Wednesday, December 14, 2011

නිවැරදි පිරිතක ආනිශංස.

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

"පරිත්ත" යන පාලි පදය සිංහලය ට "පිරිත්" ලෙස නගා ඇත. පිරිතක පදනම වන්නේ තෙරුවන් කෙරෙහි සත්‍යක්‍රියා ක්‍රියා කිරීම යි. පරි + අත්ථ = පිරිත් කිසියම් පර්යායක ට අනුව අර්ථවත් දෙයක් නගා ඇත්නම් එය මෙ සේ හඳුන්වයි. අක්ෂර ගණ, මාත්‍රර  හා ස්වර පිහිටුවමින් මනා ව අර්ථය දැන අපරිමිත ආශිර්වාද ලැබෙණ සේ පිරිත් සජ්ඣායනා කරයි. බුද්ධ භාෂාව පාලි බස ය. එ බැවින් පිරිත් දේශනා සිදුකෙරෙන්නේ ද, පාලි භාෂාවෙනි. මෙ හි අප සිංහල බසින් තේරුම සකස් කර ඇත්තේ පිරිත හා අන්තර්ගතය පිළිබඳ විශ්වාසය ඇතිකරවීම ට ය. මෙය ඕනෑ ම අයුරකින් උපුටා ගැනීම, මුද්‍රණය කර පල කිරීම සඳහා අයිතිය ලබා දෙන අතර මුදල් ඉපයීමේ ක්‍රමයක් ලෙස යොදා නො ගන්නා ලෙස කාරුණික ව සිහිපත් කෙරේ.

අන්තර්ජාලය තුළ පිරිත් දේශනා ඕනෑ තරම් ඇති නමුත් බොහෝ ජනයා එ ම පිරිත්වල නම්, ඒවා දේශනා කිරීම ට හේතු වූ කරුණු, එ ම පිරිත්වල අන්තර්ගතය, ආදී දේ මෙන් ම ඉතා නිවැරදි ව උච්චාරණයන් නො දැනීම විශාල අභාග්‍යයකි.

එ බැවින් මෙය ප්‍රකාශය ට පත් කරන්න ට මා සිත් විය. මෙ මගින් එ ම අඩුව යම්තාක් හෝ සම්පූර්ණ වනු ඇත.




මෙ ම ධර්ම දානය තුළින් රැස් වන යම් කුසලයක් වේ නම් එය මේ කටයුත්ත සඳහා අනුශාසනා කළ පියසඳ වෙහෙර විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ ධම්මරුචි නායක හිමියන් ඇතුළු විහාරයේ වැඩවෙසෙන සියලු භික්ෂූන් වහන්සේලා ට ත්, මේ සඳහා විවිධ අයුරින් උපකාර කළ සැම ට ත්, මුද්‍රණයේ දී සහාය දැක්වූ සැම ට ත්, සියලු සත්වයන් ට ත්, උතුම් නිවන පිණිස ම උපනිශ්‍රය වේ වා!
තෙරුවන් සරණ යි!

14 comments:

  1. තෙරුවන් සරණයි.
    ඔබ තුමා බොහෝමත්ම අගනා දෙයකි කර ඇත්තේ...බොහෝ අගනේය....නමුදු ඔබ තුමන් මුලින්ම කියන ලද "අක්ෂර ගණ, මාත්‍රර හා ස්වර පිහිටුවමින්..." කියන කරුන පිළිබදව මා එකග වනනේ නම් නැත.ඒ පිළිබද ඔබ තුමන් තව දුරටත් සොයා බලන්නේනම් බොහෝ අගනේය.
    ඒ ගණ කියනනේ මොනාද?
    ගණ හැදෙන්නේ කොහොමද?
    කොහෙන්ද මේ ගණ ආවේ? ඒ ඇයි? වගේ කරුනු ගැන විමසා බලන්න...
    බොහොම පිං

    ReplyDelete
  2. ප්‍රශංසා කර දිරිමත් කිරීම ගැන පළමු ව ස්තුතියි.
    බොහොමත් ම වැදගත් ප්‍රශ්නයක් ය, ඔබ අසා ඇත්තේ. අප අපේ භාෂාවන් ගැන දන්නා තරම තමයි මෙයින් පෙනී යන්නේ. කමක් නැත. නො දන්නා දේ අප උගත යුතු ය.

    පිරිත් දේශනා පවත්වන විට ඇත්තෙන් ම ඕනෑ ම විදියක ට දේශනා කරන්න ට පුළුවන්. හැබැයි නියම ආකාරයේ ශක්තියක් නම් ඇති වෙන්නේ නැහැ. පිරිතක ශක්තිය ආකාර කිහිපයකින් රැඳේ. එ නම් පිරිත් දේශකයා ගේ අවබෝධය හා ආශිර්වාදය, පිරිත් අසන්නා ගේ අවබෝධය සහ විශ්වාසය, ශබ්ධය එ නම් දේශනා විලාසය කියන කරුණු කිහිපය ම තෘප්ත වුවහොත් පමණක් පිරිතේ නියම ආශිර්වාදය, සෙත, ශාන්තිය උදා වේ.

    මෙය තව ත්, එක් යැදුම් ක්‍රමයක් නො වේ. සත්‍යක්‍රියාවකි. බොහෝ විට සත්‍යක්‍රියා කරන්නේ තෙරුවන් ගැන එ හි ගුණ සිහි කිරීමෙන් ය. උදා:- රතන සුත්‍රය - බොහෝමයක් සංඝ රත්නයේ ගුණ
    මේ නිසා දේශකයා ගේ හා ශ්‍රාවකයා ගේ අවබෝධය මෙ හි දී වැදගත් වේ.

