නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiY26PPBruOQ3D0W_uqkifPbS44IOCajRebsFDz2LZccRkA3EJHDQmldWvirsedNFwmDuEQQHcp72dltrfWJJnBnPg0RgWwSpwrJvjK3s1B_vLh6BJm_WWQq7KTq-3_FnuUQRPwYRwd4Zo/s320/296462_220961847955415_100001248031176_679052_3218461_n+-+Copy.jpg)
බුද්ධ පූජාව පිළිබඳ බුදුන් ගේ ආකල්පය.
"යො කො ආනන්ද භික්ඛු වා භික්ඛුණී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්ම පටිපන්න්නෝ විහරති සාමීචිපටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරොති මානෙති පුජෙති පරමාය පුජාය පටිපත්ති පුජාය".
බුදුරාජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙ සේ දේශනා කර ඇත. මෙ ම පාඨය දැක්වෙන්නේ දීඝ නිකායේ මහාපරිනිබ්බාන සුත්‍රයේ ය. බුදුරදුන් පිරිනිවන් මංචකයේ වැඩසිටි මොහොතේ දසදහසක් සක්වල දෙවියන් බඹුන් පිරිවරමින් විශාල මල් පුජාවක් පවත්වන ලදී. දෙව් බඹුන් දිව්‍ය පරසතු මදාරා ආදී මල්වලින් බුදුනට පුදසත්කාර පිණිස පිරිනිවන් මංචකය අබියස අතුරන ලදී. ඇතැම් මල් තථාගත ශ්‍රී දේහය මත ට ද, වැටෙයි. විසිරී යයි. දෙවියන් විසින් තූර්ය වාදනයන් ද, ඉදිරිපත් කෙරෙයි. නමුත් බුදුරදුන් ගේ ආකල්පය වුයේ බුද්ධ දේශනාව වූයේ මෙය නො වේ. දිව්‍ය මල්, ගැයුම්, වැයුම් ආදියෙන් බුදුරදුන් වෙත නියමාකාරයෙන් සත්කාර, සම්මාන, පුජාවන් නො කළ හැකි බව දේශනා කර ඇත. සිව් පිරිස ධර්මානුචාරී ව ධර්මානුධර්ම ප්‍රතිපන්න ව සම්‍යක් ප්‍රතිපන්න ව වෙසෙයි නම් හෙතෙම තථාගත ගෞරව පුද සත්කාරය නියමාකාරයෙන් සිදුකළා වන්නේ ය, යනුවෙන් දේශනා කර ඇත.
බුදුරාජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙ සේ දේශනා කර ඇත. මෙ ම පාඨය දැක්වෙන්නේ දීඝ නිකායේ මහාපරිනිබ්බාන සුත්‍රයේ ය. බුදුරදුන් පිරිනිවන් මංචකයේ වැඩසිටි මොහොතේ දසදහසක් සක්වල දෙවියන් බඹුන් පිරිවරමින් විශාල මල් පුජාවක් පවත්වන ලදී. දෙව් බඹුන් දිව්‍ය පරසතු මදාරා ආදී මල්වලින් බුදුනට පුදසත්කාර පිණිස පිරිනිවන් මංචකය අබියස අතුරන ලදී. ඇතැම් මල් තථාගත ශ්‍රී දේහය මත ට ද, වැටෙයි. විසිරී යයි. දෙවියන් විසින් තූර්ය වාදනයන් ද, ඉදිරිපත් කෙරෙයි. නමුත් බුදුරදුන් ගේ ආකල්පය වුයේ බුද්ධ දේශනාව වූයේ මෙය නො වේ. දිව්‍ය මල්, ගැයුම්, වැයුම් ආදියෙන් බුදුරදුන් වෙත නියමාකාරයෙන් සත්කාර, සම්මාන, පුජාවන් නො කළ හැකි බව දේශනා කර ඇත. සිව් පිරිස ධර්මානුචාරී ව ධර්මානුධර්ම ප්‍රතිපන්න ව සම්‍යක් ප්‍රතිපන්න ව වෙසෙයි නම් හෙතෙම තථාගත ගෞරව පුද සත්කාරය නියමාකාරයෙන් සිදුකළා වන්නේ ය, යනුවෙන් දේශනා කර ඇත.
