෙනුණු පරිගණකය ආධාරයෙන් දුටු රූපය ක්ෂණයකින් නැතිවිය. ඒ සමග ම වෙනත් රූපයක් අරමුණු විය. එ සේ වූයේ ඔබේ පරිගණකයේ සිදු වූ වෙනසක් නිසා ද? නැත. ඔබේ ඇසින් දුටු රූපය ඇස ඉවත ට ගත් ක්ෂණයෙන් වෙනස් වීම නිසා ඇති එතෙක් පැවති සිත ක්ෂණික ව වෙනස් වී වෙනත් අරමුණක් ගැනීම නිසා නො වේ ද? පෙර ඔබේ පරිගණකයේ පෙනුණු රූපයේ සහ දැන් පෙනෙන රූපයේ වෙනසක් නො වූයේ ය යි සිතුවත් අනන්ත අප්‍රමාණ වෙනස්කම් රැසක් සිදුවන්නට විය.

මේ අකුරු ටික කියවන්න ගිය කාලය තුළ කොතරම් ශබ්ද ඇසෙන්න ඇති ද? කලින් ඇසුණු ශබ්ද දැන් ඇසෙන්නේ නැත. ඔබ අන්ධ බිහිරි අයෙක් ව සිටින්නේ ය යි උපකල්පනය කරන්න. පෙනෙන්නේ හෝ ඇසෙන්නේ නැතිනම් ඉහත කී කරුණු කාරණා කිසිවක් දැනෙන්නේ නැත. ආඝ්‍රාණය, රසය හා ස්පර්ශය යන තුන ද, ඔබ ට නො දැනෙන්නේ ය යි සිතන්න. එ සේ සිතුවහොත් ඔබ ට, ඔබේ සිත ට දැනෙන්නේ කුමක් ද? ශුන්‍යත්වයක් මිස කිසිවක් දැනෙන්නේ නැත. එ විට ලෝකයේ පවතින, වෙනස්වන කිසිදෙයකින් ප්‍රයෝජනයක් ලද නො හැකි ය. කොටින් ම කියතොත් ලෝකයෙන් වැඩක් නැත. ලෝකයේ රූප කොතරම් තිබුනත්, ශබ්ද කොතරම් තිබුනත්, ගන්ධ, රස, ස්පර්ශ කොතරම් පැවතුනත් ඒ කිසිවක් පිළිබඳ දැනීමක් නැතිනම් ඒවා සිත ට අරමුණු වන්නේ නැත. "ලෝකය" කියා බුදුරදුන් විසින් මේ ස්කන්ධ පහ හඳුන්වන්න ට හේතුව දැන් අවබෝධ වන්නට ඇත.
ඇසින් දකින රූපයක් ගැන සිතන්න. උදාහරණයක් ලෙස බිත්තියක් ගනිමු. අප ට ඒ බිත්තිය පෙනෙන්න ට ඇති නිසා ත් පංච ඉන්ද්‍රිය ට ගෝචර වන නිසා ත් බිත්තිය ට අපි "බිත්තිය" ය යි කියමු. බිත්තිය නිසා ඇස ට අරමුණු වන්නේ බිත්තියේ ඇති වර්ණය සහ හැඩය පමණකි. වෙනත් කිසිවක් ඇසින් අරමුණු කළ නො හැකි ය. මේ ආකාරයෙන් පෙනෙන බිත්තිය සිතින් කොටස්වල ට බෙදා බලන්න. එය සෑදී ඇති ද්‍රව්‍ය ගල්වර්ග, සිමෙන්ති, වැලි, ජලය, යකඩ ආදී දේ ඇත. බිත්තිය ගඩොලින් බැඳ ඇතිනම් ඒ ගඩොල සකස් වන්නේ මොනවයින් ද? පස්, මැටි, ජලය, ආදී නොයෙක් දේවල්වල එකතුවකිනි. මේ ගඩොල තුළ පඨවි ආදී රූප සියල්ලක් ඇත. එයින් පස් කොටසක් ගතහොත් ඒ තුළ ද, මේ රූප කොටස් හැම එකක් ම පවතී. මෙ සේ බෙදබෙදා ගියවිට අවසානයේ නො බෙදිය හැකි යමක් ඉතිරි වේ. එය නැවත බෙදිය නො හැකි වන්නේ ඇයි? ශක්ති විශේෂයක් පමණක් ඉතිරි වන බැවිනි. විද්‍යාව ට අනුව නම් ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොන, නියුට්‍රෝන, ප්‍රෝටෝනවලින් සමන්විත "පරමාණුව" කුඩා ම නො බෙදිය හැකි වස්තුව ලෙස සලකයි. පරම අණුව ලෙස ස්කන්ධයක් ලෙස ගතහැකි අවසාන දෙය වන්නේ මෙය යි. මෙ හි ද, සතරමහා භූත රූපයෝ වෙති.
