නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පෙර ලිපියෙන් ප්‍රේත වස්තුව ට අයත් උරග වග්ගයේ හමුවන ප්‍රේතයන් දොළහ පිළිබඳ ව කරුණු දැක්වීමි. මේ එ හි දෙ වන ලිපිය යි. මෙ හි දී ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රේත වස්තුව ට අයත් උබ්බරී වර්ගය ට ඇතුලත් වන ප්‍රේත ප්‍රේතියන් දහතුන්දෙනා පිළිබඳ ව ය. මෙ සේ ප්‍රේත වස්තුව කොටස් සතරකින් ඉදිරිපත් කරන්නේ අන් කරුණක් නිසා නො ව පාපයෙ හි විපාක කොතරම් බලවත් ද, යන්න පසක් කර දීම ට ය. මේ
සියලු කතාවන් හුදෙක් ගොතන ලද හෝ ප්‍රබන්දනය කළ කතාවන් නො වේ. මෙවැනි
සත්වයින් සත්‍ය වශයෙන් ම සිටිති. මේ සෑම කතාවක ම දක්නට ලැබෙන සාරාංශය වන්නේ
සුගතියේ ඉපදී සිටියදී කළ යම් බලවත් අකුසල කර්මයක විපාක වශයෙන් මෙ බඳු දුක
අනුභව කරන බව ය. එ සේ හෙයින් සියලු අකුසලයන්ගෙන් වැළකී, කුසල් සම්පාදනය කර,
ප්‍රඥාව වැඩිය යුතු වන්නේ ම ය.
"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානසාසනං"

මෙ තෙක් ලොව පහළ වූ සියලු බුදුවරයාණන් වහන්සේලා ගේ සහ අනාගතයේ පහළවන සියලු බුදුවරුන් ගේ අනුශාසනාව ලෙස මෙය දේශනා වෙයි. මේ කරුණු කිහිපය ද, සිත් හි දරාගෙන මාතෘකාව ට පිවිසෙමු.
සංසාර මෝචක ප්‍රේතිය ගේ කතාව.
සාරිපුත්‍ර මහාරහතන් වහන්සේ මෙ ම ප්‍රේතිය කරා එළඹ මෙ සේ විමසයි. කිමෙක් ද කයින් වචසින් මනසින් පවක් කරන ලද්දේ ද? කිනම් කර්මයක විපාකයෙන් මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගියා වෙ හි ද?
ස්වාමීනි, පියා හෝ මව හෝ නොහොත් නෑකෙනෙක් හෝ පැහැදුන සිතින් මහණ බමුණන් ට දන් දෙවයි කියා මා මෙහෙයවා යම් කෙනෙක් මට නියම කරන්නාහු ද, එබඳු අනුකම්පා කරන කෙනෙක් මට නුවූ හ.
යම් හෙයකින් මෙඳු වූ විළිවැස්මක් නැති ව බඩගින්නෙන් හා පිපාසයෙනුත් පෙළනු ලබමින් මෙ තැන් පටන් අවුරුදු පන්සියයක් මුළුල්ලෙහි මම හැසිරෙම් ද මා ගේ පාපකර්මයා ගේ විපාකය වේ.
ආය්‍යෟයන් වහන්ස, මම සතුටු සිත් ඇති ව නුඹවහන්සේ වඳිමි. මහත් ආනුභාව ඇති ධීරයන් වහන්ස, මට අනුකම්පා කරනු මැනව. යම්කිසි දාන වස්තුවක් දී මට පින් දුන මැනව. ස්වාමීන් වහන්ස දුගතියෙන් මා මුදනු මැනව.
අනුකම්පා සිත් ඇත්තාවූ ඒ ශාරිපුත්‍ර ස්ථවිර තෙම ඇගේ කීම මැනව යි පිළිගෙන භික්ෂුනමකට එක් බත් පිඬක් ද, එක් රියනක් පමණ රෙදි කඩක් ද එක පැන් තැටියක් ද දී ඒ ප්‍රේතිය ට දකෂිණාව දුන් සේක. ඒ පින් දීම ට අනතුරු ව ම විපාක ලැබුණි. පිණිබොජුන් ද, මනහර පිළි ද, නන්වැදෑරුම් පානවර්ග ද, ලැබිණි. මේ ප්‍රාප්තිදානයේ විපාක යි.
පසු ව පිරිසිඳු ශරිර ඇති ව පිරිසිඳු වස්ත්‍ර හැඳ කසී සලුවල ට ත් වඩා උතුම් වස්ත්‍ර දරන්නී ව විසිතුරු වස්ත්‍රාභරණ ඇති ව සැරියුත් තෙරුන් වෙත පැමිණ සිටියා ය.
පින්වත් දෙව්දුව යම් බඳු වූ තී යහපත් ශරීර වර්ණයෙන් දවහත් තරුව මෙන් සියලු දිශාවන් බබුළුවමින් සිටින්නෙ හි ය. කවර හෙයකින් ති ගේ මෙබඳු වූ ශරීරවර්ණයක් ඇතිවී ද? කවර කුශල විශේෂයකින් තිට මෙ තැන් හි සුචරිත ඵල නීපදී ද, තිට සිත් පිනවන යම්කිසි වස්තුපකරණ විශේෂයෝ උපදිත් ද, මහත් ආනුභාව ඇති දේවතාව තිගෙන් මම විචාරමි. මිනිස් වූවා කිනම් පිනක් කළෙ හි ද, කවර කුශල හේතුවකින් මෙ සේ දිළිසෙන ආනුභාව ඇත්තී ද, තී ගේ ශරීර වර්ණය ද සියලු දිශා බබුළුවයි.
ස්වාමීනි, ලෝකයෙ හි කරුණා සම්පන්න වූ ස්ථවිර තෙම පඩුවන් වූ කෘශ වූ බඩ සයින් පීඩිත වූ නග්න වූ සුන්බුන් සිරුරු සිවිය ඇති දුප්පත් වූ ඒ මා දුටුවේ ය.
භිකෂූන් වහන්සේ ට බත් පිඩක් ද රියනක් පමණ රෙදි කඩක් ද පැන් තලියක් ද දී මට දකෂිණාව දුනි. බත් පිඬේ විපාකය බලනු මැනවි. අන්‍යයන් විසින් කැමති විය යුතු වූ කාම සැපතින් යුක්ත ව දහසක් අවුරුදු මුළුල්ලෙ හි නොයෙක් රසමසවුලෙන් යුත් දිව බොජුන් මම වළදමි. රියනක් පමණ රෙදිකඩ යම්බඳු විපාකයක් ඇත් ද බලනු මැනවි. නන්ද රජු ගේ රටෙ හි යම් පමණක් වස්ත්‍රයෝ වෙත් ද ස්වාමීනි, මට කොසෙය්‍ය වස්ත්‍ර හා කම්බිලි ද කොමුපිලි හා කපුපිලි ද යන හඳනා පොරෝනා වස්ත්‍ර ඊට වඩා බොහෝ වෙති.
මහත් වූ ද මාහැගි වූ ද ඒ වස්ත්‍රයෝ අහසෙ හි ම එල්බෙත්. ඒ මම යම් යම් වස්ත්‍රයක් සිතට ප්‍රිය වේ නම් එය හැඬ පොරවා ගනිමි. පැන් තලියේ යම් බඳු විපාකයක් ඇත් ද එය බලනු මැනවි. ගැඹුරු වූ ද සතරුස් වූ ද පොකුණු මනා ව මැවුනේ ය.
සුදිවැල්ලෙන් ගැවසීගත් යහපත් තොටුපල ඇති සිසිල් ජලය ඇති සුවඳ ඇති පියුම් හෙල පියුම් ඇති, මල් රේණුවෙන් ගැවසුණු ජලයෙන් පිරුනේ ය. එ හි මම ඇලෙමි. ක්‍රීඩා කරමි. සතුටු වෙමි. කිසි බියක් නැතිව ස්වාමීනි, ලෝකයෙ හි කරුණාන්විත වූ නුවණැති ඔබ වහන්සේ වැඳීමට පැමිණියෙමි.
සාරිපුත්ත මාතෘපෙතී කථාව
මම පෙර අනෙක් ජාතියකදී නුඹ ගේ ස්වකීය මව වීමි. ප්‍රේතලෝකයෙ හි උපන්නී, සාපිපාසි දෙකින් මඩනා ලද්දී වෙමි.
මම බැහැර දමනලද කෙළ ද, සොටු ද, සෙම ද, සෑයෙ හි දවනු ලබන මෘත ශරීරයා ගේ වුරුණු තෙල ද, වැදූ ස්ත්‍රීන් ගේ ලේ හා ගර්භ මළ ද, වණ ඇත්තවුන් ගේ හා නාසය හා හිස කැපූවන් ගේ ද, යම් ලෙයක් වේ ද, ස්ත්‍රී පුරුෂ ශරීරයන් ආශ්‍රය කළ දේ ද, සාගින්නෙන් මඩනා ලදිව අනුභව කරමි. ගෙරින් ගේ ද, මිනිසුන් ගේ ද, සැරව හා ලේ අනුභව කරන්නි වෙමි. පිහිටක් නැත්තී වසන තැනක් නැත්තී සොහොනෙ හි දැමූ මළ ඇදේ නිදමි.
පුතණ්ඩ මා සඳහා දානයක් දූන මැනව. දී මට පින් දෙනු මැනවි. ලේ සැරව බුදීමෙන් මිදෙන්නෙමි නම් යෙහෙක.
දයාවත්වූ ශාරිපුත්‍ර තෙමේ මව ගේ වචන අසා මුගලන් තෙරුන් ද, අනුරුද්ධ තෙරුන් ද, කප්පිත තෙරුන් ද, ඇමතුවේ ය. කුටි සතරක් කොට සතර දිශාවෙ හි සංඝයා ට කුටි ද, ආහාරපාන වර්ග ද, දුන්නේ ය. මව ට දකෂිණාව දුනි.
ඒ පින් දීම ට අනතුරු ව ම විපාක ලැබුණි. පිණිබොජුන් ද, මනහර පිළි ද, නන්වැදෑරුම් පානවර්ග ද, ලැබිණි. මේ දක්ෂිනාවේ විපාක යි.
ඉක්බිති ඕ විසිතුරු සුදුපිළි ඇති ව කසී සළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී කෝලිත තෙරුන් වෙත එළඹ සිටියා ය.
පින්වත් දෙව්දුව, යම් බඳු වූ තී යහපත් ශරීර වර්ණයෙන් දවහත් තරුව මෙන් සියලු දිශාවන් බබුළුවමින් සිටින්නෙ හි ය. කවර හෙයකින් ති ගේ මෙබඳු වූ ශරීරවර්ණයක් ඇතිවී ද?
කවර කුශල විශේෂයකින් තිට මෙ තැන් හි සුචරිත ඵල නීපදී ද, තිට සිත් පිනවන යම්කිසි වස්තුපකරණ විශේෂයෝ උපදිත් ද, මහත් ආනුභාව ඇති දේවතාව තිගෙන් මම විචාරමි. මිනිස් වූවා කිනම් පිනක් කළේ ද? කවර කුශල හේතුවකින් මෙ සේ දිලිසෙන ආනුභාව ඇත්තී ද තීගේ ශරීර වර්ණය ද සියලු දිගින් බබුළුවයි.
මම පෙර අනෙක් පස්වන ජාතියෙ හි සැරියුත් තෙරුන් ගේ මව වීමි. ප්‍රේත ලෝකයේ උපන් මම බඩසයින් පෙලුනෙමි. බැහැර දමනලද කෙළ ද, සොටු ද, සෙම ද, සෑයෙ හි දවනු ලබන මෘත ශරීරයා ගේ වුරුණු තෙල ද, වැදූ ස්ත්‍රීන් ගේ ලේ හා ගර්භ මළ ද, වණ ඇත්තවුන් ගේ හා නාසය හා හිස කැපූවන් ගේ ද, යම් ලෙයක් වේ ද, ස්ත්‍රී පුරුෂ ශරීරයන් ආශ්‍රය කළ දේ ද, සාගින්නෙන් මඩනා ලදිව අනුභව කරමි. ගෙරින් ගේ ද, මිනිසුන් ගේ ද, සැරව හා ලේ අනුභව කරන්නි වෙමි.
සැරියුත් තෙරුන් ගේ දානය නිසා සතුටු වෙමි. ස්වාමිනි, කෙලෙසකිනුත් බිය නැති මම ලෝකයේ ඔබ වැඳීම ට මෙ හි පැමිණියා වෙමි.
මත්තා ප්‍රේතිය ගේ කථාව
තෝ නග්න ය. විවරණ රූ ඇත්තී ය. කෘශ ය. විවරණ ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තී ය. මෙ හි සිටින තී කවරෙක් ද?
පූර්ව ජන්මයෙ හි මම මත්තා නම් වීමි. තී තිස්ස නම් විය. තීට සම හිමියෙක් ඇත්තියක් වීමි. පව්කම කොට මේ මිනිස් ලොවින් ප්‍රේත ලෝකය ට පැමිණියා වෙමි.
තිදොරින් තී කළ පවා කුමක් ද? කිනම් පවක විපාකයෙන් මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගියාවූ ද?
ක්‍රෝධ ඇත්තියක් ද පරුෂ බස් කියන්නියක් ද ඊෂ්‍යා කරන්නියක් ද මසුරු සිත් ඇත්තියක් ද කෛරාටික ගුණ ඇත්තියක්ද වීමි. මම ඒ දුර්භාෂිත නීරර්ථක වචන කියා මෙ ලොවින් ප්‍රේත ලෝකය ට පැමිණියා වෙමි.
යම් සේ තී ක්‍රෝධ කරන්නියක් වී ද, සියල්ල මම ත් දනිමි. තීගෙන් අනිකක් ම විචාරමි. කවර කර්මයක් හේතුකොට ගෙන කසල පස් වලින් ගැවසුන සිරුර ඇති වී ද?
තෝ හිස සෝදා නා පිරිසිදි වස්ත්‍ර ඇන්දේ සැරසුනිවිය මම ද පින්වතිය ට වඩා ඒ ඉතා වැඩියෙන් අතිශයින් සැරසුනි වීමි. ඒ මා බලාසිටියදී ස්වාමියා සමග කථා කළා ය. ඒ හේතුවෙන් මා ගේ ඊෂ්‍යාව මහත් විය. මට ක්‍රෝධය උපන.
එහෙයින් කුණුපස් ගෙන පයින් තිට දමාගැසුවෙමි. ඒ අකුශල කර්ම විපාකය හේතුකොට ගෙන පස්වලින් ගැවසුන ශරීර ඇත්තියක් වීමි.
තී මට පයින් දමා ගැසී ය. ඒ සියල්ල මම ත් දනිමි. තීගෙන් අතීතයක්ද විචාරමි. කවර හේතුවකින් කැසීම් රෝගයකින් පෙළේ ද?
බෙහෙත් ගෙනෙන්නා වූ අපි දෙදෙන වනය ට ගියෙමු. තී ඛෙහෙත් ගෙනායෙ හි ය. මම වනාහි කහඹිලියා ගෙඩි ගෙනාවෙමි. ඒ තී නො දන්නා කල් හි ති ගේ සයනයෙ හි මම ඒ කහඹිලියා ගෙඩි හාත්පස විසුරුවා දැමීමි. ඒ අකුශල කර්මයා ගේ හේතුවෙන් කැසීම් රෝගයෙන් පෙළෙමි.
තී මාගේ සයනයෙ හි කසඹලියා කොළ ගෙඩි දැමූ බව දනිමි. තීගෙන් අනිකක් විචාරමි. කවර කාරණයකින් නුඹ නග්න වූවා ද?
මිත්‍රයන් ගේ සමාගමක් විය. නෑයන් ගේ රුස්වීමක් විය. සැමියා සහිත වූ තී ද කැඳවන ලද්දේ විය. මම වනාහි නො කැඳවන ලදිමි. ඒ තී නො දැනුවත්ව ම තීගේ වස්ත්‍රයක් සොරාගතිමි. ඒ අකුශල කර්මයාගේ විපාකයෙන් මම නග්න වීමි.
තී මා ගේ වස්ත්‍රය සොරකම් කළෙ හි ය යන මේ සියල්ල මම ත් දනිමි. වෙනත් කරුණක් තීගෙන් මම අසමි. කවර කර්මයකින් ශරීරයෙන් අසූවි ගඳ හමන්නේ ද?
තීගේ සුවඳ අළුත් වටිනා මල් මාලාවක් ද විලවූන් ද අසූවි වලෙක බහාලීමි. මා විසින් ඒ පාපකර්මය කරණ ලදී. ඒ අකුශල කර්මයා ගේ විපාකයෙන් අසූචි දුගඳ හමන ශරීර ඇතිවීමි. තී විසින් කරණ ලද ඒ පාප කර්මය සැබෑ ය. එය මම ත් දනිමි.
තිගෙන් අනිකක් ද විචාරමි. තී කවර හේතුවකින් දුක්පත් වූයෙ හි ද?
ගෙයි යම් ධනයක් විද්‍යමාන වී ද, එය දෙදෙනා ට ම සමාන විය.
දාන වස්තුව ඇති කල් හි තම හට පිනක් නො කෙළෙමි. ඒ අකුශල කර්ම විපාකයෙන් මම දුක්පත් වීමි. ඒ කාලයෙ හි ම තී මට මෙ සේ කීය. පව්කම් සේවනය කෙරෙහි පව්කම්වලින් සුගතිය සුවසේ ලැබිය හැකි නො වේ ම ය. තී මා විරුද්ධ වශයෙන් සැළකුවෙ හි ය. ඊෂ්‍යා කෙළෙ හි ය. ළාමක කර්මයන් ගේ යම් බඳු විපාකයක් වේ ද එය බලව,
ති ගේ ගෘහ දාසියෝ ද එ ම ආභරණයෝ ත් වූවාහු ද මේ ආභරණ ද ඒ දාසියනුත් අනික් ජනයෝ ද පරිභෝග කෙරෙත්, භොග සම්පත් සදාකාලික නො වෙත්,
දැන් භූත නම් පුතා ගේ පියතෙම සල්පිළෙන් ගෙදර එන්නෙ ය. තිට කිසිවක් දෙන්නේ නම් යෙහෙක. ඒතාක් මෙතනින් නො යව,
මම නග්න වූ දුවර්ණ ශරීර ඇත්තා වූ කෘශ වූ ඉල්ප ගිය නහර වැල් ඇත්තියක් විමි. මෙය ස්ත්‍රීන් ට ලඡ්ඡාවෙක, භූත නම් පුත්‍රයා ගේ පියතෙම මා නො දකී වා.
එ සේ නම් යමක් හේතුකොට ගෙන සියලු කාම සෑපතින් සමෘධ වූවා සුවපත් වන්නේ ද එබඳු වූ කුමක් තිට මම දෙම් ද, තිට මම මේ කාලයෙ හි කිනම් උපකාරයක් කරම් ද?
භිකෂු සංයා කෙරෙන් සතර නමක් ද පුද්ගල වශයෙන් භිකෂු සතර නමක් දැ යි භිකෂූන් අට නමක් වළඳවා මට පින් දුන මැනව. එ සේ කළ කල් හි මම සුවපත් වූවා සියලු කාමයෙන් සමෘධ වූවා වන්නෙමි,
ඕතොමෝ මැනවැයි පිළිවදන් දී භිකෂූන් අට නමක් වළඳවා වස්ත්‍රවලින් හඳවා ඈට පින්දිනි.
ඒ පින් දීම ට අනතුරු ව ම විපාක ලැබුණි. පිණිබොජුන් ද, මනහර පිළි ද, නන්වැදෑරුම් පානවර්ග ද, ලැබිණි. මේ දක්ෂිනාවේ විපාක යි.
ඉක්බිති ඕ විසිතුරු සුදුපිළි ඇති ව කසී සළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී කෝලිත තෙරුන් වෙත එළඹ සිටියා ය.
පින්වත් දෙව්දුව, යම් බඳු වූ තී යහපත් ශරීර වර්ණයෙන් දවහත් තරුව මෙන් සියලු දිශාවන් බබුළුවමින් සිටින්නෙ හි ය. කවර හෙයකින් ති ගේ මෙබඳු වූ ශරීරවර්ණයක් ඇතිවී ද?
කවර කුශල විශේෂයකින් තිට මෙ තැන් හි සුචරිත ඵල නීපදී ද, තිට සිත් පිනවන යම්කිසි වස්තුපකරණ විශේෂයෝ උපදිත් ද, මහත් ආනුභාව ඇති දේවතාව තිගෙන් මම විචාරමි. මිනිස් වූවා කිනම් පිනක් කළේ ද? කවර කුශල හේතුවකින් මෙ සේ දිලිසෙන ආනුභාව ඇත්තී ද තීගේ ශරීර වර්ණය ද සියලු දිගින් බබුළුවයි.
