නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරයා කොට අදහන්නෝ බෞද්ධයෝ නම් වෙති. ඔවුහු භික්ෂු - භික්ෂුණී, උපාසක – උපාසිකා වශයෙන් කොටස් සතරකට බෙදෙති. මෙ හි විස්තර වන්නේ උපාසක – උපාසිකා නමින් හැඳින්වෙන ගිහි බෞද්ධයන් ගැන ය. ත්‍රිවිධ රත්නය සරණකොට ගත් ගිහි පාර්ශවය උපාසක උපාසිකා නමින් හැඳින් වේ. වර්තමානයේ "උපාසක" හා "උපාසිකා" නාමය වෙනුවට බොහෝ තරුණ පිරිස භාවිත කරන්නේ "බෞද්ධ" යන නාමය යි.
ගිහි බෞද්ධයෝ ද, "නමින් බෞද්ධයෝ" ය, "නියම බෞද්ධයෝ ය" යි කොටස් දෙකකට බෙදෙති. බෞද්ධ නාමයක් තුබුණු පමණින් හෝ බෞද්ධ කුල ගෙයක උපන්, හැදුණු වැඩුණු පමණින් හෝ බෞද්ධ දෙමවුපියන් ගේ දරුවකු වූ පමණින් හෝ කෙනෙක් බෞද්ධ නො වෙති. බෞද්ධ ගෙයක උපන් පමණින් බෞද්ධයා ය යි කියනුවා නම් බෞද්ධ ගෙවල උපදින තිරිසන් සතුනට ද "බෞද්ධ බල්ලෝ, බෞද්ධ බළල්ලු" ය යි කිව යුතු නො වේ ද? බෞද්ධ ගෙදරක හැදුණු වැඩුණු පමණින් බෞද්ධයා ය යි කියනුවා නම් බෞද්ධ ගෙවල හැදෙන වැඩෙන ගස්වැල් ආදියට ද "බෞද්ධ වම්බොටු" "බෞද්ධ මිරිස්" ය යි කිය යුතු නො වේ ද? එය එ සේ නො කියනුවා නම් යට කී කරුණු අනුව පමණක් කෙනෙකුට බෞද්ධයා ය යි කියන්නේ කෙ සේ ද? එය කිසිසේත් සුදුසු නැත. එහෙයින් බෞද්ධයා ය යි කිව යුත්තේ බෞද්ධ ප්‍රතිපත්ති ඇත්තා ට ම ය. තෙරුවන් සරණ ගිය බෞද්ධයකු අඩුම ගණනේ පඤ්ච දුශ්චරිතයෙන් වැළැකීම හා ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග ආදී ගුණයන් වත් තිබිය යුතු ය. මෙ සේ බෞද්ධ ප්‍රතිපත්ති ඇත්තා ම නියම බෞද්ධයා ය යි කියනු ලැබේ.

මෙතෙක් දැක්වුයේ මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමියන් විසින් ලියූ ලිපියක කොටසකි. උපාසකයා සතු විය යුතු ගුණධර්ම පිළිබඳ බුද්ධ දේශනය මෙතැන් සිට ඉදිරිපත් කරමි.
භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයා ගේ අඹ වනයෙ හි වැඩ වසන සමයක කොමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙ සේ විමසා සිටියේ ය.
"වහන්ස කො පමණෙකින් උපාසකයෙක් වේ ද?"
භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා මෙ සේ පිළිවදන් දුනි. "ජීවකය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, ජීවකය මෙ පමණකින් ම උපාසකයෙක් වේ ය" යි.
"වහන්ස, කොපමණකින් උපාසක සිල් ඇත්තේ වේ ද?"
"ජීවකය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද,... මදයට හා ප්‍රමාදය ට හේතු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේ ද, ජීවකය මෙ පමණකින් ම උපාසක සිල් ඇත්තෙක් වෙයි"
"වහන්ස, කොපමණකින් උපාසක තමහට හිත පිණිස පිළිපන්නේ, අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද?"
" ජීවකය, යම් දිනෙක පටන් උපාසක තෙමේ සැදැහැයෙන් යුතු වූයේ, මෙරමා ශ්‍රද්ධාසම්පත්තියෙ හි සමාදන් නො කරවා ද,... තෙමේ අරුත් දැන දහම් දැන ධර්මානුධර්ම ප්‍රතිපන්න වූයේ මෙරමා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙ හි සමාදන් නො කරවා ද, ජීවකය මෙ පමණකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිස අනුනට හිත පිණිස නො පිළිපන්නේ වෙයි"
"වහන්ස, උපාසක තෙමේ කොපමණකින් තමනට හිත පිණිස පිළිපන්නේ ත් අනුනට හිත පිණිස පිළිපන්නේ ත් වේ ද?"
