බුදුදහම ට අනුව චේතනාව කර්මය ට මුල් වේ. එ සේ හෙයින් ශාසනික කුසල කර්මයන් සිදුකිරීමේ දී මනා දැනුමකින් හා අවබෝධයකින් සිදුකිරීම තුළින් එ හි ආනිශංස මහත්ඵල කරගැනීමේ හැකියාව පවතී. කඨින චීවර පූජාව පිළිබඳ ව ද, තත්වය මෙ සේ ම ය.
ආමිස පූජාවන් අතර කඨින චීවර පූජාව ප්‍රමුඛ ය. ඒ පිළිබඳ කරුණු කොටස් 4ක් මගින් මෙ හි දී ඉදිරිපත් කෙරෙයි.
මෙ හි දී වස් සමාදන් වීම සඳහා බලපෑ සමාජීය හේතු, අටමහා කුසල්, කඨින චීවර පූජාවේ ආරම්භය, පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරයි.
කඨින චීවර පූජාව (02) කොටස මගින් කඨින චීවර පූජාවේ අනුසස් පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරයි.
කඨින චීවර පූජාව (03) කොටස මගින් වස් කාලයේ දී භික්ෂූන් ට වෙන් වූ විනය නීති මාලාවන් පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරයි.
කඨින චීවර පූජාව (04) කොටස මගින් වස් සමයේ භික්ෂූන් ට සිව්පසින් සංග්‍රහ කරන්නේ ඇයි? , කඨින චීවර පූජාව සිදුකෙරෙන අයුරු, කඨින චීවරය ලබන භික්ෂුව ට ලැබෙණ වරප්‍රසාද, පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරයි.

වස් සමාදන් වීම සඳහා බලපෑ සමාජීය හේතු.
බුදුරජාණන් වහන්සේ තම මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඇසළ පුර පසළොස්වක් පොහෝ දින දී දේශනා කොට පසු දින එ නම් ඇසළ අව පෑළවිය දින බරණැස ඉසිපතනාරාමයෙ හි ම පළමු වස් කාලය ගතකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. දසවන වස් කාලයේ බුදුරජාණන් වහන්සේ ට
උපස්‌ථාන කළේ ඇත් රජෙකි. පිරිසෙන් හුදකලා වූ පාරිලෙය්‍ය ඇතු වනයේ
හුදකලා වාසය ට පැමිණ බුදුරදුන් ට පලතුරු ආදියෙන් සංග්‍රහ කළේ ය.
නෑම ට අවශ්‍ය උණු පැන්, සකසා දෙමින් නිදිවරමින් ආරක්‍ෂාව
ලබාදුන්නේ ය. මෙ හි දී ම එක්‌තරා වඳුරෙකු ද මී වදයක් බුදුරදුන් ට
පූජා කොට සුගතිගාමී විය. පාරිලෙය්‍ය ඇතු ට ද, තිරිසන් බවින් මිදීම ට
වස් කාලය උදව් වූයේ එ ලෙසිනි.
නමුත් බුද්ධත්වයෙන් විසි වසරක් ගතවෙන තුරු ම උපසපන් භික්ෂූන් වහන්සේලා ට විනය නීතියක් වශයෙන් වස් විසීම ට අනුදැන වදාරා නැත. ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවත ආ සිරිතක් වශයෙන් අන්‍ය තීර්ථකාදී හු ද, වස් එළඹ වාසය කළ බව සඳහන් වේ. නමුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හේමන්ත (නොවැම්බර් මස මුල සිට පෙබරවාරි අග දක්වා), ගිම්හාන (මාර්තු මුල සිට ජූනි අග දක්වා) හා වස්සාන (ජූනි මස මුල සිට ඔක්තොම්බර් අග දක්වා) වශයෙන් සඳහන් තුන් ඍතුවෙ හි ම ගෙපිළිවෙළින් පිඩු පිණිස වඩිමින් ධර්ම චාරිකාවෙ හි නියලුන හ.
මෙ විට ජෛනයන් ඇතුළු අන්‍ය තීර්ථකයන් මෙ සේ චෝදනා කරන්න ට විය.
"ඉමේහි පන සමණා සක්‍යපුත්තියාහේමන්තම්හි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරන්ති හරිතානි තිණානි සම්මද්දන්තා ඒකින්ද්‍රියං ජීවං විහෙඨෙන්තා බහු බද්දකෙ පාණෙ සඩ්ඝාතං ආපාදෙන්තා"ති
"ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වැසි සමයේ පණ ඇති තෘණ පැලෑටි පාගමින් ඒකේන්ද්‍රිය ජීවීන් පෙළමින් බොහෝ වු කුඩා සතුන් විනාශයට පත් කරමින් චාරිකා කරති".
