නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තුන්ලෝකාග්ර වූ භාග්යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංඝයා ගේ අපරිහානිය සඳහා දේශනා කළ කරුණු සතලිස් එකක් ඇත. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කළ සුවාසුදහසක් ධර්මස්කන්ධය අදවන තෙක් ම සුරක්ෂණය වූයේ මහසඟරුවනේ අපරිමිත කැපවීම නිසා ම ය. ඇතැම් කාලවල දී වැටකෙයියා ඉස්ම පානය කරමින් ද, නෙළුම් දඬු අමුවෙන් අනුභව කරමින් ද, උතුම් දම්කඳ රැකගන්නට සංඝරත්නය වීර්යය කළ බව ට ඉතිහාසයේ සඳහන් ව ඇත. කෙ සේ වුව ද, අදවනවිට අතීතයේ පැවතී සංඝ බලය හා සංඝයා ගේ සාමූහිකත්වය යම්පමණකින් පරිහාණිගත ව ඇති බව පැහැදිලි වන සත්යයකි. ගිහියන් ලෙස සංඝරත්නය වෙත අනුශාසනා කරන්න ට සුදුසු නො වන බව අප දනිමු. එ බැවින් එය බුදුරදුන් දේශනා කළ ධර්මය අනුව ගලපා බලමු.