නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
වර්තමාන
සමාජය තුළ ධර්මය අධර්මයෙන් වෙන්කර හඳුනාගැනීම සංකීර්ණ කටයුත්තක් බවට පත් ව
ඇති ව තිබෙන බවක් විටෙක පෙනේ. ඒ අනුව ධර්මයේ වේශයෙන් අධර්මය සමාජය තුළ බලවත්
කිරීමට උත්සාහ දරන මිථ්‍යා දෘෂ්ඨික පිරිස් බිහි වී ඇත. බුද්ධ වචනය පිළිබඳව
නිරවුල් දැනුමක් නැති ඇතැම් පුද්ගලයින් ඕනෑම මොහොතක යමෙකු මේ තමයි ධර්මය
යැයි කියු කල එය පිළිගනියි. අප කතාකරන්නේ නිර්මල බුදුදහම ට විවිධ මිථ්‍යා
මත එක්වන සහ බුදුදහමේ නියම සාරය වියැකී යන කාලවකවානුවක සිට ය. බුදුන් දහම්
සඟුන් සරණ යන තැනැත්තා බෞද්ධයකු ලෙස හැඳින්වීමේ වරදක් නැතත් බුදුන් දහම්
සඟුන් සහ ඊට අමතර ව තවත් දේ සරණ යන තැනැත්තා බෞද්ධයකු ලෙස හැඳින්වීම උචිත
නො වන බව අප ගේ අදහස යි. එ වැන්නන් තමන් ඉදිරියේ තිසරණය ම හෑල්ලුවට ලක්කළා
වැනි ය.
තිසරණය ගැරහීමට පත්කළා වැනි ය. නමුත් අවසානයේ ගැරහුම ට ලක් ව නිරාදුක් විඳින්නේ තමා ම බව කිව යුතු ය.
තිසරණය ගැරහීමට පත්කළා වැනි ය. නමුත් අවසානයේ ගැරහුම ට ලක් ව නිරාදුක් විඳින්නේ තමා ම බව කිව යුතු ය.
බුදුරදුන්
දේශනා කර ඇත්තේ ධර්මයේ වේශයෙන් අධර්මය ලොව මතු නොවන තාක්කල් නිර්මල ධර්මය
අතුරුදන් නොවන බවයි. යම්කලෙක ධර්මයේ වේශයෙන් අධර්මය ලොව මතුවෙත්ද, එදිනට
ධර්මය අධර්මය වෙන්කර හඳුනාගත නොහැකිවීම නිසා ධර්මය අතුරුදන් වී යයි.
බුදුරජාණන් වහන්සේ එය සරල උදාහරණයකින් පැහැදිලි කර ඇත්තේ පිරිසුදු රත්තරන්
වැනිම පෙනුමෙන් යුතු ව්‍යාජ ද්‍රව්‍යයන් ලොව මතු නොවන තාක් රත්තරන්
අතුරුදන් නො වන නමුත් යම් කලෙක රත්තරන් වේශයෙන් ව්‍යාජ ද්‍රව්‍යයන් ලොව මතු
වෙත් ද එ දින ට පිරිසිදු රත්රන් අතුරුදන්වී යන බව යි. වර්තමානයේ
සිදුවෙමින් පවතින්නේ පිරිසුදු රත්රන්වලින් අර්ථ ගැන්වූ නිර්මල බුදුදහම ට
රත්රන් පෙනුමින් යුත් ව්‍යාජ ද්‍රව්‍ය නම් අධර්මවාදී කරුණු මුසුවීමකි.
එ
දා මෙන් ම අද ද, බොහෝ බෞද්ධ ය යි සිතා සිටින පිරිස හින්දු දේව සංකල්ප
හමුවේ දේව ගැතියන් බව ට පත ව ඇත. අප ගේ මේ වෑයම ඔවුන් ව සම්‍යක් දෘෂ්ටියේ
පිහිටුවීම නො ව බුදුරදුන් විසින් දේශනා කළ ධර්මය විවර කිරීම පමණකි. සරු
නිසරු දෙය වෙන් ව දැකිය හැකි උදවිය ඒ අනුව පිලිපදිත් වා!
මිථ්‍යා දේව සංකල්පයේ අතීතය හා වර්තමානය
අතීතයේ ජීවත් වූ මිනිසුන් සුළඟ, ගින්න, අකුණු ගැසීම, වර්ෂාව ආදී අද්භූත ය යි හැඟෙන දේ සිදුවන්නේ කිසියම් දෙවියකු නිසා ය යි සිතූ හ. ඇතැම් දෙනා මෙය එක් දෙවියෙකු විසින් පාලනය කරන බව සිතූ හ. ඇතැම් දෙනා මේ එක් එක් කාර්යය සඳහා වෙන වෙනම දෙවිවරු ඇතැයි සිතූ හ. ඒ අනුව අද වන විට දෙවිවරු කොටි තිස්ගණනක් සිටිති. ඇතැම් දෙනා ගස්, පර්වත, හිරු, සඳු ආදිය සරණ ගිය හ.
