නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
සත්වයන් තමන් කළා වූ කර්මයන් ට අනුරූප ව කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යන ස්ථානවල උපදිති. මෙයින් අපායන් සතර අයත් වන්නේ කාම භූමියට ය. මීට අමතර ව දිව්‍යලෝක සය සහ මනුලොව අයත් වන්නේ ද, කාම භූමි අතරට ම ය. අපායන් සතරක් ඇති බව පෙර සඳහන් කරන ලදී. නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, ඇසුර නිකාය ය, යනුවෙනි. ඇතැම් දෙනා අපායක් නැත, අපායන් ඇත්තේ මේ මිනිස් ලෝකය තුළ ම බව ආදී වශයෙන් මිථ්‍යා අදහස්වල එළඹ සිටිති. ඔවුන් ඒ සේ කියන්නේ අපායන් බොහොමයක් මිනිස් ඇසින් නො දැකිය හැකි බැවිනි. නමුත් අද වනවිට නුතන විද්‍යාවෙන් පවා සිදුකරන පරීක්ෂණවල දී අපාය යනු සංකල්ප මාත්‍රයක් නො වන බව පිළිගැනීමට ඔවුනට ද, සිදු වී ඇත.