නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මෙ රට තුළ ඉදිව ඇති අනෙකුත් බොහෝ වෙහෙර විහාරයන් සේ ම මේ විහාරය ද, ඇරඹුනේ මහත් විශාල අභියෝග රැසක ට මුහුන දෙමිනි. පන්නිපිටිය දෙල්ගහවත්ත ප්‍රදේශයේ මේ විහාරය ඉදි වෙමින් ඇත. මේ විහාරස්ථානය ඉදිවන්නේ සාමාන්‍ය භුමි ප්‍රදේශයක නො වේ. පුරන් ව ගිය වෙල් යායක් මැදි කරගනිමින් ය. කෙටියෙන් ම කියතොත් මඩ වගුරක ය. මේ විහාරය ආරම්භ වන්නේ රුපයේ පෙනෙන ලෑලි මඩුවෙනි.
මඩ වගුරේ පිපෙන නෙළුමක් සේ පියසඳ වෙහෙර ගොඩනැගෙන්නේ විහාරාධිපති තෙරිපැහ ධම්මරුචි නායක ස්වාමීන් වහන්සේ ගේ වීර්යයෙන් මිස අන් කිසිවකින් නො වන බව කිව යුතු ය. උන්වහන්සේ ගේ ලේ දහඩියවල ශක්තිය මේ භුමියේ අඟලක් පාසා ඇත. තම ගුරු සේවය වෙනුවෙන් ලැබෙන වේතනය පවා මේ විහාරය ගොඩනගන්න ට වියදම් කළ උන්වහසේ ගේ ජීවිතය ඇත්තෙන් ම සියලු හිමිවරුන් ට ආදර්ශ සපයයි. යමෙක් භික්ෂුත්වය ට පත් වන්නේ තමන් ගේ නිවන, නිවීම උදෙසා පමණක් ම නම් හෙතෙම ආත්මාර්ථකාමී ය. තම තමන් ගේ නිවනේ පහන් දල්වාගන්න ට උත්සාහ කරන අතර ම අනෙක් දෙනා වෙනුවෙන් ද, සිතා කටයුතු කරන්නේ නම් අගනේ ය. භික්ෂුත්වය වන්නේ ද, එය යි. නිවන සඳහා එය ම පාරමිතාවක් වනු ඇත.

මේ වන විට වෙහෙර වහන්සේ ඉදි කිරීම අරඹා මාස කිහිපයක් ගත වී ඇත. මේ වන විට එ හි පාදම ඉදී කර අවසාන ය. එය ට රුපියල් ලක්ෂ 15 පමණ වැය විය. හේතුව මා කලින් සඳහන් කළ පරිදි මේ වෙහෙර ඉදි වන්නේ වෙල් යායක් මැදි කරගනිමින් ය.
අමා දම් ගඟුල ගලාබසින මේ සමයේ සුවහසක් ජනයා උදෙසා ගොඩනැගෙන මේ විහාරස්ථානය බොහෝ කාලයක් ආරක්ෂා වෙත් වා! අප ගේ හිමිවරුන් ට ද, මේ භවයේ දී ම නිවන කරා එළඹීම ට හැකි වෙත් වා! සියලු සත්වයෝ නිදුක් වෙත් වා! නීරෝගී වෙත් වා! සුවපත් වෙත් වා!
ගමට වැඩ ඇති ගමේ ඉදි වුණු
පුංචි ආවාසේ......
අපේ හිමිවරු විඳිනවා දුක්
කටුක කටු වාගේ....
සෙයිලමේ මහ තුසිත දෙවුලොව
සදිසි මහ වෙහෙරේ....
වැඩහිඳි අපේ මහා හිමිවරු
ලබා සුව සහනේ.....
කල් ගෙවා එන පෝය පුර සඳ
දියෙන් නැහැවෙන්නේ....
සදා කල් පින් පුරා පවු හැර
නිවන් පුර යන්න....
ගම ත් හදලා බණ ත් කියලා
ගමේ වැඩ ඉන්න....
දුගී දුප්පත් හිමිවරුන්වත්
බලා වත් යන්න....
නැවු නැගී එන කාසි මහ කඳු
වලින් වැඩ ගන්න...
මහ පන්සල් මහ කප්රුක්
ටිකක් සොලවන්න...
කිසි ත් නො ලබා තැවුල් ඉවසා
ගමේ තව ඉන්න...
දුගී දුප්පත් මිනිස්සුන් ට ත්,
ඉනාවක් දෙන්න....... අත්තරගම කුසල හිමි
පුංචි ආවාසේ......
අපේ හිමිවරු විඳිනවා දුක්
කටුක කටු වාගේ....
සෙයිලමේ මහ තුසිත දෙවුලොව
සදිසි මහ වෙහෙරේ....
වැඩහිඳි අපේ මහා හිමිවරු
ලබා සුව සහනේ.....
කල් ගෙවා එන පෝය පුර සඳ
දියෙන් නැහැවෙන්නේ....
සදා කල් පින් පුරා පවු හැර
නිවන් පුර යන්න....
ගම ත් හදලා බණ ත් කියලා
ගමේ වැඩ ඉන්න....
දුගී දුප්පත් හිමිවරුන්වත්
බලා වත් යන්න....
නැවු නැගී එන කාසි මහ කඳු
වලින් වැඩ ගන්න...
මහ පන්සල් මහ කප්රුක්
ටිකක් සොලවන්න...
කිසි ත් නො ලබා තැවුල් ඉවසා
ගමේ තව ඉන්න...
දුගී දුප්පත් මිනිස්සුන් ට ත්,
ඉනාවක් දෙන්න....... අත්තරගම කුසල හිමි
මෙ හි ඡායාරූප ලබාගත් ගිහාන් නදීර මහතා හට පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිමි. http:// www.prajnaava.blogspot.com
තෙරුවන් සරණ යි!
No comments:
Post a Comment