Saturday, October 12, 2013

අසිරිමත් ධාතු පෙළහර. (02-කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ විස්තරයක් පසුගිය ලිපිය මගින් ඉදිරිපත් කරනු ලැබීය. මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයකි.

දන්ත ධාතූන් වහන්සේලා 

සුවාසූදහසක් ධර්මස්කන්ධයේ පහස ලද උතුම් දන්ත ධාතුන් වහන්සේලා අද දිනයේ පවා ජීවමාන බුදුරදුන් ට කෙරෙන සියලු පුද සත්කාරයන් ලබමින් අපාරිමිත දෙව් මිනිසුන් ගේ පුජා මධ්‍යයේ වැඩවසති. අප සර්වඥයන් වහන්සේ ගේ ශ්‍රී මුඛයේ දන්තයෝ සතළිසක් විය. ඒ දන්තයන් අතර සිදුරු, හිඩැස් නො වී ය. එ සේ ම දත් උස නො වී ය, කෙටි නො වී ය, ඇල නො වී ය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සම ව පිහිටා තිබුණි. මේ පිලිබඳ දීඝ නිකායේ ලක්ඛණ සුත්‍රයේ සඳහන් වේ. 

Sunday, August 18, 2013

අසිරිමත් ධාතු පෙළහර. (01-කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. මේ ලිපි පෙළ ඔස්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සියල්ල පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ ව ද, විස්තර ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වෙමි. මේ ලිපිය තුළින් ධාතූන් වහන්සේලා පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරේ.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම.

බුද්ධත්වයට පත්වන උතුමන් වහන්සේ නමක ගේ පරිනිර්වාණයන් තුනක් පවතී. පළමුවැන්න නම් ක්ලේශ පරිනිර්වාණය යි. එය බුද්ධත්වය ට පත්වන අවස්ථාවේ දී සිදු වේ. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. දෙවැන්න නම් ස්කන්ධ පරිනිර්වාණය යි. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. තෙවැන්න නම් ධාතු පරිනිර්වාණය යි. එය අප ගෞතම බුදුරදුන් ගේ අධිෂ්ඨාන ශක්තිය අනුව අනාගතයේ සිදු වේ. 

Thursday, May 23, 2013

එන්න... ධර්මය දකින්න...

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

වසර එකහමාරකට ආසන්න කාලය තුළ මෙ ම බ්ලොග් අඩවිය ඔස්සේ දහම් ලිපි අසූවකට ආසන්න ප්‍රමාණයක් බොහෝ දෙනා ගේ හිතසුව පිණිස පළකළෙමු. අද දින පළකරන්නට යෙදෙන මේ ලිපියේ අරමුණ වන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පිළිබඳ හැඳින්වීම සහ පරිගණක මාධ්‍යයෙන් පහසු පරිහරණය සඳහා නිමවූ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සහිත මෘදුකාංග පද්ධතිය පිළිබඳ ඔබ දැනුවත් කරවීම යි.

Monday, May 20, 2013

තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

වෙසක් දිනය නිමිත්තෙන් මෙ ම ලිපිය පල කළයුතු ය යි සිත් විය. මේ ලිපිය මුල්වරට ප්‍රකාශයට පත් ව ඇත්තේ ශ්‍රි බුද්ධ වර්ෂ 2493 වෙසක් පොහෝ දින (1949 මැයි 1) සිළුමිණ පත්‍රයේ ප්‍රධාන පිටුවේ ය. "තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල" බුදුරජාණන් වහන්සේ මනා ව හඳුනාගත් පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මහා ස්වාමින්ද්‍රෝත්තමයාණන් වහන්සේ  ගේ බෝධි චින්තනයෙන් සැපයුණු ඓතිහාසික ලිපියකි. 

2500 සම්බුද්ධ ජයන්ති සමය උදාවත් ම, ශාසන ප්‍රතිපත්ති හා මඟ ඵල නිවන් වසා පැවති විමති අඳුර නසා, අද ත්, මඟ ඵල නිවන් රස විඳිය හැක්කේ මෙ සේ ය යි, සම්බුද්ධ ශාසනය නගා සිටුවීමේ ප්‍රණීතාධ්‍යාශයෙන් සමාරබ්ධ "ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව" මෙ ම ඓතිහාසික ලිපියේ ප්‍රතිඵලයකි. 