මම මත්තා නම් විය. තෙපි තිස්සා නම් වූවාහු. පෙර මම තොප ගේ සපත්නී වීමි. පව්කම් කොට මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගියා වෙමි. නැගණිය තී විසින් දෙන ලද දානය හේතුකොට ගෙන බිය නැති ව සතුටු වෙමි. සියළු නෑයන් සමග බොහෝ කලක් මුළුල්ලෙ හි ජීවත් වෙව.
සුනදරිය, ලෝභ ද්වේෂ සහිත වූ මසුරුමලය දුරුකොට මෙ හි දී ධර්මයෙ හි හැසිර දන් දී ශොක රහිත වූ රජස් නැති දිව්‍යස්ථානය වූ කාමභොගීන් ගේ වාසස්ථාන වූ දෙව්ලොව ට නිනදා නැති ව පැමිණෙව.
කළු වූ නපුරු ශරීරවර්ණ ඇති කර්කශ ශරීරයක් ඇති පිඟුවන් ඇස් ඇතියෙ හි ය. තී මනුෂ්‍ය ස්ත්‍රියෙකැ යි නො හඟිමි.
නනදසේනය, මම නනදා නම් වූ පෙර ජාතියෙ හි නුඹ ගේ බිරින්දෑ විමි. පව්කම් කොට මේ මිනිස් ලොවින් ප්‍රේත ලෝකය ට පැමිණියේ වෙමි.
තිදොරින් කිනම් පවක් තොප කරන ලද ද? කිනම් කර්මයක විපාකයෙන් තෙපි මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගියා වේ ද?
ක්‍රෝධ ඇත්තියක් ද රළුබස් කියන්නියක් ද, නුඹ කෙරෙහි ගරු නො කරන්නියක් ද වීමි. මම ඒ නිරර්ථක වචන කියා මිනිස් ලොවින් ප්‍රේත අපාය ට පැමිණියේ වෙමි.
එ සේ නම් තිට උතුරු සළුව දෙමි. මේ වස්ත්‍රය හැඳගනුව. මේ වස්ත්‍රය හැඬගෙන එව. තී ගෙදරට පමුණුවන්නෙමි. වස්ත්‍රයද ආහාරපාන වර්ග ද ගෙට ගියා වූ තී ලබන්නෙහි ය. ති ගේ පුතුන් ද දක්නෙ හි ය. යෙහෙළියන් ද දක්නෙ හි ය.
නුඹ විසින් අතින් අතට දෙන ලද්ද මට නො පැමිණෙයි. පහකරණ ලද රාග ඇති බහුශෘත වූ සිල්වත් වූ භිකෂූන් ආහාරපාන වර්ගයෙන් තර්පණය කරව. මට පින දුන මැනව. එ කල්හි මම සියලු කාමයෙන් සමෘධ වූවා සුවපත් වන්නෙමි.
හෙතෙම මැනවැ යි ප්‍රතිවචන දී මහත් දානය පැවැත්වී ය. ආහාර ද, පාන වර්ග ද, කෑයුතු දේ ද වස්ත්‍ර හා සෙනසුන් ද, ජත්‍ර ද, සුවඳ ද, මල්මාලා ද, නොයෙක් උපාහන වීතරාගවූ බහුශෘත වූ සිල්වත් භික්ෂූන් ට දී ආහාරපානයෙන් සතපා ඈට දකෂිණාව දුනි.
ඉක්බිති ඕ විසිතුරු සුදුපිළි ඇති ව කසී සළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී කෝලිත තෙරුන් වෙත එළඹ සිටියා ය.
පින්වත් දෙව්දුව, යම් බඳු වූ තී යහපත් ශරීර වර්ණයෙන් දවහත් තරුව මෙන් සියලු දිශාවන් බබුළුවමින් සිටින්නෙ හි ය. යම්කිසි මනවඩන භෝග කෙනෙක් වෙත්නම් ඒ භෝගයෝ තොප ට උපදිත්. කවර හෙයකින් ති ගේ මෙබඳු වූ ශරීරවර්ණයක් ඇතිවී ද?
කවර කුශල විශේෂයකින් තිට මෙ තැන් හි සුචරිත ඵල නීපදී ද, තිට සිත් පිනවන යම්කිසි වස්තුපකරණ විශේෂයෝ උපදිත් ද, මහත් ආනුභාව ඇති දේවතාව තිගෙන් මම විචාරමි. මිනිස් වූවා කිනම් පිනක් කළේ ද? කවර කුශල හේතුවකින් මෙ සේ දිලිසෙන ආනුභාව ඇත්තී ද තීගේ ශරීර වර්ණය ද සියලු දිගින් බබුළුවයි.
නන්දසේන, මම නන්දා වෙමි. පෙර ජාතියේ හි බවත්හු ගේ බිරිඳ වෙමි. පව්කම් කොට මේ ලොවින් ප්‍රේත ලෝකය ට ගියෙමි. භවත්හු විසින් දෙන ලද දානයෙන් කිසිඳු බියක් නැති ව සතුටු වෙමි. ගෘහපතිය, සියලු නෑයන් සමග දිගුකලක් සතුටු වෙව. ගෘහපතිය, ලෝභ, ද්වේශ, මෝහ නමැති මසුරු මළ දුරු කොට මෙ ලොව දී දහමෙ හි හැසිර දන් දී ශෝක රහිත රජස් නැති දිව්යස්ථානය ට පැමිණෙව.
මට්ටකුණ්ඩලී ප්‍රේත වස්තුව.
අබරණින් සැරසුණු මට කොන්ඩොල් ඇති මල්දම් දරන රත්සඳුනෙන් අලෙවු දුන් සිරුරු ඇති තෙපි දෙඅත් හිස බැඳගෙන හඬවූ. මේ වන මද කුමක් හෙයින් තෝ දුක්ඛිත වවු ද?
රන්මුවා පැහැසර රිය මැදිරියක් මට උපන. ඒ රිය ට සක්යුවලක් නො ලබමි. ඒ දුකින් මම දිවි හරනෙමි.
සොඳුරු තරුණය, මට කියව. මම තට රන්මුවා හෝ රිදීමුවා හෝ මිනිමුවා හෝ ලෝහිත මාණික්‍යයන් යෙදු හෝ වැළිත් රිදීමුවා වූ සක්යුවලක් ලබාදෙමි.
ඒ තරුණයා ඔහු ට මෙ සේ කී ය. මේ අහස් හි සඳහිරු දෙදෙනා පෙනෙති. මගේ රන්මුවා රිය ඒ සක්යුවලින් හොබින්නේ වෙයි.
තරුණය, යම්බඳු තෙපි නො පැතිය යුත්තක් පත්නෙහු ද? ඒ තොප බාලයෙක් ම වවු. තොප මැරෙති යි සිතමි. තෙපි සඳ, හිරු දෙදෙනා මා නො ලබන්නෙහු.
බමුණ, මේ සඳහිරු දෙදෙනා ගේ පැහැසටහන් හා ගමන් වීථිදෙක ද, පෙනේ. කලුරිය කළ පරලොව ගිය තැනැත්තේ වූ කලී නො පෙනේ. මේ තැන හඬන අප දෙදෙනා අතුරින් කවරෙක් බාලතර වේ ද?
තරුණය, තෙපි සැබෑවක් ම කියවූ. සඳ ට හඬන දරුවකු මෙන් මියපරලොව ගිය අයකු වෙනුවෙ හඬන මම, අප දෙදෙනා අතරින් වඩා බාලතර වේ. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් මා හද ඇවිල ගත සියලු සෝ ගින්න තෙපි දිය ඉසින්නකු ම්මෙන් නිවුවාහු ය. යමෙක් සොවින් මඩුනු මා ගේ පුත්‍ර ශෝකය දුරුකළේ ද, ඒ තෙපි මා හද ඇසුරු කළ සෝ හුල උදුලහු. ඒ මම උදුලන ලද සෝහුල් ඇතියෙමි. සිසිල වූයෙමි. නිවුනෙම් වෙමි. තරුණය තොප බස අසා මම ශෝක නො කරමි. නො හඬමි.
තෙපි දෙවියෙක් වහු ද? ගඳඹෙක් වහු ද? නැතහොත් පුරින්දද නම් සක් දෙවි වහු ද? තෙපි කවරහු ද? කාගේ පුතෙක් වහු ද?
තෙපි පුතු සොහොනේ හි දවා යම් පුතෙකු ඇරඹ තෙමේ ම සොවීහු ද, ඒ මම කුසල කර්මයක් කොට දෙවියන් ගේ සහභාවය ට පැමිණියෙමි.
සිය ගෙයි හි දී දෙන ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දනක් හෝ එ බඳු පොහෝකමක් හෝ මම නො දිටිමි. කවර කර්මයකින් තෙපි දෙව්ලොව ගියාහු ද?
බමුණ. මම සිය නිවෙස් හි පෙළීම් ඇතියෙම් දුක්ඛිත වූයෙමි. දැඩි ගිලන් ඇතියෙමි. ආතුර ඇතියෙමි. ඒ මම පහ වූ රාගාදි රජස් නැති, සෝභන ගමන් ඇති අලාමක බුදුන් දුටුයෙමි. ඒ මම සතුටු සිත් ඇතියෙම් පහන්සිත් ඇතියෙම් තථාගතයන් වහන්සේ ට ඇඳිලි බැඳ වැන්දෙමි. මම ඒ පිංකම කොට දෙවියන් ගේ සහභාවය ට පැමිණියෙමී.
ආශ්චර්යයකි. පුදුමයකි. එකැතියෙන් ම අංජලිකරණීයකර්මයෙන් මෙ බඳු විපාකයක් ය. මම ද, අද සිට ම ප්‍රමුදිත සිතැති ව ප්‍රසන්න සිතින් යුතු ව බුදුන් සරණ යෙමි.
ප්‍රමුදිත සිතැති ව අද ම බුදුන්, දහම්, සඟුන් සරණ යව. එ සේ ම ශික්ෂා පද පහ නො කඩ කොට සමාදන් වෙව. වහා පනිවායෙන් වෙන් වෙව. ලොව නුදුන් දෙය දුරු කරව. මත්පැන් නො බොව. බොරු නො කියව. සිය අඹුවගෙන් ම තුටු වෙව.
යක්ෂය තෙපි මට වැඩ කැමත්තෙහු. දේවිය තෙපි මට හිත කැමතියහු. මම තා ගේ වචනය පිළිපදිමි. තෙපි මා ගේ අදුරු වවු. මම අනුත්තර වූ බුදුන් ද, දහම් ද, නර දෙවිඳු ගේ සඟුන් ද, සරණ යෙමි. පනිවායෙන් වහා වෙන්වෙමි. ලොව නුදුන් දෙය ගැනීමෙන් වෙන වෙමි. බොරු නො කියමි. සිය බිරියගෙන් ම තුටු වෙමි.