බිත්තිය දෙස බැලූ ඔබ ට එ හි පරමාණු පෙනුනේ නැත. අනුසංයෝග, වැලිකැට, මැටිකැට, ජලය, ගඩොල්, සිමෙන්ති, ආදී කිසිවක් පෙනුනේ ද නැත. පෙනුනේ වර්ණය හා හැඩය පමණකි. බෙදා බැලුකල අවසානයේ ගතහැකි කිසිවක් හමුවුයේ නැත. නමුත් දකින්නට පෙනෙන්න ට වස්තුවක් ඇත. එ සේ වන්නේ කෙ සේ ද?
මෙය කුඩා ම තැන සිට ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් බව තේරුම් ගත යුතු ය. ඔබ සිටිනා ස්ථානයේ සියලු ම පහන් නිවා දමා සම්පුර්ණයෙන් ආවරණය කළහොත් බිත්තියක් තබා ඔබ ට ඔබවත් පෙනෙන්නේ නැත. යම් ශක්ති විශේෂයක් බිත්තිය මත වැටුණු නිසා එ හි ඇති අණුපරමාණුවල ශක්තිය වෙනස් වීමට පටන්ගනී. ඒ පරමාණුවලින් නිකුත් වන ශක්තිය ඇසේ ගැටුණු විට දැනීමක් ඇති වී එය සිත විසින් කුමක් දැ යි වටහා ගනියි. බිත්තියේ වර්ණය හා හැඩය පෙනෙන්නේ ඒ ආකාරය ට යි. පරමාණුවලින් පිටකරන්නේ ඔය කිව්ව ශක්ති විශේෂ පමණක් නො වේ. තව ත් බොහෝ ශක්තීන් ඇත. ඒවා අපට දැනෙන්නේවත් නැත. උදාහරණයක් ලෙස බිත්තියේ උෂ්ණත්වය හෝ සිසිල බව අප ට විද්‍යමාන නො වේ. අපේ සම එ තරම් සංවේදී නැත. මේ කුමක් සිදුවුවත් අප ට ඇසක් තිබුනේ නැතිනම් බිත්තිය පෙනෙන්නේ ද, නැත.

වැඩිවිස්තර දැනගැනීම ට අවශ්‍ය නම් - කියවන්න
ඈත සිට බිත්තිය දෙස බැලූ විට මහා විශාල දෙයක් ලෙස පෙනුනත් එ හි ඇතුලත කිසිවක් නැතිබව පැහැදිලි වන්නට ඇත. මෙය තවදුරටත් අප අත්දකින සිදුවීම් ඔස්සේ විමසා බැලිය යුතු ය. විශාල ප්‍රදේශයක් පුරා විසිර පවත්නා මීදුම ඔබ අත්දැක ඇතුවාට සැකයක් නැත. මීදුමෙන් එහා කිසිවක් පැහැදිලි ව පෙනෙන්නේ නැත. නමුත් ඒ මීදුම දුටු තැන ට ළඟා වී බැලූ විට එතැන කිසිවක් නැත. එයින් ඔබ විශාල මීදුමක් පෙනෙයි. මිරිඟුව පිළිබඳ කිව හැකි වන්නේ ද, මේ ටික ම ය. සත්‍ය ලෙස පෙනෙන බව ඈත සිට බලන්නෙකු ට පෙනුනත් ළං ව බැලූ කල කිසිවක්, කිසිවෙක් ඇත්තේ නැත. බිත්තිය ද, මේ ආකාරයෙන් සිතූ විට එ හි ද, ගතයුත්තක් නැත. ලෝකයේ ඇති අනෙක් භෞතික වස්තුන් ද, මෙ සේ ම වෙති.
