කඨින චීවර පූජාව (01)කොටස හා කඨින චීවර පූජාව (02)කොටස තුළින් පිළිවෙළින් කඨින චීවර පූජාවේ ආරම්භය හා කඨින චීවර පූජාවේ අනුසස් පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරන ලදී.
මෙ ම (03) කොටස මගින් වස් කාල සීමාව තුළ දී භික්ෂූන් වහන්සේලා ට වෙන් වූ විනය නීති මාලාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වෙමි.
වස් කාලයේ දී භික්ෂූන් ට වෙන් වූ විනය නීති මාලාවක් බුදුරදුන් අනුදැන වදාරා ඇත. "අනුජානාම් භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං" යනුවෙන් ‘මහණෙනි, වස්සාන කාළයෙහි වස්
එළඹීම ට අවසර දෙමියි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයා ට වස්සූපනායික ශික්‍ෂාපදය
පැනවු හ.
පෙරවස් විසීම හා පසුවස් විසීම.
පෙරවස් විසීම හා පසු වස් විසීම යනුවෙන් වස් එළඹීම් දෙකකි. ඇසළ මස පුර පසළොස්වක ට පසු
අව පෑළවිය දා පෙරවස් විසීම ත්, නිකිණි මස පුරපසළොස්වක ට පසු අව පෑළවිය දා පසුවස්
විසීම ත්, සිදු වෙන අතර පෙරවස් සමාදම් වීම ට නො හැකි වූ උපසපන් භික්‍ෂූන් පසුවස් සමාදම්
වීම කළ යුතු ය.
නමුත් කඨින චීවරය ලැබීම ට පසුවස් සමාදන් වූ භික්ෂුව ට අවසර නැත.
වස් සමාදන් වීම.
දායක පින්වතුන් ගේ ආරාධනාව ඇති ව දැහැත් ගොටු හා වැසි සළු ලබා වස් විසීම ට ආරාධනා
ලැබීම සම්ප්‍රදාය වේ. ආරාධනා ඇති ව හෝ නැති ව වස් විසීම උපසම්පදා භික්ෂුව ගේ වගකීමකි.
වස් සමාදන් වීම ට සුදුසු ආරාමයක -මෙ ම තුන් මාසය ම කාලය ගත කරන්නෙමි- යන හැඟීම ඇති ව "ඉමස්මිං විහාරේ ඉමං තෙමාසං වස්සං උපෙමි ඉධ වස්සං උපෙමි." යන පාඨය කියා වස් සමාදන්
විය යුතු වේ.
වස් විසිය යුතු ස්ථාන හා නො විසිය යුතු ස්ථාන.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSF1jy2ghxoXnSG8TkuA8t1f4sTRPuVRCLm9HI9x4vxok_B_QbIqjSz9xMkaQNlJkayN523aC6mfNkjlcmtBnWxfkwYHE9grzpIhiVrOsYXh17SLGll2TScV0jRDvpJiBHDi59OUX7118/s400/tree-smaller-975.jpg)
වස් විසූ ස්ථානය වෙනස් කිරීමෙන් ඇවැත් නො වන අවස්ථා.
වස් විසූ ස්ථානවල යම් යම් කරදර විපත්තීන් ගෙන් යුක්ත තැන්වල සිටීම අවදානම් නම් ඒ
ස්ථානවලින් ඉවත් ව යාම ඇවැත් සිදු නො වේ. සර්පයන්ගෙන් රුදුරු සිව්පාවන්ගෙන්,
ගින්නෙන්, ජලයෙන්, විපත් වේ නම් එ වැනි ස්ථාන හා නිසි ප්‍රත්‍ය පහසුකම් නැති සංඝ
භේදය ට හෝ සීලය ට අන්තරායකර හේතු ඇති විට සත්තාහකරණයෙන් තොර ව ආරාමයෙන් ඉවත් ව යාම
ඇවැත් සිදු නො වන බව දැක් වේ.