කෘෂ්ණ ප්‍රේත කථාව
කෘෂ්ණ ගෝත්‍ර ඇති වාසුදෙව රජතුමනි, නැගිටිනු මැනවි කුමක් සඳහා නිදන්නෙ හි ද, නුඹ ට නිදීමෙන් කුමන වැඩක් වේ ද, ඔබේ හෘදය වැනි වූ දකුණෑසබඳු වූ ස්වකීය සහෝදර වූ යම් ඝත පණ්ඩිතයෙක් වී ද ඔහු ගේ උමතුව බලවත් වෙයි. කෙශව රජතුමනි තොප සොයුරු "සාවකු දේව යි" කියමින් විලාප කියයි.
කෙශව නම් වාසුදෙවතෙම ඒ රොහිණෙය්‍ය නම් ඇමතියා ගේ වචනය අසා සහෝදර ශොකයෙන් පෙළෙන ලදි ව වෙව්ලමින් නැගීසිටියේ ය.
කිමෙක් ද උමතුවූවෙකු මෙන් මේ ද්වාරවතී නුවර "සාවකු දෙව"ය යි විලාප කියයි ද, කෙබඳු සාවෙකු කැමැත්තෙ හි ද? රනින් කළා වූ ද, මැණික්වලින් කළා වූ ද සක්පබලුවෙන් කළා වූ ද, සාවෙකු නුඹ ට කරවන්නෙමි. වනය ගොදුරුකොට ඇති අනික් සාවෝ ද අරණ්‍යයෙ හි ඇත්තා හ. ඔවුනුත් නුඹ ට ගෙනෙන්නෙමි. කෙබඳු සාවෙකු කැමැත්තෙ හි ද?
කෙශව නම් වසුදෙවය, පොළොව ඇසුරුකොට ඇති යම් සාවෝවෙත් ද, ඒ සාවුන් මම නො කැමතිවෙමි. සඳමඩලෙන් හාවෙකු කැමැත්තෙමි. ඒ සාවා මට ගෙනදෙව.
මයිලනුවනි, සඬමඩලෙන් සාවා කැමැත්තෙහිය, නො පැතිය යුත්තක් පතයි. ඉතා මිහිරි ජීවිතය හරින්නෙහි ය යි ඒ මම සිතමි.
කෘෂ්ණය තෙපි යම් සේ අන්හට අනුශාසනා කෙළෙ හි ද, මෙ සේ දන්නෙහි නම් කවරහෙයකින් පෙර මළ පුතෙකු සඳහා අද ත් ශොකකෙරෙ හි ද?
උපන්නා වූ මා ගේ පුත්‍රතෙම නො මැරේ වා! යන යමක් මිනිසෙකු විසින් හෝ අමනුෂ්‍යයෙකු විසින් හෝ නො ලැබිය හැකිවේ ද, ඒ නො ලැබිය හැකි දේ කවර හේතුවකින් ලැබිය හැකි ද?
කෘෂ්ණය, පරලොව ගිය යම් පුතෙකු සඳහා ශෝක කරයි ද ඔහු පමුණුවාගන්න ට මන්ත්‍ර ප්‍රයෝගයකින් හෝ මුල් බෙහෙතකින් හෝ නානාවිධ ඖෂධ වර්ගවලින් හෝ ධනයකින් හෝ නො හැකි ය.
මහත් ධන ඇත්තා වු ද මහත් භොග සම්පත් ඇත්තා වු ද සියලු රට ඇත්තා වු ද බොහෝ ධන ධාන්‍ය ඇත්තා වු ද යම් ක්ෂත්‍රිය කෙනක් ඇද්ද ඔහු ද, අජරාමර (ජරා මරණ රහිත) නො වේ.
ක්ෂත්‍රියයෝ ද, බ්‍රාහ්මණයෝ ය, වෛශ්‍යයෝ ය, ශුද්‍රයෝ ය, සැඩොල් හා කසල ශෝධකයෝ ය මෙ කී ක්ෂත්‍රියාදීහු ද අන්‍යයෝ ද ඔවුහුත් ජාතිය නිමිත්තකොට ජරා මරණ රහිතයෝ නුවු හ.
යමෙක් තුමු බ්‍රහ්මයා විසින් සිතන ලද හෝ කියන ලද අංග සයෙන් යුක්ත වු වේදය හදාරත් ද,වීඥානයෙන් යුක්ත වු මොවුහු ද සෙස්සෝ ද යන ඔවුහු ත් අජරාමර නො වු හ.
සන්සුන් ස්වභාව ඇති තැන්පත් සිත් ඇති තපොගුණ ඇති හික්මුනා වු යම් සෘෂිහු වෙත් ද ඔවුහු ද සුදුසු කාලයෙ හි ශරීර හැර දමත්.
වඩනා ලද සිත් ඇතිව වාසය කරන්නා වු අරහත් ඵලය පිණිස කටයුතු කොට නිමකලා වු ආශාව රහිතයෝ ද කුශලාකුශලයන් ක්ෂය කිරීමෙන් මේ ශරීරය හැර දමත්.
ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් මා හද ඇවිල ගත සියලු සෝ ගින්න තෙපි දිය ඉසින්නකු ම්මෙන් නිවුවාහු ය. යමෙක් සොවින් මඩුනු මා ගේ පුත්‍ර ශෝකය දුරුකළේ ද, ඒ තෙපි මා හද ඇසුරු කළ සෝ හුල උදුලහු. ඒ මම උදුලන ලද සෝහුල් ඇතියෙමි. සිසිල වූයෙමි. නිවුනෙම් වෙමි. සොහොයුර, තොප බස අසා මම ශෝක නො කරමි. නො හඬමි.
ඝතපණ්ඩිතතෙම වැඩිමහලු සහෝදර වු වාසුදේව රජු පුත්‍ර ශෝකයෙන් මුදාලුයේ ද, එ සේ ම නැණවත් කුළුනැති යම කෙනෙක් වෙත ද, ඔහු ද, මෙ සේ කරත්. ඝතපණ්ඩිත යම් සේ දෙටුබෑයා සුභාෂිතයෙන් ශෝක රහිත බව ට පැමිණවුයේ ද, එ සේ යමෙකු ට මෙබඳු නැණවත් ඇමතියෝ ද, සේවකයෝ ද, වෙත නම ඔවුහු මෙ බඳු වෙත්.
ධනපාල ප්‍රේතයා ගේ කථාව.

තෙපි නග්න වූ ය. විවරණ රූ ඇතියාහු ය. කෘශ ය. නහර ඉල්පුනු සිරුරු ඇතියාහු ය. ඉල්පුණු ඉල අට ඇතියාහු තෙපි කවරෙක් ද?
දසන්ත නම් රජුන් ගේ එරකච්ඡ ය යි ප්‍රසිධවු නුවරක් ඇත. ඒ නගරයෙ හි මම පෙර සිටු කොනක් වීමි. ධනපාල සිටු ය යි මහජනයෝ දනිත්.
මට අමුරන් පිරූ ගැල්වාහ අසුවක් විය. මට බොහෝ වු රත්තරං ද, මුතුද වෛඩූර්ය්‍ය මැණික් ද බොහෝ වූ හ.
එ පමණ මහා ධනවතෙක් වූ ද මට දන්දීම ට ප්‍රියයක් නො වී ය. යාචක ජනයෝ මා නො දකිත්වා යි ගෙදොර වසාගෙන අනුභව කරමි.
ශ්‍රධානැත්තෙක් ද, මසුරෙක් ද, තද මසුරෙක් ද බියෙන් තර්ජනය කරන්නෙක් ද, වීමි. දන් දෙන්නාවු ද, පින්කරන්නා වු ද බොහෝ සත්වයන් වැළැක්වීමි.
දන්දීමේ ඵලයක් නම් නැත සීලයක හික්මීමේ කෙසේනම් විපාකයක් ලැබේ ද, පැන් පොකුණු හා ළිං, රෝපනය කරන ලද්දාවු උයන් වතු, පැන් ශාලා ද, යා නො හැකි තන් හි ඒ දඩු ද වනසාලීමි. ඒ මම නො කල කුසල් ඇති ව කරන ලද අකුසල් ඇති ව එයින් චුත ව, ප්‍රේතයොනියෙ හි උපන්නේ සා පිපාසායෙන් මඩනා ලද්දේ වෙමි. යම් දිනක මම කලුරිය කළෙම් ද එතැන් පටන් පස් පනස් අවුරුද්දක් මුළුල්ලෙ හි ආහාර අනුභවයක් හෝ පැන් බීමක් හෝ නොම දනිමි. යම් ශිලාදී හික්මීමක් වේ ද, එය මහත් වැනසීමක් වේ ය යි ද, යම් වැනසීමක් වේ ද, එය ශිලාදි හික්මීම ය යි ද සිතමි.
යම් දානවස්තු පරිත්‍යාග නො කිරීමක් වේ ද, එය මහත් වැනසීමකැ යි ප්‍රේතයෝ ම දනිත්. මම පෙර බොහෝ ධනය ඇති කාලයෙ හි පින් කිරීමෙන් වැළකුනෙමි.
දානවස්තු විද්‍යාමානකල් හි තමහට පිහිට නො කෙළෙමි. ස්වකීය කමෟ විපාකයට පැමිණියාවු ඒ මම දැන් පසුතැවිලි වෙමි.
සිවුමසකින් මතුයෙහි මාගේ කාලක්‍රියා වන්නේ ය. එ කළ මම එකතියෙන් ම කැකුළු වූ දරුණු වූ මහානිරය ට වැටෙමි. එ හි කොන් සතරකි. දොරටු සතරක ප්‍රමාන කරන ලදුව කොටස් වශයෙන් බෙදන ලද යපවුරකින් වට කරන ලද යපියනකින් වසන ලදී. ඒ නිරයේ අයෝම්භුමිය ගින්නෙන් දිලිසෙයි. මහා ගිනිදැලින් යුතුවෙයි. ඒ ගින්න යොදුන් සියයක් පුරා සමතැන සැමකල පැතිර සිටීයි. මම ඒ නිරයේ හි දිගු කලක් දුක විඳිමි. මේ පව්කම් හි ඵල යි. එයින් මම වැඩියක් ශෝක නො කරමි.