අන්‍යමතයන් ට ගරු කළ බුදුරජාණන් වහන්සේ ඒ අනුව, මේ සියලු සාධක පිළිබඳ අවධානය යොමුකර මේ
කාලය තුළ දී තමන් ගේ අධ්‍යාත්මික දියුණුව උදෙසා භාවනායෝගි ව කටයුතු කරන්න ට උපදෙස් දෙන ලදී.
"අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං"
"මහණෙනි, මම වස්සාන ඍතුවෙ හි වස් එළඹෙන්න ට අනු දනිමි" යනුවෙන් වදාරන ලදී.
ඒ අනුව කඨින පිංකම ගිහි පැවිදි දෙපිරිස ම ශාසනික වතාවත්වල ට නැඹුරු කරවන ශ්‍රේෂ්ඨ පිංකමකි. චාරිකාවේ සැරිසැරූ භික්‍ෂූන් වහන්සේලා සිය ශාසනික කටයුතුවල නිරතවීම ට මේ කාලය යොදා ගනී. සිව්පසයෙන් සංග්‍රහ කරමින් ගිහි පාර්ශ්වය ද, විවිධ පිංකම්වල නිරතවෙමින් සිය ජීවිතය සුවපත් කර ගනිති. මල් පහන් පූජා, බුද්ධ ඥනයනට උපහාර කිරීමේ ඥාන පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පුජා ආදිය පවත්වමින් ආමිස පූජාවල යෙදෙති. මේ හරහා පන්සල හා ගම අතර සබැඳියාව වර්ධනය වේ.
නූතන ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජාව කෙතරම් කාර්ය බහුල ව, අවිවේකී ව කටයුතු කළ ද, වස් සමය හා එහි අවසානයේ පවත්වන කඨින පිංකම සාර්ථකව සිදු කිරීමට උත්සුක වීම ශාසනය ට සිදු කරනු ලබන අති උදාර මෙහෙවරකි. මෙවැනි සමයක් නො වන්න ට අද අපේ බෞද්ධ පිරිසෙන් බහුතරයක් පන්සල ඇසුරින් ගිලිහී යැම ට ඇති ප්‍රවණතාවය වැඩි වේ.
අටමහා කුසල්
මේ මහසහශ්‍රී ලෝකධාතුව තුළ යමෙකු ට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් ඇති බව බුදුරදුන් දේශනා කර ඇත.
කඨින දානය, අටපිරිකර පූජාව, ආවාස පූජාව, බුද්ධ ප්‍රමුඛ සංඝයා ට දන්පිදීම, ධර්ම දානය, කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කිරීම, වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම, අටමහා කුසල් ලෙස බුදුරදුන් දේශනා කර ඇත.
.නූතන ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජාව කෙතරම් කාර්ය බහුල ව, අවිවේකී ව කටයුතු කළ ද, වස් සමය හා එහි අවසානයේ පවත්වන කඨින පිංකම සාර්ථකව සිදු කිරීමට උත්සුක වීම ශාසනය ට සිදු කරනු ලබන අති උදාර මෙහෙවරකි. මෙවැනි සමයක් නො වන්න ට අද අපේ බෞද්ධ පිරිසෙන් බහුතරයක් පන්සල ඇසුරින් ගිලිහී යැම ට ඇති ප්‍රවණතාවය වැඩි වේ.
අටමහා කුසල්
මේ මහසහශ්‍රී ලෝකධාතුව තුළ යමෙකු ට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් ඇති බව බුදුරදුන් දේශනා කර ඇත.
වාසදානංච උත්තමංබුද්ධපමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස
පටිමා කරණංපීව
කරණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ"
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස
පටිමා කරණංපීව
කරණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ"
කඨින දානය, අටපිරිකර පූජාව, ආවාස පූජාව, බුද්ධ ප්‍රමුඛ සංඝයා ට දන්පිදීම, ධර්ම දානය, කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කිරීම, වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම, අටමහා කුසල් ලෙස බුදුරදුන් දේශනා කර ඇත.
කඨින චීවර පූජාවේ ආරම්භය.
එක්
කළෙක වස්සාන සෘතුවෙ හි බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන සමයෙක
"පාවෙය්‍ය" රටේ විසූ තිස් නමක් පමණ භික්ෂූන් වහන්සේ බුදුන් දකිනු පිණිස
සැවැත් නුවර බලා පිටත් වූ හ.