    නමුත් පිරිත් ඇසීමෙන් සුගතිගාමී වූ මැඩියකු ගේ කතාව (මණ්ඩුක දිව්‍යපුත්‍රයා) ආදී කතා තුළින් හෙළි වන්නේ අසන්නා ගේ අවබෝධය අත්‍යවශ්‍ය ම නො වන බව යි. නමුත් විශ්වාසයක් තිබිය යුතු යි. දැන් බලන්න බුදුරදුන් ගේ පළමු ධර්ම දේශනාවේ දී මිනිස් ලෝකයෙන් මගඵල ලැබුවේ එක් අයෙක විතරයි. හේතුව ප්‍රඥාවේ මදිකමක් ද? නැහැ, ඒ අය විශ්වාසයෙන් නො වෙයි එ දා ධර්මශ්‍රවණය කළේ. මේ එක් අතිරේක කරුණක්. මේ ගැන කියුවේ මෙය කියවන අනෙක් අය ට ත්, ප්‍රශ්නයක් විය හැකි තවත් කරුණක් නිස යි.

    දැන් ශබ්ධය පිළිබඳ අපි කතා කරමු.

    "නභික්ඛවේන ගීතස්වරේන ගායිතබ්බං යො ගායෙය්‍ය ආපත්ති දුක්කටස්ස"

    ඔබ සාමාන්‍යයෙන් ආස කරන සින්දු ඇති. එය දැන් එක් වරක් ඇසුවොත් ඔබ කැමති වේ වි. දෙවරක් ඇසුවොත් ඔබ ඒත් කැමති වේ වි. නමුත් සිය වතාවක් පමණ ඇසුවොත් එය ඔබ ට ම් පිළිකුල් වේ වි. අප්‍රිය වේ වි. පිරිත් වුණ ත් එහෙම යි. ගොඩක් වෙලාව ට අපි සින්දු අහන්නේ අර්ථය ගැන හිතල නෙමෙයි. තාලය ට යි අපි කැමති. පිරිත් මෙහෙම වෙනවා හරියට් ම දේශනා නො කළොත්.


    අද නම් පිරිත් නානාප්‍රකාර ව සිදු කෙරෙනවා. දීර්ඝ අක්ෂරයෙන්, ගීතස්වරයෙන්, සිංහලෙන් සමහර පිරිත් කියනවා. Re-Mix කරල ත්, තව කාලයක දී කියාවි. නමුත් නැවත කියනවා පිරිත් //අක්ෂර ගණ, මාත්‍රර හා ස්වර පිහිටුවමින්// දේශනා කළ යුතු වග.
    මොනවා ද? මේ අක්ෂර, ගණ, මාතර, ස්වර [සිංහලයා ගේ භාෂා ඥානය]

    අක්ෂර :- පාලි භාෂාවේ ස්වර 8 කි. ව්‍යංජන 32 කි. මුළු ගණන ගැන ගන්න.

    මාත්‍ර :- අටුවාවල සඳහන් මේ ගැන. පිරිත් කියනකොට අකුරක් ශබ්ධ විය යුතු මාත්‍ර ගණනක තියෙනවා. එය ශබ්ධය ත්, එක්ක ගත වන කාලසීමාවක්. මනින ඒකකය තත්පර නො වේ මාත්‍රා ය. දීර්ඝ අක්ෂරයක් සඳහා මාත්‍රා 2 යි. කෙටි අක්ෂරයක් සඳහා මාත්‍රා 1 යි. හල් අක්ෂරයක් සඳහා මාත්‍රා භාගය යි. දිගු, කෙටි, හල් අකුරු ගැන ඔබ දන්නවා ඇතැ යි සිතමි. මාත්රාවක්‌ කාලය කොතරම් ද, කියන්න අද, හෙළ අටුවා පොතක් වත් සොයාගන්න ට බැහැ. නමුත් මාත්‍රා ගනින ක්‍රමයක් තියෙනවා. උද:- "බහූදේවා" "බ" මාත්‍රා 01යි. "හූ" මාත්‍රා 02 යි. "දේ" මාත්‍රා 02යි. "වා" මාත්‍රා 02යි වශයෙනි. මේ වචනය ට මාත්‍රා 07යි. මේ විදිය ට පිරිතක් කියනවා නම් පළමු ව පිරිතේ මාත්‍රා ගණන ගැණ ගන්න ඕනේ. පිරිත කියන්න ගිය කාලය පැය, මිනිත්තු, තත්පර ආදී ක්‍රමවලින් මැන මාත්‍රා ගණනින් බෙදූ විට එක් මාත්‍රාවක කාලය ලැබේ. එයින් භාගයක කාලය මාත්‍රා භාගය යි.

    ගණ :- අකුර ට ආවේණික ශබ්ධය පිට කිරීම් යි. එය මහප්‍රාණ, අල්පප්‍රාණ ආදී ලෙස දත යුතු ය.

