Showing posts with label ධර්මශ්‍රවණය. Show all posts
Showing posts with label ධර්මශ්‍රවණය. Show all posts

Sunday, May 12, 2013

ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් කරගන්න.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ධර්ම දේශනය, ධර්මශ්‍රවණය, ධර්ම සම්මර්ෂණය, ධර්ම සජ්ඣායනාව සහ  භාවනාව යන කරුණු පහ නිවන ට පිවිසීමේ දොරටු හෙවත් විමුත්තායතන ශීර්ෂ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ විමුත්තායතන සුත්‍රයේ ඒ පිළිබඳ අන්තර්ගත ය. එයින් අද සාකච්ඡා කරන්නේ ධර්මශ්‍රවණය ට අදාළ කරුණු සම්බන්ධයෙනි. පෙර ලිපියකින් අප ඉහත කරුණු පහ පිළිබඳ ව ම හැඳින්වීමක් කළ නමුත් ධර්ම ශ්‍රවණය පිළිබඳ තවදුර ට ත් කිව යුතු ම කරුණු කිහිපයක් ඇති හෙයින් මෙ ම ලිපිය පලකරන්නට අදහස් විය. 

ධර්මශ්‍රවණය සියලු දෙනා ට සිදු කළ නො හැකි, පහසුවෙන් කළ නො හැකි අතිශය දුර්ලභ කරුණක් බව බුදුරජාණන් වහන්සේ පාතුභාව සුත්‍රයේ දේශනා කොට ඇත. ඒ අතරින් ධර්ම ශ්‍රවණය තුළින් නිවන් මග ට යම් ආකාරයක උපකාරයක් සිදුකරගැනීමට තරම් බුද්ධියකින් ධර්මය ශ්‍රවණය කරන පිරිස ද, දුර්ලබ බව කිව යුතු ය.

Monday, October 15, 2012

ධර්මදේශනය සහ ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් වන අයුරු.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බෞද්ධ සියලු දෙනා ගේ උතුම් ම ප්‍රාර්ථනය, අධිෂ්ඨානය විය යුත්තේ සසරින් එතෙර වී උතුම් නිවන සාක්ෂාත් කිරීම යි. බෞද්ධ පමණක් නො ව අන්‍යාගමිකයන් ගේ අපේක්ෂාව වන්නේ ද, දුක නැති ස්ථානයකට පැමිණීම යි. එ සේ දුක නැති ස්ථානයකට පැමිණීම සඳහා විවිධ ආගම්වල විවිධ ක්‍රමවේද උගන්වති. දෙවියන් වැඳීම, දෙවියන්ට පලතුරුවලින් සංග්‍රහ කිරීම, යාඥා කිරීම, යාග කිරීම, බිලිපූජා ආදිය සිදුකිරීම ඒ අතර ප්‍රධාන වේ. මේ කිසිවක් බුදුදහම සමග සම්බන්ධ නැත. දෙවියන් වැඳීම, දෙවියන්ට පලතුරුවලින් සංග්‍රහ කිරීම ආදී කරුණු කිසිවක් බුදුරදුන් අනුදැනවදාළා නැත. ඒ බව නුවණ ඇත්තෝ නුවණින් සලකා බලත් වා!

සමතිස් පාරමිතා ධර්ම කල්ප අසංඛෙයිය ගණනින් සම්පුර්ණ කර බුදුවරයෙක් ලොව පහල වන්නේ සියලු සතුන් කෙරෙහි මහා කරුණාවෙන් නිර්වාණ මාර්ගය පෙන්වා දීම සඳහා ය.
Related Posts Plugin for WordPress, Blogger...