නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

බුදුදහම වටා ජනතාව එක් වීමෙනි.
අද වන විට බුදුදහම විශාල ලෙස විනාශ කිරීම ට විවිධ බලවේග ලොව පුරා ගොඩනැගෙමින් නො ව ගොඩනැගී ඇත. එය ට ප්‍රධාන ම හේතුව වන්නේ බුදුදහම දේවවාදීත්වය ප්‍රතික්ෂේප කරමින් වෙනස් ම ධර්මයක් ලොව ට විද්‍යමාන කරවන බැවිනි. ඇතැම් දෙනා විවාහ වීමේදී ස්වකීය ආගම උකස් කරති. භෞතික අරමුණු උදෙසා, ලෙඩ රෝග සුව කර ගැනීම උදෙසා, නැතිබැරිකම් උදෙසා, ආගම විකුණති. මෙය ට විරුද්ධ ව විශාල බෞද්ධ බලවේගයක් ගොඩනැගෙමින් ද, ඇත. මෙ හි දී කිවයුත්තක් ඇත. එ නම් බුදුදහම මෙ ම බලවේග කිසිවකින් විනාශ කළ නො හැකි ය. එ සේ නම් බුදුදහම විනාශ වන්නේ කෙ සේ ද? දැන් අපි මාතෘකාව ට එළඹෙමු.
බුදුදහම අනාගතයේ විනාශ වන්නේ සසුන ගත වන භික්ෂුන් වහන්සේලා ගෙන් බව බුදුරජාණන් වහන්සේ සුත්‍ර දේශනා ගණනාවක දී ම දේශනා කර ඇත. මෙ හි දී අතීතයෙන් ගතයුතු යමක් ඇත. ධර්මාශෝක රජ සමයේ ප්‍රත්‍යයන් ට ලොල් වූ භික්ෂුන් නිසා ඇති වූ ශාසන විනාශය එ තෙක් බුදුදහම ට ඇති වූ අන්‍යාගමික බලපෑම්වල ට වඩා විශාල බව සිහිපත් කළ යුතු ය. පළමු ව මේ පිළිබඳ ව උදාහරණයකින් කියන්නම්. ඔබේ ගෙදර කාටහරි යම් අනතුරක් සිදු කරන්න ට අවශ්‍ය නම් එය සිදු කළ හැකි පහසු ම කෙනා කවුද? වෙනත් රටක සිටින්නෙකු ට වඩා මෙ රට සිටින්නෙකු ට එය පහසු ය. මෙ රට කොහේ හෝ සිටින්නෙකු ට වඩා ඔබේ පළාතේ සිටින්නෙකු ට එය තව ත්, පහසු ය. ඔබේ පළාතේ සිටින්නෙකු ට වඩා අසල්වැසියකු ට එය තව ත්, පහසු ය. ඊට ත්, වඩා ඔබේ නිවසේ ජීවත් වන අයකු ට තව ත්, පහසු වේ. එයින් පෙනී යන්නේ යමක් විනාශ කිරීම ට නම් එය ට වඩාත් ලංවීම තුළින් එය ඉටු කර ගැනීම පහසු වන බව යි. ඒ අනුව ඉහත සඳහන් කරන්න ට යෙදුනු කරුණ වටහා ගත යුතු ය. එ නම් භික්ෂුන් වහන්සේලා ට සහ බෞද්ධ ගිහියන් ට බුදුදහම පහසුවෙන් විනාශ කළ හැකි බව වැටහී යා යුතු ය.
දුසිල්වත් පැවිද්දන් සම්බන්ධයෙන් ගිහියන් ට චෝදනා කල හැකි ද?