    අක්ෂර, ගණ, මාත්‍ර, ස්වර පිළිබඳ ව කරුණු මෙ සේ ය. නමුත් අද මෙසේ පිරිත් කියවෙන්නේ අතලොස්සක ට ත් අඩුවෙනි. බුදු සමයේ අද වාගේ නො ව පිරිත් TV හා Radio වලින් පිරිත් ගියේ නැත. එය නරක යි කියනවා නො වෙයි. දේශිත අවස්ථා ගණන ද, ඉතා අල්ප ය. අද ඇසෙන තරම් පිරිත්වල හැටිය ට කොතරම් සෙතක් ශාන්තියක් උදා විය යුතු ද? නමුත් එ සේ වනවා ද? ඒ මේ කරුණ නිසා ය. මේ දේවල් කියූ විට සමහර දෙනා කැමති නා තමන් ගේ මතය, සම්ප්‍රදාය වෙනස් කර ගන්න. එක තමයි හැටි. දන ඒ...... වං මේ..... සුතං කියලා පිරිත් කියන කොට "ඒ" යන්න ට ම මාත්‍රා පනහක විතර යනවා. ඒක වැරදි ක්‍රමයක්. ඒකයි ගොඩක් අය ට පිරිත් කියලා ඉවර වෙනකොට නින්ද ගිහින් තියෙන්නේ. ඉතින් හිතල බලන්න හීන දකිනකොට සෙතක්, ශාන්තියක් වේවි ද, කියා. මේ නිස යි පිරිත් දේශනය එ සේ මෙ සේ දෙයක් නො වෙන්නේ. අවබෝධ වෙන්න ට ඇති යි කියලා හිතනවා. නො තේරුණු තැනක තියෙනවා නම් නැවත අහන්න.

    තෙරුවන් සරණ යි!

    ReplyDelete
  3. තෙරුවන් සරණ යි!
    මා මුලිම කිව යුතුයි මා මෙලෙස අදහස් දක්වනුයේ ඔබ තුමන්ව විවේචනයට හෝ තර්ක විවාද කිරීමට නම් නොවේ. මා සිතනවා ඔබ තුමන්ද එලෙස නොසිතයි කියා.

    ඔබ තුමන් මේ කරනුයේ බොහො යහපත් දෙයකි. මා කීවේ ගණ පිහි‍ටුවා පිරිත් කීම කියන කාරනය ගැන ඔබ තුමන් විමසා බලන මෙනි. මන්ද අප නොවිමසා කරන කියන දේවල් වලින් අප නොදැනුවත්වම බොහෝ අකුසල් ‍රැස්වෙන බැවිනි.

    මා මේ පිලිබදව දීර්ග ලිපියක් ලියා ඇත.
    http://jiwitaya.blogspot.com/

    මා එලෙස අදහස් දැක්වූයේ ඔබ තුමා කරන්නා වූ ක්‍රියාව තව දුරටත් නිවරදිව කරගෙන යාමටය.එය බොහෝදෙනෙකුට හිත සුව පිනිස පවතියි.
    තෙරුවන් සරණ යි!

    ReplyDelete
  4. මෙ හි දී මා සුළු නො ව විශාල වරදක් කර ඇත. එ නම් "ගණ" නො ව "ඝණ" ලෙස යි මෙය ලියවිය යුත්තේ. ඒ පිළිබඳ ව සමා වන්න.
    පළමු ව මේ link බලන්න.
    http://hiddendhamma.net/pirith-deshana

    http://aaryadharma.org/Shrawya/PirithDeshanawa.htm

    මෙ හි දී ඔබ ගේ ලිපියෙන් කියන්නේ ගණ පිහිටිය යුත්තේ මන්තරවල බව ත්, පිරිත්වල එ සේ නො වන බව ත් ය. මන්තරවල ට ගෙන ඇති වචනවල ට හොඳ සහ නරක දෙක ම සිදු කළ හැකි බලයක් පවතී. මා මෙ හි දී ඝණ පිහිටුවීම ලෙස අර්ථ දක්වුයේ මන්ත්‍රවල ඇති ඝණ පිහිටුවීම නො වේ. පිරිත් කියන විට වෙනම ම ඝණ පිහිටුවීමක්‌ ඇත. එ නම් නිවැරදි ලෙස උච්චාරණය කිරීම යි මෙ හි ඝණ ලෙස හැඳින්වෙන්නේ. අපි "යානිධ භූතානි" කියා සාජ්ඣායනය කරන රතන සූත්‍රය කැමති නම් මහප්‍රාණාක්ෂර නො සලකා "යානීද බූතානි" කියා ද, කිව හැක. නමුත් පිරිතේ ශබ්ධමාත්‍ර ගුණය කිසිසේත් ඇති නො වේ. පිරිතක සහ මන්ත්‍රයක බලය ඇත්තේ බොහෝ විට ම ශබ්ධයේ ය. ඒ පිළිබඳ උදාහරණ නම් ඕනෑ තරම් ය. නමුත් comment එකකින් සියල්ල විස්තර කිරීම පහසු නැත. අතිපූජනීය රේරුකානේ චන්දවිමල හිමියන් ගේ සූවිසි මහා ගුණය නමැති ග්‍රන්ථයේ 351 පිටුවේ ඇති විමාන වස්තුවේ එන මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගේ කතාවෙන් හා 352 පිටුවේ ඇති රසවාහිනී ග්‍රන්ථයේ සඳහන් පරිදි ඔවුන් සුගතිගාමී ව ඇත්තේ පිරිත කියූ අර්ථ වැටහීමෙන් නො ව ශබ්ධමාත්‍රීය ගුණ නිසා බව පැහැදිලි වේ. http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Suuvisi%20Maha%20Gunaya.pdf

    එ මෙන් ම උන්වහන්සේ ගේ පොහොය දිනය ග්‍රන්ථයේ සඳහන් කරුණු තුළින් තවදුර ට ත්, ගැටළු නිරාකරණය වේ වි.http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Pohoya%20Dinaya.pdf

    පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමියන් ගේ "ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්" ග්‍රන්ථයේ 11 පිටුවේ සිට 18 පිටුව දක්වා ඇති කරුණුවලින් මෙය තවදුර ට ත්, සනාථ වෙනවා.