එ හෙයින් මම තොප ට කියමි. තොප ට යහපතක් වේ වා. මෙ හි යම් පමණ දෙනෙක් රැස් වූහු ද, පව්කමක් නො කරවූ. ඉඳින් තෙපි ඒ පව්කම් මතු කරන්නාවූ නම් හෝ දන කරවූ නම් හෝ අහස ට නාග පලා යන්නා වූ ද, ඒ තොප ට දුකින් මිදීමෙක් නම් නැත. මව ට හිතවුවෝ පියා ට හිතවුවෝ කුලදෙටුවන් පුදන්නෝ වවු. මෙ සේ කරන තෙපි සුගතිය ට යව.

චුල්ලසෙට්ඨි ප්‍රේතයා ගේ කථාව.
අජාසත් රජු ප්‍රේතයා දැක මෙ සේ කියයි. ස්වාමීනි, වස්ත්‍ර රහිත වු කෘශ වු පැවිද්දෙක් වූයෙ හි ද කවර හේතුවකින් රාත්‍රියෙ හි කොහියේ ද, ඒ කරුණමට කියනු මැනව. හැකිවන්නෙමු නම් නුඹ ට සියලු භොගයෙන් වස්තුව සම්පාදනය කරන්නෙමි.
සියලු තන් හි ප්‍රකට වු බරණැස් නුවරක් ඇත. ඒ නගරයෙ හි මම මහත් සම්පත් ඇති නිහීන සිත් ඇති දන් නො දෙන්නා වු කාය සැපතෙ හි ගිජු සිත් ඇති ගෘහ පතියෙක් වීමි. දුශ්ශීල කමෟයෙන් ප්‍රේතලෝකය ට පැමිණියේ වෙමි.
ඒ මම යථොක්ත පාප කර්ම හේතුකොට ගෙන ඉදිකටුවලින් විදින්නා සේ සාගිනෙන් පීඩිත වූයේ වෙමි. එ හෙයින් ම කිසි ආහාරයක් ප්‍රාර්ථනාකොට නෑයන් සමීපයට යමි. දන් නො දෙන සුල්ලෝ පරලොව දී දානයා ගේ විපාක වේ ය යි නොම අදහත්.
මා ගේ දියණිතොමෝ ද මවුපියන් උදෙසා ද මුතුන් මී මුතුන් උදෙසා ද දන් දෙන්නෙ මැ යි නිතර කියයි. දාන වස්තු සදා බමුණන් වළදවන්නී වෙයි. මම අනුභවය ට අන්ධකවිනන්දය ට යමි.
අජාසත් රජ තෙම ඒ ප්‍රේතයා ට මෙ සේ කී ය. ඒ දානය ද අනුභව කොට වහා එන්නෙ හි ය. මම ත් පූජාවක් කරන්නෙමි. ඉදින් කිසිකරුණක් ඇත්නම් ඇදහිය යුතූ වු ඒ හේතූ යුක්ත වචනය මට කියව. එය මම අසමි.
"එ සේ ය යි" කියා ඒ වළඳවන තැන ට ගියේ ය. බත බමුණෝ වැළඳුවාහු ය. දකෂිනාර්හයෝ නොම වැළඳුවාහු ය. නැවත අනික්වර රජගහ නුවර ට ආපසු ආයේ ය. රජහු ගේ ඉදිරියෙ හි පහළවිය.
රජ තෙම නැවත ද පැමිණියා වු ප්‍රේතයා දැක මම ත් කෙබඳු දානයක් දෙන්නෙම් දැ යි කීය. යම් කරුණකින් නුඹ බොහෝ කලක් මුළුල්ලෙ හි සම්පතින් සෑහෙන්නේ වෙයි ද ඉදින් එබඳු කිසි කාරණයක් ඇත්නම් එය මට කියව.
පින්වත් රජ තුමනි බුදුන් ද සංඝයා ද ආහාරයෙන් හා පාන වර්ගයෙන් ද වළඳවා සිවුරෙන් ද පූජා කොට ඒ පින මා පිණිස දුන මැනව. එ සේ කළ කල් හි මම බොහෝ කල් මුළුල්ලෙ හි සෑහිම ට පත්වන්නෙමි.
ඒ වචනයෙන් රජතෙම එකෙනෙ හි ම නික්ම උදාර වු දානය සියතින් සංඝයා ට දී තථාගතයන් වහන්සේට ප්‍රවෘත්තිය සැළකලේ ය. ඒ ප්‍රේතයා ට ද පින්දුනි.
පුදන ලද්දාවු ඒ ප්‍රේතතෙම ඉතාමත් බබළමින් රජු ගේ ඉදිරියෙ හි පහළවිය. මම උතුම් ඍධිය ට පැමිණියා වු දෙවියෙක් වෙමි. මහා ආනුභාව සම්පත්තියෙන් සම වු මනුෂ්‍යයෝ නො වෙත්.
මගේ අප්‍රමාණ වු මේ දිව්‍යානුභාවය බලනු මැනවි. නුඹ විසින් ආර්ය් සංඝයා ට මහ දන් දී මට පින් පමුණුවන ලදී. මිනිස් දෙවි වු මහරජ සෑමකල් හි නිරන්තරයෙන් බොහෝ දාන වස්තුවෙන් පිනවන ලද්දා වු මම සුවපත් වූයේ වෙමි.
අංකුර ප්‍රේතයා ගේ කථාව.
වෙළදාමෙන් ධනය හැර ගෙන යන්නා වු අපි යම් කරුණක් පිණිස කාම්බෝජ රට ට යමු ද? මේ දෙව් පුත්තෙම කැමති සම්පත් දෙන්නේ වෙයි. මේ දිව්‍යපුත්‍රයා ගෙනයන්නෙමු.
මේ දෙවියා කැමැත්තෙන් හෝ මැඩ බලාත්කාරයෙන් හෝ අල්වාගෙන සැප යහනකට නංවාගෙන ද්වාරවතී නුවර ට වහායමු.
යම් ගසක්හු ගේ සෙවනෙ හි හිඳීනේ හෝ නිදන්නේ හෝ වේ ද, ඒ රුක ගේ අත්ත නො බිඳීන්නේ ය. යම් හෙයකින් මිත්‍ර ද්‍රෝහය ළාමක වේ ද එ හෙයිනි.
යමෙක් ගසක්හු ගේ සෙවනෙ හි හිඳීන්නේ හෝ නිදන්නේ හෝ වේ ද එබඳු දැව සම්භාරයකින් ප්‍රයෝජනයක් වෙනම ඒ රුකේ කඳ පවා කපාගන්නේ ය. අතු ආදිය ගැන කියනුව කවරේ ද,
යමෙක් ගසක සෙවන යට හිඳීනේ හෝ නිදන්නේ හෝ වේ ද, ඒ ගසේ කොළපතක් පමණවත් නො කඩන්නේ ය. ශාඛාදිය කැඩීම ගැන කියනුම කවරේ ද, එ සේ සින්දේ නම් ළාමක මිත්‍රද්‍රෝහියෙක් වන්නේ ය.
යමෙක් ගසක්හු ගේ සෙවනෙ හි හිඳීනේ හෝ නිදන්නේ හෝ වේ ද, එබඳු ප්‍රයොජනයක් ඇත්තේ නම් මුලුත් සමගම රුක උදුරන්නේ ය.
යමෙක් යමෙකු ගේ ගෙයි එක රැයක් පමණවත් වසන්නේ ද, යමෙකු සමීපයෙ හි ආහාරපාන වර්ග ලබන්නේ ද, ඒ පුරුෂයා ට සිතින්වත් නපුරක් නො සිතන්නේ ය. බුද්ධාදී උතුමන් විසින් කෙළෙහිගණ සැළකීම වර්ණනා කරන ලදී.
යමෙක්හු ගේ ගෘහයෙ හි එක රැයක් පමණවත් යමෙක් වාසය කරන්නේ ද, ආහාරයෙන් හා පාන වර්ගයෙන් උපස්ථාන කළේ ද, ඔහු සිතින්වත් අයහපතක් නො සිතන්නේ ය. අහිංසක සිත් ඇත්තේ මිත්‍රද්‍රෝහී පුද්ගලයා විනාශ කරයි.
යම් පුද්ගලයෙක් තෙම පෙරකාලයෙ හි කරණ ලද උපකාර ඇත්තේ පසුකලෙක නපුරකින් පෙළයි ද උපකාර කිරීම ට යෙදු අත නසන පුරුෂයෙක් වේ ද, ඒ පුරුෂතෙම යහපත නො දකී.
මම දෙවියෙකු විසින් හෝ මනුෂ්‍යයෙකු විසින් හෝ අතිශයින් මැඩ පැවැත්විය නො හැකි වෙමි. දිව්‍ය මනුෂ්‍ය ඓශ්චර්යකින් හෝ මැඩලිය නො හැක්කේ වෙමි. මම උත්තම සෘධිය ට පැමිණි යක්ෂයෙක් වෙමි. සැනෙකින් ම දුරට යන්නේ වෙමි. රූප සම්පත්තියෙන් හෝ ශරීර ශක්තියෙන් යුක්ත වූයේ වෙමි.
යුෂමත්හු ගේ දකුණත හැම ලෙසින් රන්වන් වෙයි මිහිරි රස වෑහෙන්නාවු ධාරා ඇඟිලි පසක් ඇත්තේ ය. නන් වැදෑරුම් රසයෝ වැගිරෙත්. නුඹ ශක්‍රයා ය යි මම සිතමි.
මම ප්‍රකට දෙවියෙක් නො වෙමි. ගාන්ධර්ව කායික දෙව්යෙක් ද නො වෙමි. පුරින්දද නම් වු ශක්‍රදේවෙනද්‍රයා ද නො වෙමි. පින්වත් අංකුරය, හෙරුව නුවරින් චුත ව මෙ හි උප්පත්ති වශයෙන් පැමිණියා වු ප්‍රේතයෙකැ යි දනුව.
නුඔ පෙර ආත්මභාවයෙ හි හෙරුව නගරයෙ හි කෙබඳු ශීල ඇත්තෙක් වී ද, කෙබඳු සමාචාර ඇත්තෙක් වීද, කෙබඳු බ්‍රහ්මචර්යාවක් හේතුකොට ගෙන යුෂ්මතුන් ගේ අත් හි ප්‍රත්‍ය ඵලය දැන් නිපදී ද?
පෙර එක් කලෙක් හි මම හෙරුව නුවර සන්නාලියෙක් වීමි. ඉතා දුක සේ දිවිපැවැත්ම ඇති බැගෑපත් කෙනෙක් විමි. දන්දීම ට මට කිසිවක් නැත.
කර්මඵල විශ්වාශයෙන් යුක්ත වු දන්දීමෙ හි ස්වාමී වු පෙරකරන ලද පින් ඇති පාපය ට පිළිකුල් කරන සුලු වු අසය්හ සිටුහු ගේ ගෙය සමීපයෙ හි මා ගේ ගෙය විය.
