Friday, January 27, 2012

පිරිතක අනුසස්

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මේ ලිපිය ලියන්න ට මුලික ව ම හේතු  වූ කරුණු වන්නේ පෙර මා විසින් පල කරන ලද "නිවැරදි පිරිතක ආනිශංස" ලිපිය වෙත ඉදිරිපත් වූ පාඨක අදහස් ය. එ හි දී අප විසින් සකස් කළ පිරිත් ග්‍රන්ථය පලකරනු විනා පිරිත් දේශනා පිළිබඳ ව ගැඹුරින් ලියන්න ට උත්සාහ නො දැරුවේ තවදුර ට ත් ලිපිය දීර්ඝ වන බැවිනි. නමුත් මේ ලිපිය තුළින් ඉදිරිපත් වූ සියලු කරුණු පිළිබඳ සවිස්තර ව උදාහරණ සහිත ව සාකච්ඡා කිරීම ට මම බලාපොරොත්තු වෙමි.

Tuesday, January 10, 2012

මට ආදරෙයි නම්.....(04 කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මට ආදරෙයි නම්.... ලිපි පෙළෙ හි අවසාන කොටස මේ ලෙසින් ඉදිරිපත් කෙරෙන්නේ තවදුර ට ත්, මට ආදරය කරන එක් අයෙක් හෝ ඇති ය යන බලාපොරොත්තුවෙනි. මෙතෙක් මා ලියූ ලිපි ත්‍රිත්වය ඔබ කියවූයේ නම් නියත ව ම මා පිළිබඳ අදහස වෙනස් කරගනු නො අනුමාන ය.

Sunday, January 8, 2012

මේ ගෞතම බුද්ධරාජ්‍යය යි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

අප ගෞතම ශාක්‍යමුනින්ද්‍රයන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් පන්සියයක් ඉක්ම ඇති මේ සමයේ දී පවා නිර්මල බුදුදහම සකල ලෝක සත්වයින් සුවපත් කරමින්, දුකින් මුදවමින් අමා දියදහරක් සේ ගලාබැසයමින්  පවතී. මෙ රට දහස් සංඛ්‍යාත වෙහෙර විහාරස්ථාන අතර ට මීට වසර පහකට පමණ පෙර එක් වූ පියසඳ වෙහෙර පිළිබඳ ව මේ ලිපියෙන් කෙටි විස්තරයක් ඉදිරිපත් කෙරේ. 

Friday, January 6, 2012

මේ බුදුවරුන් ගේ දේශය යි.

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මේ වසරේ තීර්යක් වෙත ලියන්න ට යෙදෙන පළමු ලිපිය යි මේ. "මට ආදරෙයි නම්..." ලිපි පෙළේ හි අවසාන ලිපිය පල කිරීම මදකට ප්‍රමාද කර මේ ලිපිය පල කිරීම ට මා සිත් විය. මෙ ම ලිපියේ පළමු ව අවධානය යොමු කරන්නේ බුදුවරු සහ හෙළබිම අතර සම්බන්ධතාවය පිළිබඳ ව යි. ඉන්පසු මෙ රට ට බුදුවරු වැඩම කරවීම ට හේතු පිළිබඳ ව විද්‍යාවෙන් සොයාගෙන ඇති කරුණු සමග විස්තරයක් ඉදිරිපත් කෙරේ.

ඇත්තෙන් ම "ශ්‍රී ලංකාව බුදුන් ගේ දේශය යි" කිවහොත් එ හි නිවැරදි බව අඩු ය. ඒ පිළිබඳ ව මෙ ම ලිපියෙන් ගැඹුරින් සවිස්තර ව දක්වා ඇත. "ශ්‍රී ලංකාව බුදුවරුන් ගේ දේශය" වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙ රට ට වැඩම කරවූ නිසා ම නො වේ. මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ ආදී බුදුවරුන් පවා මේ දෙරණ ට වැඩමවා ඇත. ඒකාන්ත වශයෙන් ම සිරිලක තුළ බොධීන් වහන්සේලා ගේ දක්ෂිණ ශාඛා සහ ධර්මධාතු ශාසන ප්‍රතිෂ්ඨිත වන්නේ ය. තව ද, බුදු දහම අවසන් වන තුරු ම පවතින්නේ ද, මේ ශ්‍රී ලංකාව තුළ ම ය. අබුද්ධෝත්පාද කාලවල දී මේ භූමිය යක්ෂයින් විමාන කරගනියි. බුද්ධෝත්පාද කාලවල මනුශ්‍යයන් ට ම වාසභුමි වෙයි. 
Related Posts Plugin for WordPress, Blogger...