නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පළමුවෙන් ම පේත වත්ථුව පිළිබඳ ව කෙටි හැඳින්වීමක් ලබාගෙන ම අපි මාතෘකාව ට පිවිසෙමු. පේත වත්ථුව මිනිසුන් පව්කමින් මුදවා පින්කිරීම ට යොමු කරවන ජනකාන්ත කතා සංග්‍රහයකි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව ට වැඩමවා අනුලා දේවිය ඇතුළු පන්සියයක් පමණ දෙනා ට පළමු ව දේශනා කළ සුත්‍ර ධර්මය වන්නේ ද, විමානවත්ථු හා පේතවත්ථු බව මහාවංශයේ සඳහන් වේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, පරදාර සේවනය, මුසාවාදය වැනි පව්කම් නිසා දුක් විඳින්නවුන් ගේ ම මුවින් ම ප්‍රකාශ වීම මෙ හි ඇති විශේෂත්වය යි. බුද්ධකාලයේ හා ඊට අතීතයේ සිදු වූ සිදුවීම් ද, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ව ඇති වූ සිදුවීම් පිළිබඳ ව ද, පේතවත්ථුවේ දක්නට ලැබේ.
කෙතක් උපමා කර ඇති ප්‍රේතයා ගේ කතාව. (ඛෙත්තුපම පේතවත්ථු)
රහත්හු කුඹුරක් වැනි ය. දායකයෝ ගොවියන් වැනි ය. දිය යුතු දෙය වපුරන බීජ බඳු ය. මෙ පමණකින් ඵලය උපදී.
ප්‍රේතයා ට ද දායකයා ට ද, මේ බීජය, මේ වැපිරීම ය. මේ කුඹුර ය. ඒ පින ප්‍රේතයෝ ලබත්. දෙන තැනැත්තේ පිනින් වැඩෙත්.
මෙ හි ම පින්කොට ප්‍රේතයන් ට ද පින් දී යහපත් කර්මයක් කොට දිව්‍යලොකස්ථානය ට යයි.
සූකරමුඛ ප්‍රේතයා ගේ කථාව.
නාරද තෙරුන් මෙ සේ විමසයි. තොප ගේ ශරීරය හැමතැන රන්වන් ය. සියලු දිසාවන් බබළවයි. තොප ගේ කට ඌරෙකු ගේ මෙනි. පෙර කිනම් කර්මයක් කළෙහි ද?
කයින් සංවර වීමි. වචනයෙන් අසංවර වීමි. නාරදයන් වහන්ස, ඒ කරුණින් එබඳු වර්ණ වීමි.
නාරදයන් වහන්ස, ඔබ විසින් ම මෙය දක්නා ලදී. මම මෙය ඔබ ට කියමි. වචනයෙන් පවක් නො කරව. ඌරුමුඛ ඇත්තෙක් නො වව.
පූතිමුඛ ප්‍රේතයා ගේ කතාව.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicuOCFhex0RuZMCb2nHzbWec_jSVGzPs5ZIUG2VwZw3FeMnM3rwLqECnVFjEB8iSikxYEGYGf30DMcl6vO9eMOVZ1L4IyHDNqYb8ctbMbSRzhrJE9Z833GVBcKaRr2I4Wq4jZyOMJZUvg/s400/b3c3c1696472aba2e5dd608c7a85da37.jpg)
මම පවිටු වූ නපුරු වූ වචන ඇති ශ්‍රමණයෙක් වීමි. කටින් සංවර නො වූ තපස් ඇත්තෙක් වීමි. මා ගේ තපස්කමින් වර්ණවත් ශරීර වර්ණයක් ලැබුනේවී නමුත් කේළාම් කීම නිසා කට කුණුවිය.
නාරදයන් වහන්ස, ඔබ විසින් මා ගේ රූපය දක්නා ලදී. අනුකම්පා ඇති යම්කිසි කෙනෙක් කියන්නාහු නම් යහපත් වචන කියන්නේ ය. පංචකාමය කැමති දෙවියෙක් වනු කැමැත්තේ නම් කේළාම් නො කියනු මැනවි.