"ජීවකය, යම් දිනක පටන් උපාසක තෙමේ ත් සැදැහැයෙන් යුක්ත වූයේ මෙරමා ත් ශ්‍රද්ධාසම්පත්තියෙ හි සමාදන් කරවා ද, තෙමේ ත් ශීලයෙන් යුක්ත වූයේ මෙරමා ත් ශීලසම්පත්තියෙ හි සමාදන් කරවා ද, තෙමේ ත් ත්‍යාගයෙන් යුතු වූයේ මෙරමා ත් ත්‍යාගසම්පත්තියෙ හි සමාදන් කරවා ද, තෙමේ ත් මහනුන් දකිනු කැමැත්තේ මෙරමා ත් මහණුන් දකිනු කැමැත්තෙ හි සමාදන් කරවා ද, තෙමේ ත් සදහම් අසනු කැමැත්තේ මෙරමා ත් සදහම් ඇසීමෙ හි සමාදන් කරවා ද, තෙමේ ත් ඇසූ දහම් දැරීමෙ හි ස්වභාවය කොට ඇත්තේ මෙරමා ත් දහම් දැරීමෙ හි සමාදන් කරවා ද, තෙමේ ත් දැරූ දහම් හි අර්ථ පිරික්සන්නේ මෙරමා ත් අරුත් පිරික්සීමෙ හි සමාදන් කරවා ද, තෙමේ ත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්ම ප්‍රතිපන්න වූයේ මෙරමා ත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ සමාදන් කරවා ද, ජීවකය මෙ පමණකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිස ත් අනුනට හිත පිණිස ත් පිළිපන්නේ වෙයි."
(අංගුත්තර නිකාය - ගහපති වග්ගය - ජීවක සුත්‍රය)
මෙය ට අමතර ව උපාසක බව පිළිබඳ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උපාසක වග්ගයේ සුත්‍ර දහයකින් කරුණු දේශනා කර තිබේ.
උපාසකයකු විසින් නො කළ යුතු වෙළඳාම් පසක් පිළිබඳ වාණිජ්ජා සුත්‍රයේ මෙ සේ දේශනා වී ඇත.
"මහණෙනි, උවසුහු විසින් අකරණීය (නො කටයුතු) මෙ වෙළඳාම් පසෙකි. කවර පසෙක් ද යත්, ශාස්ත්‍රවාණිජ්‍යය (සත්ව හිංසාව පිණිස වූ අවි වෙළඳාම) ය, සත්වවාණිජ්‍යය (වහල් වෙළඳාම) ය, මාංසවාණිජ්‍යය (මස් පිණිස සතුන් වෙළඳාම) ය, මද්‍යවාණිජ්‍යය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළඳාම) ය, විෂවාණිජ්‍යය (වස වෙළඳාම) යි. මහණෙනි, උවසුහු විසින් අකරණීය වෙළඳාම් පස යි."
ඒ අනුව මෙයින් ගතයුතු තව ත් කරුණක් ඇත. උපාසක උපාසිකාවන් විසින් සත්ව හිංසාව පිණිස, සත්ව වෙළඳාම පිණිස, සත්ව මාංශ පිණිස වෙළඳාම් නො කළ යුතු බව මෙ හි දේශනා වේ. එ සේ නම් රස තෘෂ්ණාවෙන් ඇලී සත්ව මාංශ අනුභවය ද, උපාසක උපාසිකාවන් විසින් නො කළ යුතු ය යි මෙයින් අදහස් වේ.
උපාසක වග්ගයේ අනෙක් සුත්‍ර සියල්ලකම සඳහන් වන්නේ පංච දුශ්චරිතයෙන් වැළකී සිටීමේ ආනිශංස පිළිබඳ ව ය. උපාසක වග්ගයේ ගවේසී සුත්‍රයේ තවදුරටත් මේ කරුණු කිහිපය විග්‍රහ කොට ඇත.
එ හි සංක්ෂිප්තය මෙ සේ විමසා බලමු. භාග්‍යවතුන් වහන්සේ කොසොල් රාජ්‍යයේ සැරිසරන සමයක මහා සල්වනයක් දුටු සේක. මාර්ගයෙන් ඉවත් ව ඒ සල්වනය කරා වැඩි සේක. සල්වනයට පිවිස එක් ස්ථානයක වැඩසිට සිනා පහල කළ සේක. ආනන්ද තෙරුන් මෙ ම කාරණය කුමක් දැ යි විමසා සිටි සේක.
