නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
එ ම මණ්ඩ නම් කල්පයෙ හි අසම වූ තමා ට සමාන පුද්ගලයෙක් නැත්තා වූ නමින් වෙස්සභූ නම් වූ ලෝනා හිමිඳු උපන් සේක.ඒ කාලයෙ හි තණ්හාවන් පිළිබඳ නගරය රාග නමැති ගින්නෙන් දැල්වුනේ ය යි දැන සසර බැඳුම සිඳගෙන ඇත් රජෙකු මෙන් බුදුබවට පැමිණි සේක.
වෙස්සභූ බුදුරදුන් දම්සක් පවත්වන කල් හි කෝටි අසූ දහසක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය. ලෝදෙටු නරශ්‍රේෂ්ඨ බුදුරදුන් රටෙ හි සැරිසරා වැඩිය කල් හි කෝටි සැත්තෑදහසක් දෙනා ට දෙවන ධර්මවබෝධය වී ය. උන්වහන්සේ මහා මිසදිටුව දුරු කරමින් යමාමහ පෙළහරක් කළ සේක. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයෙ හි දෙවි මිනිස්සු රැස්වු හ. පෙර නො වූ විරූ, ලොමු දැහැගන්නා වූ මහ පුදුමය දැක සැට කෝටියක් දෙවියෝ ද මිනිස්සු ද සිවුසස් අවබෝධ කළාහු ය.