පීට්ඨධීතලික ප්‍රේතයා ගේ කතාව. (පිටියෙන් තැනූ රූපය)
නො මසුරු තැනැත්තේ මළවුන් ද, තව ද, ගෙවල් ආදිය ට අරක්ගත් දේවතාවන් ද, යන යම් කිසිවක් අරමුණු කොට දන් දෙන්නේ ය. ඔව්හු ලෝකය රක්නා යසස් ඇත්තා වූ වෛශ්‍රවණ, ධ්‍රතරාෂ්ට, විරුපාක්ෂ, විරූඪ යන සතර වරම් මහ රජ දරුවන් අරභයා දන් දෙන්නා හ. දායකයෝ ද ප්‍රයෝජන ලබති.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHiOcP1FxFMM3dCVsJvWX8lszwrIl_FTfe-g5WUY0dHQPAQsvtDSgsAaoux2zR90P8ktsTz2YkEhsWdJjQcJ_MrUVNdwKhwM_KhJ2F_nIpdf2Zg-X_3NwW72gvXXz4kntDQE4g3KvMNxE/s400/Walking-Dead-1-532x286.jpg)
සංඝයා කෙරෙහි මනා කොට පිහිටුවන ලද මේ දකෂිණාව බෝහෝ කලක් ඔහු ට හිත පිණිස එකෙණෙහි ම පැමිණෙයි.
තිරෝකුඩ්ඪ ප්‍රේතයන් ගේ කතාව.
ප්‍රේතයෝ සිය මුල් නිවෙස් වෙත පැමිණ ගෘහ ප්‍රාකාර ආදී බිත්තිවල පිටත ද, තුන්මං සතරමං සන්ධිවල ද, ගෘහයන් හි දොරමුළු අසල ද, සිටිති. බොහෝ ආහාරපාන හා කෑ යුතු බී යුතු දේ දානය පිළියෙළ කළ ද, ඒ ප්‍රේතයන් ගේ අකුසල කර්ම නිසා කිසිවෙක් ඔවුන් සිහි නො කරයි.
නෑයන් අතරින් ඒ ප්‍රේතයන් ට අනුකම්පා කරන දූ පුත් ආදී යම් නෑ කෙනෙක් වෙත ද, ඔවුහු පිරිසිඳු වූ ප්‍රණීත වූ කැප වූ පැන් සහ බොජුන් සුදුසු කල පිරිනමති. මේ පින ඥාති ප්‍රේතයන් ට පැමිණේ වා! ඒ ඥාති ප්‍රේතයෝ සුවපත් වෙත වා! යි පින් දෙති.
ඒ ඥාති ප්‍රේතයෝ ද, ඒ ඒ තැන්වලින් අවුත් රැස් වෙති. බොහෝ වූ ආහාරපානාදිය දාන විෂයෙ හි පිදූ කල් හි එ හි පින් සකසා අනුමෝදන් වෙති.
ඒ ප්‍රේත ලෝකයේ ගොවිකමක් නැත. ගවයන් රකීමක් ද, නැත. වෙළඳාමක් ද, නැත. ගැනීම් විකිණීම් සංඛ්‍යාත මුදලින් කෙරෙන ගනුදෙනුවක් ද, නැත. කලුරිය කළ ප්‍රේතයෝ මෙ ලොවින් දුන් පිනින් එ හි යැපෙති.
උස් තැන වැටුණු වැසි දිය යම් සේ පහත තැන කරා පැමිණෙත් ද, එ මෙන් මිනිස් ලොවින් දුන් පින් ප්‍රේතයන් කරා පැමිණේ. යම් සේ පිරුණු මහනදීහු සාගරය පුරවත් ද, එ සේ ම දෙන ලද පින ප්‍රේතයන් කරා පැමිණේ. නෑයන් අතරින් ඒ ප්‍රේතයන් ට අනුකම්පා කරන දූ පුත් ආදී යම් නෑ කෙනෙක් වෙත ද, ඔවුහු පිරිසිඳු වූ ප්‍රණීත වූ කැප වූ පැන් සහ බොජුන් සුදුසු කල පිරිනමති. මේ පින ඥාති ප්‍රේතයන් ට පැමිණේ වා! ඒ ඥාති ප්‍රේතයෝ සුවපත් වෙත වා! යි පින් දෙති.
