නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මෛත්‍රී සම්මා සම්බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ලිපියක් සකස් කරනමෙන් කිහිප දෙනෙක් ම ඉල්ලීම් සිදුකළ නිසා මේ ලිපිය සියලු දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරමි. පසුගිය ලිපි ගණනාවකින් ම අතීත බුදුවරයාණන් වහන්සේලා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බැවින් අනාගතයේ පහල වන මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ව ද, කරුණු මෙ සේ ඉදිරිපත් කරන්නට අදහස් විය.
පෙර ඉදිරිපත් කළ අතීත බුදුවරයාණන් වහන්සේලා කිහිපනමක් පිළිබඳ සකස් කළ ලිපිපෙළ සඳහා මෙ ම සබැඳිය භාවිත කරන්න.
මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ පිළිබඳ මේ ලිපිය ඉදිරිපත් කරන්නේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ලොව පවතින වකවානුවක බව අමතක නො කරමින් ලිපිය කියවන මෙන් ආරාධනා කරමි.