    එ මෙන් ම පිරුවානා පොත් වහන්සේ හි පුර්විකාව කියවුවහොත් එ හි මේ කරුණ මනා ව පැහැදිලි කරනවා.

    //පිරිත් ඝණ සජ්ඣායනා වශයෙන් පිරිසක් එක් ව දේශනා කළ හැකි අතර ම පුද්ගල වශයෙන් තනිතනි ව ද, දෙසීම බාධාවක් නැත. සෙත්පිරිත් දෙසුමේ දී ලලිත වෘත්ත - තරංග වෘත්ත දෙක ඇති කොට පිරිත් දේශනා කිරීමේ පෞරාණික චාරිත්‍රයකි. පිරිත් දෙසුමේ දී වෘත්තය ශබ්ධ උච්චාරණ විභේදයෙන් ගායනා නො කළ යුතු ය. "අනුජානාමි භික්ඛවෙ සරභඤ්ඤං" මධුරස්වරයෙන් ධර්මය දේශනා කිරීම ට බාධාවක් නැත. සරභඤ්ඤ ස්වරය නම් ගීතස්වරයෙන් තොර වූ මාධුර්ය්‍ය ස්වරය යි. එය ආධ්‍යාතමික ආශ්වාදයක ට හේතු වන්නේ ය. සංගීත ශාස්ත්‍රයේ ස-රි-ග-ම-ප-ද-නි යන සප්තස්වරය පිරිත් ගාථාවල ප්‍රස්තාරගත කල නො හැකි ය. පිරිත් ගාථා ප්‍රස්තාරගත කල හැක්කේ ස-රි-ග-ම-ප යන ස්වර පමණි. මේ අනුව පිරිත් දේශනා ආධ්‍යාත්මික ශාන්තිය දනවන ස්වරයෙන් ම දෙසිය යුතු ය. පිරිත් දෙසුමේ දී බාහිර පාරිශුද්ධිය සේ ම අර්ථ ගෞරවය ත්, ශබ්ධ ගෞරවය ත්, ආරක්ෂා කරගත යුතු ය.//
    [බොදාගම චන්දිම හිමියන් සම්පාදිත පිරුවානා පොත් වහන්සේ]

    මෙ ම පිරිත් දේශනාවන් හි භාෂාව හා ශබ්ධය අතිශයින් වැදගත් ය. බුදුරදුන් ට අවශ්‍ය නම් අනාගතය දෙස දැක පාලි භාෂාවෙන් නැති ව වෙනත් ජනප්‍රිය භාෂාවක් තෝරා ගන්න ට ද, තිබුණි. නමුත් ගාම්භීර භාෂාවක් මේ සඳහා අවශ්‍ය බැවින් පාලි ම තෝරා ගත්තේ ය. උදාහරණයක් කිවහොත් "සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා" කියනවා වෙනුවට සිංහලෙන් "සියලු සත්වයෝ නිදුක් වෙත් වා" කියා කිවහොත් බුදුන් ගේ වචනවල ගාම්භීර බව සහ සිංහල වචනවල සරල බව මනා ව වැටහේ. එ බැවින් පිරිත් කිව යුත්තේ නිවැරදි පාලියෙන් ම ය.

    http://www.budurashmiya.net/2010/01/blog-post.html
    ශබ්ධමාත්‍රීය ගුණයක් හා අර්ථමාත්රීය ගුණයක් පිරිතක ඇති බව මෙයින් ද, තහවුරු වේ.
    පරි + අත්ථ = පිරිත්
    පර්යාය ලෙසින් දැක්වෙන්නේ ශබ්ධමාත්‍රය යි. අත්ථ යනු අර්ථය යි. නිවැරදි ව ශබ්ධ හා අර්ථ ඇති ව කියවෙන්නේ පිරිත් ය.

    අවසන් වශයෙන් කියන්න ට ඇත්තේ පිරිත් සූත්‍ර සහ බුදුරදුන් දෙසූ සූත්‍ර ධර්මය එකක් නො ව දෙකක් බව යි. එ සේ දෙකක් වන්නේ මේ ශබ්ධමාත්‍රීය ලක්ෂණ නිසා ම ය.

    තෙරුවන් සරණ යි!

    ReplyDelete
  5. තෙරුවන් සරණ යි!
    ඇයි මේ?

    මා ඔබ තුමා මුලින දී ඇති ලින්ක් 2කම බැලුවෙමි.නමුත් එහිත් ඇත්තේ "ගණ" මිස 'ඝණ' නොවේ නේද?
    ඔබ කියන විදිහේ "ඝණ පිහි‍ටුවා " කියා අසා නැත. එය "ගණ පිහි‍ටුවා" ලෙස නම් අසා ඇත.
    "පිරිතක සහ මන්ත්‍රයක බලය ඇත්තේ බොහෝ විට ම ශබ්ධයේ ය." මන්ත්‍රයකනම් බලය ඇත්තේ ශබ්ධයේ ය. නමුත් පිරිතක බලය ඇත්තේ ශබ්ධයේ නොවේ. එය බුදු රජානන් වහන්සේට කරන අපහාසයකි.එසේ නොකියන්න. පිරිත් වල අර්ථයයි වැදගත්.

