නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
කෝණාගමන නම් බුදුරදුන් ට පසු කාලයෙ හි සිවුසස් අවබෝධ කළ දෙපා ඇති සතුන් ට උතුම් වූ බැබළීම් ඇති කරන නමින් කාශ්යප නම් වූ දහම්රදතෙම පහල විය.හැරදමන ලද කුලගෙය ද, මූල නම් අපමණ ධන රාශිය ද, බොහෝ ආහාර පාන ද, සිත් පුරා යාචකයන් ට දන් දී, ගාල බිඳගෙන යන ගව රජෙකු මෙන් උතුම් සම්බෝධිය ට පැමිණි සේක.
කසුප් ලෝනාහිමි දම්සක් පවත්වන කල් හි කෝටි විසි දහසක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය.