නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අද
ඇතැම්
භික්ෂුන්
වහන්සේලා
ගෞතම
බුදුසසුනේ
නිවන්
දක්කවමින්
භාවනා මධ්‍යස්ථාන
රට පුරා
පවත්වාගෙන
යති. ඇතැම්
විට හොඳින්
මුදල් හම්බකර
ගනිති. ඇතැම්
භික්ෂුන්
වහන්සේලා සෝවාන්
ආදී
මාර්ගඵලවල ට
පත් වූ බව ද, පැවසීම
සාමාන්‍ය
කරුණක් වී
තිබේ. නමුත් ඒ
සියලු දෙනා ට
ගෞතම බුදුසසුනේ
නිවන් දැකිය
හැකි ද?
නිවන
සඳහා භාවනාව
අත්‍යවශ්‍ය ය.
එ මෙන් ම
සිල්වත් බව, දානාදී
පාරමිතා
සම්පුර්ණ කර
සිටීම, බෝජ්ජංග
සත වැඩීම ආදී
කරුණු රැසක් ද,
සම්පුර්ණ
විය යුතු ය.
සිතු පමණින්
බවුන් වැඩු පමණින්
නිවන්
දකින්නේ නම්
බුදුවරයකු ගේ
පහල වීමක් ලොව
ට අවශ්‍ය
වන්නේ ද, නැත.
යම්
රෝගියෙක් ඔහු
ගේ රෝගය සුව
කර ගැනීම ට
වෛද්‍යවරයා
නිර්දේශ කරන
බෙහෙත් ඒ මාත්‍රාවෙන්
ලබා ගනී. රෝගය
සුව වන දිනය
වෛද්‍යවරයා
දනී. නමුත්
රෝගයෙන් පීඩා
විඳින රෝගියා,
රෝගය
සුව වීම ට ගත
වන කාලය ට පෙර
ඉතා ඉක්මනින් සුව
වීම ට කියා
සිතා සියලු
බෙහෙත් එකවර
ලබා ගනී.
නමුත් එ විට
රෝගය සුව
වෙන්නේ නැති
සේ ම නිවන
සඳහා භාවනා
කරන තැනැත්තා
ට ද, ඒ
සඳහා යම්
කාලයක් ගත වේ.
ඒ අත්බවෙ හි
මගඵල නො ලැබුව
ද, අනාගත
භවයක මගඵල
ලැබීම සඳහා එය
උපනිශ්‍රය වේ.
රෝගියා ට ඇති
හදිස්සිය
නිසා නො ව
රෝගය සුව
වන්නේ එය ට
කරන ප්‍රතිකාර
අනුව ය. මගඵල
සඳහා විවිධ අය
ගේ කැමැත්ත, හදිස්සිය
තිබුනත් එය
සිදුවන්න ට
නම් අනිවාර්යයෙන්
ම සසර පුරුද්ද
සහ ප්‍රතිපත්ති
මාර්ගය
සම්පුර්ණ
කිරීම අතිශය
වැදගත්
කරුණක් බව
පළමු ව
සිහිපත් කරමි.
පෙර
ලිපියෙන් අප
වැඩිවශයෙන්
කරුණු
දැක්වුයේ
දානයන් හි ප්‍රභේදයන්
සහ අනුසස්
ලැබෙන පරිදි
දානය සිදුකරන
ආකාරය පිළිබඳ
ව ය. දානය නිවන
සඳහා වන
පාරමිතාවකි.
දසපාරමිතාවන්ගෙන්
පළමුවැන්න
මෙය යි. එ බැවින්
දානය
පාරමිතාවක් ලෙස
පිරිය යුත්තේ
කෙ සේ දැ යි මෙ
ම ලිපියෙන් ඉදිරිපත්
කෙරේ.

ලෝකයේ
බොහෝ දෙනෙකු
පින් කරන්නේ
දිව්‍යමානුෂික
ආදී සැප
වැළඳවීම
පිණිස ය. එ බඳු
කුසලයෝ පාරමී
නො වෙති.
භවභෝග සැප
සම්පත්
කෙරෙහි ආශාවෙන්
තෘෂ්ණාව
පෙරටු කරගෙන
සිදුකරන ඒ
කුසලයෝ භවභෝග
සම්පත්
ලබාදීම ට මිස
නිවන ට
පැමිණවීම ට අසමත්
වන බව පෙර
ලිපියෙන් ද, සඳහන්
කරන්නට
යෙදුනි. එය
නැවත නැවත ත්
සිහිපත්
කරන්නේ
බෞද්ධයන්
වශයෙන් කුසල
කර්ම සිදුකළ යුත්තේ
එ ම ලෞකික
අරමුණින් නො
වන බව අවධාරණය
කිරීම පිණිස
ය.
ඇතැම්හු
තමා ගේ උසස්
බව, සමත්
බව, ගුණවත්
බව, පොහොසත්
බව, ලොව
ට හෙළි කිරීමේ
අරමුණින්
පින්කම් කරති.
ඇතැම් දෙනා
අන්අය දුන්
දානය යටපත්
කරන්න ට අනුන්
දුන්නා ට වඩා
මහත් කොට දන්
දෙති. එ බඳු
පින්කම් ද, පාරමිතා
නො වෙති. එය
මානය මිශ්‍ර
වූ දානයකි. එ
වැනි දාන නිසා
නිවන තබා
භවභෝග සම්පත්
ලැබීමේ
ශක්තිය ද, හීන වේ.
බෞද්ධයා
විසින් දන්
දිය යුත්තේ මේ
අරමුණුවලින්
නො ව ලෝභය
නැතිකර ගැනීම
පිණිස පාරමිතා
පිරීමේ
අදහසින් බව
නැවත ත්
අවධාරණය කෙරේ.

මෙ
කල පින්කම්
කරන බෞද්ධයන්
බොහෝ දෙනා
භවභෝග සම්පත්
හා නිවන යන
දෙක ම පතති.
දෙපැත්ත ම පතා
කරන එ ම කුසල
කර්ම පාරමී
සංඛ්‍යාව ට
අයත් වෙත් ද? නො
වෙත් ද? යි විමසා
බැලීම ඉතා වැදගත්
ය. ඒ පිළිබඳ මේ
කතාවෙන්
තේරුම්
ගතහැකි ය.
මෙය
දම්පියා
අටුවාවේ
දීර්ඝ ලෙස
විස්තර කෙරෙන
කතාවස්තුවකි.
එය සැකෙවින්
මෙ සේ ය.
ගෞතම
බුදුරජාණන්
වහන්සේ පහල වූ
කල්පයෙන් අනූඑක්වන
කල්පයේ බරණැස
සහෝදරයන්
දෙදෙනෙක් උක්
වගාවේ නිරත වූ
හ. එ ම උක් දඬු
විශේෂ
වර්ගයකි. පැණි
ලබා ගැනීම
සඳහා මිරිකීම
සිදුකළ යුතු
නැත. යම්
තැනකින් කැපු
විට දිගටම
පැණි ගලා එන
උක් විශේෂයකි.
දිනක් බාල
සොයුරා උක්
කේත ට ගොස්
වැඩිමහල්
සොයුරා ට හා
තමා ට ප්‍රයෝජනය
පිණිස උක් දඬු
දෙකක් කපා
ගත්තේ ය. නිවස
බලා යන විට
අතරමග
පසෙබුදුවරයෙක්
මුණගැසුණු අතර
උන්වහන්සේ ට
වැඩිමල්
සහෝදරයා
වෙනුවෙන්
කපාගත් උක් දණ්ඩේ
පැණි
උන්වහන්සේ ගේ
පාත්‍රය ට
පූජා කළේ ය.
උක් පැණියෙන්
පාත්‍රය පිරී
ගියේ ය. එය
වැළඳු කල වඩා
ත් පහන් වූ
සිත් ඇති ව
අනෙක් උක්
දණ්ඩ ද, පිදුවේ ය.
පසඟ පිහිටුවා
වැඳ
"ස්වාමීනි, මා
විසින් යම්
අග්‍ර රසයක්
නුඹ වහන්සේ ට
පුදන ලද ද, ඒ
පිනෙන් දිව්‍ය
මනුෂ්‍ය
ලෝකයන් හි සැප
වළඳා අවසානයේ
නුඹ වහන්සේ
පැමිණි ධර්මය
ට ද, පැමිනෙම්
වා" යි ප්‍රාර්ථනා
කළේ ය.
වැඩිමහල්
සහෝදරයා ට මේ
පුවත කියා "ඔබ
ගේ උක් ගස
වෙනුවෙන්
මුදල් ගන්නේ ද?