ඇයි සරණක් සොයන්නේ...
මේ ආකාරයෙන් සරණක් පිහිටක් පතන්නේ ආරක්ෂාව පිණිස ය. මිනිසුන් පමණක් නො ව අනෙක් සියලු සතුන් ද, තම ජීවිතය ට ආශා කරති. දුකට පත් වීමට අකමැති ය. සතුරු උවදුරු විපත්වලට අකමැති ය. ඒවායින් බේරිම සඳහා මේ ආකාරයෙන් සරණක් සොයති. දෙවියන් සරණ යති.
දෙවියෙක් නැද්ද?
දෙවිවරු සත්‍යවශයෙන් ම ඇත. භූමාටු දෙවියන් සහ ආකාසට්ඨ දෙවියන් වශයෙන් ඔවුන් දෙකොටසකි. භූමාටු දෙවියන් විශාල ගස් ආදිය විමන ලෙස යොදාගනිමින් මේ පෘථිවිය මත වාසය කරයි. ගස්වල පොතු, මුල් අදියෙන් හමන ගන්ධයන් ආහාරකොට වාසය කරති. ආකාසට්ඨ දෙවිවරු සිටින ලෝක සයක් ඇත. චාතුම්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණරති, පරනිම්මිත වසවත්ති යන දිව්‍යලෝක සය පිළිවෙලින් මේ පෘථිවියේ සිට ඈතින් පිහිටා ඇත. බෞද්ධ දේව සංකල්පයේ එන දෙවිවරුන් ගේ ශරීර ප්‍රමාණයන් දැක්වෙන්නේ යොදුන් ගණනින් ය. උදාහරණයක් කියතොත් සක්දෙවිඳු ගේ ආසනය යොදුන් පනහක් බැගින් උස හා දිග ද, යොදුන් විසිපහක් පළල ද, වන බව සඳහන් වේ.
වඳින්න යන දේවාලේ
බොහෝ දේවාලවල සිටිනේ අත් කිහිපයක්, ඔලු කිහිපයක්, හොඬවැල්, අවිආයුධ අතදරාගත් සන්නද්ධ හමුදාවේ බටයින් වැනි පිරිසකි. බෞද්ධ දේවසංකල්පයේ සඳහන් වන දෙවිවරු සඳහා මෑතක් වනතුරු දේවාල ඉදි වී නැත. එය ද, එක් අතකින් හොඳ ය. නමුත් අලුතින් ඇති වූ ඇතැම් මහාපරිමාණ විහාරවල උදාහරණයක් ලෙස පන්නිපිටිය දෙව්රම් වෙහෙර වැනි විහාරවල බෞද්ධ දෙවිවරු සඳහා දේවාල ඉදිකර ඇත. බෞද්ධ දේව සංකල්පයේ සඳහන් දෙවිවරුන් ගේ තේජවන්ත බව ශරීර ස්වභාවය ආදිය ට අහලකින් වත් මේ මිසදිටු දේව සංකල්පය ගැලපෙන්නේ නැත. නමුත් අකමැත්තෙන් වුව ද, මේ සත්‍යය පිළිගැනීම ට බොහෝ දෙනා අකමැති ය. නත්ථි මෙ සරණං අඤ්ඤං කියමින් යන්නේ ම දේවාල කෝවිල්වල වැඩසිටින දෙවියන් කෙ සේ වෙතත් කපු මහත්මා ට හෝ පලතුරු කෑල්ලක් කැවීමේ අටියෙනි.
බුද්ධ දේශනාව වන්නේ මනකල්පිත දෙවිවරු, ගස්, ගල්, පර්වත, තබා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සරණ යාමෙන් ද, කිසිඳු ප්‍රයෝජනයක් නැති බව යි. ඒ පිළිබඳ සංයුත්ත නිකායේ සක්කසංයුත්තයේ එන ධජග්ග සුත්‍රයේ ඉතා පැහැදිලි ව දේශනා කොට තිබේ.
Dhajagga Sutta
"අරඤ්ඤේ රුක්ඛමූලේ වා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේථ සම්බුද්ධං භයං තුම්හාක නෝ සියා නෝ චේ බුද්ධං සරෙය්‍යාථ ලෝකජෙට්ඨං නරාසභං අථ ධම්මං සරෙය්‍යාථ නීයා නිකං සුදේසිතං නෝ චේ ධම්මං සරෙය්‍යාථ නීයා නිකං සුදේසිතං අථ සංඝං සරෙය්‍යාථ පුඤ්ඤක්ඛේත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝඤ්ච භික්ඛවෝ භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ න හෙස්සතීති".
