නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මට ආදරේ නම්... 01 කොටස හා මට ආදරේ නම්... 02 කොටස කියවූ අය නම් මේ වන විට "මම" ගැන හොඳ ට දන්නවා ඇති. මං ගැන කියවපු බොහෝ දෙනෙක් මට ආස නැහැ. එත් තවම ත්, මට ආදරය කරන අය ඉඳීවි. ඒ අය වෙනුවෙනුයි මේ ලිපිය ලියන්නේ. මට ආදරය කරන අය ත්, මට ආදරය නැති අය ත්, මේ ලිපිය කියවලා මට ආදරය කළ යුතු ද? නැති ද? කියන එක හිතලා බලන්න.
මෙ හි දක්වන ඡායාරූප අතිශයින් පිළිකුල් සහගත වුව ත්, මෙය යි "මම" කියන කෙනා ගේ සැබෑ තත්වය. යථාර්ථය දරන්න ට නො හැකි අය මෙ ම ලිපිය කියවන විට ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.!
අන්ත්‍ර
අතුණු, බඩවැල්, ලෙසින් ද, හැඳින්වෙන අන්ත්‍ර වර්ණයෙන් සුදු පැහැති ය. ලේවලින් නැහැවී ඇති සර්පයෙක් වැනි ය. ක්ෂුද්‍රාන්ත්‍රය සහ මහාන්ත්‍රය ලෙස මෙ හි ප්‍රධාන කොටස් දෙකකි. ඒ ඒ කොටස්වලින් සිදු කෙරෙන්නේ අප ගන්නා ආහාරද්‍රව්‍යවල ඇති පෝෂක කොටස් අවශෝෂණය කර ගැනීම යි. ඛේටය සමග මුසු වූ අර්ධ තරලමය ආහාර ආමාශය ට පැමිණ එ හි දී තරමක් දුර ට ජීර්ණය වී අනතුරු ව ක්ෂුද්‍රාන්ත්‍රය සහ මහාන්ත්‍රය වෙත පිළිවෙලින් ආහාරය පැමිණේ. එ හි දී ආහාරය සම්පූර්ණයෙන් ම ජීර්ණය වේ.
මේ වන විට ඇත්තේ අප අනුභව කළ රසවත් ප්‍රනීත ආහාරය නො වේ. දියාරු ගතියෙන් යුතු, දුගඳ හමන ද්‍රව්‍යයකි. අන්ත්‍ර සැම විට මෙයින් පිරී ඇති නිසා ඉතා අපිරිසිඳු බව පැහැදිලි වේ. "මගේ බඩවැල්" ද, මෙ සේ පිළිකුල් බව සිහිපත් කළ යුතු ය.
![]() |
![]() |
![]() |
ඡායාරූප : පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත "පටික්කූලමනසිකාර භාවනාව" ග්‍රන්ථයෙනි |
අන්ත්‍ර රඳවා පවත්වා ගන්න ට උපකාර වන්නේ අතුණුබහන් ය. අතුණුබහන් පිළිකුල් සුදු පැහැයෙන් යුතු ය. අන්ත්‍රවල නැමුම් ඇති තැන්වල ට මේවා සම්බන්ධ ව ඇත. මෙ ම පටලය උදර පටලය ට සහ අන්තරවල ට සම්බන්ධ ව ඇත. "මගේ උදරයේ අතුණුබහන්" මේ අයුරින් මහත් පිළිකුල් බවින් යුක්ත ය.
නො දිරූ ආහාර
අප අනුභව කළ ආහාරය ට සමාන වර්ණයෙන් යුතු ය. උදරයේ අන්ත්‍ර තුළ පිහිටා තිබේ. මේවා අන්ත්‍රයෙන් නිපදවන විවිධ ජීර්ණ එන්සයිම සමග එක් ව ඇති බැවින් අර්ධ තරලමය ස්වභාවයෙන් යුක්ත ව ඇත. ඉතා දුර්ගන්ධයෙන් යුක්ත ය. මා ගන්නා ඉතා ප්‍රණිත ආහාර ත් අන්තරය තුළ දී මෙ ම තත්වය ට පත් වන බව සිහිපත් කළ යුතු ය. මගේ සිරුරේ ත්, මේ වැනි පිළිකුල් බැවින් යුතු නො දිරූ ආහාර "මගේ සිරුර තුළ" ත් පවතින බව සිහි කළ යුතු ය.
