නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
අනොමදස්සී
බුදුරදුන් ට පසු කාලයෙ හි දෙපා ඇති සත්තවයන් ට දෙව් මිනිසුන් ට උතුම් වූ
ගුණයෙන් අසම වූ, තමා ට සමාන පුද්ගලයෙක් නැති, නමින් "පදුම" නම් සම්බුදුරජ
තෙම විය. උන්වහන්සේ ගේ ද, ශීලය අසම ය. සමාධිය ත් කෙළවරක් නැත. උතුම්
සර්වඥතාඥානය නොහොත් ෂඩ් අසාධාරණ ඥානය ද, අසංඛ්‍ය ය. විමුක්තිය ද, උපමා
රහිත ය. අසම තෙද ඇති, ඒ පදුම බුදුරජහු ගේ දම්සක් පැවැත්මෙ හි මහත් මොහඳුර
දුරු කරන ධර්මවබෝධ තුනක් වූ හ.
සම්බුදදුරජතෙම පළමුවන ධර්මවබෝධයෙ හි දී කෝටි සියයක් දෙනා ට සිවුසස් අවබෝධ කරවීය.
නුවණ ඇති බුදුරජහු දෙවන ධර්මවබෝධයෙ හි අනූකෝටියක් දෙනා ට ධර්මවබෝධය කරවූ සේක. යම් කාලයෙක පදුම බුදුරජතෙම සිය පුතු ට අවවාද කළ සේක් ද, ඒ කාලයෙ හි අසූ කෝටියක් දෙනා ට තුන්වන ධර්මවබෝධය වීය.
මහඍෂී වූ "පදුම" බුදුරදුන් ට ශ්‍රාවකයන් ගේ රැස්වීම් තුනක් වූ හ. කෝටි ලකෂයක් රහතුන් ගේ පළමුවන රැස්වීම විය. කඨින සිවුරු අතුරණ කාලයෙක කඨින සිව්රක් ලැබුණු කල් හි දම් සෙනෙවි "සාල" තෙරුන් පිණිස භිකෂූහු කඨින සිව්ර මැසුවාහු ද, ඒ කාලයෙ හි කෙලෙස් සතුරන් විසින් නො පරදවන ලද, මහත් ඍද්ධි ඇති, ෂඩ් අභිඥාලාභී, කෙලෙස් කිලුටු නැති ඒ භිකෂූහු තුන් ලකෂයක් රැස්වූ හ. මේ දෙවන රැස්වීම ය. නැවත ද ඒ පදුම බුදුරජතෙම මහා වනයෙ හි වස් විසීම ට එළඹි සේක්, ඒ කාලයෙ හි දෙලකක්ෂයක් රහතුන් ගේ සමාගමය විය. මේ තුන්වන රැස්වීම ය.
මම ඒ කාලයෙ හි සිවුපාවුන් වනසනසුළු සිංහරාජයෙක් වීමි. එ කල වනයෙ හි චිත්ත විවේකය වඩන සමවත ට සමවන් ජිනරාජයන් වහන්සේ දුටුයෙමි. ඒ පදුම බුදුරදුන් දැක හිසින් සිරිපාදයන් වැඳ පැදකුණු කොට, තෙවිටක් සිංහනාද කොට, සත් දිනක් මුඵල්ලේ ජිනරාජයන් වහන්සේට උපස්ථාන කෙළෙමි. පදුම තථාගතතෙම සත්දිනක් මුඵල්ලෙ හි කළ උතුම් සමවතින් නැගිට, සිතින් ඉටා කෝටියක් භික්ෂූහු කැඳවී ය.
ඒ කාලයෙ හි ද, මහාවීර වූ ඒ පදුම බුදුරජතෙම ඒ භිකෂූන් මැද, "මේ සිංහතෙම මෙයින් අපමණ කපෙ හි බුදුවන්නේ ය" යි ප්‍රකාශයක් කළ සේක.
ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද,කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ "මායා" නම් වන්නී ය. පියතෙම "සුදොවුන්" නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. "කෝලිත" ද, "උපතිස්ස" ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. "ආනනද"නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. "ඛෙමා" ද, "උප්පලවණ්ණා" ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ, මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.
ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ පදුම බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ සුමන බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ පදුම බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. ඒ බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.
මහඍෂී වූ පදුම බුදුරදුන් ගේ උපන නුවර "චම්පක" නම් විය. පියතෙම "අසම" නම් රජ ය. වැදූ මව්තොමෝ "අසමා" නම් වූවා ය. ඒ බුදූවරතෙම අවුරුදු අසූ දහසක් බුදුවීම ට පෙර ගිහිගෙයි විසී ය. "නන්දා" ය "සූඝසා" ය "උත්තරා" ය යන උතුම් තුන් පහයක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ තිස්තුන් ලෂකයකි. ප්‍රසිද්ධ වූ ඒ බිරිඳ "උත්තරා" නම් වූවා ය. පුත් තෙම "රම්ම" නම් විය. පදුම ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රිය යානයෙන් මහබිනික්මන් කළේ ය.
නො අඩු අට මසක් මුළුල්ලේ බුදුවීම පිණිස ප්‍රධාන වීර්ය්‍යය කළේ ය. මහාවීර වූ පදුම නම් ලොනාහිමි තෙම බඹහු විසින් අයදනා ලද්දේ, "ධනංජය" නම් උතුම් උයනෙ හි දී දම්සක් පැවැත් වීය. පදුම බුදුරදුන් ට "සාල" ද, "උපසාල" ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙමේ "වරුණ" නම් වීය. "රාධා" ද, "සුරාධා" ද, යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය "තොටිල" ගස ය යි කියනු ලැබේ. "භිය්‍ය" ද, "අසම" ද යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වු හ. "රුචි" ද, "නනදරාම" ද, යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.
පදුම මහාමුනිඳුතෙම පනස්අට රියනක් උස් විය. උන්වහන්සේ ගේ අසම වූ ශරීර කාන්තිය සැම ලෙසින් ම දිශාවන් හි නිතර පැතිරෙයි. සඳරැස, හිරුරැස, රුවන්රැස, ගිනිරැස, මිණිරැස යන ඒ සියලු කාන්තීහු පදුම ජිනරාජයන් ගේ ශරීර කාන්තිය උතුම්කොට පැමිණ නැසුනාහු වෙත්.
ඒ කලයෙ හි අවුරුදු ලකෂයක් ආයුෂ පවතී. ඒ පදුම බුදුරජහු ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක.
මේරූ ශ්‍රද්ධාදී ඉනද්‍රියයන් ඇති, හික්මවිය හැකි ජනයන් ට ඉතිරි නො කොට සිවුසස් අවබෝධ කරවා සෙසු සත්තවයන් ට අනුශාසනාකොට ශ්‍රාවකයන් සහිත වූ ඒ පදුම බුදුරජතෙමේ පිරිනිවි සේක. නාගතෙමේ දිරාගිය සැරව ඉවත් කරන්නාක් මෙන් ද, ගස පරණලා ඉවත දමන්නාක් මෙන් ද, සියලු සංස්කාරයන් හැරපියා, ගින්න යම් සේ නිවි යයි ද, එ සේ උන්වහන්සේ පිරිනිවී සේක.
ශාස්තෘ වූ පදුම ජිනවරතෙම ධර්මාරාමයේ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරවීම විය.

[ඛුද්දක නිකාය , බුද්ධවංශ පාළි, අනෝමදස්සී බුද්ධවංශය]
No comments:
Post a Comment