නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මම මට, "මම" කියන්නේ ඇයි?
ඕනෑ ම සත්වයකු ට අරමුණු ලබා ගැනීම සඳහා සිත හා ඒ සමග බැඳි කුමන ආකාරයක හෝ කයක් අවශ්‍ය වේ. ශරීරයක් තරම් සත්වයා ට වැදගත් තව ත්, යමක් නැත. මරණය ට පත් වන විට ශරීරය අතහරියි. එ විට පහල වන චුති සිතේ සිට ප්‍රතිසන්ධි සිතක් ඇතිවන තුරු සිත සුළඟ ට වැනෙන පරඞැලක් සේ ඒ මේ අත යමින් මහත් අසහනයකින් යුක්ත ව පවතී. ඒ නිසා ම ශරීරයක අවශ්‍යතාවය දැනෙන සත්වයා ගේ සිත කර්මානුරූපී ව මව් කුස ට බැසගෙන නව භවයක් කරා යයි. ඒ නිසා තමා ආදරය කරන තමා ට "මම" කියන නමින් කතා කරනවා. යමෙකු ට "මම" කියලා ලෝකයේ කතා කරන්න පුළුවන් එක් අයකුට විතරයි. එයින් ම මම මට ආදරය කරන තරම පෙනී යයි. වෙනත් අයකු ට ආදරය කරන්න ට ද, තමා ගේ ශරීරය අත්‍යවශ්‍ය වේ. එ සේ හෙයින් දැන් බලන්න ට යන්නේ "මම" හැදුණු දේවල් ගැන යි.
"මම" හැදුණු කොටස් තිස් දෙකක් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයෙන් දේශනා කර ඇත. මෙ සේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරන්න ට යෙදුනේ ගිරිමානන්ද තෙරුන් ට ඇති ව තිබූ ශරීර ආබාධය දුරු කරවීම පිණිස ය.
"ආනන්දයිනි, මේ සස්නෙ හි මහණ පා තලයෙන් උඩ කෙස්මතුයෙන් යට සම හිමි කොට ඇති නානාප්‍රකාර අසූචියෙන් පිරි මෙ ම කය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ය. මේ කයෙ හි කේශයෝ ය, රෝමයෝ ය, නිය ය, දත් ය, සම් ය, මාංශ ය, නහර ය, ඇට ය, ඇට මිදුලූ ය, වකුගඩු ය, හෘදය ය, අක්මාව ය, දලබු ය, බඩවැල් ය, පෙනහැලි ය, අතුනු ය, අතුනුබහන ය, උදරය ය, පුරීෂය ය, පිත ය, ශ්ලේෂ්මලය ය, පූයා ය, ලේ ය, සෝදි ය, මේද ය, කඳුළු ය, වසා ය, කෙල ය, මුකුණු ය, සඳ මිදුලූ ය, මුත්‍ර ය, යන මේවා ඇතැ යි, මෙ සේ කයෙ හි අශුභානුදර්ශී ව වාසය කරයි."

මෙ ම ලිපියෙන් කෙස්, ලොම්, නිය, දත්, සම සහ මස් පිළිබඳ ව විමසා බලෙන අතර ඉදිරි ලිපිවලින් අනෙකුත් කොටස් පිළිබඳ විමසා බැලීම ට මා බලාපොරොත්තු වේ. මේ එක එකක් පිළිබඳ ව අපි තවදුර ට ත්, විමසා බලමු.
නිල්වන් කෙස් කළඹක්

ලොම් මේ වගේ

බලන්-නිය දෙස මෙ ලෙසින්
නියපොතු විස්ස සාමාන්‍යයෙන් සුදු පැහැති ය. ඇඟිලි අග මතුපිට පිහිටා ඇත. නියපොතු පිළිබඳ ඇතැම් දෙනා, විශේෂයෙන් ම කාන්තාවන් සැලකිලි දක්වයි.

