නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
Thursday, May 23, 2013
එන්න... ධර්මය දකින්න...
Monday, May 20, 2013
තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
වෙසක් දිනය නිමිත්තෙන් මෙ ම ලිපිය පල කළයුතු ය යි සිත් විය. මේ ලිපිය මුල්වරට ප්රකාශයට පත් ව ඇත්තේ ශ්රි බුද්ධ වර්ෂ 2493 වෙසක් පොහෝ දින
(1949 මැයි 1) සිළුමිණ පත්රයේ ප්රධාන පිටුවේ ය. "තෑග්ගට සුදුසු වෙසක්
සැරසිල්ල" බුදුරජාණන් වහන්සේ මනා ව හඳුනාගත් පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්රී ජිනවංශ මහා ස්වාමින්ද්රෝත්තමයාණන් වහන්සේ ගේ
බෝධි චින්තනයෙන් සැපයුණු ඓතිහාසික ලිපියකි.
2500 සම්බුද්ධ ජයන්ති සමය උදාවත් ම, ශාසන
ප්රතිපත්ති හා මඟ ඵල නිවන් වසා පැවති විමති අඳුර නසා, අද ත්, මඟ ඵල නිවන් රස
විඳිය හැක්කේ මෙ සේ ය යි, සම්බුද්ධ ශාසනය නගා සිටුවීමේ ප්රණීතාධ්යාශයෙන්
සමාරබ්ධ "ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාව" මෙ ම ඓතිහාසික ලිපියේ
ප්රතිඵලයකි.
- අද බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් වෙසක් සැරසිලි කාරයන්ට කෙබඳු බණක් වදාරත් ද?
සිංහල බෞද්ධයන් විසින් වර්ෂයක් පාසා වෙසක් උත්සව උත්කර්ෂවත් ලෙස පවත්වනු
ලැබේ. ජාතික සාමායික දෙපසින් ම විශේෂ සිද්ධි රැසක් සිහියට නංවන වෙසක්
දිනයෙ හි උත්සව පැවැත්විය යුතු ම ය. අප මේ ලිපිය ලියන්නේ වෙසක් ඉතිහාසය දැක්වීමට
හෝ උත්සව කරුවන්ගේ උනන්දුව පණපෙවීමට නොවෙයි.
Sunday, May 12, 2013
ධර්මශ්රවණය නිවන් දොරටුවක් කරගන්න.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ධර්ම දේශනය, ධර්මශ්රවණය, ධර්ම සම්මර්ෂණය, ධර්ම සජ්ඣායනාව සහ භාවනාව යන කරුණු පහ නිවන ට පිවිසීමේ දොරටු හෙවත් විමුත්තායතන ශීර්ෂ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ විමුත්තායතන සුත්රයේ ඒ පිළිබඳ අන්තර්ගත ය. එයින් අද සාකච්ඡා කරන්නේ ධර්මශ්රවණය ට අදාළ කරුණු සම්බන්ධයෙනි. පෙර ලිපියකින් අප ඉහත කරුණු පහ පිළිබඳ ව ම හැඳින්වීමක් කළ නමුත් ධර්ම ශ්රවණය පිළිබඳ තවදුර ට ත් කිව යුතු ම කරුණු කිහිපයක් ඇති හෙයින් මෙ ම ලිපිය පලකරන්නට අදහස් විය.
ධර්මශ්රවණය සියලු දෙනා ට සිදු කළ නො හැකි, පහසුවෙන් කළ නො හැකි අතිශය දුර්ලභ කරුණක් බව බුදුරජාණන් වහන්සේ පාතුභාව සුත්රයේ දේශනා කොට ඇත. ඒ අතරින් ධර්ම ශ්රවණය තුළින් නිවන් මග ට යම් ආකාරයක උපකාරයක් සිදුකරගැනීමට තරම් බුද්ධියකින් ධර්මය ශ්රවණය කරන පිරිස ද, දුර්ලබ බව කිව යුතු ය.
Subscribe to:
Posts (Atom)