එ තැන ට නොයෙක් ගොත්‍ර ඇති යාචක ජනයෝ ද ගුණ කියා ඉල්වන්නෝ ද පැමිණෙත්. ඔවුහු අසය්හ සිටුහු ගේ ගෘහය මා විචාරති.
නුඹ ට යහපතක් වේ වා. දානය කොතැන් හි දෙනු ලැබේ ද, කොතැන් හි යමු ද, ඔවුන් විසින් විචාරන ලද්දාවු මම අසය්හ සිටුවරයා ගේ ගෘහය කියමි.
අසය්හ සිටුවරයා ගේ මේ නිවාසයෙ හි දන් දෙනු ලැබේ. මෙතනට යව. තොප ට සෙතක් වේ වා, ය යි දකුණත දිගුකොට කීවෙමි.
ඒ හේතුවෙන් අත දැන් කැමති කැමති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුකොට අතින් මිහිරි රස වැහෙන්නේ වෙයි. ඒ උතුම් හැසිරීම් හේතුවෙන් මා ගේ අතෙ හි පුණ්‍ය විපාකය පහළ වෙයි.
නුඹ කිසිවෙකුට සිය අතින් නුදුන්නෙ හි ය. අනිකෙකු ගේ දානය අනුමොදන් වෙමින් අතදිගු කොට නො කීයෙ හි ය.
යම් ඒ අසය්හ සිටුකෙනෙක් පහන් සිත් ඇති ව සිය අතින් මහදන් දුන්නේ ද හෙතෙම මිනිසත් බව හැර පියා කෙබඳු තැනකට ගියේ ද?
බුදුරජාණන් වහන්සේ දන්නා යාම හෝ ඊම මම නො දනිමි. අසය්හ තෙම ශක්‍රයා ගේ සහවාසය ට ගියේ ය යි වෛශවනයා සමීපයෙ හි දී ඇසුවෙමි.
යහපත කිරීම ට සුදුසු ම ය සම්පත් බල පරිද්දෙන් දානය දීම ට සුදුසු ම ය. කැමති සම්පත් දෙන අත දැක කවරෙක් පින් නො කරන්නේ ද,
ඒ එ සේ මැ යි. ඒ මම මේ වාලුකා කාන්තාරයෙන් පහව ගොස් ද්වාරවතී නුවර ට නැවත පැමිණ යම් පිනක් මට සැපදෙන්නේ ද, ඒ දානය දෙන්නෙමි.
ආහාරය ද පාන වර්ග ද වස්ත්‍ර හා සෙනසුන් ද දෙන්නෙමි, පැන්හල් ද ළිං ද, හේදඬු ද පිහිටුවන්නෙමි.
අංකුර වෙනත් ප්‍රේතයකු දැක මෙ සේ විමසයි.
කවර හේතුවකින් තොප ගේ ඇඟිලි කුණු ව වකුටු වී ද? මුහුණ ද, විරූප කළේ ද, ඇස්වලින් අසූචි වගුරුවන්නේ ද? තා විසින් කෙබඳු පවක් කරන ලද්දේ ද?
සිරුරෙන් රැස්විහිදුනා වු ගෘහපතියෙක් වු ගෘහ වාසිවු ඒ අසය්හ සිටුහු ගේ දන්දෙන තැන දන්දීමෙ හි මම අධිකාරියෙක් කරන ලද්දේ වෙමි. එ හි ආහාරයෙන් ප්‍රයෝජන ඇති ව පැමිණියා වු යාචකයන් දැක එකත් පසෙක ඉවත් ව මුව හකුලුවා ගැනීම කෙලෙමි. එහෙයින් මා ගේ ඇඟිලි වකුටු වූ හ. මුහුණ ද විකාර යෙන් හැකිලුනේ ය. ඇස් ද අසූචි වගුරත්. මා විසින් මෙබඳු පවක් කරන ලද්දෙමි.
නින්දිත පුරුෂය, තෝ යම් හෙයකින් අනුන්ගේ දානයෙ හි මුව හකුලුවා ගැනීම කළෙ හි ද යුතුවුම කරුණෙන් තා ගේ මුහුණ ද හැකිලී ගියාක් මෙන් කරන ලදී. ඇස් ද අසූචි වගුරත්.
ආහාරපාන ද කෑ යුතු දේ ද වස්ත්‍ර හා සෙනසුන් ද යන දානය දෙන්නා වු පුරුෂතෙම අනුන් විසින් සිදුකළ යුත්තක් කොට කෙ සේ නම් කරන්නේ ද?
ඒ මම මෙ ලොවින් ගොස් ද්වාරවතී නුවර ට පැමිණ යම් දානයක් තමහට සැප එළවන්නේ ද ඒ දානය පවත්වන්නෙමි.
පහන් සිතින් ආහාර පාන වර්ග ද වස්ත්‍ර හා සෙනසුන් ද දුන්නේ ය. පැන්හල් ද ළිං ද පිහිටවීය.
කවරෙක් සාගිනි ඇත්තේ ද, කවරෙක් පිපාසා ඇත්තේ ද, කවරෙක් වස්ත්‍ර වැළඳ ගන්නේ ද, රථ යුග වාහනයෝ විඩාවට පැමිණියෝ වෙත් ද, මේ වාහන සමුහයෙන් රුචි වාහනයක් යොදත් වා. කවරෙක් තෙම කුඩ කැමති වේ ද, කවරෙක් තෙම සුවඳ ද මල් මාලා ද කැමති ද, කවරෙක් වහන් කැමති ද, මෙ සේ වනාහි ඒ අංකුරයා ගේ නිවසෙ හි කපුවො ද අරක්කැමියො ද සුවඳ දෙන්නො ද හැමකල් හි ම සවස ද උදය ද ඝෝෂා කරත්.
සින්ධකය,අංකුර තෙම සුවසේ සයනය කෙරේ ය යි ජන තෙමේ මා දනියි. සිනධකය යම් හෙයකින් යාචකයන් නො දක්නෙම් ද මම දුක සේ නිදමි.
අංකුරතෙම සුව සේ සයනය කෙරේ ය යි ජනතෙම මා දනියි. සින්ධකය ස්වල්ප වු ගුණ කියා ඉල්වන ජනයා ඇති කල් හි වනාහි දුක සේ සයනය කරමියි.
තවුතිසා වැසි දෙවියන් ට ද සියලු ලෝකයා ට ද ඊශ්වර වු සක්දෙවි රජතෙම නුඹ ට වරයක් ඉදින් දෙන්නේ නම් ප්‍රාර්ථනා කරන්නා වු නුඹ කෙබඳු වරයක් පතන්නේ ද?
තව්තිසා වාසී දෙවියන් ට ස්වාමි වු සක්දෙව් රජ මට වරයක් ඉදින් දෙන්නේ නම් අලුයම කාලයෙ හි නැගිසිටි මට සූර්යඋදය කාලයෙ හි දෙව්ලොව ට ඇතුළත් වු ආහාරයෝ උපදින්නා වු නම් යාචකයෝ සිල්වත් වන්නාහු නම් දන්දෙන්නා වු මා ගේ දාන වස්තුව ක්ෂය නො වේ නම් මම දන් දී පසුතැවිලි නො වන්නෙම් නම් දන් දෙමින් සිත පහදා වන්නෙම් නම් මෙබඳු වු වරය ශක්‍රයාගෙන් ප්‍රාර්ථනා කරමි.
සියලු ධනය ත් අන්හට නො දෙන්නේ ය. දානය ද දෙන්නේ ය. ධනය ද දකින්නේ ය. එහෙයින් ම දීම ට වඩා ධනයම ශ්‍රේෂ්ඨ වෙයි. අධික කොට දීමෙන් කුලයෝ නො පවතිත්.
පණ්ඩිතයෝ නො දීම ද පමණ ඉක්මවා දීම ද නො පසසත්. එහෙයින් දීම ට වඩා වස්තුව රැකීම ම උතුම් ය. සමවිදියෙන් දීම නො දීම දෙක්හි පවත්නේ ය. එය බුද්ධිමතුන් ගේ ධර්මය වේ.
භවත සෝනකය, මම දෙන්නෙම් ම ය. සන්හුන්කාය වාක් මනො සමාචාර ඇති සත්පුරුෂයෝ මා ආශ්‍රය කරන්නාහු ය. පහත් ස්ථානයන් මනා ව පුරවමින් වර්ෂා කරන මහාමේඝය මෙන් සියලු යාචක ජනයන් ගේ අදහස සම්පූර්ණ කරන්නේ නම් යෙහෙක.
යදින්නන් දැක යමෙකුගේ මුඛවර්ණය පහදී ද දන් දී සතුටු සිත් ඇතිවේ ද, ඒ ගෙයි වසන්නාහට සැපවෙයි.
යදින්නන් දැක යමෙකුගේ මුඛවර්ණය පහදී ද දන් දී සතුටු සිත් ඇතිවේ ද, මෝ තොමෝ කුශලයා ගේ පිරීම වේ.
දන්දීමෙන් පෙර ම සතුටු සිත් ඇති වේ ද, දන් දෙමින් සිත පහදවන්නේ ද දන් දී සතුටු වේ ද, මෝ තොමෝ පුණ්‍යයා ගේ සම්පත්තිය යි.
ඇති අංකුර රජු ගේ ගෘහයෙ හි ගැල් හැටදාහක ආහාර සත්ව සමුහයින්ට නිතර දෙනු ලැබේ.
මහායාග ය යි නම් කරනු ලැබූ මේ දානයේ හි යෙදී සිටි නොයෙක් මිණිකඩොල් පැළඳ සිටි තුන්දහසක් පමණ අරක්කැමියෝ අංකුර රජු නිසා ජීවත් වෙත්. පලන් මිණිකඩොල් ඇති සටදහසක් තරුණ පුරුෂයෝ ඒ අංකුර රජු ගේ මහා දානයේ හි දර පලත්. අංකුර රජු ගේ මහාදානයේ හි සව්ලකරින් සැරසුණු සොලොස්දාහක් අඟනෝ කුළුබඩු අඹරා පිඬු කරත්. අංකුර රජු ගේ මහාදානයේ හි සව්ලකරින් සැරසුණු සොලොස්දාහක් අඟනෝ හන්දිගත් ඇත ඇති ව් එළඹ සිටියෝ වෙත්.
ඒ රජ නන් දනහට බොහෝ කලක් දන දුන්නේ ය. සකස් කොට සියතින් ද, ගරුබුහුමන් පෙරදැරිකොටගෙන පුනපුනා දන් දුන්නේ ය.