ඒ ඥාති ප්‍රේතයෝ ද, ඒ ඒ තැන්වලින් අවුත් රැස් වෙති. බොහෝ වූ ආහාරපානාදිය දාන විෂයෙ හි පිදූ කල් හි එ හි පින් සකසා අනුමෝදන් වෙති.
ඒ ප්‍රේත ලෝකයේ ගොවිකමක් නැත. ගවයන් රකීමක් ද, නැත. වෙළඳාමක් ද, නැත. ගැනීම් විකිණීම් සංඛ්‍යාත මුදලින් කෙරෙන ගනුදෙනුවක් ද, නැත. කලුරිය කළ ප්‍රේතයෝ මෙ ලොවින් දුන් පිනින් එ හි යැපෙති.
මට මේ දෙය දුන්නේ ය, මා ගේ මෙ නම් කටයුත්ත කළේ ය, අසවල් අය මා ගේ නෑයෝ ය, මිතුරෝ ය, යහළුවෝ යි පෙර කළ උපකාරය සිහි කරමින් ප්‍රේතයන් ට පින් දෙන්නේ ය.
හැඞීම හෝ ශෝක කිරීම හෝ යම් අනික විලාප කීමක් හෝ වේ ද, ඒ හැඞීම ආදිය ප්‍රේතයින් ට හිත පිණිස නො වේ. එබඳු අවිඥ වූ නෑයෝ ද, සිටිති.
සංඝයා විෂයෙ හි දෙන ලද මේ දක්ෂිනාව මැනවින් පිහිටියා ය. බොහෝ කලක් මුළුල්ලේ හි ඒ ප්‍රේතයා ට හිත පිණිස එ කෙනෙහි ම එය පැමිණෙයි.
මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කල යුතු ඒ ඥාති ධර්මය යි. ප්‍රේතයන් ට මහත් වූ පුජාවක් ද, කරන ලද ඒ භික්ෂුන් ට බලය ද, දෙන ලද තොප විසින් ද, මහත් පිනක් රැස් කරන ලදී.
පංච පුත්‍රඛාදක ප්‍රේතිතිය ගේ කතාව.
වස්ත්‍ර නැති ව නපුරු වර්ණ ඇති ව කුණු ගඳ ඇත්තියක් වෙහි ය. මැස්සන් විසින් වසාගත් මෙ හි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙ හි ද?
ස්වාමිනී, මම නපුරු ගති ඇති යම ලොකයෙ හි වූ ප්‍රේතියක් වෙමි. පාපකර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකය ට ගියේ වෙමි. උදෑසන කාලයෙ හි පුත්‍රයන් පස් දෙනෙක් ද, සවස නැවත අනික් පස් දෙනෙක් ද, වදා කන්නෙමි. ඔවුන් ද මට ප්‍රමාණ නො වෙත්.

මා ගේ හෘදය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි. පැන් බොන්න ට නො ලබමි. විපත ට පැමිණි මා බලන්න.
කිමෙක් ද කයින් වචසින් මනසින් නපුරු කමක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයකින් පුත්‍රයන් ගේ මස් කන්නෙ හි ද?
මා ගේ සැතිරිය ගැබ්ගත්තා ය. ඈ ට පාපයක් සිතුවෙමි. මම ද්වේෂිත වූ සිතින් ගැබ් හෙලීම කළේ ය. ඇ ගේ දෙමාසයක් වූ ගර්භයෙන් ලේ ම වැගිරවූයේ ය. ඇගේ ඒ මව තරහවූවා ය. මගේ ඥාතීත් කැඬවූයේ ය. මා ලවා දිව්රීම ද කරවූයේ ය. මට නිඳා ද, කළේ ය. ඒ මම බොරු වූ දරුණු දිව්රීමක් දිවුරු වෙමි. ඉදින් මා විසින් එය කරන ලද්දේ නම් "මම පුත්‍ර මාංශ කන එකියක් ය" යි දරුණු සපත කොට බොරුබස් කීමි. ඕ මා ලවා සපථ කරවූවා ය. මා බියෙන් තැති ගැන්වූවා ය.
මම ඒ කර්ම විපාකයෙන් ද මුසාවායෙන් ද යන දෙකින් සැරවින් හා ලෙයින් වැකුණු ශරීර ඇති පුත්‍රයන් ගේ මස් කමි.