වස් සමයේ ආරාමයෙන් බැහැර ව යා යුතු පිළිවෙළ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2XaFbLdDPoy7L1Xm95EaGlvRnlarVvkwSWkyddETFcB04R12OCQFQQ7vyEzi_6NExU6NQsAQX7yyPOKRrJRKKFsfbh08WLc13Tciw9G4CUv4i_DreKtA8Lk6D0WktnTqZr9LSk3bFbtE/s400/a_p06-buddha.jpghh.jpg)
එ දින ම වස් විසූ
ආරාමය ට නො පැමිණේ නම් සත්තාහකරණයෙන් ම යා යුතු වේ. සත්තාහකරණය යනු තමා වස් විසූ
අරමින් පිට වූ දින සිට දින හතක් ඉක්මෙන්න ට පෙර නැවත ත් වස් විසූ ආරාමය ට පැමිණිමේ
අපේක්ෂාවෙන් ම යාම ය. එ සේ යාමේ දී මේ පාඨය කියා සත්තාහකරණය කළ යුතු වේ.
"සචේ මේ
අන්තරායෝ න භවෙය්‍ය සත්තාහබ්භන්තරේ පුනනිවත්තිස්සාමි"
එ හි අර්ථය වන්නේ ඉදින් මට
අනතුරක් නො වූයේ නම් දින හතක් අරුණ නැගෙන්න ට පෙර වස් විසූ ආරාමය ට පැමිණෙමි” යන්න වේ.
එ සේ සත්තාහකරණයෙන් වස් විසූ ආරාමයෙන් පිට වී යාම ට අවසර ඇත්තේ සත් දෙනෙකු වෙත ය. එ නම්
භික්ෂුව, භික්ෂුණිය, ශික්ෂාමාණවක, සාමණේර, සාමණේරී, මව, පියා යන මොවුන් සත් දෙනා
උදෙසා ආරාධනාවක් ඇති ව හෝ නැති ව සත්තාහකරණයෙන් යා හැකි ය.
අනෙක් කාලවල දී මෙන් නො ව වස් කාලයේ දී උපසම්පදා භික්ෂුවක් කොතරම් අත්‍යවශ්‍ය කටයුතු තිබුණ ත්, තමා වස් වැසි පන්සල තුළ රැඳී සිටිය යුතු ය. දින හයකට වඩා වැඩි කාලයක් පිට රැඳී සිටින්න ට ඒ අනුව උපසම්පදා වූ වස් වසන භික්ෂූන් වහන්සේ නමක ට නො හැකි ය. දින හයකට වඩා තමා වස් වාසය කරන විහාරස්ථානයෙන් පිට ව සිටියහොත්, කඨින චීවරය ට ඇති හිමිකම අහිමි වේ.
කඨින චීවරය පිළිගැනීම.
පෙර වස් සමාදන් වූ උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් තෙමස ඒ ශික්ෂාපද කඩ නො කොට ආරක්ෂා
කර වප් පුර පසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුව ම කඨින චීවරය ලැබීම ට
සුදුසුකම් ලබනු ඇත. පසුවස් සමාදන් වූ භික්ෂූන් ට හෝ වස් ශික්ෂාපදය ආරක්ෂා කර නො ගත්
වස් බිඳගත් භික්ෂුව ට කඨින චීවරය ලබා ගැනීම ට අවස්ථාවක් උදා නො වේ. නමුත් වස්
සිවුරු පිළිගැනීම ට අවසර ඇත.