මෙ සේ අංකුර දිගු කලක් දන් දී මහා යාග කොට මිනිස් සිරුරු හැරපියා තව්තිසා දෙව්ලොව ට ගියේ ය.
ඒ ඉන්දක තරුණයා සැරියුත් තෙරුන් ට සැන්දක පමණ බත් දී මිනිස් සිරුරු හැරපියා තව්තිසා දෙව්ලොව ට ගියේ ය. ඉන්ඩක දෙවිඳු අංකුර දෙවිඳු ට වඩා දස කරුණකින් අධික ව බබළයි. මනහර රුවින්, රසයෙන්, සුවඳින්, පහසින්, ආයුෂයෙන් පරිවාර සම්පත්තියෙන්, සිරුරු පැහැයෙන්, සැපයෙන් හා ඉසුරින් ද, අංකුර පසුබා ඉන්දක දෙවිඳු බබළයි.
බුදුහු විසින් මෙ සේ ප්‍රකාශ කරන ලදී.
අංකුරය තොප විසින් දිගු කලක් මහදන් දෙන ලද. තෙපි දන් ඉතා දුර සිටින්නෙහු. මා වෙත එවු.
යම් කලක පුරුෂෝත්තම වූ බුදුහු තව්තිසා දෙව්ලොව පරසතු රුක මුල පන්දුඅම්බුල් සලස්නෙ හි වුසූ ද, දසදහසක් ලොධා හි දෙවියෝ රැස් ව් මේර මුදුනේ හි වසන සම්බුදුන් ඇසුරු කෙරෙත්. කිසි දෙවි කෙනෙක් ශරීර පැහැයෙන් බුදුනට වඩා නො බබළති. බුදුහු ම සියලු දෙවියන් අභිභවා බබළති.
මේ අංකුර එකල දොළොස් යොදුනක් පමණ දුර විය. ඉන්දක වූ කල බුදුන් හට නුදුරු තැනක ම අධික ව බබළයි.
බුදුහු අංකුර ද, ඉන්දක ද, දෙස බලා දන පිළිගැනීම ට සුදුස්සා පැහැදිලි කෙරෙමින් මේ වචන කියූ ය. අංකුරය තෙපි දිගු කලක් මහා දන් දෙනු ලදුව තෙපි ඉතා දුර සිටින්නේහු. මා වෙත එවූ.
අංකුර තෙමේ මෙ සේ ප්‍රතිපිළිතුරු දුන්නේ ය. දක්ෂිනාර්හයන්ගෙන් හිස් වූ මා ගේ දානයෙන් කවර ප්‍රය්එන ද? ඒ මේ ඉන්දක දේවපුත්‍රයා තරුගණ මද සඳ මෙන් අපි අභිභවා සිටින්නේ ය.
යම් සේ ඉතා තද බිම ඇති කෙතේ හි වපුල බිජුවට්අ වුව ද, වැසිදහර මනා ව පවත්නා කල අස්වැන්නෙන් ගොවියා සතුටු කෙරේ ද? එ සේ ම ධ්‍යානාදී ගුණවත් තාදී ලක්ෂණවලින් යුතු සිල්වතුන් කෙරෙහි කරන ලද පුණ්‍යෝපකාර ස්වල්ප වුව ද, මහත් ඵල ඇත්තේ වෙයි.
දානාද්‍යාශයෙන් යමෙකු විෂයෙ හි දෙන ලද දන මහත්ඵල වේ නම් එබඳු පින්කෙත නුවණින් පිරික්සා දන් දී සුගතියට යෙති.
මේ මිනිස් ලොව දන් පිළිගැනීම ට සුදුසු යම් පුද්ගලයෝ වෙත් ද, ඔවුන් නුවණින් පිරික්සා දන් දීම බුදුන් විසින් පසසන ලදී. යහපත් කෙතේ හි වපුල බිජුවට යම් සේ ද, එ සේ ම මේ දක්ෂිනාර්හයන් විෂයේ හිහි දුන් දන්දන ද, මහත්ඵල වෙයි.

උත්තරමාතු ප්‍රේතිය ගේ කතාව.
විවරණ වූ දැකුම් ප්‍රේති දිවාවිහරණයේ යෙදී ගංතෙර උන් භික්ෂුහු වෙත එළඹ සිටියා ය. ඇ ගේ කෙස්වැටිය ඉතා දිග ය. බිම දක්වා එළඹෙයි. කෙහෙලියෙන් පිළිසන් වූ ඕ මහණහට මේ වචනය කීවා ය.
වහන්ස, මම යම් දවසක කලුරිය කලාවෙමි නම එතැන් සිට පනස්පස් වසරක් මුළුල්ලේ හි අනුභව කළ අහරක් හෝ පූ පැනක් නො දනිමි. පවසින් පෙළෙමි. පැන් පිණිස ඇවිදිනා මට නුඹ වහන්සේ පැනක් දෙනු මැනවි.
සිහිල් දිය ඇති මේ ගඟ හිමවත් පව්වෙන් ගලා බසී. මේ ගඟෙන් දිය ගෙන පානය කරව. කුමක් හෙයින් මාගෙන් පැන් යදී ද?
වහන්ස, ඉඳින් මම ගඟෙ හි පැන් තොමෝ ම ගන්නෙම් නම් එය මට ලෙයට පෙරළෙයි. එ හෙයින් තොපගෙන් පැන් යදිමි.
කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කිනම් පව්කමක විපාකයෙන් ගං දිය තිට ලේ වෙයි ද?
මාගේ උත්තර නම් පුතු සැදැහැවත උපාසකයෙක් විය. හේ මා ගේ නො කැමැත්තෙන් මහණුන් හට දන් දෙයි. මසුරුකමින් පෙඋනු මම ඔහු ට මෙ සේ පරිභව කළෙමි. උත්තරය, මේ සියල්ල තොප ට පරලොව දී ලේ වේ වා යනු යි.
සුත්ත ප්‍රේත වස්තුව.
පෙර මා වෙත අවුත් නූල් ඉල්ලූ පැවිදි පැවිදි ව කෙලෙසුන් සුන් කළ එක් පසේබුදුවරයන් වහන්සේ නමකට මම නූල් දුනිමි. ඒ දන් හි මහත් ඵලය දැන් ලැබේ. බොහෝ වූ වස්ත්‍ර යුගලයෝ මට පහල වෙත්. මලින් ගැවසුණු මනහර නොයෙක් සිතුවම් ඇති නරනාරීන් විසින් සෙවුනා ලද දේව විමානය මම පරිහරණය කරමි. කැමති පිළියක් පොරවා ගනිමි. බොහෝ සම්පත් ඇත්තේ වෙමි. ඒ ධනය ද, නො පිරිහෙයි.

ඒ සුත්‍රදානමය පිනෙ හි හේතුවෙන් සුඛ විපාක වූ මේ මිහිරි සුවය මේ විමනෙ හි දී ලැබේ. නැවතත් මිනිස් ලොවට ගොස් මම ඒ අයුරින් පින් කරන්නෙමි. ස්වාමීපුත්‍රය, මා එ හි පමුණුවන්න.
තෙපි සත්සියවසකින් මතුයෙහි මෙ හි ආවාවූ ය. කර්මානුභාවයෙන් මෙතෙක් කල් තරුණ ව සිටි තොප මිනිස් ලොව ට ගියහොත් ජරාවෙන් දැදුරු ව එ හි මහලු වන්නාහු ය.
ස්වාමිපුත්‍රය, මෙ හි පැමිණ දෙව් සැප වැළඳු මට සත්වසක් ඉක්ම ගියේ ය යි හඟමී. ඒ මම නැවත මිනිස් ලොව ට ගොස් පින් කරන්නෙමි. මා මිනිස් ලොව ට පමුනුවන්න.
ඒ විමාන ප්‍රේත තෙමේ මහලු වූ දුබල වූ ඒ ස්ත්‍රිය අතින් අල්වා ගෙන බලහත්කාරයෙන් මෙන් ගම ට පමුණුවා මෙ සේ කී ය. පින් කරවු. සුව ලැබේ. මෙතැන පැමිණි අනෙක් ජනයා ට ද, කියව.
රැස් නො කළ කුසල කර්ම හේතු කොටගෙන ප්‍රේතයෝ ද, මනුෂ්‍යයෝ ද, වෙහෙසෙත්. සුව විපාක දෙන පින්කම් කොට සැපතේ හි පිහිටි දෙවි වූ ත්, මනුෂ්‍ය වු ත්, ප්‍රජාතමෝ මා විසින් දක්නා ලදී.
කර්ණමුන්ඩ ප්‍රේත වස්තුව.

ඒ පොකුණේ හි රණින් කළ හිනි පෙති හා පෝරු ද, ඇත්තේ ය. රන්මුවා වැල්ලෙන් යුක්ත ය. මනහර වූ සුවඳති සිත්කළු වූ හෙල්මැලි ඇත. ඒ පොකුණ වටින නොයෙක් රුක්වලින් ගැවසීගත්තේ ය. අවට නන්වැදෑරුම් සුවඳ සුළං හමන්නේ ය. හංසයන් හා කොස්ලිහිණියන් විසින් කරන ලද මනහර නාද ඇත්තේ ය. සක්වා ලිහිණියන් විසින් කරන ලද මනහර ශබ්ධ ඇත්තේ ය. නොයෙක් පක්ෂි සමුහයාගෙන් ගැවසීගත්තේ ය. නනාවිධ වූ පක්ෂිනාද සමුහයෙන් යුක්ත වුවේ ය. නොයෙක් ඵල දරන ගස අවට ඇත්තේ ය. නොයෙක් මල් දරන ගස් අවට ඇත්තේ ය. නොයෙක් සුවඳ සහිත මල් දරන වනයෝ ද, ඇත.
මේ නුවර යම්බඳු වී නම් මෙ බඳු නුවරක් මිනිසුන් කෙරෙහි නැත. තිගේ රන්මුවා බොහෝ ප්‍රාසාදයන් අවට සිවුදිග් හි බබළමින් හොබවත්. තිට වත්පිළිවෙත් කරන යම් මේ පන්සියයක් දාසියෝ වේ ද, ඔහු සක්වලලුවලින් හා අඟුනපළඳනාවෙන් සැරසුණා හු ය. රන්මුවා මුදුන්මල්කඩින් සැරසුණු කෙස් ඇත්තාහු ය. සියලු කම් සැපතින් පිරුණු තෝ යහනක විසීම ට යවු නම් කෙසෙල්මුව සම් හා දිග ලොම් කොඳුපිලි අතුරා සරසන ලද එ බඳු වූ රන්රිදී මුවා වූ අසුන් තිට බොහෝ වෙයි.