    "බුදුරදුන් ට අවශ්‍ය නම් අනාගතය දෙස දැක පාලි භාෂාවෙන් නැති ව වෙනත් ජනප්‍රිය භාෂාවක් තෝරා ගන්න ට ද, තිබුණි"
    එකල බහුලව භාවිතා කලේ පාලි භාෂාවයි. අනෙක ලොකේ කුනුහපර නැති එකම භාෂාව පාලි භාෂාවයි. නමුත් බුදු රජානන් වහන්සේ දේශනා කර නැත බුද්ධ දේශනා පාලියෙන්ම ඉගෙන ගත යුතුයි කියා. තම තමන්ගේ භාෂා වලින් ඉගෙන ගැනීමට අවසරය දී ඇත. නමුත් එය සංස්කෘත ශ්ලෝකයට පමනක් නගන්න එපා ලෙස දේශනා කර ඇත.

    "පිරිත් සූත්‍ර සහ බුදුරදුන් දෙසූ සූත්‍ර ධර්මය එකක් නො ව දෙකක් බව යි"
    ඒකියනේ බුදුරදුන්ගේ ධර්මය නොවේද පිරිත් වල තිබෙන්නේ? උන්වන්සේ නොවේද පිරිත් දේශනා දේශනාකලේ??? මේ ශ්‍රි සද්ධර්මයට එලෙස අර්ථකතන දෙන්න එපා...
    තෙරුවන් සරණ යි!

    ReplyDelete
  6. පිරුවානා පොත් වහන්සේ ගේ පුර්විකාව කොටසේ "ඝණ" ලෙසින් දක්වා ඇති බැවින් ගණ නො වේ ඝණ විය යුතු බව මා සිතනවා. කෙ සේ නමුත් පෙර සඳහන් කල link වල ද, ගණ ලෙස කියා ඇත්තේ ඝණ පිළිබඳ ව ම යි. එ හි දී ඔබ දකින්න ට ඇති පිරිත් දේශනා කළ යුතු වන්නේ පෙර මා කියූ පරිදි //අක්ෂර, ඝණ, මාත්‍රා// පිහිටුවීමෙන් කළ යුතු බව. එ නම් ශබ්ධමාත්‍රීය ව ද, සිදු කළ යුතු බව ය. එ ම ගැටලුව ට එයින් පිළිතුරක් ලැබෙන්න ට ඇත. \\නමුත් පිරිතක බලය ඇත්තේ ශබ්ධයේ නොවේ\\ කියන කතාව සම්පුර්ණයෙන් නිවැරදි නැති බව වැටහිය යුතු ය.

    පාලි බස හෙවත් මාගධී බස එ දා ග්‍රාමීය භාෂාවකි. නමුත් දෙවිවරු අතර ද පාලි බස ඇත. එ කල ජනප්‍රිය ම බස වුයේ සංස්කෘතය යි. ඒ බස බොහෝ විට තේරුනේ බ්‍රාහ්මණ වංශිකයන් ට යි. නමුත් පොදු ජනයා ට ද, ධර්මය කියා දිය යුතු නිසා උන්වහන්සේ පාලි බස තෝරා ගැනුනි. මේ එක් කරුණකි.

    පාලි බසින් හැර අනෙක් බසින් බුදුදහම උගත හැකි ය. නමුත් පාලි බසින්වත් බුදුදහමේ ඇතැම් දේවල් විස්තර කිරීමේ දී ගැඹුරු බව නිසා ම ගැටළු මතු ව ඇත. අනෙක් භාෂා ගැන කවර කතා ද? සිංහලෙන් කවුරු හෝ පිරිත් කියනවා කියල හිතන්න. කොතරම් දෙනා කොතරම් කල් ඕක අහයි ද, කියලා බලන්න. සෝම හිමියන් ගේ ධර්ම දේශනාවක ත, මේ ගැන කියනවා. download කරගෙන අහන්න. ඉංග්‍රීසියෙනුත් පිරිත් කියන්න පුළුවන් විය යුතු යි ඔබ කියන විදියට් ගතහොත්. නමුත් එ විට අඩු ගන්නේ එය පිරිතක් ලෙස හැඟෙයි ද? නැතිනම් සින්දුවක් වේවි ද? කියල බලන්න. ඉංග්‍රීසි වැනි දුර්වල භාෂාවලින් අඩු ගනනේ තාලය ට සින්දුවක්වත් කියන්න බැහැ. ඒ නිසා ම යි පාලි වගේ ගාම්භීර භාෂාවක් තෝරා ගත්තේ. අපි පිරිත් විතරක් නෙමෙයි ත්‍රිපිටක ධර්මය ම පාලියෙන් වෙනත් බසක ට නගන්නේ නම් එය ඉතා සැලකිලිමත් ව කළ යුතු ය. මෙ ලිපියේ අවසානය කියවුවහොත් එය වැටහේවි.
    http://www.budurashmiya.net/2010/09/blog-post_28.html

    //පිරිත් සූත්‍ර සහ බුදුරදුන් දෙසූ සූත්‍ර ධර්මය එකක් නො ව දෙකක් බව යි// මෙ සේ කීවේ සුත්‍ර පිටකයේ ඇති සුත්‍ර සියල්ල ම පිරිත් ගණය ට නො ගැනෙන නිසා ය. ඒ සේ වුවා නම් දීඝ නිකාය, මජ්ජිම නිකාය ආදී නිකායන් පහේ ම සියලු ම සුත්‍ර පිරිත් ලෙස කිව හැකි ව තිබුණි. නමුත් එ සේ නො වන්නේ ද, මෙ ම ශබ්ධමාත්‍රීය ගුණය නිසා ය. ශබ්ධයෙන් යම ගුණයක් ඇති කරන නිසා ය. තව ද, බුදුරදුන් නො දෙසු, පසු ව නිර්මාණය වූ පිරිත් දේශනා ද, ඇත.

    බුදුරජාණන් වහන්සේ ගේ හෝ ධර්ම රත්නයේ හෝ සංඝ රත්නයේ හෝ ගුණ සිහි කිරීම අප ට සිතින් කළ හැක. එ සේ සිතා සිතින් ම පිරිත් කියන්න ට ද, බැරි නැත. නමුත් එය පිරිත් වන්නේ ශබ්ධය එක් වූ විට පමණි. නිදසුනක් කිවහොත් පිරිත් නුල් සහ පිරිත් පැන් එ සේ පිරිත් වන්නේ ශබ්ධමාත්‍රීය ගුණයෙනි. නැතිනම් පිරිත් නූල අල්ලා ගෙන සිත සිතා භාවනාවක් වගේ ප්‍රගුණ කළා ට පිරිතේ ශක්තිය ඇති වෙන්නේ නැහැ. එහෙම වෙනවා කියනවා නම් පිරිත් නූල් කියන දේ බොරු වෙනවා.

    මේ කරුණ ම විද්‍යාවෙන් පැහැදිලි කළහොත්, තරංග ආකාර 2ක් තියෙනවා. (1) විද්‍යුත් චුම්බක තරංග (2) යාන්ත්‍රික තරංග
    මෙයින් නුඋලක් වගේ ඝන මාධ්‍යයක ගමන් කරන්නේ ධ්වනි තරංග වගේ යාන්ත්‍රික තරංග විතරයි. අපේ සිරුරින් කොතරම් නම් විද්‍යුත් චුම්බක තරංග පිට වෙනවා ද? නමුත් ඒවා ට නුල හරහා ගමන් කරන්න බැහැ. ජලයේ දී වුනත් මේ විදිය ම් යි. ඉන් පෙනෙන්නේ ත්, පිරිතේ ශක්තිය සඳහා ශබ්ධමාත්‍රීය ගුණය අත්‍යවශ්‍ය බව යි.

    රේරුකානේ හිමියන් ගේ පොතපත ඇසුරින් හා අනෙකුත් මුලාශ්‍ර ඇසුරින් මේ පිළිබඳ තවදුර ට ත්, කරුණු විමසා බලන්නේ නම් මෙය ඔබ ට පහසුවෙන් ම වැටහේවි.
    තෙරුවන් සරණ යි!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. තෙරුවන් සරණයි..

    අප මුලින්ම දැනගත යුතුහි බුදු සමිදුන් මේ ධර්මය දේශනා කලේ අවබොධ කර සසර දුකින් නිදහස් වීම උදෙසා බව. හිතලා බලන්න අපට මොකටද තරංග වල ශක්තීන?? මේ තරම් නිර්මල දහමක් තියෙද්දී? ඉර පායලා තියෙද්දී කණාමැදිරි එලි වැඩක් නෑ නේද? ඔබ තුමන්ගේ පාඨයත්
    "සරු නිසරු දෙය වෙන් ව දකින්න ට..." ඉතින් අප එලෙසම දකිමු නේද?
    බුදු දහම තමාට තෙරෙන බසින් ඉගෙන ගැනීම පිලිබදව ද දිගු ලිපියක් ලියා ඇත.


    //බුදුරදුන් නො දෙසු, පසු ව නිර්මාණය වූ පිරිත් දේශනා ද, ඇත// මා එය පිලිබදව අසා නම් නැත..හැකිනම් එවා මන්දැයි යන්න පවසන්නේනම් කැමතියි දැනගන්න .

    මා මෙය 5 පාරක් දැමුවේය..නමුත් මකා දමන්නේ ඇයි...ඔබතුමන්ට අවශ්‍යය අවබොධ කරගැනීමට නොව...බොරු ගොතා හෝ තම මතය නිවරදි කරගැනීමට පමනි...ඔබ කීවත් සරු නිසරු දෙය වෙන් ව දකින්න ට කියා,ඔබටම එය බැරීවී ඇත... ඔබට මෙම ධර්මය නිවරදිව ඉක්මනින්ම වැටහේවා..තෙරුවන් සරණයි..

    ReplyDelete
  9. ඔබ මෙය 5 වතාවක් නො ව 7 වතාවක් ම එවා ඇත. එය ඉවත් කළේ කවුදැ යි දන්නේ ඔබ ත්, මම ත්, පමණි. හේතුව එය ඉවත් කළ හැක්කේ ඔබ ට ත්, මට ත්, පමණක් වන බැවිනි. මා ඔබේ comments ඉවත් කළේ නම් //This post has been removed by the author.// කොටස ඉතිරි නො කර ම ඉවත් කරන්න ට ද, තිබුණි. මෙ ම අඩවියේ කිසිඳු අදහස් දැක්වීමක් මෙතෙක් මා ඉවත් කර නැත.