උන්වහන්සේ සෝවාන්, සකදාගාමී, අනාගාමී යන තුන් මඟ ඵල ලත් ආර්යෝ වූ හ. පා
ගමනින් ගමන් කළ මුන්වහන්සේ හට වස් එළඹෙන දිනය වන විට සැවැන් නුවර ට ළඟා වීම
ට නො හැකි වූ හ. එ බැවින් අතර මග යොදුනක් පමණ ඔබ්බෙහි වූ සාකේත නගරයේ දී
වස් සමාදන් වූ හ. වස් තුන්මස අවසන් වූ පසු වස් පවාරණය කොට සැවැත් නුවරට යාම
ට පිටත් වූ හ. ඒ අතර තුර ධාරාණිපාත වර්ෂාව වූ හෙයින් කැළඹුණු දිය බොර මඩ
සහිත මාර්ගයෙහි තෙමීගෙන තෙත් වු සිවුරුවලින් යුතු ව සැවැත් නුවර ජේතවනාරාමය
ට එළඹුණ හ.
බුදුරදුන් සමීපය ට එළඹුණු එ ම භික්ෂූන් සමග බුදුරජාණන් වහන්සේ සතුටු සාමීචි කථා කොට ගමනේ දී කරදර හිරිහැර පැමිණුනේ නැති දැ යි බුදුරදුන් ඇසූ විට එ ම භික්ෂූහු ගමන් මගෙ හි දී ධාරාණිපාත වර්ෂාව නිසා හැඳගෙන පෙරවගෙන සිටි සිවුරු තෙමී බොහෝ කරදර විඳින්න ට සිදු වූ බව බුදු රජාණන් වහන්සේ ට සැල කළ හ. එ විට බුදුන් වහන්සේ උන් වහන්සේලා ට ‘අනමතග්ගිය’ දේශනාව වදාරා මෙ ම කඨින චීවරය අනුදැන වදාළ සේක.

"අනුජානාමි භික්ඛවේ වස්සං වුත්තානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං"
යනුවෙන් මහණෙනි, වස් විසූ භික්ෂූන් හට මම කඨිනයක් අනුදනිමි යි විනය
ප්‍රඥප්තියක් පනවා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ට අතිරේක
චීවරයක් වශයෙන් මෙ ම කඨින චීවරය එ දා අනුදැන වදාළ සේක.
මෙ ම කඨින චීවර දානය සෑම බුදුවරදුන් වහන්සේ නමක් විසින් ම අනුදැන වදාරණ ලදී. එ සේ ම එය මාස හතරක් පමණ ප්‍රතිපත්ති පුරමින් පරිහරණය කළ යුතු මහාර්ග වස්තුවකි. උභය සංවත්තනික කුසල කර්මයකි. ඒ නිසා මෙ ම කඨින චීවර පුජාව කරන්නා ට ත්, එය ලබන්නා ට ත්, යන දෙදෙනා ට ම බොහෝ කුසල් සිදු වන්නේ ය.

කඨින චීවර පූජාව.
අටමහා
කුසල්වලින් පළමුවැන්න වන කඨින චීවර පූජාව වේ. කඨින චීවර පූජාවක් සිදුකළ
හැකි වන්නේ යම් සම්බුදුවරයෙකු ගේ ශාසනයක් තුළ පමණි. එය ද, සිදුකළ හැක්කේ
මිනිසුන් සිටින මේ ලෝකයේ පමණි. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල තිරිසන් ආදී
අපායවල මේ පින්කම කළ නො හැකි ය. දකින්න ට ත් නො හැකි ය. මිනිස් ලෝකයේ ත්
හැම තැන ම මෙය දකින්න ට හෝ කරන්න ට නො හැකි ය. මෙය වෙන පින්කම් සේ හැමදාම
කරන්න ට ත් නො හැකි ය. ලෝකයේ සම්මත කරගත් වෙනත් ආගම්වල මේ පින්කම දකින්න ට
ත්, නැත. භික්ෂූන් නැති ව මෙ ම පින්කම කළ නො හැකි වේ. කඨින පිංකම ගිහි
පැවිදි දෙපිරිස ම ශාසනික වතාවත්වල ට නැඹුරු කරවන ශ්‍රේෂ්ඨ පිංකමකි. ගිහි පැවිදි දෙපිරිස ට ම මහත් ඵල මහානිසංස ලැබෙණ අති දුර්ලබ මෙන් ම අතිශ්‍රේෂ්ඨ කුසල කර්මයකි.
No comments:
Post a Comment