නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගධ රාජ්‍යයේ මාතුලා ජනපදයේ දී විසිදහසක් රහත්ඵලයෙ හි පිහිටුවමින් අසූහාරදහසක් පිරිස ට මගඵල නිවන් අවබෝධ කරගැනීම පිණිස දේශනා කොට වදාළ චක්කවත්ති සිංහනාද සුත්‍ර දේශනාව කේන්ද්‍ර කරගනිමින් ඉහත මාතෘකාව සාකච්ජා කිරීම ට යි මේ සුදානම. මිනිසා ගේ ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රඥාව ක්‍රමයෙන් පිරිහී යන ආකාරය හා නැවත වර්ධනය වන ආකාරය පිළිබඳ මේ දේශනාවේ සවිස්තර ව විස්තර වේ.
මිනිසුන් වශයෙන් කොතරම් තාක්ෂනය අතින් දියුණුවක් ලබා සිටියද අද වනවිට මිනිසා ගේ පරමායුෂ අවුරුදු 70ක් පමණ දක්වා අඩු වී ඇත. එ කළ නො තිබූ ලෙඩරෝග අද උත්සන්න වී ඇත. සමහර ලෙඩරෝග සඳහා ප්‍රතිකර්ම පවා මෙතෙක් සොයාගෙන නැත. ඇතැම් ලෙඩරෝග සඳහා ප්‍රතිකර්ම කර සුව කළ නො හැකි ව තිබේ.