"සිනා බෝ වන්න ට" දත් අවශ්‍ය ම දෙයකි. පිරිපුන් දත් ඇතියෙකුට දත් දෙතිසක් ඇති අතර ඒවා සාමානය්‍යයෙන් සුදු පැහැති ය. දත් වර්ග කිහිපයක් ම ඇති අතර ඒ ඒ දත්වලින් සිදුවන කෘත්‍යයන් අනුව ඒවා හැඩගැසී ඇත. ඔබ දිනක් හෝ දත් මදින්නේ නැති ව සිටියහොත් කුමක් නම් දැනෙන්නේ ද? ඉතා විශාල පිළිකුල් බවකි. මෙ සේ "මගේ දත්" පිළිබඳ ව මෙ සේ පිළිකුල් බව සිහිකට යුතු ය.
සුසිනිඳු දීප්තිමත් සමක්
මුළුමහත් ශරීරය වෙළා පවතින සම, කළු, දුඹුරු ආදි වර්ණයන්ගෙන් යුතු සියුම් ස්ථරයකි. එ ම ස්තරය ට යටින් පිහිටි සම සාමාන්‍යයෙන් සුදු පැහැති ය. අපේ සමේ මතුපිට ස්තරයන් අජීවී ය. එ නම් මිය ගොස් ඇත.

මස් 1kg කීය ද?
මිනීමස් තවම කිලෝ ගණනින් අලෙවි නො කළ ද, ඇතැම් අය වෙනත් සතුන් ගේ මස් කිලෝ ගණනින් මිල ට ගෙන රස කරකර කන්නේ මේ බව දැන දැන ම ය. සාමාන්‍යයෙන් මස්පිඬු රතු රෝස පැහැති ය. ශරීරයෙහි පිහිටි ඇට තුන්සියයක ට වැඩි වූ
ඇටසැකිල්ල ආලේප කරමින් පිහිටා ඇත. අනෙක් සතුන් ගේ මස් ද, මීට සමාන ය. තරමක් ගැඹුරට සිදුවන තුවාලයක දී මස්පිඬු දැකිය හැක. එ හි අප්‍රසන්න බව කොතරම් දැ යි මෙ ම රූපයෙන් පෙනෙනු ඇත. "මගේ ඇඟේ මස්" පිළිබඳ ව මෙ සේ සිහිපත් කළ යුතු ය.

මේ අනුව පිටතින් අපි දකින, අපි ඇලෙන, අපි ආදරය කරන බොහෝ දේවල්වල ඇතුළත මෙ සේ බව ඔබ ට වැටහෙනු ඇත. අපි හැම දෙනා බොහොම හොඳින් රැක බලා ගන්නා, හැම දා ම කවන පොවනා, සුවඳවත් කරන මේ දෙතිස් කුණපයන් ගෙන් සැදි මේ සිරුර මෙ සේ අනිත්‍යතාවයෙන් යුතු වන බව අප මතක තබා ගත යුතු ය. මෙනයින් ඔබ මම, ඔබේ සහ මගේ ශරීර නැමති ලෝකය පිළිබඳ ව සිහි කළ යුතු ය.
දැන් ඔබ "මගේ", "මම" කියූ මට, ආදරෙයි ද? නැත් ද? කියා සිතා බලන්න.
පිළිතුර :-ඔබ මට ආදරේ නැති නම් මීළඟ ලිපිය කියවා බලන්න.
පිළිතුර :-ඔබ මට ආදරේ නම් ඒත් මීළඟ ලිපිය කියවා බලන්න.
මේ පිළිකුල් භාවනාව වැඩීම ට කාලය යි. යමෙක් පිළිකුල් භාවනාව මෙනෙහි කරයි නම්, හෙතෙමේ නිවන් දැකීම ට පෙරාතුව ම නිවන් රසය වළඳන්නෙක් බව බුද්ධදේශනය යි. මෙ ම ලිපියේ අරමුණ වන්නේ ද, එය යි. මේ තුළින් සැම ට නිවන ම වේ වා! මීළඟ ලිපියෙන් හමුවන බලාපොරොත්තුවෙන් සැම ට....
තෙරුවන් සරණ යි!

ඇත්තටම ගොඩක් වටින ලිපියක්. අපි හිතන්නැති පැත්තක් ගැන ඔබ, හිතන්නැති විදියට ලියල තියෙනවා. මීළඟ ලිපිය ලියන තෙක් අප බලා සිටිනවා. ඔබට තෙරුවන් සරණයි.
ReplyDeleteobata godak pin thlina putha millagahawatta.
ReplyDeleteකාමයන්ම (ඇස,කන,නාසය,දිව,ශරීරය) පිනවන ක්‍රම හඳුන්වාදෙන සමාජයක මෙවන් ලිපියක් ලියූ ඔබට ගොඩක් පින්..!!!
ReplyDelete