මේ කියුවේ ඇසින් දක්නා රූපය පිළිබඳ ව පමණකි. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියත් මේ ආකාර බව නුවණින් විමසා බැලිය යුතු ය.
ඇසින් දකින රූප මේ ආකාර නම් ඇස ද, මේ ආකාර විය යුතු ය යි සිතෙන්නට පුළුවන. ඇත්තෙන් ම ඇස ද, මේ ආකාරයෙන් ම සත්‍යවශයෙන් නැත්තා වූ දෙයක් බව කිව යුතු ය. ඇස නුවණින් ගලවා බැලුවහොත් දක්නට ලැබෙන්නේ එය ගෝලාකාර වස්තුවක් බව යි. එය වටා තද ආවරණයක් ඇති බව පෙනේ. ඇස මැදින් පලා බැලුවහොත් පෙනෙන්නට ඇති දේ කුමක් ද? අවර්ණ දියරයක්, අර්ධ ඝන තත්වයේ ඇති කොටසක් හා තවත් කොටස් කිහිපයකි. ඒවා ද, බෙදමින් ගියවිට අවසානයේ ඉතිරි වන දෙයක් නැති බව පෙනෙන්නට ඇති කරුණ ය. මිනිසුන් විසින් පනවා ගත් ප්‍රඥප්තියක් නිසා එකල සිට ම මේ කොටස්වල එකතුවට "ඇස" කියා ව්‍යවහාර කෙරෙති. මෙ හි අවසාන වශයෙන් බැලූ විට ඇත්තේ ද, පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භූත රූපයන් ය. ඊට අමතර ව ප්‍රසාද රූපයක් ද, පවත්නේ ය. එය දෘෂ්ටිවිතානය ලෙස ව්‍යවහාර කරති. යම් රූපයක් ඇසේ ගැටුණු විට යටිකුරු ප්‍රතිබිම්බයක් ඇති වන්නේ මෙ හි ය. නමුත් අප ට පෙනේනේ යටිකුරු රූපයක් නො වේ. එ සේ වන්නේ සන්තානය තුළින් රූපය දකින බැවිනි. දකින රූප සියල්ල සත්‍ය වශයෙන් ම නැතිනම්, දැකීම ට උපකාර වන ඇස ද, සත්‍ය වශයෙන් ම නැතිනම් "මගේ ඇස" කියා අල්ලාගැනීම ට ඇති කිසිවක් නැති බව අවබෝධ වේ. තවදුර ට ත් විග්‍රහ කර බැලුවහොත් ඇස තුළ ඇතැ යි කියූ පඨවි ආදී දේ ද, මිනිසුන් ගොඩනැගූ ප්‍රඥප්තියක් බව පෙනේ. ඇස කියා හඳුන්වන වස්තුව ද, එ සේ ම වේ. රූපයක් දැකීම ට ඇස උපකාර වුව ද, සත්‍ය වශයෙන් ම රූපයක් දකින්නේ ඇස නො ව සන්තානය තුළ ය. ඒ අනුව රූපය ගැන තීරණය කර තමා කැමති අරමුණක් නම් උපාදාන වශයෙන් අල්ලා ගැනීමක් සිදු වන්නේ ඇසින් නො ව තම සිතින් බව වටහා ගත යුතු ය.
ඔබ මියගොස් සිටින්නේ ය යි සැලකුවහොත් එ විට ඇස් දෙක ම පැවතුනත් රූපයක් දැකිය නො හැකි ය. එ බැවින් රූප දකින්නේ ඇසින් නො ව සිතින් බව වටහා ගන්න. ඔබේ අපේ සිරුරේ සම ඉවත් කර බැලුවහොත් දකින්නට ඇත්තේ කුමක් ද? රක්තවර්ණයෙන් යුත් අප්‍රසන්න මාංශ කොටසකි. බාල, මහලු, තරුණ, කියා වෙන් කළ නො හැකි ය. මුළුමහත් ශරීරයේ ම ගන්නට යමක් ඉතිරි ව නැත.