පුත්‍රයන් සත්දෙනෙකු කන ප්‍රේතිය ගේ කතාව. (සප්ත පුත්‍රඛාදක පේත වත්ථු)
වස්ත්‍ර නැති ව නපුරු වර්ණ ඇති ව කුණු ගඳ ඇත්තියක් වෙහි ය. මැස්සන් විසින් වසාගත් මෙ හි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙ හි ද?
ස්වාමිනී, මම නපුරු ගති ඇති යම ලොකයෙ හි වූ ප්‍රේතියක් වෙමි. පාපකර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකය ට ගියේ වෙමි.
උදෑසන කාලයෙ හි පුත්‍රයන් සත් දෙනෙක් ද, සවස නැවත අනික් සත් දෙනෙක් ද, වදා කන්නෙමි. ඔවුන් ද මට ප්‍රමාණ නො වෙත්.

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFFnTQ3Kt9TV3_Mh2sfrixYJj7Y4l3okfUiXZ6gvJbaUhJ0Q0quM7ZwlMx_8xc3TZ5T7ZcZbzS3l9_6xvxyT_eOKZ178PEzenZtdWeVMgEnG3HQxy9vYTAI_U4B0eSetZJc4V17MAG4EM/s400/Spitter2+copy.png)
මාගේ ළය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි. අව්වෙ ත් ගින්නෙ ත් දැවුනාක් මෙන් නිවීමක් නො ලබමි.
කිමෙක් ද කයින් වචසින් මනසින් නපුරු කමක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයකින් පුත්‍රයන් ගේ මස් කන්නෙ හි ද?
මා ගේ පුත්‍රයන් දෙදෙනෙක් වූ හ. දෙදෙන ම වැඩුන තරුණයෝ ය. පුත්‍රයන් ගේ බලයෙන් යුත් ඒ මම ස්වාමියා ට අවමන් කළෙමි.
ඉන් ම ගේ සැමියා කිපී අනික් ස්ත්‍රියක් ගෙනාවේ ය. ඈ ද ගර්භයක් ලැබුවා ය. ඈ ට පාපයක් සිතුවෙමි. ඒ මම ක්‍රෝධ සිතින් ගැබ් හෙළීම කළෙමි. ඇ ගේ තුන්මසක් වූ ගර්භය කුණු ලේ වී වැටුනේ ය.
ඇගේ මව තරහවූවා ය. මගේ ඥාතීත් කැඬවූයේ ය. මා ලවා දිව්රීම ද කරවූයේ ය. මට නිඳා ද, කළේ ය. ඒ මම බොරු වූ දරුණු දිව්රීමක් දිවුරු වෙමි. ඉදින් මා විසින් එය කරන ලද්දේ නම් "මම පුත්‍ර මාංශ කන එකියක් ය" යි දරුණු සපත කොට බොරුබස් කීමි. ඕ මා ලවා සපථ කරවූවා ය. මා බියෙන් තැති ගැන්වූවා ය.
මම ඒ කර්ම විපාකයෙන් ද මුසාවායෙන් ද යන දෙකින් සැරවින් හා ලෙයින් වැකුණු ශරීර ඇති පුත්‍රයන් ගේ මස් කමි.
ගෝන පේත වත්ථු.
කිමෙක් ද? පිස්සෙක් මෙන් නිල්වන් තණ කපා ඉක්ම ගිය ජීවිතය ඇති වැහැරුණු නාකි ගවයෙකු ට කාපිය කාපිය යි කියයි.
මළ ගොනා ආහාරයෙන් පානයෙන් නැගිටුවාලිය නො හැක්කේ ය. අයහපත් අදහස් ඇති අන් පුද්ගලයෙකු යම් සේ ද, නුඔ ත් නුවණ නැති බාලයෙක් වූයෙ හි ද?
හෙතෙම මෙ සේ පවසයි. "මේ පය ද මේ හිස ද, වලිගය ද, සහිත මේ ශරීරය ද, නේත්‍රයෝ ද, එ සේ ම තිබෙත් මේ ගොනා නැගිටින්නේ ය".
පියා ගේ අත්පාද, ශරීරය ද හිස ද නො පෙනේ. මැටි ථූපයක් ළඟ අඞන ඔබ ම නුවණ නැත්තෙක් නො වේ ද?
ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ශෝකගිනියෙන් ගිනි ගත්තා වූ ම මා ජලය වත්කරන්නෙකු මෙන් සියලු චිත්ත දාහය, නිවන්නේ ය. මා ගේ හෘදය ආශ්‍රය කළ ශොක නමැති හුල උගුලන ලද්දේ ය. යමෙක් ශොකයෙන් පීඩිත වූ මා ගේ පියා නිසා වූ ශොකය දුරු කළේ ද, ඒ මම ඉදිරුණු ශොක නමැති හුල් ඇත්තේ වෙමි. සිහිල් වූයේ වෙමි. නිවුනේ වෙමි. පින්වත් මාණවකය නුඹේ වචන අසා ශොක නො කරමි. නො හඩමි.
යම් සේ යහපත් ව උපන් පුත්‍රයා පියා සෝ දුකින් මුදාලයි ද, නුවණ ඇති අනුකම්පා ඇති යම් කෙනෙක් වෙත්. නම් ඔවුහු එ සේ කරත්. ශොකයෙන් මුදවත්.
මහා පෙසකාර ප්‍රේතිය ගේ කතාව.
මේ ස්ත්‍රිය අසූචි ද, මුත්‍ර ද, ලේ ද, සැරව ද, අනුභව කරයි. කවර කර්මයක්හු ගේ විපාකයෙක් ද, යම් බඳු ප්‍රේතියක් සෑම කල් හි ලේ හා සැරව අනුභව කරන්නී ද? මේ ස්ත්‍රී තොමෝ කවර අකුසල කර්මයක් කළේ ද?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhumsHTykNEf9qY8zbQE5aymJXb0zZC2uTBY2LicvEb0luna4skM-IRGD_cynfoNL-jux4eRpm1er1JPLzI2UrDUF9zfZFw1NH9UHrenBxGbxQ2U5HHt2vt3JhnbNQ0KhwwBa8VB23xstQ/s320/Spitter_2.png)
ස්වාමින් වහන්ස, මෝ තොමෝ නො දෙන වස්තු මසුරු වූ තද මසුරු සිත් ඇති මා ගේ භාර්යාව විය. ඕ තොමෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ට දන් දෙන්නා වූ මට ආක්‍රෝශ කරයි. පරිභව කරයි. මේ දානය ද නුඹ ට පරලොව දී මළ ද, මුත්‍ර ද, රුධිරය ද, සැරව ද, වේ වා. වස්ත්‍ර ද තට ලෝහ වස්ත්‍ර වෙත් වා. නුඹ සියලු කාලයෙ හි අසූචි අනුභව කරත් වා. මෙබඳු වූ වාක් දුශ්චරිතාදිය කොට මේ ප්‍රේත ආත්ම භාවය ට පැමිණියේ බොහෝ කාලයක් අසූචි අනුභව කරයි.
හිස මුඩු ප්‍රේතිය ගේ කතාව. (ඛල්ලාටිය පේත වත්ථු) විමානය ඇතුළෙ හි සිටින්නා වූ තී කවර ස්ත්‍රියක් ද, විමනෙන් නො නික්මෙයි. සොඳුර මහත් සෘධි ඇති තී දකිනු කැමැතෙමි. තී විමනෙන් නික්මෙව.
නිර්වස්ත්‍ර ව පිටත නික්මීම ට ලජජා ඇත්තෙමි. ලජ්ජා වෙමි. හිසකේවලින් වැසුනු මුහුණ ඇත්තේ වෙමි. මා විසින් මද පිනක් කරන ලදී.
එ බැවින් තිට මගේ උතුරු සළුව දෙමි. මේ උතුරු සළුව හැඳගනුව. සුන්දරිය මේ වස්ත්‍රය හැදගෙන පිටත නික්මෙව. සොඳුර පිටත සිටියා වූ තී දකිම් හ. තී පිටත නික්මෙව.
අතින් අත ට නුඹ විසින් දෙන ලද්ද මට නො ලැබේ. සම්මා සම්බුදුන් ගේ ශ්‍රාවක වූ ශ්‍රාවකත් වූ උපාසක තෙම කෙනෙක් මොවුන් අතරෙහි ඇත්තේ ය.