අඳුර පැමිණි කල තෝ එ ම පලඟින් නැගිට උයන් බිම ට යයි. එ සෙ ගොස් හාත්පස නිල්වන් වූ ළා තණ ඇති පොකුණුතෙර සිටිව්. ඉන් පසු කන් මුදු බල්ලෙක් ති ගේ අඟපසඟ කා දමයි. යම් කලක සුනඛයා විසින් කන ලද්දී ඇටසැකිල්ල පමණක් ඉතිරි කරන ලද්දී තෙපි පොකුණ ට බස්නවු. අසිරියකි! සහරීරය පෙර මෙන් ඇති වෙයි. ඉන් පසු පිරිපුන් අඟපසඟ ඇති මනරම් පියකරු දැකුම් ඇති තෙපි පිළියක් පෙරවාගෙන මා වෙත පැමිණෙයි.
කයින්, වචනයෙන්, සිතින් කවර පාපයක් කරන ලද ද? කිනම් පවක විපාකයෙන් කන් මුඩු බල්ලෙක් තිගේ අඟපසඟ කා ද?
කිම්බිලා නුවර ගැහැවියෙක්, සැදැහැවත් උවසුවෙක් විය. ඔහු ට මම බිරිය විය. හිමියා ඉක්ම පවත්නී දුස්සීල වීමි. මෙ සේ හිමියා ඉක්ම හැසිරෙන මට ඒ හිමි මෙ සේ කී ය. යම්හෙයකින් තෝ මා ඉක්ම හැසිරෙ නම් එය යුතු නො වේ. සුදුසු නො වේ.
ඒ මම දරුණු ලෙස දිවුරා මෙ සේ බොරු කීවෙමි. මම කයින් හෝ සිතින් හෝ තොප ඉක්මවා නො හැසිරෙමි. ඉඳින් මම කයින් හෝ සිතින් හෝ තොප ඉක්මවා හැසිරෙම් නම් කන් මුඩු මේ බල්ලා මා ගේ අඟපසඟ කා දමා වා! යනුවෙනි.
ඒ දරුණු දිව්රීම් කර්මයෙන් ද, මුසාවාදයෙන් ද, අවුරුදු සත්සියයක මුළුල්ලේ හි විඳින ලද. ඒ පවින් මා ගේ අඟපසඟ කන් සුන් බල්ලා කා දමයි.
රජතුමනි, තෙපි මට බොහෝ උපකාර වූවහු ය. මට හිත පිණිස මෙ හි ආවහු ය. කන්මුඩු බලුගෙන් මම මිදුනේ වෙමි. මම දැන් ශෝක නැත්තී බිය නැත්තී වෙමි. දෙවියනි මම තොප වඳිමි. බැඳදිලි ව තොප ගෙන මෙ සේ යදිමි. නො මිනිස් වූ පස්කම් සැප විඳින්න. මා හා රමණය කරන්න.
සොඳුර, තී හා නො මිනිස් සැප විඳ රමණය කළෙමි වෙමි. දැන් මා මාගේ නුවර ට ම වහා පමුනුවාලන්න යි තීගෙන් මම යදිමි.

පංචාල රට වැසියන් ට ඉසුරු වූ බඹදත් නම් රජෙක විය. ඒ රජතෙම බොහෝ කලක ඇවෑමෙන් කලුරිය කළේ ය. ඒ රජු ගේ බිසව රජු වූ තැන ට ගොස් හඬයි. බඹදත් රජ නො දක්නා ඕ බඹදත් කොහි දැ යි කියමින් හඬයි.
සරණ දහමින් යුතු මුනිවරයෙක් වූ තවුසෙක් ඒ තැන ට පැමිණියේ ය. එ තැන යම් මිනිසුඋන් රැස් වූවාහු ද, ඔවුන්ගෙන් එ තවුසා මෙ සේ විචාළේ ය. නොයෙක් ගන්ධය වහනය වන මේ සොහොන කවරකු ගේ ද?
මිනිස්සු එය ට මෙ සේ පිළිතුරු දෙති. මේ මිනිස් ලොවින් දුර වූ පරලොව ගිය සිය හිමියා වන බඹදත් රජු නො දකින්නී බඹදත්, බඹදත් ය යි මෝ හඬා වැලපෙන්නී ය.
නිදුකාණන් වහන්ස, බඹදත් රජු ට යහපතක් ම වේ වා! මේ නොයෙක් සුවඳ හමන සොහොන බඹදත් රජු ගේ ය.
ඒ රජු ගේ බිරිඳ ඔහු ගැන හඬයි. මේ මිනිස් ලොවින් දුර වූ පරලොව ගිය සිය හිමියා වන බඹදත් රජු නො දකින්නී බඹදත්, බඹදත් ය යි මෝ හඬා වැලපෙන්නී ය.
බඹදත් යන නම ඇති සයාසූදහසක් දෙනා මේ සොහොනෙ හි දවන ලද හ. ඔවුන් අතරින් කවරෙකු සඳහා තෙපි හඬයි ද?
වහන්ස, චුලනී රජු ගේ පුත් වූ පංචාල රට ට ඉසුරු වූ යම් රජෙක වී ද, සියලු කැමති දෑ දෙන ඒ හිමියා වෙනුවෙන් සෝක කරමි.
සියලු රජවරු බමදත් යන නම් ඇත්තාහු ය. සියල්ලෝ ම චුලනීපුත්‍රයෝ වූ හ. සියල්ලෝ ම පංචාල රටේ හි අධිප්පතියෝ වූ හ. සියලු ම රජවරුන් ට තෙපි පිළිවෙලින් අගමෙහෙසි කළාහු ය. කුමක් හෙයින් පළමු රජවරු හැර පසු ව ඇති වූ රජු සඳහා සෝක කරත් ද?
නිදුකාණන් වහන්ස. තමා ස්ත්‍රියක් වූ කල් හි දිගු කලක මුළුල්ලේ ස්ත්‍රියක ම වේ ද? යම්බඳු ස්ත්‍රී භාවය ට පැමිණි මට බොහෝ ජාති වී ය යි තෙපි කියන්නහු ද?
තෙපි ස්ත්‍රියක් ද, වුවාහු. පුරුෂයෙක් ද, වුවාහු. තිරිසන් අත්බවට ද, පැමිණියාහු. මෙ සේ ඉකුත් අත්බැව් හි කෙළවරක් නො පෙනේ.
ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් මා හද ඇවිලගත් සියලු සෝ ගින්න තෙපි දිය ඉසින්නකු මෙන් නිවුවාහු ය. මහාමුණින් වහන්ස. ඒ මම උපුල් සෝ හුල ඇතියෙම් සිහිල් වූවා වෙමි. තොප ගේ වචන අසා මම දැන් ශෝක නො කරමි. නො හඬමි.
ඒ තවුසා මැනවින් දෙසු ඒ වදන් අසා ඕ තොමෝ පා සිවුරු ගෙන අනගාරික සසුනෙ හි පැවිදි වූවා ය. ගමින්ගම රාජධානියක් පාසා සැරිසරන්නී උරුවෙල් නම් වූ ඒ ග්‍රාමයේ යම් තැනක කලුරිය කළා ය. ඕ මෙත්සිත් වඩා ස්ත්‍රීභාවය දුරු කර බඹලොව උපදින ලදී.

උබ්බරී වග්ගය නිමි.
මේ දක්වන්නට යෙදුනේ උබ්බරී වග්ගය ට අයත් කතා දහතුන පිළිබඳ ව යි.
ප්‍රේතයින් සඳහා හන්දියක් හන්දියක් ගානේ පෙරේත තටු පිදීම කිසිඳු ඵලක් නැති ක්‍රියාවක් බව මේ ලිපිය කියවූවා නම් ඔබ ට අනිවාර්යයෙන් අවබෝධ විය යුතු ය. ප්‍රේතයන් සඳහා පින් පමණක් පැමිණවිය හැකි වන්නේ ය. නමුත් සියලු ම ප්‍රේත කොටස්වල ට පින් අනුමෝදන් විය නො හැකි බව ත්, පින් අනුමෝදන් විය හැක්කේ පරදත්තුපමජීවී නම් ප්‍රේත කොටස ට පමණක් බවත් දේශනාකොට ඇත. නමුත් පමුණුවන පින් අපතේයාමක් හෝ පින් පමුණුවන තැනැත්තන් ට එය නිෂ්ඵල වීමක් සිදු වන්නේ නැත.
මේ ලිපිය කියවන්න>> [www.buddhistculture.net]
කෙ සේ නමුත් මේ ලිපිපෙළ තුළ අපේ අරමුණ වන්නේ සසර ස්වභාවයේ බියකරු බව ත්, කොතරම් දිව්‍යමානුෂික ආදී සැපත කියා හඳුන්වන දේ වුවත් ඉතා කෙටිකාලීන බව පසක් කර දීම හා ඒ තුළින් උතුම් නිවන පිණිස ම වීර්යය කළ යුතු බව යි.
තෙරුවන් සරණ යි!

Good work bro
ReplyDeleteවටිනා කරුණු රාශියක් දැනගන්න පුළුවන් වුණා. මේ ලිපියයි කලින් පළකරපු ලිපියයි ගොඩක් හොඳයි. ඉතිරි ලිපිත් ඉක්මනින් පල කරන්න. අපි දිගටම කියවනවා. ඔබට පින් අපිව මේ විදියට දැනුවත් කළාට. තෙරුවන් සරණයි!
ReplyDelete'ලෝකයෙ හි කරුණාන්විත වූ නුවණැති ඔබ වහන්සේ වැඳීමට පැමිණියෙමි'.කලගුන සලකීම කොතරම් උසස් තනතුරක් ලබුනත් අමතක නොකලයුතුයි
ReplyDeleteobata theruwan saranai ayye. pansil saha ewaye aanisansa gana lipiyapa pala karana puluwannam obata bohoma pin .
ReplyDeleteප්‍රේතයින් පිළිබඳ ව වන මේ ලිපි පෙළ අවසන් වූ පසු ඒ පිළිබඳ ලිපියක් පළකරන්නම්.
Deleteතෙරුවන් සරණ යි!
great site
ReplyDeleteතෙරුවන් සරණයි .. ගොඩක් පිං මෙහෙම අපි නොදන්නා දේවල් කියලා දි අපේ ජීවිතය අර්ථවත් කලා ට
ReplyDeleteධර්ම දානයට පිං.තෙරුවන් සරණයි .
ReplyDelete