  • අද බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් වෙසක් සැරසිලි කාරයන්ට කෙබඳු බණක් වදාරත් ද?
සිංහල බෞද්ධයන් විසින් වර්ෂයක් පාසා වෙසක් උත්සව උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබේ. ජාතික සාමායික දෙපසින් ම විශේෂ සිද්ධි රැසක් සිහියට නංවන වෙසක් දිනයෙ හි උත්සව පැවැත්විය යුතු ම ය. අප මේ ලිපිය ලියන්නේ වෙසක් ඉතිහාසය දැක්වීමට හෝ උත්සව කරුවන්ගේ උනන්දුව පණපෙවීමට නොවෙයි.

Sunday, May 12, 2013

ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් කරගන්න.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ධර්ම දේශනය, ධර්මශ්‍රවණය, ධර්ම සම්මර්ෂණය, ධර්ම සජ්ඣායනාව සහ  භාවනාව යන කරුණු පහ නිවන ට පිවිසීමේ දොරටු හෙවත් විමුත්තායතන ශීර්ෂ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ විමුත්තායතන සුත්‍රයේ ඒ පිළිබඳ අන්තර්ගත ය. එයින් අද සාකච්ඡා කරන්නේ ධර්මශ්‍රවණය ට අදාළ කරුණු සම්බන්ධයෙනි. පෙර ලිපියකින් අප ඉහත කරුණු පහ පිළිබඳ ව ම හැඳින්වීමක් කළ නමුත් ධර්ම ශ්‍රවණය පිළිබඳ තවදුර ට ත් කිව යුතු ම කරුණු කිහිපයක් ඇති හෙයින් මෙ ම ලිපිය පලකරන්නට අදහස් විය. 

ධර්මශ්‍රවණය සියලු දෙනා ට සිදු කළ නො හැකි, පහසුවෙන් කළ නො හැකි අතිශය දුර්ලභ කරුණක් බව බුදුරජාණන් වහන්සේ පාතුභාව සුත්‍රයේ දේශනා කොට ඇත. ඒ අතරින් ධර්ම ශ්‍රවණය තුළින් නිවන් මග ට යම් ආකාරයක උපකාරයක් සිදුකරගැනීමට තරම් බුද්ධියකින් ධර්මය ශ්‍රවණය කරන පිරිස ද, දුර්ලබ බව කිව යුතු ය.

Saturday, April 27, 2013

දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වඳිනවා....

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මාස 06 ක පමණ කාලයකින් පසු නැවත ලිපියක් සකස් කරන්නට යෙදුනෙමි. ගත වූ මාස හයක පමණ කාලය තුළ අප කිහිප දෙනෙක් විසින් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පරිගණකය ඔස්සේ ඉතා පහසුවෙන් පරිශීලනය කළ හැකි මෘදුකාංග පද්ධතියක් සකස් කරන්නට යෙදුනි. ඒ කාර්යය සඳහා ප්‍රධානත්වය දුන් බැවින් අප ගේ අනෙක් සියලු කාර්යයන් මුළුමනින් ම නතර කරන ලදී. ඒ අනුව බ්ලොග් අඩවිය ට ලිපි එක් කිරීම ද, තාවකාලික ව නතර කරන ලදී.

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවසහිත පද්ධතිය එළඹෙන වෙසක් පුරපසලොස්වක පොහෝදින අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත්කිරීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව ත් දන්වමි. ඒ පිළිබඳ ඉදිරියේ දී දැනුවත් කරමි.

දැන් මාතෘකාව වෙත පිවිසෙමු. ඉහත ගීතය ඔබ කවුරුත් අසා ඇතුවාට සැකයක් නැත. එයින් කියවෙන්නේ වර්තමාන සමාජයට සිදු වී ඇති බලවත් විපතක් පිළිබඳ ව ය. මෙ ම ලිපියෙන් දක්වන්නේ ගීතයෙන් දැක්වෙන විපතටත් වඩා විපතක් පිළිබඳ ව ය. එ නම් බුදුදහම සමග එක් කරන්නට වෙර දරන මිසදිටු විශ්වාස පිළිබඳ ව යි.

ලිපියෙන් දැක්වෙන ප්‍රධාන කරුණු කිහිපය මෙ සේ දක්වමු.
  • ජ්‍යෝතිෂ්‍ය ද? බෞද්ධ කර්ම සංකල්පය ද?
  • ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?
  • කර්මය යනු කුමක් ද?
  • අතීත කර්මවලින් විපාකඇති වන්නේ කෙ සේ ද?
  • බෞද්ධ කර්ම සංකල්පයේ විශිෂ්ටත්වය.
  • මිසදිටු බව අතහරින්න.
Related Posts Plugin for WordPress, Blogger...