දීඝ නිකායේ ලෝහිච්ච සුත්‍රයේ සඳහන් කරුණු කිහිපයක් පළමු ව සිහිපත් කරමි. "ලෝහිච්චය, මේ ලෝකයේ චෝදනා කිරීම ට සුදුසු වූ අනුශාසකයෝ තුන්දෙනෙක් ඇත්තා හ. යමෙක් එ බඳු වූ ශාස්තෘවරුන් ට චෝදනා කෙරේ ද, ඒ චෝදනා ඇත්තක් ම ය. ධර්මය ට එකඟ ය. නිවැරදි ය. කවර තුන්දෙනෙක් ද, යත් ලොහිච්චය, ලෝකයේ යම් අනුශාසකයෙක් යම් ප්‍රයෝජනයක් සඳහා ගිහි ගෙයන් නික්ම ශාසනයේ මහණ වේ ද, ඔහු ඒ ශ්‍රමණභාවයේ හි ඵලය වන රහත් බව නො ලබන ලද්දේ වේ ද, ඔහු ඒ රහත් බව ට නො පැමිණ ශ්‍රාවකයන් ට තොප ට මෙය හිත පිණිස ය, තොප ට මෙය සැප පිණිස ය, යි ගෝලයන් ට ධර්මය දේශනා කරයි ද, ඔහු ගේ ගෝලයෝ එය ට කන් භික්ෂුන් වහන්සේලා පිළිබඳ ව ගිහියන් ට චෝදනා කිරීමේ අයිතියක් නැති නො නමත් ද, එ ම ධර්මය දන ගැනීම පිණිස සිත නො පිහිටුවත් ද, අනුශාසකයා ගේ අනුශාසනයෙන් ඉවත් ව පවතී ද, ඔහු චෝදනා කටයුතු වන්නේ ය."
ලොහිච්චය, නැවත අනිකක් කියමි. ලෝකයේ යම් අනුශාසකයෙක් යම් ප්‍රයෝජනයක් සඳහා ගිහි ගෙයන් නික්ම ශාසනයේ මහණ වේ ද, ඔහු ඒ ශ්‍රමණභාවයේ හි ඵලය වන රහත් බව නො ලබන ලද්දේ වේ ද, ඔහු ඒ රහත් බව ට නො පැමිණ ශ්‍රාවකයන් ට, තොප ට මෙය හිත පිණිස ය, තොප ට මෙය සැප පිණිස ය, යි ගෝලයන් ට ධර්මය දේශනා කරයි ද, ඔහු ගේ ගෝලයෝ එය ට කන් නමත් ද, එ ම ධර්මය දන ගැනීම පිණිස සිත පිහිටුවත් ද, අනුශාසකයා ගේ
අනුශාසනයෙන් ඉවත් ව නො පවතී ද, ඔහු චෝදනා කටයුතු වන්නේ ය."
"ලොහිච්චය, ලෝකයේ යම් අනුශාසකයෙක් යම් ප්‍රයෝජනයක් සඳහා ගිහි ගෙයන් නික්ම ශාසනයේ මහණ වේ ද, ඔහු ඒ ශ්‍රමණභාවයේ හි ඵලය වන රහත් බව ලබන ලද්දේ වේ ද, ඔහු ඒ රහත් බව ට පැමිණ ශ්‍රාවකයන් ට, තොප ට මෙය හිත පිණිස ය, තොප ට මෙය සැප පිණිස ය, යි ගෝලයන් ට ධර්මය දේශනා කරයි ද, ඔහු ගේ ගෝලයෝ එය ට කන් නො නමත් ද, එ ම ධර්මය දන ගැනීම පිණිස සිත නො පිහිටුවත් ද, අනුශාසකයා ගේ
අනුශාසනයෙන් ඉවත් ව පවතී ද, ඔහු චෝදනා කටයුතු වන්නේ ය."
මෙය පළමු ව සඳහන් කරන්න ට යෙදුනේ භික්ෂුන් වහන්සේලා පිළිබඳ ව ගිහියන් ට චෝදනා කිරීමේ අයිතියක් නැති බව කෙනෙක් සිතන්නේ නම් එය වැරදි බව පෙන්වා දීම ට ය. මෙ හි දී සඳහන් කරන්නේ සුපේසල ශික්ෂාකාමී තෙරුන් වහන්සේලා පිළිබඳ ව නම් නො වන බව කිව යුතු ම ය.
බුදුසසුනේ ආයුෂය
බුදුසසුනේ ආයුෂය විනය යි. සැරියුත් මහරහතන් වහන්සේ වරක් බුදුරදුන් ඉදිරිය ට පැමිණ මෙ සේ විමසන ලදී. "ස්වාමීනි කිනම් භාග්‍යවත් බුදු කෙනෙකු ගේ ශාසනය බොහෝ කල් නො පැවැත් වේ දැ" යි ආදී වශයෙන් විමසූ කල බුදුරජාණන් වහන්සේ මෙ සේ වදාළ සේක.