මේ ලිපිය මෙතෙක් අවබෝධයෙන් කියවුයේ නම් බාහිරින් කොතරම් ශබ්ද ඇසුනත් ඒ කිසිවක් පිළිබඳ දැනීමක් නැත. ඒ අනුව ශබ්ද ඇසීම ට ද, කන උපයෝගී වුවත් ශබ්දය දැනගන්නේ සිතින් බව කිව යුතු ය.
මේ පංචේන්ද්‍රියන් ට ගෝචර වන සියලු දේ තමා ගේ සිතින් ගන්නා නිසා දැනීම් ඇතිවන බව පැහැදිලි ය. මගේ ඇස, මගේ කන ආදී ලෙස අල්ලා ගන්නේ ද, ඇසින් හෝ කනින් හෝ නො ව සිතින් බව තේරුම් ගැනීම වැදගත් ය. නමුත් මේ කිසිවක ආත්මයක් හෝ ආත්මීය දෙයක් ලෙස ගත හැකි යමක් නැත. ඇසින් දකින රූප සියල්ල ශුන්‍ය නම්, රූප දකින්න ට උපකාරවන ඇස ද, ශුන්‍ය නම් සිතේ ඇතිවන සිතිවිලි මාත්‍රය හෙවත් චක්ඛු සම්පස්සය ද, හිස් වූ ශුන්‍ය දෙයක් බව වටහා ගත යුතු ය.
මේ ලිපිය කියවන්න ට ආරම්භ කළ මොහොතේ දුටු රූපය දැන් ඇත්තේ නැත. මීට මොහොතකට පෙර තිබූ රූපය ද, දැන් නැත. සියල්ල ශුන්‍ය වී හමාර ය. දැන් මේ මොහොතේ දක්නා සියලු දේ ද, මේ මොහොතේ ම් ශුන්‍යත්වය ට පත්වෙමින් පවතින බව අවබෝධ විය යුතු ය.
චක්ඛු සම්පස්සය නිසා වේදනාවක් ඇති වේ. සුඛ, දුක්ඛ, උපේක්ඛා වශයෙන් ඇතිවන මෙය ද, සිත නිසා ම ඇතිවීම සිදු වේ. යමෙක් යම් රූපයක් දෙස බලා සුඛ ය යි සිතුවහොත් ඒ නිසා සුඛ වේදනාවක් ඇති වේ. ඒ රූපය ම තව ත් අයෙකු දුක්ඛ ය යි සලකා සිතුවහොත් එයින් ඔහු ට ඇති වන්නේ දුක්ඛ වේදනාවක් ය. ඒ රූපය දැක අවසාන වනවාත් සමග ම වේදනාව ද, අවසාන වේ. මම ය මාගේ ය යි අල්ලාගත හැකි කිසිවක් ඉතිරි නො වේ. ජීවිතය තුළ ඔබ කොතරම් වේදනා විඳින්නට ඇති ද? මේ ත්‍රිවිධ වේදනාව ම අනන්න්ත අප්‍රමාණ වාරයක් විඳින්න ට ඇත. නමුත් ඒ කිසිවක් දැන් ඉතිරි නැත. සියල්ල ශුන්‍යත්වය ට ගොස් හමාර ය.
පංචස්කන්ධය ම ශුන්‍යතාවයෙන් අවබබෝධ කළ යුතු ය. මේ ශුන්‍යතාව පිළිබඳ බුදුරදුන් මජ්ජිම නිකායේ චූලසුඤ්ඤත, මහාසුඤ්ඤත යන සුත්‍ර දේශනා දෙක තුළින් කරුණු ඉදිරිපත් කොට වදාළා ඇත. ලිපියේ මාතෘකාව ලෙස එය යොදාගැනීම ට හේතුව දැන් වැටහෙනවා ඇත. මෙතෙක් කල් අප අත්දුටු මේ සියල්ල සිහින මෙන් ශුන්‍යත්වයෙන් පිළිගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ය යි අවබෝධ කරගන්න ට හැකි වේ වා! කියා ප්‍රාර්ථනා කරමි. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන පිණිස ම හැම දෙන වීර්යය වඩත් වා!
No comments:
Post a Comment