අප ගත් ආහාරයේ වර්ණය ට සමාන ය. කිරිමැටි පිඬක් බඳු ස්වභාවයක් ඇත. ඉතා ම දුර්ගන්ධයෙන් යුක්ත ය. අන්ත්‍ර තුළ දී විවිධ ක්‍රියාවලි රැසක ට ලක් වී ඇති නිසා ඉතා පිළිකුල් ස්වභාවයක් ගනී. මෙ ම රුඋපයේ පරිදි ම මහත් වූ පිළිකුල් ස්වභාවයක් ගනී. මම ගත් ආහාර ත්, "මගේ සිරුර තුළ" මේ තත්වය ට පත් වේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgunvTlm5rpKgLxs1ZLKYq3gQJf2Yf3KcjzFpihFG4iaj2iXTj3aZ-GPD6Ic0V2PU5E3E7dwcj8n8Kt8VL3oLTXq-WCLI_bsMZMcpfcV7bcvhGLS_0zbJ2LJc0DwKI1roGsz_QEsSZlVGY/s320/g.png)
හිස්කබල තුළ මොළය පිහිටා ඇත. සුදු පැහැයෙන් යුක්ත ය. සම්පුර්ණයෙන් ම මසින් නිර්මාණය වී ඇති මොළය කුඩා ගොඩලි බඳු ඛාතවල ට වෙන් වී ඇත. මොළය තුළ ස්නායු රාශියක් ද, මස්තිෂ්ක සුෂුම්නා තරලය ද, රුධිර වාහිනී රාශියක් ද, සමන්විත ව ඇත. එ තරම් ගනකම් නැති එබෙනසුළු (ස්පොන්ජි වැනි) ව්‍යුහයකි. "මගේ මොළය" ද, මෙ සේ ම පිළිකුල් බවින් යුක්ත වන බව සිහිපත් කළ යුතු ය.
පිත
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQjLZJ69gaXqV7oxWkg0CekloAZjT3-7wh1OuiZnNzzCcOD5HMlOuIRN7x1oyMaypMUuajdQuq8abFKjk9n8O-PpqscroGdOKq6pZHttd2hG5dMfzkzDC2WfvocBe6iIeuKonFN24n6rc/s320/gross3.jpg)
සෙම
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGi50rpSv8s2c_Kjc3lEQLRBxPm_a8_G7HRaijgYGl2BRSj_LMkR_TNECMCcs47k5DdqU1kepyC2BXOZUbE1HzLbHPNFLVIfShsFClBCb46b9beVRQqNS2jpqTq3Hzuhk1FzjTKybyU_I/s320/220px-Phlegm.jpg)
සැරව
අප්‍රසන්න කහ පැහැයකින් යුක්ත වේ. සැරව ශරීරයෙ හි නිබඳ ව රැස් වීපවතින තැනක් නැත. කටු, අවි, ගිනි ආදියෙන් හානි වූතැන්වල ද, ගෙඩි, පිළිකා ආදිය ඇති තැන්වල ද, ලේ කැටිගැසී නරක් වී සැරව බව ට පත් වේ. "මගේ සිරුර පුරා ඇති සැරව" ද, මේ ලෙසින් බව අවබෝධ කර ගත යුතු ය.
රුධිරය
ලේ හෙවත් රුධිරය රතු පැහැයෙන් යුක්ත ය. රතු පැහැ වන්නේ වර්ණක නිසා ය. රුධිරයේ අන්තර්ගතයෙන් 90% පමණ ජලය පවතී. කෙස්, ලොම්, නිය ආදී තැන් කීපයක් හැරුණු විට සමස්ත ශරීරය පුරා ම පැතිර පවතී. ධමනි, ධමනිකා, ශිරා, අනුශිරා, කේෂනාලිකා යන රුධිර නාල තුළින් මෙ ම රුධිරය මුළු දේහය පුරා ම සංසරණය වේ. සිරුරේ නිපදවෙන සියලු අපද්‍රව්‍ය පරිවහනය වන්නේ ද, අප ගන්නා ආහාරවල අවශෝෂිත කොටස් පරිවහනය වන්නේ ද, රුධිරය හරහා ය. දේහයේ සෑම කුල් ද්‍රව්‍ය පරිවහනය කරන "මගේ රුධිරය" ත්, මෙ සේ ම පිළිකුල් ය.
මෙ ම ලිපිය තුළින් අප සාකච්ඡා කළේ තවදුර ට ත්, සිරුරේ ඇතුළත ව්‍යුහයන් ගේ තිබෙණ පිළිකුල්භාවය සම්බන්ධයෙනි. "මම" කියන්න ට තවදුර ට ත්, යමක් ඉතිරි ව ඇත්නම් ඒ මෙ ම කුණපයන් ගේ එකතුව පමණි. මෙවැනි පිළිකුල් සිරුරක් ඇති මට තවදුර ට ත් ආදරය කරන්න ට කෙ සේ නම් හැකි ද?
මෙ ම ලිපි පෙලෙ හි අවසාන ලිපිය මීළඟ ලිපිය යි. එ හි දී ඉතිරි කුණප කොටස් පිළිබඳ ව සහ පිළිකුල් භාවනාව තුළින් චතුරාර්ය සත්‍යය අවබෝධය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරත්තු වේ.
තෙරුවන් සරණ යි!
මෙ ම ලිපි පෙලෙ හි අවසාන ලිපිය මීළඟ ලිපිය යි. එ හි දී ඉතිරි කුණප කොටස් පිළිබඳ ව සහ පිළිකුල් භාවනාව තුළින් චතුරාර්ය සත්‍යය අවබෝධය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරත්තු වේ.
තෙරුවන් සරණ යි!
No comments:
Post a Comment