මේ උපාසකයා වස්ත්‍රයෙන් අඳවා මට දකෂිණාව දෙව. එ සේ කල් හි මම සියලු කාම සැපතින් සමෘධ ව සුවපත් වන්නෙමි.
ඒ වෙළෙන්දෝ ඒ උපාසකයා නහවා උතුම් සුවඳ ගල්වා වස්ත්‍ර දෙකකින් හඳවා ඒ ප්‍රේතියට දකෂිණාව දුන් හ.
දීම ට අනතුරුව ම විපාක උපනී. නානාප්‍රකාර දිව්‍යභොජන සමාන වූ භොජන ද, දිව්‍ය වස්ත්‍ර සමාන වස්ත්‍ර ද, නොයෙක් පාන වර්ග ද උපන දානයා ගේ මේ විපාකය යි.
ඉක්බිති නෑමෙන් පිරිසිඳු වූවා පිරිසිඳු කසීසළුවල ට ත් වඩා උතුම් වස්ත්‍රධාරී ව සිනාසෙමින් විමානයෙන් නික්මුණා ය. දානයා ගේ මේ විපාකය වේ.
තී ගේ මොනවට කරන ලද චිත්ත රූප ඇති සිත්කළු විමන බබළයි. වෙළෙන්දන් මෙ සේ විමසන ලදී. පින්වත් දෙවඟන, විචාරණ ලද්දේ කවර කුසල කර්මයක්හු ගේ මේ විපාක දැ යි, කියව.
මම පිඞු පිණිස හැසිරෙන්නා වූ ඇද නැති බවට ගිය භිකෂුවක් හට මනා පැහැදුනු සිතින් නෙල් මිරිකාගත් තල ස්වල්පයක් දුනිමි.

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_P7aQRcDlEzlP7nvWf7UYs9YGPfVop-flrLI04J476IUOU07_Dfwy9-ggP1v15D6RhphHGZokGJ0LSdSiTQWfI7DNMXKrnAWYFBNbfcDTLlnKJCZQ3W8yBhGorVtb-4yZBp8h11v1F78/s400/8077623.jpg)
සිව් මසකින් මතු මාගේ කාලක්‍රියාව වන්නේ ය. මම ඒකාන්තයෙන් කටුක වූ දරුණු වූ අවීචි මහ නිරයෙ හි වැටෙන්නෙමි.
කොන් සතරක් ඇත්තේ ය. දොරටු සතරක් ඇත්තේ ය. ප්‍රමාණ කරන ලදුව කොටස් වශයෙන් බෙදන ලද්දේ ය. යකඩ ප්‍රාකාරයකින් වට කරණ ලද්දේ ය. යකඩ පියනකින් වසන ලද්දේ ය. ඒ අවීචි මහා නරකයෙ හි යකඩින් වූ භූමිය දිලිසෙන්නේ ය. මහත් ගිනි දැලින් යුක්ත ය. හැමතැන් හි හාත්පස යොදුන් සියයක් තැන පැතිර සිටී.
මම ඒ මහා නරකයෙ හි බොහෝකලක් මුළුල්ලෙ හි වේදනාව විඳීන්නෙමි. මා විසින් කළ පාප කර්මයා ගේ ඵලයක් ඇත්තේ ය. ඒ හේතුවෙන් මම බොහෝකොට ශොක කරමි.
නාග ප්‍රේතයා ගේ කතාව.
පළමු ව සුදුපාට ඇති ඇත් වාහනයෙන් දෙවියෙක් යයි. අතරෙ හි අස් වෙළඹුන් යෙදූ රියක් යයි. පසු ව දිව්‍ය කන්‍යාවක් හාත්පසින් දස දිශා බබළවමින් දෝලාවකින් ගෙනයනු ලබයි.
මුගුරු ගත් අත් ඇත්තා වූ තෙපි වනාහි හැඩූ මුහුණින් යුක්ත ව සිඳුණු බිඳුණු ශරීර ඇත්තාහු යම් හෙයකින් එකිනෙකා ගේ ලෙය බොන්නාහු ද? මිනිස් කල තෙපි කිනම් පාප කමෟයක් කලාහු ද?