බුදුරාජාණන් වහන්සේ මලින් සුවඳින් පුදා පලක් නැති ද?
නැත. මෙ සේ සිතීම වැරදී සහගත ය. බුදුරදුන් කිසි ම අවස්ථාවක මෙ වැන්නක් දේශනා කර නැත. බුදුරාජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ආමිශයෙන් පුද සත්කාර කිරීම ට වඩා ප්‍රතිපත්තිගරුක ව බුදුන් පිදීම උතුම් වන බව යි. බුදුරදුන් මලින් පිදීම සුවඳින් පිදීම නො කළ යුතු කරුණක් බව එයින් දැක්වෙන්නේ නැත. තුන්ලෝකාග්‍ර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු දෙව් බඹුන් සහිත සකල ලෝක සත්වයින් ගේ ගෞරවය ට සම්මානය ට පුද සත්කාරය ට පාත්‍ර වන්නේ ය.
මේ හේතුව නිසා ම බුදුරදුන් ජේතවනයේ වැඩ නො සිටින අවස්ථාවල බුදුරදුන් වෙනුවට පිදීම සඳහා ආනන්ද බෝධිය ලෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ශාඛාවක් රෝපණය කිරීම සඳහා ආනන්ද තෙරුන් ට අවසර ලබා දෙන්නට ඇත. එ බැවින් අප තේරුම් ගත යුතු වන්නේ බුද්ධ පුජා ලෙස ආමිෂ පුජා ද, සිදු කළ හැකි බව යි. එයින් ද, නිවන සඳහා කුසල් සම්පාදනය කිරීමේ විශාල හැකියාවක් පවතින බව යි.
පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා කරන පුජාව උන්වහන්සේ ගේ පිළිගැනීමක් හෝ පරිභෝගයක් නොමැති නිසා පුජා කරනවුන්ට පිනක් ලැබේ ද? යන ගැටලුව සමහර දෙනෙකු ට ඇති වන්නට පුළුවන. පිළිගැනීම හා නො පිළිගැනීම ත්, පරිභෝග කිරීම හා නො කිරීම ත් පුජා කරනවුන් හට පින් සිදුවීම ට හෝ නො වීම ට ත්, පින මහත් වීමට හෝ කුඩා වීම ට ත් කරුණක් නො වේ. පින යනු එය සිදුකරන තැනැත්තා තුළ ම ඇතිවන දෙයක් මිස පිටතින් එන දෙයක් නො වේ. "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" චේතනාව ම කුසලාකුසල කර්ම බව ට පත් වේ. එ ම කුසල චේතනාව පුජා කරන මොහොතේ දී ම ඇතිවන්නකි. පරිභෝග කිරීම නො කිරීම පසු ව සිදුවන කරුණු ය. එ විට පින සිදු වී අවසන් ය.
බුද්ධ පුජාව නිවැරදි ව තබමු.
මේ ලිපිය ලියන්නට මූලික වන කරුණ වන්නේ මෙය යි. මෙය හොඳින් වටහා ගන්න. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩසිටින බව සලකා උන්වහන්සේ වෙත සිදුකරන සියලු ම පූජාවන් ඒ අයුරින් ම කිසිඳු අඩුපාඩුවක් නැති ව ස්වශක්ති ප්‍රමාණයෙන් සිදුකළ යුතු ය. මා දැක ඇති බොහෝ නිවෙස්වල හා විහාරාරාමවල බුද්ධපුජාවන් සකස් කර පිළිගන්වන්නේ කුඩා ළදරුවකු සඳහා පිළිගන්වන ආහාරයක් ලෙසිනි. පහසුව ලාබය සහ නාස්තිය ආදිය ගැන සලකා එ සේ කරනවා විය හැකි ය. එහෙත් එයින් බලාපොරොත්තු වන පින ලැබෙන්නේ ද? යන ප්‍රශ්නාර්ථය ඔබ තුළ ඇතිවනවා නිසැක ය. ඒ පිළිබඳ තවදුරටත් කරුණු විමසා බලමු.
