නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුදුන් පිරිනිවී දෙදහස් පන්සියවසක් ඉක්ම ගොසිනි. බුදුරදුන් අද ජීවමාන ව වැඩසිටියේ නැතත් උන්වහන්සේ පන්සාලිස්වසක් දේශනා කළ ධර්ම විනය අද ත් ලෝකයේ බබළයි. පන්සාලිස්වසක් දේශනා කළ උතුම් ධර්මය ප්රධාන වශයෙන් විනය පිටකය, සුත්ර පිටකය, අභිධර්ම පිටකය ලෙසින් කොටස් තුනකින් සමන්විත ය. "ආනන්දය, මා පිරිනිවන්පාන්නා වූ එක් බුදුවරයකු පමණයි. මගෙන් පසු වැඩසිටින්නා වූ සුවාසූදහසක් බුදුවරුන් ඇත. ඒ මා විසින් දේශිත ධර්මස්කන්ධය යි".
සුවාසුදහසක් ධර්මස්කන්ධය අතරින් 82,000 තරම්
ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කර ඇත. තව ත්, ධර්මස්කන්ධ
2,000 බුද්ධකාලීන මහාරහතන් වහන්සේලා දේශනා කර ඇති බව දැක්වේ. එයින් ද, විනය
පිටකය සහ සුත්ර පිටකය ධර්මස්කන්ධ 21,000 බැගින් අඩංගු ය. අභිධර්ම පිටකයේ
ධර්මස්කන්ධ 42,000 පවතී.

