නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මේ වසරේ තීර්යක් වෙත ලියන්න ට යෙදෙන පළමු ලිපිය යි මේ. "මට ආදරෙයි නම්..." ලිපි පෙළේ හි අවසාන ලිපිය පල කිරීම මදකට ප්රමාද කර මේ ලිපිය පල කිරීම ට මා සිත් විය. මෙ ම ලිපියේ පළමු ව අවධානය යොමු කරන්නේ බුදුවරු සහ හෙළබිම අතර සම්බන්ධතාවය පිළිබඳ ව යි. ඉන්පසු මෙ රට ට බුදුවරු වැඩම කරවීම ට හේතු පිළිබඳ ව විද්යාවෙන් සොයාගෙන ඇති කරුණු සමග විස්තරයක් ඉදිරිපත් කෙරේ.
ඇත්තෙන් ම "ශ්රී ලංකාව බුදුන් ගේ දේශය යි" කිවහොත් එ හි නිවැරදි බව අඩු ය. ඒ පිළිබඳ ව මෙ ම ලිපියෙන් ගැඹුරින් සවිස්තර ව දක්වා ඇත. "ශ්රී ලංකාව බුදුවරුන් ගේ දේශය" වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙ රට ට වැඩම කරවූ නිසා ම නො වේ. මේ මහා භද්ර කල්පයේ කකුසඳ ආදී බුදුවරුන් පවා මේ දෙරණ ට වැඩමවා ඇත. ඒකාන්ත වශයෙන් ම සිරිලක තුළ බොධීන් වහන්සේලා ගේ දක්ෂිණ ශාඛා සහ ධර්මධාතු ශාසන ප්රතිෂ්ඨිත වන්නේ ය. තව ද, බුදු දහම අවසන් වන තුරු ම පවතින්නේ ද, මේ ශ්රී ලංකාව තුළ ම ය. අබුද්ධෝත්පාද කාලවල දී මේ භූමිය යක්ෂයින් විමාන කරගනියි. බුද්ධෝත්පාද කාලවල මනුශ්යයන් ට ම වාසභුමි වෙයි.