"ශාරිපුත්‍රය, විපස්සී භාග්‍යවතුන් වහන්සේ ද, සිඛී භාග්‍යවතුන් වහන්සේ ද, වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ ද, ශ්‍රාවකයන් ට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්න ට වෙහෙසුනා හු ය. ශ්‍රාවකයන් ට ශික්ෂා පද නො පනවන ලදී. ප්‍රාතිමෝක්ෂය නො දෙසන ලදී. ඒ භාග්‍යවත් බුදුවරුන් ගේ පිරිනිවීමෙන්, බුදුන්ගෙන් අසා අවබෝධ කරගත් ශ්‍රාවකයන් ගේ පිරිනිවීමෙන් අනතුරු ව යම් ඒ පසු ව සිටි ශ්‍රාවක කෙනෙක් ඇත් ද, නොයෙක් නම් ඇත්තා හු, නොයෙක් ගෝත්‍ර ඇත්තා හු, නොයෙක් ජාති ඇත්තා හු, නොයෙක් වංශවලින් පැවිදි වූවා හු, ඒ ධර්මය වහා අතුරුදහන් කළා හු ය. ශාරිපුත්‍රය, යම් සේ නොයෙක් මල් තැටියක් හි දමන ලද්දා හු නූලකින් නො අමුණන ලද්දා හු වාතය ට විසුරුවා හරින සේ විසුරුවයි ද, පිඹහරීයි ද, වනසයි ද, එ සේ ම ඒ භාග්‍යවත් බුදුවරුන් ගේ නැති වීමෙන් නොයෙක් නම් ඇත්තා හු, නොයෙක් ගෝත්‍ර ඇත්තා හු, නොයෙක් ජාති ඇත්තා හු, නොයෙක් වංශවලින් පැවිදි වූවා හු ඒ ශ්‍රාවකයෝ, ධර්මය වහා අතුරුදහන් කළා හු ය."
එ මෙන් ම ප්‍රතිමොක්ෂය දේශනා කළ නිසා කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරුන් ගේ ශාසනය බොහෝ කල් පැවති බව ද, දේශනා කරන ලදී. බුදුවරුන් ගේ ශාසනයේ පැවැත්ම තීරණය වන්නේ විනය ප්‍රාතිමොක්ෂයෙන් බව බුදුරදුන් මෙ සේ විනය පිටකයේ භික්ෂු විභංගයෙන් දේශනා කර ඇත. එයින් ගම්‍ය වන්නේ බුදුවරුන් ගේ ශාසනය කෙරෙහි, ශාසනයේ ආයුෂය කෙරෙහි විනය තරමට බලපානා අනෙකක් නො වන බව යි.
දුසිල්වතුන් බුදුදහම වනසන හැටි.
චෝරබල සුත්‍රයේ මෙ සේ දේශනා කර ඇත. "මහණෙනි, යම් කාලයක් හි සොරු බලවත් වූවා හු ද, රජවරු දුර්වල වූවා හු වෙත්. රජවරුන් ට ඇතුළු නුවර ට පිවිසෙන්න ට හෝ පිටවන්න ට, හෝ අවස්ථාව නො ලබති. සොරුන් ට භය වී අවනත වේ. එ සේ ම යම් කාලයක පාපී භික්ෂුහු බලවත් වේ ද, සිල්වත් භික්ෂූහු දුර්වල වෙති. සඟ මැද නිහඬ ව දුර්මුඛ ව සිටිති. මෙය බොහෝ දෙනා ට අහිත පිණිස පවතින්නේ ය," යි දේශනා කරන ලදී.
අංගුත්තර නිකායේ දුක නිපාතයේ පරිසවග්ගය සුත්‍රවල විවිධ පිරිස් පිළිබඳ ව දේශනා කර ඇත. එ ම සුත්‍ර සියල්ලක ම එකිනෙක ප්‍රතිවිරුද්ධ පිරිස් දෙකක් පිළිබඳ ව දේශනා වේ. මෙ හි දක්වන්නේ එයින් දුසිල්වත් පිරිස පිළිබඳ ව පමණි.

"මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්, වර්ග වූ අසමගි පිරිස හා සමගි පිරිස යනුවෙනි. අසමගි පිරිස කවරේ ද, යත්, මහණෙනි, මේ ශාසනයෙ හි යම් භික්ෂු පිරිසක් හටගත් දබර ඇත්තාහු, හටගත් කොලාහාල ඇත්තාහු, විරුද්ධ වාදය ට පැමිණියා හු, එකිනෙකා වචන නමැති සතවලින් යුතු ව වාසය කෙරේ ද, මේ වර්ග වූ අසමගි පිරිස යි." [ වග්ගාපරිස සුත්‍රය]

"මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්, ආර්ය වූ පිරිස හා අනාර්ය වූ පිරිස යි. මහණෙනි, ආර්ය වූ පිරිස කවරේ ද යත්, පංචස්කන්ධය දුක ය යි, ඇතිසැටියෙන් නො දනිත් ද, තෘෂ්ණාව දුක් හටගැනීමේ හේතුව වශයෙන් ඇතිසැටියෙන් නො දනිත් ද, තෘෂ්ණාව නිරෝධයෙන් දුක් නැසීම ය යි, ඇති සැටියෙන් නො දනිත් ද, මේ ආර්යෂ්ඨාංගික මාර්ගය දුක් නිරුද්ධ කරන මාර්ගය යනුවෙන් ඇතිසැටියෙන් නො දනිත් ද, මහණෙනි මේ ආර්ය නො වූ පිරිස ය, යි කියනු ලැබේ". [අරිය සුත්‍රය]

"මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්, හික්මවන්න ට නො හැකි වූ පිරිස හා හික්මුනා වූ පිරිස යනුයි. මහණෙනි, මේ හික්මවන්න ට නො හැකි වූ පිරිස නම් ගැඹුරු වූ, ගැඹුරු අර්ථ ඇත්තා වූ ලොකොත්තරාර්ථ දක්වන්න වූ, ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ, යම් ඒ සුත්‍රාන්තයන් වේ ද, ඒ සුත්‍රාන්තයන් කියන කල් හි සතුටින් නො අසත් ද, කන් නො නමත් ද, සිත එළවා නො තබත් ද, ඉගෙන ගතයුතු ධර්මයන් නො ඉගෙන, ශාසනයෙන් බැහැර වූ බාහිර ශ්‍රාවකයන් විසින් කියන ලද්දා වූ යම් ඒ සුත්‍රාන්තයන් වේ ද, ඒ කෙරෙහි සතුටු සිත ඇති ව කන් යොමු කරත් ද, සැකය ට හේතු වන කරුණු පිළිබඳ නො විමසත් ද, ධර්මයන් කෙරෙහි සක පහ නො කරත් ද, මේ නො හික්මුනා වූ පිරිස වේ." [උක්තා සුත්‍රය]
"මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්, සිව්පසය ගරු කොට ඇත්තා වූ දහම් ගරු කොට නැත්තා වූ පිරිස හා සිව්පසය ගරු කොට නැත්තා වූ දහම් ගරු කොට ඇත්තා වූ පිරිස වේ. මහණෙනි, සිව්පසය ගරු කොට ඇත්තා වූ දහම් ගරු කොට නැත්තා වූ පිරිස කවරේ ද යත්, සුදුවත් හඳිනා ගිහියන් ඉදිරියේ එකිනෙකා ගේ ගුණ දොස් කියමින් අසවල් භික්ෂුව ප්‍රඥාවෙන් මිදුනේ වෙයි, අසවල් භික්ෂුව කයින් ධ්‍යාන ස්පර්ශ කොට නිවන ප්‍රත්‍යක්ෂ කළේ ය යි ද, අසවල් භික්ෂුව මාර්ග දෘෂ්ටිය ට පැමිණියේ ය, අසවල් භික්ෂුව ශ්‍රද්ධාවෙන් මිදුනේ ය, අසවල් භික්ෂුව ශ්‍රද්ධානුසාරී ය, අසවල් භික්ෂුව සිල්වත් ය, අසවල් භික්ෂුව ලාමක ගති ඇත්තේ ය, අසවල් භික්ෂුව දුස්ශීල ය, අසවල් භික්ෂුව ඔවුන් ගේ ගුණාගුණ කීමෙන් සිවුපස ලබත්, ය යි ද, කියමින් සිටින භික්ෂුව ආමිෂය ගරුකොට ඇත්තාවූ, සදහම් ගරුකොට නැත්තා වූ පිරිස ය යි කියනු ලැබේ. [ආමිසගරු සුත්‍රය]
"මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්, විසම වූ පිරිස හා සම වූ පිරිස යි. විසම පිරිස කවරේ ද, යත් මහණෙනි, මේ ශාසනයෙ හි පිරිස් හි අධර්ම කර්මයෝ පවතිත් ද, ධර්ම කර්මයෝ නො පවතිත් ද, විනය විරුද්ධ කර්මයෝ පවතිත් ද, විනය කර්මයෝ නො පවතිත් ද,අධර්ම කර්මයෝ බබළත් ද, ධර්ම කර්මයෝ නො බබළත් ද, මේ විසම වූ පිරිස වේ. [විසමපරිස සුත්‍රය]
"මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්, ධාර්මික පිරිස හා අධාර්මික පිරිස යි. මහණෙනි, මේ ශාසනයෙ හි පිරිස් හි අධර්ම කර්මයෝ පවතිත් ද, ධර්ම කර්මයෝ නො පවතිත් ද, විනය විරුද්ධ කර්මයෝ පවතිත් ද, විනය කර්මයෝ නො පවතිත් ද,අධර්ම කර්මයෝ බබළත් ද, ධර්ම කර්මයෝ නො බබළත් ද, මේ අධාර්මික පිරිස යි. [අධම්මික සුත්‍රය]
මේ අයුරින් භික්ෂුන් වහන්සේලා තුළ පැවතිය හැකි කරුණු රැසක් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. මෙවැනි චරිතවලින් යුතු භික්ෂූහු අඩු වැඩි වශයෙන් බුදු සමයේ ත්, මෙ සමයේ ත්, අනාගතයේ ත්, සිටින්නේ ය. මේ අයුරින් කොතෙකුත් දුස්ශිල වුව ද, භික්ෂුව ගිහියන් ට වඩා උසස් බව කිව යුතු ම ය.
වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා රට කරවන්න ට යති. තව ත්, භික්ෂුන් වහන්සේලා රුපියල්වලින් ධර්මය වෙන්දේසි කරති. ඇතැම් භික්ෂුන් වහන්සේලා චීවරය පවා නො දරන්නේ ය. ඇතැම් භික්ෂුන් වහන්සේලා බුදුදහමින් අභිධර්මය ඉවත් කරන්න ට උත්සහ දරති. මේ සියල්ලෙන් ම විද්‍යමාන වන්නේ කොසොල් රජු ගේ එකොලොස් වන සිහිනය සත්‍ය වෙමින් පවතින බව පමණි.
බුදු සසුන ආකාර පහකින් අනාගතයේ පිරිහී යන බව සඳහන් වී ඇත. ඒ පිළිබඳ ව සවිස්තර ව ලියැවුණු මෙ ම ලිපිය කියවන්න.
(01)ප්‍රතිවෙධ අන්තර්ධානය
(02)ප්‍රතිපත්ති අන්තර්ධානය
(03)පර්‍යප්ති අන්තර්ධානය
(04)ලිංග අන්තර්ධානය
(05)ධාතු අන්තර්ධානය
(01)ප්‍රතිවෙධ අන්තර්ධානය
(02)ප්‍රතිපත්ති අන්තර්ධානය
(03)පර්‍යප්ති අන්තර්ධානය
(04)ලිංග අන්තර්ධානය
(05)ධාතු අන්තර්ධානය
අපි කුමක් කරමු ද?

මේ ලිපිය කියවා යමෙකු ට නො කියවීමේ නිදහස ඇත. මේ ලිපිය කියවා යමෙකු ට මේ කරුණු මෙතෙකින් අමතක කළ හැකි ය. තවත් අයෙකු ට මේ කරුණු ඉතා හොඳින් මතක තබා ගෙන තවත් අයෙකු ට පැහැදිලි කළ හැක. තව ත්, කිහිප දෙනෙකු භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරගන්න ට යම් දෙයක් සිදු කළ හැක. කෙ සේ නමුත් බුදුදහම විනාශ වී යාම නම් බුදුරජාණන් වහන්සේ ට වත් වැළැක්විය නො හැක. යථාර්ථ වූ අනිත්‍යය නම් එය යි. එ සේ හෙයින් සම්බුදු සසුන ලොව විරාජමාන ව වැඩසිටින මේ සමයේ නිවන සඳහා පියවරක් හෝ ඉදිරිය ට තබන්නේ නම් මේ ලිපියේ අවසාන අරමුණ එය යි.
තෙරුවන් සරණ යි!
GODAK HODA LIPIYAK DIGATAMA KRAGENA YANNA
ReplyDeleteපැහැදිලි කිරීම ගැන ස්තුතියි ......
ReplyDeletegodak hodai....ape boho hamuduruwo salli walata yata wela....namuth budu dahama tharam pivithuru hamuduruwoth nathuwa newei,,, ape budu dahama api ekathu wela raka ganimu...budu saranai....
ReplyDelete