"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී"
අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.
අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.
රේරුකානේ චන්දවිමල
මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්රේෂ්ඨ පැවිදි මිණිපහනකි.
සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්,
අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් ගත කළ හිමිනමක් වශයෙන්
රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් හැඳින්විය හැකි ය. අද දින ට
(2012.07.19) උන්වහන්සේ ගේ එකසිය පහළොස්වන වන ජන්ම දිනය වෙනුවෙන් මේ ලිපිය
සම්පාදනය කරන්න ට යෙදුනි.
රේරුකානේ චන්දවිමල
මහානායක ස්වාමීන් වහන්සේ පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් පහත දක්වා ඇත. මෙය නරඹා අනතුරුව ලිපිය කියවන ලෙස ආරාධනා කරමි.