යම් දෙවියෙක් තෙම ඉදිරියෙන් සුදු වූ පා සතරක් ඇති නාග සංඛ්‍යාත වූ ඇත් වාහනයෙන් යයි ද, හෙතෙම අප ගේ ජ්‍යෙෂ්ඨ වූ පුත්‍රයා විය. දන් දී සුවපත් වූයේ සතුටු වෙයි.
යම් දෙවියෙක් තෙම මධ්‍යයෙ හි සුන්දර ගමන් හා චතුර ගමන් ඇති වෙළඹුන් සතර දෙනෙකු යෙදිවා වූ අශ්ව රථයෙන් යයි ද, හෙතෙම අපගේ මධ්‍යම වූ පුත්‍රයා විය. මසුරු නො වූයේ දානපතියෙක් වූයේ දැන් බබළයි.
ඤාණවත් වූ මුවදෙනෙකු ට බඳු ඇස් ඇති යම් ඒ ස්ත්‍රියක් තොමෝ පසු ව රන්සිවි යහනින් ගෙනයනු ලැබේ ද, ඕ තොමෝ අප ගේ බාල දුව විය. තමා ලත් කොටසින් භාගයක් දීම හේතුකොට ගෙන සුවපත් වූවා දැන් සතුටු වෙයි.
මොව්හු පෙර තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් මහණ බමුණන් ට දන් දින්නාහු ය. අපි වනාහි මසුරු සිත් ඇත්තෝ වීමු. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ට පරිභව කළෝ වීමු. මොවුහු දන් දී දැන් දිව්‍ය සම්පත් විඳිති. අපි අව්වේ දමන ලද බට ගස් මෙන් වියලුනෝ වම් හ.
තොප ගේ ආහාරය කෙබඳු ද, සයනය කෙබඳු ද, ඉතා ලාමක ස්වභාව ඇත්තා වූ තෙපි කවර ප්‍රකාරයකින් යැපෙන්නාහු ද? ස්වල්ප නො වූ භොග සම්පත් ඇති කල් හි සැපය වරදවා ගෙන මේ කාලයෙ හි දුක ට පැමිණියාහු ය.
අපි එකිනෙකා තලාගෙන සැරව හා රුධිරය පානය කරමු. බොහෝ පානය කොට සෑහීමට නො පැමිණෙමු. තමන් ගේ රුධියෙන් එය නො බොන්නෙමු.
මෙ සේ ම මනුෂ්‍යයෝ පරලොව ප්‍රේත විෂයෙ හි සිටිමින් විලාප කියත්. යම් ඒ මනුෂ්‍ය කෙනෙක් භෝග සම්පත් ලබාගෙන මේ කරුණ දැන පින් නො කෙරෙත් ද? අනුභව නො කෙරෙත් ද?
ඒ සත්ත්වයෝ දුක්ඛ විපාක වූ පව්කම් කොට පරලෙවෙ හි සා පිපාසායෙන් මඩනා ලද්දහු ප්‍රේතයෝ ව බොහෝ කලක් මුළුල්ලෙ හි දැවෙමින් දුක් විඳීත්. අනිෂ්ට ඵල වූ පව්කම් කොට දුක අනුභව කරත්.
ධන ධාන්‍ය වැඩිකල් නො පවත්නේ ය. මේ ලෝකයෙ හි මනුෂ්‍ය ජීවිතය ස්වල්පය. ඤාණවන්ත තෙමේ සියලු දෙය කලක් නො පවත්නේ ය යි අනිත්‍ය වශයෙන් දැන යහපත කරන්නේ ය.
ධර්මයෙ හි දකෂ වූ යම් ඒ මනුෂ්‍ය කෙනෙක් මෙ සේ නියමාකාරයෙන් දනිත් ද, ඒ මනුෂ්‍යයෝ අරහත් වූ බුද්ධාදී ආය්‍යෟයන් ගේ වචනය අසා දානයෙ හි පමා නො වෙත්.
උරග ප්‍රේතයා ගේ කතාව.
බමුණා මළ පුතු වෙනුවෙන් දක්වන්න ට යෙදුනු හේතු.
සර්ප තෙම දිරුණා වූ සම සිය සිරුරෙන් හැර දමායේ ද එ සේ ම කළුරිය කළ කල් හි දවනුලබන්නා වූ ශරීරය නෑයන් ගේ හැඬීම නො දනී එ හෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නො හඬමි. හෙතෙම ඔහු ගේ ගමනක් වී ද, එ හි ගියේ ය.
