නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
කොණ්ඩඤ්ඤ
නම් බුදුරදුන් ට පසු කාලයෙ හි මංගල නම් ලෝකනායකයන් වහන්සේ ලොකයෙ හි මෝහ
නමැති අඳුර නැතිකොට දහම් නමැති ගිනිහුල දැරූ සේක. සෙසු ජිනරාජයන් ට වඩා
පැතිරුණා වූ ද, උන්වහන්සේ ගේ අසමාන වූ ශරීර ශෝභාව සඳ හිරු දෙදෙනා ගේ ආලෝකය
යටපත්කොට දස දහසක් සක්වළ බබලයි.ඒ බුදුරදහු ද අතිශයින් උතුම්වූ සිවුසස් දෙසූ සේක. ඒ ඒ දෙවි මිනිස් ආදීහු සිවුසස් රසය පානයකොට මහත් (මෝහ නමැති) අඳුර නැති කරත්. අසම වූ බුදුබව ට පැමිණ පළමුවන දම්දෙසුමෙ හි දී (දෙවි මිනිසුන්) කෝටි සියක් දහසක ට පළමුවන වර ධර්මාවබෝධය විය.