පින්
ගන්නේ ද?" යි
විමසූ කල
වැඩිමහල්
සහෝදරයා "මේ
උක්ගස් දුන්
පිනෙන් තමා ට
ද, ඒ
පසේ බුදුන්
වහන්සේ
විසින් දක්නා
ලද ධර්මය අවබෝධ
කරගන්න ට ලැබේ
වා" යි නිවන ම
ප්‍රාර්ථනා
කළේ ය.
මෙ
ම සහෝදරයන්
දෙදෙනා
මරණින් මතු
දෙව්ලොව ඉපිද
බොහෝ කලක් දිව
සැප වළඳා
විපස්සී
බුද්ධ සමයේ
දෙව් ලොවින්
චුත ව
බන්ධුමතී
නගරයේ පෙර සේ
ම සහෝදරයන්
ලෙස උපත ලැබී
ය. වැඩිමහල්ලා
සේන ද, බාලයා
අපරාජිත ද, නම්
විය. වැඩිමහල්
සහෝදරයා ට
දහම් අසා සසර
කලකිරී බුද්ධ
ශාසනයේ
පැවිදි විය.
නොබෝ කලකින් ම
රහත්ඵලය ට පත්
විය.
උක්
පැණි දන් දුන්
කුසලයේ
මූලිකයා වූ
බාල සහෝදරයා
බොහෝ බණ ඇසුව
ද, කාමයන්
දුරු කරන්න ට
නො සමත් විය.
විපස්සී බුද්ධ
සමයේ නිවන්
දකින්න ට නො
හැකි විය.
නැවත ද, දෙව්ලොව
උපන්නේ ය.
විපස්සී
බුදුන්
වැඩසිටි
කල්පයෙන්
කල්ප සැටකට
පසු මේ කපින්
තිස් එක්වන
කල්පයේ සිඛී
හා වෙස්සභු යන
බුදුවරු පහල
වූ හ. එ හි දී ද, නිවන්
දකින්න ට නො
සමත් විය.
ඉන්පසු මෙ ම
කැප කකුසඳ, කෝණාගමන,
කාශ්‍යප
යන බුදුවරු
පහල විය.
උන්වහන්සේලා
ගේ සසුන්වල ද,
ඔහු
නිවන් නො ලැබූ
අතර අප
බුදරදුන් පහල
වූ සමයේ
"ජෝතිය"
නමින් සිටු පවුලක
ඉපිද සසුනේ
පැවිදි ව නිවන
ට පත් විය. අතීතයේ
තම සොහොයුරා
සම්බෝධිය ට
පත් ව කල්ප
අනුවකින් පසු
ව බුද්ධ ශාසන
පහක් ම ඉක්ම
ගිය පසු නිවන්
දුටුවේ ය.
භවභෝග
සම්පත්
පැතීමෙන්
නිවන ප්‍රමාද
වූ ආකාරය ත්, සසර
දිගු වූ ආකාරය
ත්, මේ
කතාපුවතින්
තේරුම් ගත
යුතු ය. යම්
කුසලයක් සිදුකර
භවභෝග පැතූ
විට එය ලැබේ.
නිවන පමණක් පැතුව
ද අඩුවක් නැති
ව භවභෝග ලැබේ.
නමුත් භවභෝග පැතූ
තැනැත්තා
මෙන් ඒ ලෞකික
සම්පත්
කෙරෙහි නො
ඇලෙන්නේ ය. දීම
ට හා සම්පත්
හැර දැමීම ට
සමත් වන්නේ ය.
- මෙතේ බුදුන් දැක නිවන් දකින්න ට...

අද
අද එයි මරු
පින් කර ගන්නේ....
කෙ
ලෙස ද හෙට මරු
නෙති සිතන්නේ....
කිකල
ද මහසෙන් මරු
කැප වන්නේ....
කුම
ට ද කුසල ට
කම්මැලි
වන්නේ....
මීළඟ
ලිපියෙන් ද, දානය
හා එ හි
අනුසස්
පිළිබඳ තව දුර
ට ත් ගැඹුරින්
විස්තර කිරීම
ට
බලාපොරොත්තු
වෙමි.
තෙරුවන්
සරණ යි!
very good article
ReplyDeleteMay triple Gem bless you!
මෙම ලිපිය මා විසින් නොමිලේ කලුතර බොධියේදී බෙදා හරින ලදී. එම ධර්ම දානයට හේතු වූ මෙම ලිපිය ලියූ ඔබටද එම දානමය කුසල ධර්මය අනුමොදන් වේවා.
ReplyDelete