කඨින චීවරය පූජා කළ හැකි පුද්ගලයන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVDJcZydEpMDdACCjuxdiurZhnj3VeNb-7Qu5zmYe1eVE4va_Vd2dxkj8Ius1ZNdswhAKRBWK24KHUR1zeCRvTeDUj6fRn7XDm_HcFEaxQh2KjVoKJCyrhjJs4aNQvON4q7ZXUEGfX8e4/s400/aea12.jpg)
දායකයා විසින් භික්ෂු සංඝයා ට පුජා කරන වාක්‍යය, සංඝයා
විසින් කඨිනාස්තාරක භික්ෂුව ට දෙන කර්ම වාක්‍යය, ආදී වාක්‍යය කීපයක් කඨිනය පිළිබඳ ව
ඇත්තේ ය. මෙ ම වාක්‍යයකින් පූජා කිරීම ට යෙදෙන වස්ත්‍රය සංඝාඨිය, (දෙපට සිවුර) උත්තරා
සංඝය (තනිපට සිවුර) අන්තරවාසකය (අඳනය) යන තුන්සිවුරෙන් එකක ට පොහෝනා එකක් විය යුතු ය.
චීවරයක් වශයෙන් සකස් නො කරන ලද වස්ත්‍රය වුව ද, කඨින සිවුර සඳහා පූජා කරන බැවින් "කඨින චීවරං සංඝස්ස දෙම" -කඨින සිවුර සඝන ට දෙමු- යනුවෙන් කියා පූජා කිරීම විනය
සම්ප්‍රදාය වෙයි.
කඨින චීවරය ට නුසුදුසු වන වස්ත්‍රය.
පූජා කිරීම ට කලින්
මසා සකස් කරන ලද සිවුර ද, සමහර විට දායකයන් විසින් කඨින සිවුරක් ලෙස පූජා කරනු ලැබේ.
කලින් මසා සකසා ගත් සිවුර කඨිනය ට සුදුසු නො වෙයි. නියම කඨින චීවරය යනු දායකයන්
විසින් සංඝයා ට දෙන ලද කඨින චීවර යැ යි කියන වස්ත්‍රය නො වේ.
භික්ෂු සංඝයා විසින්
කඨිනත්තාරක භික්ෂුව ට දෙන නිමවන ලද චීවරය යි. කඨින චීවරය පවරනු ලැබූ භික්ෂුව පැරණි
සිවුරු "පරීක්ඛාර චෝල" නාමයෙන් පච්චුද්ධරණය කොට හෙවත් අධිෂ්ඨානයෙන් ඉවත් කොට
කඨිනාස්ථරණය කළ යුතු ය. මෙය වාග් භේදයෙන් ම කළ යුතු යි. කඨින චීවරයක් සුවිසි මහා විපත්වලින් ම තොර විය
යුතු යි. ඒවා විනය ග්‍රන්ථවල සඳහන් ව ඇත්තේ ය.
කඨින චීවර පූජාවක් කළ හැක්කේ වසරක ට එක්
වරක් පමණක් ය. එය ත් එක් මාසයක් ඇතුළත පමණක් ය. එය ත් පෙරවස් සමාදන් ව පවාරණය කළ
භික්ෂුවක ට පමණක් ය. එ සේ ම එය පළමු ව දායකයන් විසින් සංඝයා ට ද, සංඝයා විසින් සුදුසු
භික්ෂුවක ට ද, දිය යුතු ය. එ දින ම කපා මසා පඬුපොවා සකස් කර ගත්තක් ද, විය යුතු ය.
මෙ වැනි කඨින චීවරයක් පස් නමක ට නො අඩු භික්ෂූන් හට සඟසතු කොට පුද කළ යුතු ය.
එ විට එ ම භික්ෂූන් වහන්සේ විසින් එ ම සිවුරු අනිත් දුර්වල භික්ෂු නමක ට පැවරිය
හැකි ය. එක භික්ෂු නමක ට එක
වාරයක ට කඨින සිවුරු එකක් පමණක් ලබා ගත හැකි ය.
මේ ආදී
බොහෝ නීති ඇති බැවින් මෙය අතිශය දුර්ලභ ගණයේ ඉතා උසස් මහා පුණ්‍ය කර්මයක් ලෙස සලකනු
ලැබෙයි.
No comments:
Post a Comment