ඒ සිටිතැනින් නො කැඳවන ලදුව පැමිණියේ ය. මෙ ලොවින් අනු නො දන්නා ලදුව ගියේ ය. යම් ආකාරයකින් ආයේ ද, එ සේ ම ගියේ වෙයි. එ හි දී කවර හැඬීමක් ද?
බැමිණිය මළ පුතු වෙනුවෙන් දක්වන්න ට යෙදුනු හේතු.
ඒ සිටිතැනින් නො කැඳවන ලදුව පැමිණියේ ය. මෙ ලොවින් අනු නො දන්නා ලදුව ගියේ ය. යම් ආකාරයකින් ආයේ ද, එ සේ ම ගියේ වෙයි. එ හි දී කවර හැඬීමක් ද?
සොයුරිය මෙ සේ මළ සොයුරා වෙනුවෙන් කරුණු දක්වන ලද්දේ ය.
ඉඳින් අඞන්නෙ හි නම් කෘශ වූ ශරීර ඇත්තියක් වන්නෙමි. ඒ හැඬීමෙ හි දී මට කවර ප්‍රයෝජනයක් වන්නේ ද? අප ගේ ඥාති මිත්‍ර සහෝදරයන් ට ද, බොහෝ දුක් ම වන්නේ ය.

දාසිය මෙ සේ කියයි.
දැවෙන මොහු ගේ සිරුර හැඳීම නො දනී. එ හෙයින් මම මොහු වෙනුවෙන් නො හඬමි. ඔහු ගේ කර්මය පරිදි ම හෙතෙම ඒ ගමන ගියේ වෙයි.
පින්වත් බමුණ, යම් සේ දිය කළය බිඳුනේ නො ගැලපිය හැකි වේ ද, යමෙක් තෙම කළුරිය කළ කෙනෙකු සඳහා ශෝක කෙරේ නම් මේ කාරණය ත් එ සේ ය යි දත යුතු යි.
මේ සියලු කතාවන් හුදෙක් ගොතන ලද හෝ ප්‍රබන්දනය කළ කතාවන් නො වේ. මෙවැනි සත්වයින් සත්‍ය වශයෙන් ම සිටිති. මේ සෑම කතාවක ම දක්නට ලැබෙන සාරාංශය වන්නේ සුගතියේ ඉපදී සිටියදී කළ යම් බලවත් අකුසල කර්මයක විපාක වශයෙන් මෙ බඳු දුක අනුභව කරන බව ය. එ සේ හෙයින් සියලු අකුසලයන්ගෙන් වැළකී, කුසල් සම්පාදනය කර, ප්‍රඥාව වැඩිය යුතු වන්නේ ම ය.
"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානසාසනං"
තෙරුවන් සරණ යි!
"විමාන වත්ථු හා පේත වත්ථු" සිංහල ත්‍රිපිටක ග්‍රන්ථය කියවීම ට අවශ්‍ය නම් අප ගේ වෙබ් අඩවිය ඔස්සේ එය ලබා ගත හැකි ය.
ඔබගේ මේ වටිනා සටහන ඇසට පෙනෙන දේ පමණක් පිලිගන්නා වූ කර්මය පිලිගත්තත් එය නැත්තා සේ සලකන සියලු දෙනා හට පව් වලින් මිදීමට හේතු වාසනා වේවා. පියවි ඇසට නොපෙනෙන නමුත් සත්‍ය වශයෙන් සාක්ෂි ඇති මේ අවාසනාවන්ත වූ ලෝක ගැන තවත් තැන් වල සඳහන් වෙයි.(www.rightmindfulness.wordpress.com) ඔබට මේ බුදු සසුන තුලදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
ReplyDeletewell done malli.
ReplyDeleteබොහොම පින් ...
ReplyDeleteබුදු දහම ප්‍රචාරය කිරීමට ඔබ ගෙනයන්න වූ සද් ක්‍රියාව සාධු කාර දී අපි අනුමත කරන්නෙමු ... මෙවන් වටිනා කරුණු ඉදිරියටත් කරගෙන යාමට ඔබට ත්‍රිවිධ රත්‍රනයේ ආශීර්වාදය ලැබෙවා ..
ReplyDelete