පිළිගැනීම හා පරිභෝගය ඇතිවන පරිදි ජීවමාන බුදුන් වහන්සේ ට කරන පූජාවෙන් හා අජීවමාන බුදුරදුන් ට කරන පුජාවෙන් පුජා කරන්නහු ගේ සිත සම නම් සමානිසංස ලැබෙන බව "තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ ඵලං" යන විමානවත්ථු දේශනාව අනුව කිව යුතු ය. එ සේ නම් අනිවාර්යයෙන් ම අජීවමාන බුදුන් පිදිය යුත්තේ ජීවමාන බුදුන් වහන්සේ ට සුදුසු වන පරිදි ම දාන වස්තුව පිළියෙළ කොට ජීවමාන බුදුන්වහන්සේ ට සිදුකරන ගෞරවය ම සිදුකොට බව අවධාරණය කරගත යුතු ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFvXlL1ILVpeUYT2l-wtwGWPxsVv_JIy9bAPG4pp2wL43U5jiiWbJJl3z2EcVT9o0t49hZt98JQ2SsLEWo_AW02rFvkeCIIPKDGqE7FengrHhemB2hl96jNoGxYTwWvGqH6zsFQgLnE20/s400/49-4.jpg)
මෙය තවදුරට ත් ධර්ම විනය ට අනුව විග්‍රහ කර බලමු. චේතනාව කර්මය නම් සතයක්වත් මුදල් වැය නො කර කිසිඳු මහන්සියක් නො වී දානයක් දෙන බව සිතින් සිතුවේ නම් එය පිනක් වීම ට ප්‍රමාණවත් බව ඇතැමුන් සිතති. ඒ චේතනාව සහ කර්මය පිළිබඳ හරිහැටි නො දැනීමෙනි. පින් කැමති පුද්ගලයෙක් දන්බඳුන ගෙන භික්ෂුන් වහන්සේ ගේ ඇත ට පමුණුවන අවස්ථාවක් සිතමු. එ හි දී ඒ දාන භාජනය භික්ෂුව අතට පැමිණවීම දායකයා ගේ අතින් සිදු වු සැටි සොයාබැලූ විට චේතනාව සොයාගත හැකි ය. දායකයා ගේ අත් දෙක බඳුන කරා ගියේ ත්, රය තදකර ගත්තේ ත්, ඔසවා ගත්තේ ත්, භික්ෂුව දෙස ට යවුයෙ ත්, භික්ෂුව ගේ අතට පත් කළේ ත් ඔහු තුළ ඇති වු බලවේගයකිනි. එ වැනි බලවේගයක් අභ්‍යන්තරයෙන් ඇති නො වී නම් දායකයා ගේ අත් නිකම් ම තිබෙනවා විනා ඒ ඒ ක්‍රියාවන් සිදු නො වන්නේ ය. එ ම ඉහත කී බලවේගය අභිධර්මයේ චිත්තජ වායෝ ධාතුව නමින් හැඳින්වෙයි. එ ම චිත්තජ වායෝ ධාතුව ඇති වන්නේ කුසල චේතනාව නිසා ය. දන් දීමේ මුල හෙවත් දාන ක්‍රියාවේ මුල ඒ චේතනාව ය. වස්තුවක් වියදම් කරන්න ට නො කැමති පුද්ගලයා ට කවදාවත් ඒ බඳු චේතනාවක් ඇති නො වේ.
ඒ අනුව ඉහත විස්තර කළ කරුණ තව දුර ට ත් විවරණය වන්නට ඇත. ජීවමාන බුදුන් ට යම් ආකාරයකින් පුද සත්කාර කරන්නේ නම් එ බඳු ම ආකාරයෙන් දානවස්තු ආදිය පිළියෙළ කොට එ බඳු ම ගෞරව සත්කාර සිදුකර පුජා කළ යුතු වන්නේ ය. නිවැරදි ක්‍රමය එය යි.
මෙ ම ලිපි පෙළ ද, කියවන්න.
මූලාශ්‍ර : ධර්ම විනිශ්චය (රේරුකානේ මහනාහිමි)
මූලාශ්‍ර : ධර්ම විනිශ්චය (රේරුකානේ මහනාහිමි)
තෙරුවන් සරණ යි!
බොහෝ පිං ඔබට
ReplyDelete