කාශ්‍යප බුද්ධ ශාසනයේ මෙ ම ස්ථානයේ බොහෝ ජනයාගෙන් පිරි නගරයක් විය. එ ම බුදුන් වහන්සේ ට ශීලයෙන් පිරිපුන් නො වූ ගවේසී නම් උපාසකයෙක් විය. උවසුවන් පන්සියයක් පමණ පිරිස පිරිවරණ ලදී. ගවේසී උපාසක තෙමේ ට මෙ සේ සිත විය. 'මා විසින් මේ පන්සියයක් උවසුවන් අතරින් බහුකාරයෙමි, පුර්වගමයෙ හි සමාදන් කරවන්නෙමි. මම ද, ශීලයේ අපරිපුරකාරී වෙමි'. ශීලය දියුණු කරගැනීම පිණිස උත්සුක විය යුතු ය යි ඔහු ට සිත් විය. ඉක්බිති උවසුවන් අමතා 'ආයුෂ්මත්නි, අද පටන් මා ශීලයෙ හි පරිපුරකාරියෙකු කොට ධරව්' යනුවෙන් ප්‍රකාශ කරන ලදී. අනතුරුව හෙතෙම මෛථුනයෙන් වැළකී බ්‍රහ්මචාරී විය. පන්සීයක් පිරිස ද, ඔහු අනුගමනය කර බ්‍රහ්මචාරී විය. ගවේසී හට නැවත ද, පෙර පරිදි ම මේ පන්සියයක් පිරිස සමග මා සම බැවින් වෙනත් අතිරේක ගුණයක් වෙනුවෙන් වෙහෙසිය යුතු බව සිත් විය. අනතුරුව හෙතෙම රාත්‍රී භෝජනයෙන් වැළකී විකාල භෝජනයෙන් වැළකී සිටියේ ය.ඔහු අනුගමනය කරමින් පන්සියයක් උවසු පිරිස ද, විකාල භෝජනයෙන් වැලකුණ හ. නැවත ද, පෙර පරිදි ම සිතක් පහල වී මම භාග්‍යවතුන් ගේ ශාසනයේ පැවිදි බව ලබා උපසම්පදාව ලබමි යනුවෙන් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ප්‍රකාශ කළ සේක. පැවිද්ද ලබා උපසපන් වී එකලා ව පිරිසෙන් වෙන වී වීර්යය වඩා අරහත්වයට පත් විය. පන්සියයක් උවසු පිරිස ද, සසුන්ගත විය. සියලු දෙනා වීර්යය වඩා අර්හත්වය ට පත් විය.
මේ කරුණ දේශනා කළ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපාසකයකු විසින් පිළිපැදිය යුතු ආකාරය මැනවින් පසක් කර දී ඇත. අන්ධකාරයේ සිට ආලෝකය කරා ත්, ආලෝකයේ සිට ආලෝකය කරා ත් ගමන් කිරීම ට උපාසක තෙමේ වීර්යය කළ යුතු බව ඉහත ගවේසී සුත්‍ර දේශනාවේ සංෂිප්තය යි.
උපාසකයකු විසින් පිළිපැදිය යුතු කරුණු රැසක් දේශනා කොට ඇති උපාසක වග්ගය සම්පුර්ණයෙන් ම කියවීම සඳහා පහතින් දක්වා ඇත.

සැබැවින් ම ඔබ ත් උපාසකයකු හෝ උපාසිකාවක වන්නේ උපතින්, පරම්පරාගත ව හෝ නමට නම් ඔබ උත්සාහගත යුත්තේ පියවරෙන් පියවර හෝ අගුණාධර්ම දුරුකර ගුණධර්ම වර්ධනය කරගැනීම පිණිස ය. එ සේ වුවහොත් සැබැවින් ම ඔබ උපාසකයකු හෝ උපාසිකාවක වන්නේ ය. ඒ තුළින් සියලු කෙලෙස් දුරුකර නිර්වාන සම්පත්තිය සාක්ෂාත් කරගැනීම සඳහා සියලු උවසු උවැසියන් වීර්යය වඩත් වා! මේ ධර්ම දානය තුළින් යම් කුසලධර්මයක් වන්නේ නම්, එය ද, ඔබ අප සැම ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන පිණිස ම පාරමිතාවක් වේ වා!
තෙරුවන් සරණ යි!
bohoma wadagath lipiyak. theruwan saranayi
ReplyDeleteනිවන කරා යන ගමනේ ඔබට අපට මෙය උතුම් දහම් පඬුරක් වේවා!
ReplyDeleteතෙරුවන් සරණයි!