    එ ම comments වල ට පිළිතුරු දෙන්න ට පෙර මා ඔබ ලියූ comments කිහිපයක් පල කරමි. මෙය ඉවත් කළේ කවුරු වුව ද, මට සියලු comments E mail මගින් ලැබී ඇත.
    .....................(1)......................

    තෙරුවන් සරණයි..!

    අප මුලින්ම දැනගත යුතුහි බුදු සමිදුන් මේ ධර්මය දේශනා කලේ අවබොධ කර සසර දුකින් නිදහස් වීම උදෙසා බව. හිතලා බලන්න අපට මොකටද තරංග වල ශක්තීන?? මේ තරම් නිර්මල දහමක් තියෙද්දී? ඉර පායලා තියෙද්දී කණාමැදිරි එලි වැඩක් නෑ නේද?
    ඔබ තුමන්ගේ පාඨයත් "සරු නිසරු දෙය වෙන් ව දකින්න ට..." . ඉතින් අපි එලෙස කරමු.

    බුදු දහම තමාට තෙරෙන බසින් ඉගෙන ගැනීම පිලිබදව ද දිගු ලිපියක් ලියා ඇත.
    http://jiwitaya.blogspot.com/2011/12/blog-post_25.html

    //බුදුරදුන් නො දෙසු, පසු ව නිර්මාණය වූ පිරිත් දේශනා ද, ඇත// මා එය පිලිබදව අසා නම් නැත..හැකිනම් එවා මන්දැයි යන්න පවසන්නේනම් කැමතියි දැනගන්න .

    තෙරුවන් සරණයි..!
    ............................................
    (2)(3)(4) comments ද, ඉහත පරිදි ම ය. (5) සඳහන මෙ සේ ය.
    ........................(5).......................
    මෙය මා 3 පාරක් දැම්මා...පල නොකලේ මන්ද යන්න මා දන්නේ නැත..නමුත් මේ සදහා පිළිතුරක් දෙන්න....ඔබේ පාඨයට ගැලපෙන සේ ද කටයුතු කරන්නේ... jiwitaya@gmail.com මෙයටවත් එවන්න
    .................................................
    (6) සඳහන මෙ සේ ය.
    ........................(6)........................
    තෙරුවන් සරණයි..

    බුදු දහම තමාට තෙරෙන බසින් ඉගෙන ගැනීම පිලිබදව ද දිගු ලිපියක් ලියා ඇත.
    http://jiwitaya.blogspot.com/2011/12/blog-post_25.html

    //බුදුරදුන් නො දෙසු, පසු ව නිර්මාණය වූ පිරිත් දේශනා ද, ඇත// මා එය පිලිබදව අසා නම් නැත..හැකිනම් එවා මන්දැයි යන්න පවසන්නේනම් කැමතියි දැනගන්න .

    ඔබ මහත් හිස්පුද්ගලයෙක්...ඔබට ඕනි අවබොධ කර ගැනීමට නොව..තමාගේ අදහස බොරු ගොතා පවසා හරි නිවදියැයි කීමටය..එසේ නොවී අවබෝධ කිරීමට, නිසරු දේ බැහැර කර සරු දේ ‍තෝරා ගන්න නිවරදිව.. ඔබට වහා නිවරදිව වැටහීමට වාසනාව උදාවේවා..
    මෙය 4 පාරක් දැම්මා...පල නොකලේ මන්ද යන්න මා දන්නේ නැත..නමුත් මේ සදහා පිළිතුරක් දෙන්න....ඔබේ පාඨයට ගැලපෙන සේ ද කටයුතු කරන්නේ...
    ................................................
    ඔබ ලියු (7) වන comment එක දැනට ඉවත් වී හෝ ඉවත් කරගෙන හෝ නැත. එය දැනට ඉහතින් දිස් වේ. ඉදිරියේ දී සමහර විට එය ද, ඉවත් වන්න ට හෝ ඉවත් කරගන්න ට අවකාශ ඇත්තේ ඔබ ට ම පමණි.

    දැන් ඔබ මුලින් එවන්න ට යෙදුණු comments සඳහා පිළිතුරක් ලබා දෙන්නම්. ජය පිරිත, ජ්වර පිරිත, ඇණවුම් පිරිත, චක්ක පිරිත, සීවලී පිරිත ආදිය උදාහරණ වේ. බුදුසමය ට පසු බුදුගොස් තෙරුන් ආදී හිමිවරු ද, පිරිත් නිර්මාණය කර ඇත. පිරුවානා පොත් වහන්සේ අතින් අල්ලා හෝ නැති බව යි, ඒ තුළින් විද්‍යමාන වන්නේ. මේ කරුණු සියල්ල ප්‍රකාශ කරන්නේ අතිපූජ්‍ය තෙරිපැහැ ධම්මරුචි නායක හිමියන්ගෙන් සහ තෙරිපැහැ ධම්මාලංකාර හිමියන් වැනි පිරිත් දේශනා සඳහා විශේෂඥතා ඥාණයක් දරණ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ හිමිවරුන්ගෙන් ද, විමසා බව ඔබ සියලු දෙනා දැනගත යුතු ය. නමුත් ඔබ අඩුගණනේ පිරුවානා පොත් වහන්සේ හෝ පරිශීලනය නො කරන බව මට සිතේ.

    ඉහත මා ලියූ කිසි තැනක "ත්‍රිපිටක ධර්මය ස්වකීය බසින් හැදෑරීම නො කළ යුතු ය" යි කියා නැත. කියා ඇත්තේ පිරිත් දේශනාවන් පාලියෙන් ම කළ යුතු බව යි.