මහණෙනි, ආරණ්‍යයේ දී හෝ රුක් මුලෙ හි දී හෝ ශුන්‍යාගාරයෙ හි දී හෝ බුදුරජාණන් වහන්සේ සිහි කරන්නේ ය. එ විට තොප ට බියක් නො වන්නේ ය. ඉඳින් ලෝක ජ්‍යෙෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ සිහි නො කරන්නාහු නම් එ කල් හි නෛර්යානික වූ සුදේශිත වූ ධර්මය සිහි කරන්නේ ය.
දෙවිවරු කෙලෙස් දුරුකර නැත. එ බැවින් ඔවුන් ට ද, බිය තැති ගැන්ම ලොමුඩැහැ ගැන්ම ඇතිවනේ ය. එ බැවින් ඔවුන් සරණ යාමෙන් පලක් නො වන බව මේ සුත්‍රය දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් සේක. එ බැවින් ම ත්‍රිවිධ රත්නයේ ගුණස්කන්ධය පිළිබඳ විශ්වාසය ඇතිකරගන්නා ලෙස උන්වහසේ දේශනා කොට ඇත.
අත්තාහි අත්තනෝ නාථො
"අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථෝ පරෝ සියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං"
ඉහත සඳහන් ගාථාර්ථය තේරුම් ගන්නා තැනැත්තා ආත්ම විශ්වාසය, දැඩි අධිෂ්ඨානය හා නොපසුබස්නා වීර්යය ඇතිව තමන්ගේ මෙලොව, පරලොව ජීවිත ආලෝකමත් කරගනී. තමාට තමා කෙරෙහිවත් විශ්වාසයක් නැති පුද්ගලයා දුකකට, අසහනයකට පත් වූ විට අදෘශ්‍යමාන බලවේගවලින් පිහිට ප්‍රාර්ථනා කරයි.
පෙර සඳහන් කළ පරිදි ඇතැම් දෙනා නො පෙනෙන දෙවියකුට පලතුරු වට්ටි පුදා පිළිසරණ පතයි. ටකරන් තහඩුවක්, කිරි පැකට්ටුවක්, විදේශ රැකියා අවස්ථාවක් ලබා ගැනීම සඳහා තම ආගම පවා මාරු කරයි. ආත්ම විශ්වාසය හා දැඩි අධිෂ්ඨානය ඇතිකර ගැනීමෙන් තමා තුළින්ම තමාට විමුක්තිය ලබා ගත හැකි අන්දම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නාථකරණ සූත්‍රයෙන් වදාළ සේක. තම ආත්ම විශ්වාසය ඇතිකරගෙන මෙ ලොව, පරලොව ජීවිතය රැක ගැනීම සඳහා නාථකරණ සුත්‍රයෙන් කරුණු දහයක් ශාන්ති නායකයාණන් වහන්සේ පෙන්වා දී ඇත.
1. සීලවාහෝති (සිල්වතෙක් වෙයි)
2. බහුස්සුතෝ හෝති (බහුශ්‍රැත වෙයි)
3. කල්‍යාණ මිත්තෝ හෝති (කලණ මිතුරෙක් වෙයි)
4. සුවචෝ හෝති (කීකරු කෙනෙක් වෙයි)
5. දක්ඛෝ හෝති (දක්ෂයෙක් වෙයි)
6. ධම්ම කාමෝ හෝති (ධර්මයට කැමැති වෙයි)
7. ආරද්ධ විරියෝ හෝති (අරඹන ලද වීර්යය ඇත්තෙක් වෙයි)
8. සන්තුට්ඨෝ හෝති (ලද දෙයින් සතුටුවන්නෙක් වෙයි)
9. සතිමා හෝති (සිහි ඇත්තෙක් වෙයි)
10. පඤ්ඤවා හෝති (ප්‍රඥා වන්තයෙක් වෙයි).
ආත්ම විශ්වාසය තහවුරු කරගෙන තම මෙ ලොව, පරලොව ජීවිතය හැඩගස්වා ගැනීමට බුදුවදනේ මාර්ගෝපදේශකත්වයට අභියෝග කිරීමට කිසිම දහමක් ලොව නැත. ආත්ම විශ්වාසය පෙරදැරි ව මෙ ම නාථකරණ ධර්ම අවබෝධ කරගෙන ඒ අනුව ජීවිතය හැඩගස්සවා ගැනීමට ප්‍රයත්න දරතොත් ලෞකික, ලෝකෝත්තර ජීවිත මල්ඵල ගන්වා ගත හැකි ය.

තෙරුවන් සරණ යි!
Good
ReplyDeleteකාලෝචිතයි.
ReplyDelete