    බුද්ධ ධර්මය නිවන සඳහා ම නො වන බව ඔබ ට අවබෝධ වී නැති සෙයකි. එ සේ නම් සිඟාලෝවාද සූත්‍රය දේශනා කරන්නේ නිවන ට ම ද?

    මේ ගැන ත්, නො කියා ම බැරි ය.

    තීර්යක් "සරු නිසරු දෙය වෙන් ව දකින්න ට..."

    අප ගේ පාඨයේ හැටියට අප කටයුතු නො කරන්නේ නම් ඔබ එවූ සියලු comments මා මෙ හි පල කරන්නේ නැත.

    "තීර්යක්" යන්නෙ හි අදහස තීර්යක් තරංගවල ට ම සමාන ය. මහ මුහුදේ රළ තොරුන් මෝරුන් හෝ හාල්මැස්සන් ට නතර නො කළ හැකි සේ ම "තීර්යක්" අප ගේ ගමන ද, අංශුමාත්‍රයකින් හෝ නො වෙනස් ව තව දුර ට ත්, ඉදිරිය ට බලවත් ව තෙදවත් ව සිදුකරගෙන යන බව නම් දත යුතු ය.

    පිරිත් ඝණ මුල් කරගත් මෙය ඒ ප්‍රශ්නය සඳහා සම්පූර්ණ පිළිතුරක් ලබා දී එය සම්පූර්ණයෙන් නිරාකරණය කරන ලදී. ඉන් පසු විවිධ අන්තවල සිටිමින් අභූත චෝදනා නගන්න ට එපා කියා කාරුණික ව ඉල්ලා සිටිමි.

    මේ පිළිබඳ අප වෙනත් පාඨක ජනයාගෙන් ද, මා අදහස් බලාපොරොත්තු වෙමි.

    මෙත් සිතෙනි.
    තෙරුවන් සරණ යි!

    ReplyDelete
  10. jiwitaya කියන කෙනාගේ අදහස් ඇත්තට ම පොඩි ළමයෙක්ගෙ වගේ. කොච්චර තේරුම කරත් තේරෙන්නේ නැහැ. තේරුම ගන්නෙත් නැහැ. ඒ වගේ අයට වෙනම තැන් තියෙනවා. කරුණාකර ඒ තැන්වලට ඔයාගේ අදහස් යොමු කරන්න. ඔහුගේ බ්ලොගයත් ඒ වගේමයි ගතයුතු දෙයක් නැහැ. මේ වගේ කොමෙන්ටු ඇත්තටම ඉවත් කළේ නැතිනම් මම කතෘගෙන් ඉල්ලන්නේ ඉවත් කරන ලෙසයි.

    ReplyDelete
  11. @jiwitaya මෙයාගේ ප්‍රශ්නය වෙලා තිබුනේ ගණ,මාත්‍ර,අක්ෂර ගැනයි. ඒ ගැන පිළිගත හැකි මුලාශ්‍ර රැසක් ම දක්වමින් මෙහි කතෘ හොඳ පිළිතුරක් ලබා දී ඇත. එය ට කටඋත්තර නැතිවන විට එක එක විකාර ලියා ඇත. කතෘ විසින් එයාගේ අදහස් දැක්වීම් ඉවත් කර ඇති නම් නැවත ඒවා පල කිරීමේ අවශ්‍යතාවයක් ද, නැත. මේ නිසා ඔහු ඔහුගේ ම අදහස් ඉවත්කරගෙන ඇති බව පෙනෙයි. මොහුගේ බ්ලොගය දෙස බැලුවහොත් ඔහු බ්රාහ්මන්යින් කියන ගණ සහ පිරිත් ගණ පටලවාගෙන සිටින කෙනෙක් බවයි පෙනෙන්නේ.

    ReplyDelete
  12. තෙරුවන් සරණ යි!
    මාගේ අතින් නොදෙනුවත්වම හෝ යම් කෙනෙකුගේ සිති පෑර වීමක් හෝ එවැනි යමක් සිදු වූයෙ නම්.. මා ඒ පිලිබදව සමාව ප්‍රකාශ කරනවා..

    මා එලෙස comment බොහෝමයක් දැක්වූයේ එය දැමුවත් නැවත දිස් නොවූනු බැවිනි..
    කිසිවකු කියන නිසා නොව තම තමන්ම සංස්කෘත සාහිත්තයේ ගණ නොවේද , පිරිත් වල ගණ පිහිටීම යැයි විමසා බලන්න..
    එවිට තමාටම දැන ගැනීමට ලබෙයි..

    මෙයින් වනුයේ සිත් පෑරීමක් පමනි බව මට සිතේ..එබෙවින් මම නිහඩ වෙමි..

    අප සරන ගිය ගෞතම බුදු රජුන්ගේ ඒ උතුම් ධර්මය ‍රැකගැනීමට හැකි පමනින් සහය වෙමු..
    වහ වහා අප සියලු දෙනාටම මේ බුද්ධ සාසනේදීම ඒ උතුම් ධර්මය අවබොධ කරගැනීමට වසනාව උදාවේවා..

    ReplyDelete
  13. Please tell me how to chant Rathana Suttha with correct "Gana" Please direct me to a downloadable mp3/ youtube of Rathana Suttha which is chanted according to "Gana" "Akshara" rules. bitdeluge@gmail.com

    Theruwan Saranai

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...